ශිෂ්ටාචාරය
මෙම ලිපිය බහුවිධ වාදවිෂයයන්ට පාත්රවී ඇත. කරුණාකර එය වැඩිදියුණුකිරීමට උපකාරවීම හෝ මෙම වාදවිෂයයන් සාකච්ඡා පිටුවෙහි සංවාදයට ලක්කිරීම හෝ සිදුකරන්න.
|
ශිෂ්ඨාචාරය

ගීසා නෙක්රොපොලිස්හී ගීසාහී මහා පිරමිඩය ඉදිරිපිට ඇති මහා ස්පින්ක්ස්, පුරාතන ඊජිප්තියානු ශිෂ්ඨාචාරයෙහි වඩාත් පතල සංකේතය.
යන පදය භාවිතා වන්නේ මානව සමාජයක කිසියම් ආකාරයක සංවර්ධනයක් විස්තර කිරීමටය. ශිෂ්ටසම්පන්න සමාජයක් බොහෝවිට ලක්ෂණනය කෙරෙන්නේ දියුණු කෘෂිකර්මය, දිගු-දුර වෙළෙඳාම, වෘත්තිය විශේෂීකරණය, සහ නාගරිකත්වය වෙතිනි. මෙම ප්‍රධාන වස්තුමාත්‍රයන්ට අමතරව, ශිෂ්ඨාචාරය පිළිබඳ අගැයිම් සිදුකිරීමෙහිලා, ප්‍රවර්ධිත ප්‍රවාහන පද්ධතිය, ලේඛනය, මිනුම් හි ප්‍රමිතීන් (මුදල් ආදිය), කොන්ත්‍රාත් සහ තෝරතය-පදනම් කරගත් අධිකරණ පද්ධතියක්, උසස් කලා ශෛලීයක්, ස්මරණීය ගෘහ නිර්මාණ ශිල්පය, ගණිතය, විදග්ධ ලෝහ විද්‍යාව, සහ තාරකා විද්‍යාව ඇතුළු, ද්විතියික වස්තුමාත්‍රයන් කිහිපයක සම්මිශ්‍රනයන්ද උපයෝගී කර ගැනේ.