ටෝකියෝ (東京 Tōkyō?, "නැගෙනහිර අගනුවර") (ජපන්: [toːkjoː], ඉංග්‍රීසි/ˈtki./), නිල වශයෙන් ටෝකියෝ පුරවරය (東京都 Tōkyō-to?),[1] යනු ජපානයේ ඇති ප්‍රාන්ත 47 කින් එකකි. ජපානයෙහි ප්‍රධාන දුපත වන හොංෂු දුපතේ නැගෙනහිර පෙදෙසට වන්ව එය පිහිටා ඇති අතර, ඊසු දූපත් සහ ඔගසවාරා දූපත් එයට අයත් වේ. ටෝකියෝ පුරවර නගරය 1943 දි නිර්මාණය වුයේ ටෝකියෝ ප්‍රාන්තය (ටෝකියෝ-ෆූ) සහ ටෝකියෝ නගරය ඒකාබද්ධ කිරීමෙනි. ටෝකියෝ පුරවර රජය විසින්, එක් එකක් වෙනම නගරයක් ලෙසින් පාලනය වන ටෝකියෝහි විශේෂ කොට්ඨාශ විසි-තුනක් පාලනය කෙරෙන අතර, මෙයට පෙරදී ටෝකියෝ නගරය ලෙස පැවැති ප්‍රදේශය මෙන්ම ප්‍රාන්තයෙහි බටහිර පසට වන්නට පිහිටි මහ නගර 39 ක් ද සහ පිටතින් පිහිටි දිවයින් සමූහ දෙකක්ද අයත් වේ. පුරවර ටෝකියෝව, ජපානයෙහි අගනගරය සහ විශාලතම පුරවර ප්‍රදේශය වෙයි.

     වමේ ඉහළ සිට:නිශි-ශින්ජුකු, ටොකියෝ කුළුණ, දේදුනු පාළම, ශිබුයා, ජාතික භෝජන ගොඩනැගිල්ල
     නගරයේ පිහිටීම
රට නේපාලය
කලාප කොන්ටො
දූපත හොන්ෂු
දිස්ත්‍රික්ක 23 විශේෂ කොට්ඨාශ, 26 නගර, 1 දිස්ත්‍රික්ක, 4 උප දිස්ත්‍රික්ක
     රාජ්‍යය
ආදර්ශය රාජධානිය
ආණ්ඩුකාරයා ෂින්ටාරෝ ඉෂීහාරා
අගනුවර ශින්ජුකු
වර්ගඵලය 2,187.08 වර්ග කිලෝමීටර් (844.4 වර්ග සැතපුම්)
     ජනගහණය (2010)
මුළු එකතුව 13,010,279
ඝනත්වය 5,847/වර්ග කිලෝමීටර් (15,143.7/වර්ග සැතපුම්)
Metro 35,676,000
වේලා කලාපය ජපාන (UTC+9)
වෙබ් අඩවිය metro.tokyo.jp

විශේෂ නගරයන්හි ජනගහය මිලියන 8 ක් ඉක්මවා ඇති අතර සමුහයක් ලෙස ගත් කල මිලියන 12 ක් වේ.ටෝකියෝ යනු විශාල පිරිසක් ජිවත් වන නරගයක් වන අතර එය මිලියන 35 ත් 39 ත් අතර වව අතර ලෝකයේ ප්‍රධානතම ආර්ථික කේන්ද්‍රරස්ථානය ලෙස හදුන්වන්නේ 2008 දි DPD හි අගය ට්රිලියන US$ 1.479 ක් වු හෙයිනි.

ආශ්‍රිතසංස්කරණය

මූලාශ්‍රසංස්කරණය

  1. "ජියොග්‍රෆි ඔෆ් ටෝකියෝ". ටෝකියෝ පුරවර රජය. {{cite web}}: Missing or empty |url= (help)
"https://si.wikipedia.org/w/index.php?title=ටෝකියෝ&oldid=494768" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි