එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක
සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ( 1899 ජනවාරි 8 – 1959 සැප්තැම්බර් 26 ) යනු ශ්‍රි ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයාය. ඔහු 1956 සිට 1959 දී බෞද්ධ භික්ෂු වේෂධාරියෙකු විසින් ඝාතනය කරන තෙක් අග්‍රාමාත්‍ය ධූරයේ සේවය කළේය. [1][2][3]
![]() | |
[ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු | |
---|---|
තනතුර දරමින් 1956–1959 | |
පූර්වප්‍රාප්තිකයා | ජෝන් කොතලාවල |
අනුප්‍රාප්තිකයා | විජයානන්ද දහනායක |
පුද්ගලික තොරතුරු | |
උපත | 8 ජනවාරි 1899 [ශ්‍රී ලංකාව] |
විපත | 26 September 1959 කොළඹ, ශ්‍රි ලංකාව (ඝාතනය කරන ලදී) | (වයස 60)
ජාතිය | ශ්‍රී ලාංකීක |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලාංකා නිදහස් පක්ෂය |
කලත්‍රයා | සිරිමාවෝ බණ්ඩාරනායක |
දරුවන් | සුනේත්‍රා බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, අනුර බණ්ඩාරනායක |
වෘත්තිය | දේශපාලනය, අධිනීතීඥ |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
මුල් දිවිය
සංස්කරණයබණ්ඩාරනායක කොළඹ සිංහල ක්‍රිස්තියානි පවුලක උපන්නෙකි. ඔහුගේ පියා වුයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ මුදලි තනතුරකින් පිදුම් ලද සර් සොලමන් ඩයස් බණ්ඩාරනායකය. සොලමන් බණ්ඩාරනායක පසු කලෙක දේශපාලනයට පිවිසීමේ අරමුණ ඇතිව බෞද්ධයකු බවට පත්වුයේ ය. ද්ව්තියික අධ්‍යාපනය ශාන්ත තෝමස් විදුහලෙන් ලබාගත් ඔහු වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ කෙම්බ්‍රිජ් සරසවියෙනි 1915 කෙම්බ්‍රිජ් සීනියර් විභාගය ඉහලින් සමත් වූ මෙතුමා 1919 දී ඔක්ස්ෆර්ඞ් සරසවියට ඇතුලත් විය
දේශපාලන දිවිය
සංස්කරණයඔහු ලාංකීක දේශපාලන ක්ෂේත‍්‍රයට පිවිසුණේ 1926 දීය. ඒ එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂයකු ලෙස කොළඹ නගර සභාවට තරඟ වදිමිනි. 1951 දී එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වයෙන් ඉවත්ව ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවා ගත්තේය. 1956 පැවති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරන ලද බණ්ඩාරනායක ශ්‍රි ලංකාවේ අග‍්‍රාමාත්‍ය පදවියට පත්වුයේය.
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනු ලැබුවේ ඉන් අනතුරුවය. 1950 වකවානුවේ සිංහල සහ දෙමල යන භාෂා දෙකම රාජ්‍ය භෂාවන් ලෙස භාවිතා කිරීමේ කතිකාවන් පැවතුණද පසුව මැතිවරණ ජයග‍්‍රහණය උදෙසා එය ‘ සිංහල පමණක් ’ යන්න දක්වා වෙනස් කරනු ලැබීය.
විදේශ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔහු දැක්වු උදාසීන බව හමුවේ ශ්‍රි ලංකාවට ආර්ථික අර්බුද රැසකටද මුහුණ දීමට සිදු විය.
ඝාතනය
සංස්කරණය1959 දී තල්දුවේ සෝමරාම නම් චීවරධාරියකු අතින් සොලමන් බණ්ඩාරනායක ඝාතනයට ලක්වු අතර ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂ නායකත්වයට පත්වුවාය.
මෙයද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ↑ "S.W.R.D.Bandaranaike,or Solomon West Ridgeway Dias Bandaranaike (Prime Minister of Sri Lanka)". Britannica Online.
- ↑ "Bandaranaike, Solomon West Ridgeway Dias". History.Com.
- ↑ "Solomon West Ridgeway Dias Bandaranaike". Encarta.MSN.