RE: අලුවිහාරේ පිටුව මකාදැමීම .මගේ පිටුව මකාදම්මේ ඇයි? සංස්කරණය

මේ කියන පිටුව මොකක්ද? වාර්තා වලට අනුව ඔබ විසින් කරන ලද කිසිම සංස්කරණයක් මකාදමා නැත. --Lee (talk) 03:27, 4 ජූලි 2015 (යූටීසී)Reply

හිතවත් පරිශීලක:Eakmedhawi පුතා වෙත,
සිංහල විකිය ගැන උනන්දුවක් දැක්වීම ගැන හා එයට දායකවීම ගැන සතුට සහ ස්තූතිය පලකරමි.
විකිපීඩියා සම්මතයන්ට අනුව එක දෙයක් ගැන තියෙන පුළුවං එක ලිපියයි. ඒක නිසා ඓතිහාසික මාතලේ අළු විහාරය ලිපිය ඊට පෙර ඉඳන් තිබුන අලුවිහාරේ ලිපියටම යොමු කරලා තියෙන්නෙ.ඔනෑම අලුත් තොරතුරක් ඒ ලිපියට එක්කරන්න.
මට මේ දවස්වල ලොකු විස්තරයක් උගන්වන්න වෙලාවක් නැහැ. බය නැතුව විකිය දියුණු කරන්න. වරදක් උනොත් කවුරු හරි නිවැරදි කරයි.
හොඳට වැඩකලාම අනික් අය තරු දෙනවා පුතේ.
විකිය ගැන හොඳට දැනගත්තම Admin වෙන්නත් පුලුවං වෙයි.
සුබ අනාගතයක් පතමි
Singhalawap (talk) 08:24, 7 ජූලි 2015 (යූටීසී)Reply
පුතාහදපු ලිපියක තිබුන නමුත් මුල් ලිපියෙ නැති දෙයක් තිබුනනම් ඒක මුල් ලිපියට ගෙන්යන එක තමියි නිවැරදිම ක්‍රමය.
ලිපිය ගෙනගිය කෙනාට (මම වෙන්නත් පුලුවං) එහෙම කරන්න මඟ ඇරුනනම් වැරදියී.
මෙතන පටලැවිල්ලකුත් තියනවා. ඓතිහාසික මාතලේ අළු විහාරය ලිපියෙ ඉතිහාසය බැලුවම පරිශීලක:Eakmedhawi කියලා කෙනෙකුගෙ දාවකත්වයක් මට පෙනෙන්නෙ නෑ.
කමක් නෑ. අලුවිහාරේ ලිපිය බලලා දියුණුකරන්න.
ජය !
Singhalawap (talk) 08:35, 7 ජූලි 2015 (යූටීසී)Reply
අළුත් මාතෘකා වලට ලිපි හිතුමතේ ගෙන යෑමත් පරණ ලිපි වල අන්තර්ගතය හා ඉතිහාසය ඉදිරියට ගෙන යෑම (නොදන්නා කම නිසා) නොකිරීමත් Singhalawap ගේ ව්‍යාධියකි. එය සුව වෙන තුරු හෝ ඔහු විකියෙන් ඉවත් වන තුරු හෝ මෙවැනි තත්ත්වයන් ඉවසා වැදෑරීමට අපට සිදුවී ඇත. --- Shwetha (talk) 17:48, 7 ජූලි 2015 (යූටීසී)Reply

ආයුබෝවන්! සංස්කරණය

හිතවත් Eakmedhawi, සිංහල විකිපීඩියා විශ්වකෝෂය‍ට ඔබව සාදරයෙන් පිළිගනිමූ! මෙහි ඇති දේ පරිශීලනය කිරීම‍ටත් සංවර්ධනය කිරීමටත් ඔබගේ දායකත්වය අපි අගය කරමු. පහත දැක්වෙන සබැඳි හරහා විකිපීඩියාව පිළිබඳ සහ ඒ හා සබැඳි තවත් තොරතුරු ඔබ‍ට ලබා ගත හැකිය. ඔබ‍ට මෙහිදී යම් ගැටලුවක් ඇසීම‍ට හෝ සහයක් අවශ්‍යනම් මාගේ සංවාද පිටුවෙහි එය සඳහන් කරන්න, නැතිනම් ඔබගේ සංවාද පිටුවේ ගැ‍ටලුව සඳහන් කර {{සහයවන්න}} ලෙස හෝ {{helpme}} ලෙස සඳහන් කරන්න. එවිට කිසියම් පරිශීලකයකු ඔබට නිසැකවම සහයවනු ඇත.


ආයුබෝවන්!

අත්දැකීම් ඇති පරිශීලයකු හා සහයෝගයෙන් ක‍ටයුතුකිරීම‍ට ඔබ‍ කැමත්තක් දක්වන්නේ නම්, එය විකිපීඩියාව හා ක‍ටයුතු කිරීමේදී ඔබ‍ට සහයක් වනු ඇත. එවි‍ට විකිපීඩියාව තුළ ඔබ කළ යුතු සහ නොකළ යුතු දේ මොනවාද යන්න පහසුවෙන් දැන ගත හැකිය. එලෙසම ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයක් වෙතොත් ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පිරිස සමඟ එක්වී එය සංවර්ධනය කිරීම‍ට දායකවීම‍ට ඔබ‍ට හැකියාවක් ඇත. අවසාන වශයෙන් ඔබ කළ දායකත්වය සංස්කරණ සාරාංශය තුළ සඳහන් කිරීම‍ටත්, සංවාද පිටුවක කළ සංවාදයකදී ඔබ එක් කළ අදහස‍ට අනතුරුව අවසානයේදී, මෙම ස‍ලකුණු ~~~~ යොදා ඔබේ අනන්‍යතාවය දක්වන්න අමතක නොකරන්න.

සාමුහිකත්වයෙන් සිංහල විකිපීඩියාව ගොඩනගන්න ඔබ‍ටත් ආරාධනා! ----Gawesaka (talk) 01:06, 11 ජූලි 2015 (යූටීසී)Reply


විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා සංස්කරණය

 
විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- L Manju (talk) 14:15, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Eakmedhawi&oldid=347884" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි