සීතාවක මායාදුන්නේ රජ

සීතාවක රජ

මායාදුන්නේ රජ (1501–1581) සීතාවක රාජධානියේ, 1521 සිට 1581 දක්වා වසර 60 ක කාලයක් රජකම් කළේය. මායාදුන්නේ 1505 දී මෙරටට පැමිණි පෘතුගීසි ජාතිකයන්ගේ සැඩපරුෂ සතුරෙක් විය. ඔහු තම ජීවිතයම කැපකරන ලද්දේ තම සොයුරු බුවනෙකබාහු, හෙවත් කෝට්ටේ රාජධානියේ රජ බලයෙන් පහ කර එයින් පෘතුගීසි කුමන්ත්‍රණ නිසා පීඩාවට පත්ව තිබූ ශ්‍රී ලංකාවේ නිදහස රැකගැනීමට ය. ඔහු නිතර තම සොයුරා වූ බුවනෙකබාහුගේ රාජ්‍යයට ආක්‍රමණ එල්ල කරන ලදී.[1]

මායාදුන්නේ
සීතාවක රජ
රාජ්‍ය සමය1521–1581
අභිෂේකය1521
පූර්වප්‍රාප්තිකයාදොන් ජුවන් ධර්මපාල රජ
අනුප්‍රාප්තිකයාපළමුවන රාජසිංහ රජ
උපත1501
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කෝට්ටේ රාජධානිය
මරණය1581
අවිස්සාවේල්ල, සීතාවක රාජධානිය
දරුවන්ඔටුන්න හිමි මහා රජ්ජුරු බණ්ඩාර කුමරු

තිබිරිපොළ රජ්ජුරු බණ්ඩාර

සන්තාන බණ්ඩාර කුමරු

සූරිය දේවි කුමරිය

ටිකිරි දේවි කුමරිය (සීතාවක මහා බිසෝ රැජින බණ්ඩාර)

ටිකිරි බණ්ඩාර කුමරු (පළමුවන රාජසිංහ රජ)
වංශයසිරි සඟ බෝ රාජවංශය
පියාහයවන විජයභාහු රජ
මවඅනුලා කහතුඩා කිරවැල්ල බිසව(කිරවැල්ලේ මහා බිසෝ බණ්ඩාර)
ආගමබෞද්ධ

පෙර ජීවිතය

සංස්කරණය

මායාදුන්නේ උපත ලද්දේ 1501 දී කෝට්ටේ රාජධානියේ පිහිටි කෝට්ටේ නගරයේ දී ය. ඔහු 1509 සිට 1521 තෙක් කෝට්ටේ රජ කළ සත්වන විජයබාහුගේ පුත්‍රයාය. මායාදුන්නේ සත්වන විජයබාහුගේ හා ඔහුගේ අග බිසවගේ බාල පුතු විය. බුවනෙකබාහු හා රයිගම බණ්ඩාර ඔහුගේ සොයුරන් විය. බුවනෙකබාහු 1521 සිට 1551 දක්වා කෝට්ටේ රාජධානියේ රජකම් කළේය.

විජයබා කොල්ලය

සංස්කරණය

විජයබා කොල්ලය යනු 1521 දී සිදුවූ ඓතිහාසික සිද්ධියක් වන අතර එහිදී කෝට්ටේ රජුගේ (සත්වන විජයබාහු රජ) පුතුන් තිදෙන ඔවුන්ගේ පිය රජුට එරෙහිව කැරලි ගසමින් තම පියා මරා දමා රාජධානිය තමන් අතරෙහි බෙදා ගත්හ. සත්වන විජයබාහු රජ හට ඔහුගේ පළමු විවාහයෙන් පුතුන් තිදෙනෙකු වූ අතර ඔවුහූ බුවනෙකබාහු (පසුව කෝට්ටේ හත්වන බුවනෙකබාහු රජ ), පරරාජසිංහ (පසුව රයිගම බණ්ඩාර) සහ මායාදුන්නේ (පසුව සීතාවක මායාදුන්නේ රජ) නම් වූහ. රජු දෙවන වරට විවාපත් වූ කිරිවැල්ලේ බිසව හට, ඇයගේ පළමු විවාහයෙන් දේවරාජා නම් පුතකු විය. ඔහුගේ දෙවන බිසවගේ ඉල්ලීම ප්‍රකාර, ඔටුන්න හිමි කුමරු බවට දේවරාජා නම් කෙරුමට පිය රජු විසින් තීරණය කර ඇති බව දැනගත් කුමරුවන් රජුට එදිරි වූහ. කුලියට ගත් විදේශිකයෙකු ලවා රජු මාලිගාව තුලදීම ඝාතනය කරවන ලදි. මෙම සිදුවීම හැඳින්වෙන්නේ විජයබා කොල්ලය යනුවෙනි.

රාජ්‍යය කාලය

සංස්කරණය

මායාදුන්නේ විජයබා කොල්ලයේ ප්‍රධානත්වයක් ගනිමින් තම පියාට එරෙහිව ක්‍රියා කිරීමෙන් පසු බුවනෙකබාහු ඔහු කෙරෙහි සැක කිරීමට පටන්ගත් අතර 1517 දී කොළඹකොටුව තැනූ පෘතුගීසින් සමග සමීප සම්බන්ධතා පැවැත්වී ය. වැඩිකල් නොගොස් මායාදුන්නේ හට, බුවනෙකබාහු පෘතුගීසීන් සමග සහයෝගයෙන් ක්‍රිය කිරීම ගැන අප්‍රසාදය දැක්වූ මෙරට ප්‍රධානීන්ගේ හා ජනයාගන් විශාල ජනතා උපකාරයක් ලැබිණි. මායාදුන්නේ කෝට්ටේ රාජධානියට විරුද්ධව ආක්‍රමණ කීපයකටම නායකත්වය ලබාදුන්න ද බුවනෙකබාහු විසින් පෘතුගීසින්ගේ සහයෙන් සීතාවක සේනා නැවත සීතාවකට පලවා හරින ලදී. මෙම සටන්වල පළමු අවධියේ දී මායාදුන්නේ හට පෘතුගීසින්ට විරුද්ධ ඉන්දියාවේ කැලිකහි රාජධානියෙන් උපකාර ලැබිණි. මායාදුන්නේ දිනක තමන්ට අයත් ප්‍රදේශයට මහා තර්ජනයක් වන බව වටහාගත් පෘතුගීසින්ට ඔහුව මර දැමීමට උවමනා විය. එහෙත් බුවනෙකබාහු සීතාවකට එරෙහි ආක්‍රමණ මුළුමනින්ම හැසිරවීමට ඔවුන්ට ඉඩදුන්නේ නැත.

1538 දී සිදු වූ, රයිගම බණ්ඩාරගේ මරණයෙන් වසර කීපයකට පසුව මායාදුන්නේ රයිගම රාජධානියෙන් සීතාවකට ඈඳා ගන්නා ලදී. සීතාවක හා කෝට්ටේ අතර වේගයෙන් ගැටුම් ඇරඹුනේ මෙතැන් සිටය. මේ කාලයේ දී කෝට්ටේ සිටි දළදා වහන්සේ බාර වූ බෞද්ධ හිමිවරු පෘතුගීසින් බුදු දහමට විරුද්ධ බව වැටහුනු අවස්ථාවේදී මදළදා වහන්සේ රහසිගතව සීතාවකට ගෙන ගොස් මායාදුන්නේගේ ආරක්ෂාව යටතේ තබන ලදී. දේශීය සම්ප්‍රදායට අනූව යම් පුද්ගලයෙක් අත දළදා වහන්සේගේ ස්වාමිත්වය ඇත්නම් ඔහුට ශ්‍රී ලංකාව තුළ සියලු රාජ්‍යයන්ට සිහසුනට අයිතිවාසිකමක් ඇත. මායාදුන්නේගේ ජනප්‍රසාදය ඉක්මනින් දේශය තුළ පැතිරී බුවනෙකබාහු රජුට ඇති ප්‍රසාදය තරමට ම වැඩී යත්ම බුවනෙකබාහු රජුටත් පසුව ධර්මපාල රජුටත් තවදුරටත් පෘතුගීසින්ගේ උදව් පිළිබඳ විශ්වාසය තැබීමට සිදු විය. මායාදුන්නේ කෝට්ටේට එරෙහිව නිතර නිතර කළ ආක්‍රමණ නිසා කෝට්ටේට අයත් වූ බොහෝ ප්‍රදේශ සීතාවකට ඈඳා ගැනීමට සිදු විය. පටන් කෝට්ටේට දේශීය උපකාර හිඟ වූ විට පෘතුගීසින් ඉබේම එහි ආරක්ෂකයන් වූහ. මෙයින් කෝට්ටේත් සීතාවකත් අතර වූ විරෝධය සීතාවක හා පෘතුගීසින් අතර විරෝධයක් බවට පත්විය.

සිංහල–පෘතුගීසි යුද්ධය

සංස්කරණය

පෘතුගීසින් මෙරටින් ඉවත් කිරීමට උත්සහ ගත් මෙම සිංහල–පෘතුගීසි යුද්ධයේ මායාදුන්නේ හා සීතාවක රාජධානිය වැදගත් කොටසක් විය. මෙම කාලයේ දී යුරෝපා ජාතියක්, පෙරදිග දී ලැබූ දරුණුතම පරාජය මෙරටින් වාර්තා විය. මායාදුන්නේ හා ඔහුගේ පුත්‍රයා මුල්ලේරියා සංග්‍රාමයේ දී පෘතුගීසින්ට එරෙහිව සටන් කර ජය ගෙන, සීතාවක බලය එළිදරවු කළේය. ඒ අවස්ථාවේ පෘතුගීසින්ට ද විශාල අභියෝගයක් වන තරමටම ඔවුහු ශක්තිමත් ව සිටියහ. මුලු දිවයිනම පාලනය කිරීමට තිබූ අවස්ථාව පෘතුගීසින්ගෙන් ගිලිහී ගියේය.

මරණය හා දායාදය

සංස්කරණය

තොරතුරුවලට අනුව ඔහු පෘතුගීසි ආක්‍රමණිකයන්ට එරෙහිව නැගී සිටි අතර මුලු දිවයිනම ජය ගෙන ඔවුන්ව වළක්වන ලදී. මායාදුන්නේ ශ්‍රී ලංකාවේ සිටි උසස්ම රජෙකු ලෙස සැලකේ. ඔහු දයාබර පියෙකු විය.ඔහුගේ පුත් පළවෙනි රාජසිංහ කුමරා හට රජකම ගැනීමට වුවමනා විය.එනිසා පියා මැරීමට තැත් කළේය. මායාදුන්නේ රජු ඊට පෙර පසු මාළිගය අත්හැර වනගත විය.වනයේදී විවිධ දුක් පීඩා විඳිමින් ඔහු මිය ගියේය.ඒ ඔහු ඔහුගේ පියා(හයවන විජයබාහු රජු) මැරීමේ ප්‍රතිවිපාකයක් ලෙස එය සිදුවිය .[2]1581 දී මරණයට පත් වන විට වයස අවුරුදු 80 ක් විය.

වෙනත් පිටු

සංස්කරණය
  1. ^ "Sri Lanka Sinhala Royal Family Genealogy". Rootsweb. සම්ප්‍රවේශය 12 December 2011.
  2. ^ එහෙමනම්

වෙනත් වෙබ් පිටු

සංස්කරණය
සීතාවක මායාදුන්නේ රජ
උපත: 1501 මරණය: 1581
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ධර්මපාල
සීතාවක රජ
1521–1581
අනුප්‍රාප්තිකයා 
පළමු රාජසිංහ
"https://si.wikipedia.org/w/index.php?title=සීතාවක_මායාදුන්නේ_රජ&oldid=719427" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි