විජයානන්ද දහනායක
ශ්‍රී ලංකාවෙහි 5වන අග්‍රාමාත්‍යවරයා
In office
සැප්තැම්බර් 29 1959 – මාර්තු 20 1960
රාජ්‍ය නායකයාදෙවන එලිසබෙත් රැජිණ
පූර්වප්‍රාප්තිකයාඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක
අනුප්‍රාප්තිකයාඩඩ්ලි සේනානායක
Member of the ශ්‍රී ලංකාව Parliament
ගාල්ල සඳහා
In office
1979 – දෙසැම්බර් 20 1988
පූර්වප්‍රාප්තිකයාඇල්බට් ද සිල්වා
අනුප්‍රාප්තිකයාදිස්ත්‍රික්කය අහෝසි කරන ලදි
In office
1960 – මැයි 18 1977
පූර්වප්‍රාප්තිකයාඩබ්ලිව්. ඩී. එස්. අබේගුණවර්ධන
අනුප්‍රාප්තිකයාඇල්බට් ද සිල්වා
In office
1947 – දෙසැම්බර් 5 1959
පූර්වප්‍රාප්තිකයානව දිස්ත්‍රික්කයක්
අනුප්‍රාප්තිකයාඩබ්ලිව්. ඩී. එස්. අබේගුණවර්ධන
Personal details
උපත22 ඔක්තෝබර් 1901(1901-10-22)
ගාල්ල, බ්‍රිතාන්‍ය ලංකාව
විපත4 May 1997(1997-05-04) (වයස 95)
ගාල්ල, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයලංකා සම සමාජ පක්ෂය
ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
එක්සත් ජාතික පක්ෂය
Alma materඑස්. තෝමස් විද්‍යාලය,ගල්කිස්ස,
රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
රැකියාවදේශපාලනඥ
වෘත්තියගුරු
අන්වර්ථ නාමයබන්නිස් මාමා

පාසලෙහි ගත කළ අවදිය

සංස්කරණය

වර්ෂ 1902 ඔක්තෝම්බර් මස විසි දෙව‍ෙනි දින උපත ලද විජයානන්ද දහනායක මූලික අධ්‍යාපනය ලැබුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙනි. අනතුරුව 1917 දී කේම්බ්‍රිජ් ජුනියර් විභාගයට පෙනී සිට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කේම්බ්‍රිජ් ජුනියර් විභාගය සමත් වී ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුලත් වූයේය.ඔහුගේ වඩාත් සිත් ගත්තේ ලතින් ගුරුවරයෙකු වූ සී වී පෙරේරා මහතා වේ. පසුව මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට ඇතුලත් වූ අතර ඔහුගේ මූලික අරමුණ වූයේ ගුරු තනතුරක් දැරීමයි. අනතුරුව විජයානන්ද කිංස්වුඩ්හි ගුරුවරයෙකු ලෙස තෙවසරක කාලයක් ගත කළ අතර සෑම විෂයක්ම පාහේ ඉගැන්වීමට සිදු විය.

යොවුන් විජයානන්දගේ විප්ලවකාරී සමය

සංස්කරණය

කිංස්වුඩ්හි ගත කළ කාලය තුල ඔහුගේ භද්‍ර යෞවනත්වය ඉස්මතු වී පැමිණුන අතර ජීවිතයේ මුල් වරට ඔහුගේ සිත ඇදීගිය කාන්තා රුව මුන ගැසුනේ ද කිංස්වුඩ්හි ගත කළ කාලය තුලදීය.ඇය සයිමන් ද සිල්වාගේ දියණියක වූ රොනී ලීලාවතී ද සිල්වාය.පසුව ඔහු එම විද්‍යාලයෙන් සමු ගත් පසු ඔහුට ඇය හමු වූයේ නැත.තරුණ විජයානන්ද සිය සොහොයුරු සමග රජයේ ගුරු විදුහලෙහි ප්‍රවේශ විභාගය සමත් වී කොළඔ තර්ස්ටන් පාරේ ගුරු විදුහලට ඇතුළු වූහ.කුඩා කළ සිටම විප්ලවකාරයෙකු වූ ඔහු ඉංග්‍රීසි බසින් හා සිංහල බසින් කවි ලිවීමට සමතෙකු විය.එකල ඔහු ලියූ උපහාසාත්මක කවි පසු කාලයේ පාර්ලිමේන්තු‍වේ ගිගුම් දුන්නේය. විජයානන්දට මුල්ම පත්වීම බලපිටියේ සිද්ධාර්ථ විදුහලට ලැබුන අතර පසුව 1928 දී ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට පත්වීමක් ලැබ එහි සියළුම සිසුන් අතර ජනප්‍රියත්වයට පත් වූයේය.

"1933 දී"රුහුණු හඩ" නමින් පුවත්පතක් පළ කල ඔහු එහි කතුවරයා‍,සෝදු පත් කියවන්නා ,ප්‍රකාශකයා මෙන්ම බෙදාහරින්නා ද වූයේය.

"1935දී සූරිය මල් ව්‍යාපාරය ඔස්සේ බිහි වූ ලංකාවේ සමසමාජ පක්ෂය හා එහි නායකයන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ විජයානන්ගේ සිත තුල අධිරාජ්‍ය විරෝධී හැගීම් මතු වන්නට විය.එනිසාම එංගලන්තයේ ජෝර්ජ් රජුගේ මෞලි මංගල්‍යය වෙනුවෙන් විරෝධතාවය ප්‍රකාශ කිරීමට කළු කොඩියක් එසවූයේය. 1939දී වැඩි ජන්ද වලින් විජයානන්ද ගාල්ලේ ප්‍රථම නගරාධිපතිවරයා ලෙසත් ලක්දිව ප්‍රථම සිංහල බෞද්ධ නගරාධිපතිවරයා ලෙසත් තේරුණි.1942 දී සිරභාරයට ගත් විජයානන්ද‍යන් මාස කිහිපයකට පසු නිදහස් වී බිබිල අතුරු මැතිවරණයට ඉදිරිපත් වූයේය.මුලදී ඔහු පරාජය වුවද පසුව බිබිලේ මහජන මන්ත්‍රී ලෙස පත් විය.

ව්‍යවස්ථාදායක ජීවිතයේ වැදගත්ම අවදිය

සංස්කරණය

විජයානන්දගේ ව්‍යවස්ථාදායක ජිවිතයේ වැදගත්ම කාල පරිච්චේදය වූයේ 1944-1947 කාලයයි.ලංකා ව්‍යවස්ථාදායක ඉතිහාසයේ මෙන්ම වත්මන් පාර්ලිමේන්තු ඉතිහාසයේද එදා මෙදා තුර වාර්තාගත දීර්ඝතම කතාව කර ඇත්තේ ඔහුය.

"1947ප්‍රථම පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු 1952 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඔහු ඉදිරිපත් වූයේ නව ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙසිනි.කල් යත්ම ඔහු සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළ යුතුය යන ස්ථාවරයට නැඔුරු වී "භාෂා පෙරමුණ "නම් පෙරමුණක් සාදා ගෙන බණ්ඩාරනායක දේශපාලන‍ය සහිත මහජන එක්සත් පෙරමුණට හවුල් විය.

"1956 පැවති මහ මැතිවරණය වන විට විජයානන්ද එයට මහජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වී ගාල්ල අසුන ජය ගත්තේය.එපමණක් නොව ඔහු රජයේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස වැදගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළේය.ලක්දිව සෑම පාසල් දරුවෙකුටම දිවා කාලයේ බනිස් ගෙඩියක් හා කිරි වීදුරුවක් දීමට වැඩපිළිවෙලක් ඇරඔුවේය.එනිසාම ඔහුට ළමයින් "බනිස් මාමා "යන සුරතල් නමින් ඇමතීමට පටන් ගත්තේය.එසේම විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් දෙක විශ්ව විද්‍යාල බවට පත් කිරීමත් ගුරු විද්‍යාල පුහුණු කාලය තුල වැටුප් ගෙවීමත් සිදු වූයේ ඔහුගේ මැදිහත් වීමෙනි.

බණ්ඩාරනායක අගමැති තුමාගේ වියෝවින් පැය කිහිපයකට පසු විජයානන්ද දහනායක නිදහස් ලංකාවේ පස්වන අගමැති ලෙස ආණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක ඉදිරියේ දිවුරුම් දුන්නේය.අගමැති වීමත් සමග ඔහු හදිසි තත්වයක් රට පුරා ප්‍රකාශයට පත් කළ අතර ප්‍රවෘත්ති පාලනයක්ද පැනවූයේය.අනතුරුව දහනායක රජයේ ඇතුල හා පිටත අර්බුද වැඩිවන්නට විය.මාස කිහිපයකින් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ඔහු ශ්‍රී ලංකි නිදහස් පක්ෂයෙන් ඉවත් වී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමින් නව පක්ෂයක් බිහි කර ගත්තේය.ඔහු වෙත දැඩි විවේචන ගලා ආ අතර 1960 පැවති මැතිවරණයෙන් ඔහු පරාජයට පත් විය.

"1963 නොවැම්බර් 19 වැනි දින විජයානන්දට විද්‍යොදය විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී සාහිත්‍ය සූරී (D. Lit) සම්මාන උපාධිය පිරිනැමිණි.යළිත් 1965 පැවති මැතිවරණයෙන් ජයගත් විජයානන්දට ස්වදේශ ඇමති පදවිය පිරිනැමිණි.1970 මහ මැතිවරණයෙන් ඔහු ජය ගත්තද යළි 1977 මහ මැතිවරණයේදී එජාපයෙන් නාමයෝජනා නොලැබුණ නිසා ස්වාධීනව තරඟ කර එජාපයේ ඇල්බට් පෙරේරා හමුවේ පරාජයට පත් විය. එයින් පසුබට නොවූ විජයානන්ද, ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කර ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට ගොස් තමා වෙනුවෙන් තර්ක කර නඩුව ජයග්‍රහණය කළේය.ඒ අනුව 1979 වසරේදී නැවතත් ඔහුගේ ආසනය වූ ගාල්ල ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වුණි. එහිදී එජාපයෙන් නාමයෝජනා හිමිකරගත් දහනායක මහතා, මැතිවරණය ජයග්‍රහණය කළේය.ඉන් පසු ජේ.ආර්. ජයවර්ධන රජයේ සමුපකාර අමාත්‍ය පදවියට ඔහු පත් විය.

විජයානන්දගේ අවසාන සමය.

සංස්කරණය

1984 සිට විජයානන්ද දහනායක නාමය නොමැතිව ව්‍යවස්ථාදායක‍ය නියෝජනය වූ අතර එය ඔහුගේ දේශපාලන සමුගැනීම විය.නමුදු ඔහු කිසි දිනක පොදු ජන ජීවිතයෙන් සමු නොගත්තේය.නාන කාමරයෙන් වැටී උකුල් ඇටයක් බිදී ඔත්පල වෙන තෙක්ම , ඔහු සිය හිතාදර ඡන්ද දායකයන්ගේ ඕනෑ එපාකම් සදහා සිය විශ්‍රාම වැටුප පවා ලබා දීමට මැලි නොවීය. සිය ජීවිත කාලය තුල විජයානන්දගේ සියළු ප්‍රමුඛතා දේශපාලනය පමණක් කර ගත් අතර අනූ පස් වසරක් ආයු වලදා 1997 මැයි මස හතර වැනිදා ජීවිතයෙන් සමු ගත්තේය.

ආශ්‍රිත

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=විජයානන්ද_දහනායක&oldid=728673" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි