සීඑන්එන්
කේබල් නිව්ස් නෙට්වර්ක් හෙවත් සීඑන්එන් (Cable News Network, CNN) යනු අමෙරිකානු, කේබල් සහ සැටලයිට් තාක්ෂණයෙන් මුදාහරින රූපවාහිනී නාලිකාවක් වන අතර එහි හිමිකාරීත්වය ටයිම් වෝනර්හී කොටසක් වන ටර්නර් බ්‍රෝඩ්කාස්ටින් සිස්ටම් සතු වෙයි.[1] 1980 වසරේදී ටෙඩ් ටර්නර් විසින් පැය 24 පුරාම විකාශය වන ප්‍රවෘත්ති නාලිකාවක් ලෙස මෙය අරඹන ලදී.[2][3] පැය 24 පුරාම පුවත් ආවරණයක් සහිත,[4] එක්සත් ජනපදයේ පළමු පුවත් රූපවාහිනී නාලිකාව වූවේද, සීඑන්එන් නාලිකාවයි.[5]
සීඑන්එන් Cable News Network | |
---|---|
![]() | |
දියත්කල දිනය | 1980 ජුනි 1 |
අයිතිකරුවෝ | Cable News Network, Inc. (Turner Broadcasting System (ටයිම් වෝනර්)) |
රූප ආකෘතිය | 480i (SDTV/16:9 letterbox) 1080i (HDTV) |
ප්‍රචාරණ උද්‍යෝග පාඨය | "The Worldwide Leader in News" "CNN = Politics" "The Best Political Team on Television" "CNN = Money" "This is CNN" |
රට | ![]() |
භෘෂාව | ඉංග්‍රීසි |
විකාශන සරිය | එක්සත් ජනපදය කැනඩාව |
මූලස්ථානය | සීඑන්එන් සෙන්ටර් ඇට්ලන්ටා, Georgia |
සහෝදර නාලිකා(ව) | සීඑන්එන් ඉන්ටර්නැෂනල් සීඑන්එන්-අයිබීඑන් CNN Airport Network CNN Türk CNN en Español HLN සීඑන්එන් චිලී TNT Turner Classic Movies කාටූන් නෙට්වර්ක් Boomerang TruTV TBS |
වෙබ් අඩවිය | cnn.com |
උපයෝජ්‍යතාව | |
චන්ද්‍රිකා | |
DirecTV (USA) | 202 (HD/SD) 1202 (VOD) |
Dish Network (USA) | 200 (HD/SD) 9436 (HD) |
Bell TV (Canada) | 500 (SD) 1578 (HD) |
Shaw Direct (Canada) | 140/500 (SD) 257/331 (HD) |
SKY PerfecTV! (Japan) | 679 (HD) |
කේබල | |
Available on most U.S. and Canadian cable providers | Check local listings for channels |
In-house (Washington) | 12 |
Verizon FiOS | 600 (HD) 60 (SD) |
චන්ද්‍රිකා ගුවන්විදුලි | |
Sirius | 132 |
XM | 122 |
අයිපීටීවී | |
Bell Fibe TV (Canada) | 500 (HD) 1500 (SD) |
AT&T U-Verse | 1202 (HD) 202 (SD) |
අන්තර්ජාල රූපවාහිනිය | |
CNN.com/live | Watch live |
අතීතය
සංස්කරණයආරම්භය
සංස්කරණය1980 ජුනි 1 වන දින, පස්වරු 5.00 ට (නැගෙනහිර වේලා කලාපය) කේබල් නිව්ස් නෙට්වර්ක් නාලිකාව ආරම්භ කරන ලදී. එහි ප්‍රථම පුවත් විකාශය David Walker සහ Lois Hart විසින් සිදුකරන ලදී.[6]
නාලිකාවට විශේෂිත වූ සිදුවීම්
සංස්කරණයචැලෙන්ජර් අනතුර
සංස්කරණය1986 ජනවාරි 28 දිනදී, චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලයේ නික්මීම සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සමග ෂටලය පුපුරා යාම සජීවීව විකාශය කිරීම.
බේබි ජෙසිකා මෙහෙයුම
සංස්කරණය1987 ඔක්තෝම්බර් 14 දිනදී, ටෙක්සාස් හී ලිඳකට වැටුණු, මාස 18 ක් වියැති ජෙසිකා (Jessica McClure) බිලිඳිය ගලවා ගැනීමේ මෙෙහයුම විකාශය කිරීම.
ගල්ෆ් යුද්ධය
සංස්කරණය1991 පළමු පර්සියානු ගල්ෆ් යුද්ධය ආවරණ කිරීම, සීඑන්එන් ලත් විශේෂ අවස්ථාවක් විය. 1991 ජනවාරි 16 දින, ඒකාබද්ධ බෝම්බ හෙළීමේ මෙහෙයුම (Coalition bombing campaign) ආරම්භ කරන අවස්ථාවේ, ඉරාකයේ බැග්ඩෑඩය තුල සිටිමින් වාර්ථා ගෙන ඒමට හැකිවූ එකම ප්‍රවෘත්ති නාලිකාව වූවේ සීඑන්එන් ය. ඔවුන්ගේ වාර්ථාරුවන් වූ Bernard Shaw, John Holliman, Peter Arnett, සහ Charles Jaco යන පිරිස ඉරාකයේ බැග්ඩෑඩ් හී පිහිටි al-Rashid Hotel සිට තොරතුරු වාර්ථා කරන ලදී.[7]
සැප්තැම්බර් 11 ප්‍රහාර
සංස්කරණය2001 සැප්තැම්බර් 11 වන දින, අමෙරිකා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව මුලින්ම වාර්ථාව ගෙන පැමිණි කේබල් රූපවාහිනී නාලිකාව වූවේ සීඑන්එන් නාලිකාවයි.[8]
2008 එ.ජ. මැතිවරණය
සංස්කරණය2008 එක්සත් ජනපද මැතිවරණය සමය තුල, එම අදාල විස්තර සහ සිදුවීම් පුළුල් ලෙස ආවරණය කිරීම.
2012 එ.ජ. මැතිවරණය
සංස්කරණය2012 එක්සත් ජනපද මැතිවරණය සමය තුල, එම අදාල විස්තර සහ සිදුවීම් පුළුල් ලෙස ආවරණය කිරීම. එවක ජනපති වූ බැරැක් ඔබාමා සහ ජනපති අපේක්ෂක වූ මිට් රොම්නි අතර පැවැති විවාද ත්‍රිත්වය අතරින් එක් විවාදයකට සීඑන්එන් නිවේදක Candy Crowley කථනය සැපයීම.
අන්තර්ජාල සේවාව
සංස්කරණයසීඑන්එන් නාලිකාව සිය ප්‍රථම පුවත් වෙබ් අඩවිය වූ CNN.com අඩවිය, 1995 අගේස්තු 30 වන දින අරඹන ලදී.
2009 අප්‍රියෙල් වන විට, Nielsen/NetRatings මත විමසුම් වර්ගීකරණය අනූව CNN.com වෙබ් අඩවිය එක්සත් ජනපදය තුල වැඩිම දෙනෙකු පිවිසෙන ලෝක ව්‍යාප්ත පුවත් වෙබ් අඩවි අතුරින් තුන් වන ස්ථානයේ පසුවිය.[9]
සම්බන්ධිත අනෙකුත් නාලිකා
සංස්කරණය- CNN Airport Network
- සීඑන්එන් චිලී – විලී දේශයේ ප්‍රවෘත්ති නාලිකාවකි.
- CNN en Español
- සීඑන්එන් ඉන්ටර්නැෂනල්
- CNN TÜRK – තුර්කි පුවත් බිහිදොරකි.
- සීඑන්එන්-අයිබීඑන් – ඉන්දියානු ප්‍රවෘත්ති නාලිකාවකි.
- CNNj – ජපාන පුවත් බිහිදොරකි.
- HLN
- n-tv – පැය 24 පුරාම විකාශය වන ජර්මනියේ ප්‍රවෘත්ති නාලිකාවකි.
පැරණි නාලිකා
සංස්කරණය- CNN Checkout Channel (1991 අරඹා 1993 දී නවත්වා දමන ලදී.)
- CNN Italia[10]
- CNN Pipeline
- CNN Sports Illustrated (2002 වසරේදී වසා දමන ලදී.)
- CNN+
- CNN.com Live
- CNNfn (2004 දෙසැම්බරයේදී නවත්වා දමන ලදී.)
නාලිකාවේ කාර්යාංශ
සංස්කරණයඑක්සත් ජනපදය තුල
සංස්කරණය
|
|
ලොව වටා
සංස්කරණය
|
|
මතභේදාත්මක
සංස්කරණය- 2008 අප්‍රියෙල් 24 දිනදී රූපලාවන්‍ය ශිල්පියෙකු වූ Liang Shubing සහ ගුරුවරයෙකු වූ Li Lilan, චීන ජනතාවගේ අභිමානයට සහ ගෞරවයට සීඑන්එන් හානි සිදු කලා යැයි පවසමින්, සීඑන්එන් කථකයෙකු වූ Jack Cafferty ට සහ සීඑන්එන් නාලිකාවට එරෙහිව, අමෙරිකන් ඩොලර් බිලියන 1.3 හානි වන්දි ඉල්ලා නිව් යෝර්ක් හී නඩු පවරන ලදී.
- 2009 ජුනි මසදී, සංගීතඥයෙකු වූ M.I.A., ශ්‍රී ලංකාවේ රජයේ යුධ හමුදා විසින් එම වසරේ සිවිල් යුද්ධයේ අවසන් සමයේදී, දෙමළ සිවිල් වැසියන්ට බෝම්බ සහ මාරාන්තික ප්‍රහාර එල්ල කලා යැයි චෝදනා කරමින් සහ එය හෙළා දකිමින් පැයක සම්මුඛ සාකච්චාවක් සීඑන්එන් වෙත දෙන ලදී. නමුත් නාලිකාව විසින් පැයක් දිග සම්මුඛ සාකච්ඡාව, මිනිත්තුවක් දක්වා කෙටි කොට එය මායා අරුල්ප්‍රගාසම්ගේ සාමාන්‍ය සම්මුඛ සාකච්ඡාවක් ලෙස ඉදිරිපත් කරන ලදී. පසුව මේ පිළිබඳව මායා, සිය අදාල වාර්ථාකාරිණියගෙන් විමසූ විට, ඇය පවසා තිබෙන්නේ මායා සිය සම්මුඛ සකච්ඡාව තුලදී, ජන සංහාරය (Genocide) නම් වචනය භාවිතා කිරීම නුසුදුසු වූ බවයි. මෙම සිදුවීමෙන් පසු සීඑන්එන් වෙත චෝදනා කරමින් මායා අරුල්ප්‍රගාසම් (M.I.A.) කියා සිටියේ, සීඑන්එන් හී නිදහස් භාෂණය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඇතිවන බවයි.[11][12]
ප්‍රදාන සහ ගෞරව සම්මාන
සංස්කරණය1998 වසරෙහිදී, වාචික නිදහස වෙනුවෙන්වූ ෆෝ ෆ්‍රීඩම්ස් ප්‍රදානය සීඑන්එන් වෙත පිරිනැමිණි.[15]
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ Time Warner: Turner Broadcasting, http://www.timewarner.com/corp/businesses/detail/turner_broadcasting/index.html, ප්‍රතිෂ්ඨාපනය 2014-02-28
- ^ Reese Schonfeld Bio. (January 29, 2001), http://meandted.com/author.htm, ප්‍රතිෂ්ඨාපනය February 28, 2014
- ^ "Charles Bierbauer, CNN senior Washington correspondent, discusses his 19-year career at CNN. (May 8, 2000)". Cnn.com. 2012-09-29 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-10-12.
- ^ "CNN changed news – for better and worse". Taipei Times. May 31, 2005. සම්ප්‍රවේශය 2009-01-24.
- ^ Kiesewetter, John (May 28, 2000). "In 20 years, CNN has changed the way we view the news". Cincinnati Enquirer. සම්ප්‍රවේශය 2009-01-24.
- ^ Barkin, Steve Michael; Sharpe, M.E. (2003). American Television News: The Media Marketplace and the Public Interest.
- ^ "The Gulf War and its Consequences". Yale.edu. සම්ප්‍රවේශය 2013-10-12.
- ^ "No-nonsense news returns to CNN". PressDemocrat.com. සම්ප්‍රවේශය 2010-02-20.
- ^ Top 30 global news sites for April – Editor & Publisher, http://www.editorandpublisher.com/eandp/news/article_display.jsp?vnu_content_id=1003975048, ප්‍රතිෂ්ඨාපනය 2014-02-28
- ^ "CNN.com". Edition.cnn.com. සම්ප්‍රවේශය 2013-10-12.
- ^ "CNN interview censored for using G-word - MIA". TamilNet. 2009-06-24. සම්ප්‍රවේශය 2013-10-12.
- ^ Harcourt, Nic. "Turn It Up". Los Angeles Times. 2013-10-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-02-28.
{{cite news}}
: More than one of|archivedate=
and|archive-date=
specified (help); More than one of|archiveurl=
and|archive-url=
specified (help) - ^ Gold, Matea (2010-07-07). "CNN Mideast Affairs editor loses post after tweeting her respect for militant cleric". Los Angeles Times.
- ^ Harnden, Toby (July 13, 2010). "Land of the free now home of the afraid". The Sydney Morning Herald.
- ^ "ෆෝ ෆ්‍රීඩම් අවෝඩ්ස්". මාර්තු 25, 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය අප්‍රේල් 4, 2015.