ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ) රජු සිංහල රාජ වංශයේ අන්තිම සිංහල රජුයි. එතුමා ක්‍රි.ව.1707 සිට 1739 දක්වා මහනුවර රාජධානියේ රාජ්‍යත්වයට පත් විය. එතුමා II වන විමලධර්මසූරිය රජුගේ පුත්‍රයායි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වයස 17 දි සිහසුනට පත් වූ අතර වසර 32 රාජ්‍යය පාලනය කලේය. එතුමා උගත් මෙන්ම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙකු ලෙස සළකනු ලැබුවේය. පෙර රාජ්‍යත්වය දැරූවන් මෙන් එතුමාද ලන්දේසි ආක්‍රමණිකයන් සමග සමාදානයෙන් කටයුතු කලේය. එමෙන්ම එතුමා සාහිත්‍ය හා ආගමික චිරස්ථිතිය උදෙසා මහඟු කැපවිමක් කලේය. එතුමාගේ බිසව දකුණු ඉන්දියාවේ මදු‍රෙයි නගරයේ නායක්කර් රාජකීය පවුලේ කුමාරිකාවක් විය. රජුට සිහසුනට පත් කිරිම සදහා දරුවෙකු ලැබුණේ නැත. එම නිසා රජු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තම පළමු බිසවගේ සහෝදරයා නම් කළේය(ශ්‍රී විජය රාජසිංහ රජ), එමගින් සිංහලේ රාජාවලිය අවසන් වන තුරු.උඩරට පාලනය කරන ලද දුර්වලම පාලකයා මොහුය.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ
මහනුවර රාජධානියේ රජ
රාජ්‍ය සමය4 ජූනි 1707 - 13 මැයි 1739
අභිෂේකය1707
පූර්වප්‍රාප්තිකයාදෙවන විමලධර්මසූරිය රජ
අනුප්‍රාප්තිකයාශ්‍රී විජය රාජසිංහ රජ
උපත1690; වසර 334 කට පෙර (1690)
ශ්‍රී ලංකාව
මරණය13 May 1739(1739-05-13) (වයස 49)
වල්ලභයාමදුරෙයි මනාලියන් දෙදෙනෙකු සහ මාතලේ මොණරවිල දිසාවේගේ දියණිය
දරුවන්නැත
වංශයදිනජර වංශය
පියාදෙවන විමලධර්මසූරිය රජ

රජු මුහුණ දුන් ප‍්‍රධාන අභියෝගය සංස්කරණය

ශ‍්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජු මුහුණ දුන් ප‍්‍රධාන අභියෝගය වූයේ උඩරට රාජ සභාවේ රදල ප‍්‍රධානීන්ගේ බලය වර්ධනය වී තිබීමය. මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා ඔහු නායක්කර් පරම්පරාවේ ඥතීන්ට උඩරට රාජ සභාවේ තනතුරු ලබා දුණි. බුදු දහම වැළඳ ගෙන දිගු කලක් භික්ෂූන් ඇසුරේ හැදී වැඩුණු මෙතුමා වැලිවිට සරණංකර හිමියන්ගේ උපදෙස් පරිදි බුරුමයෙන් උපසම්පදාව මෙරටට ගෙන ඒමට කටයුතු කළත් එම ව්‍යායාමය සාර්ථක නොවී ය. ශ‍්‍රී විජය රාජසිංහ රජු දකුණු ඉන්දියානු කුමාරියක් සරණ පාවා ගත් නමුත් දරුවන් නොසිටි බැවින් රාජ්‍ය උරුමකරුවකු නොතබා ම වර්ෂ 1739 දී මිය ගියේය.

දස්කොන් සංස්කරණය

ශ‍්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජුගේ රාජසභා සභිකයෙක් ලෙස සැලකෙන දස්කොන් , පේද්‍රෝ ද ගැස්කොන් නම් නාමයෙන් සිංහලයට බිදී ආවකි. ප්‍රංශ ජාතික පියෙකුගේ හා පෘතුග්‍රීසී ජාතික මවකගේ[1] පුතු වන මොහු, සිංහල භාෂාව මැනැවින් හැදෑරූ අයෙකි. රජුගේ ඉන්දීය බිසවක වූ ප්‍රමිලා කුමරිය සමග අනියම් සම්බන්ධතාවක් ඔහුට තිබී යැයි ජනප්‍රවාදයෙහි එයි. එවකට (1709 දී) මොහු රජුගේ මහ අදිකාරම් ධුරයේ කටයුතු කරන්නට තරම් රජුගේ කුළුපග මිතුරෙක් විය.

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය


ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ
උපත: ? 1690 මරණය: මැයි 13 1739
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
දෙවන විමලධර්මසූරිය රජ
මහනුවර රජ
4 ජූනි, 1707–13 මැයි, 1739
අනුප්‍රාප්තික
ශ්‍රී විජය රාජසිංහ රජ
  1. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉතිහාසය,තුන්වන කොටස