සීඑන්එන්-අයිබීඑන්
සීඑන්එන්-අයිබීඑන් (CNN-Indian Broadcasting Network) (CNN-IBN) යනු ඉන්දියාව පදනම් කරගත් ඉංග්‍රීසී ප්‍රවෘත්ති නාලිකාවකි. මෙම නාලිකාවේ හිමිකාරීත්වය TV18 Broadcast Limited සහ Turner International India යන සමාගම් සතු වෙයි.[1]
සීඑන්එන්-අයිබීඑන් CNN-IBN | |
---|---|
CNN-IBN | |
දියත්කල දිනය | 2005 දෙසැම්බර් 16 |
ජාලය | සීඑන්එන් |
අයිතිකරුවෝ | TV18 (NBCUniversal සහ Network 18) Turner International India |
රූප ආකෘතිය | 4:3 (576i, SDTV) 1080i (HDTV) |
ප්‍රචාරණ උද්‍යෝග පාඨය | "Whatever it takes". |
රට | ඉන්දියාව |
භෘෂාව | ඉංග්‍රීසි |
විකාශන සරිය | ඉන්දියාව |
මූලස්ථානය | Noida, Gautam Buddh Nagar , උත්තර් ප්‍රදේශ් |
සහෝදර නාලිකා(ව) | IBN7 IBN-Lokmat |
වෙබ් අඩවිය | IBNLive.com |
ජාත්‍යන්තර පුවත් ආවරණය සීඑන්එන් විසින් සිදුකරන අතර, අයිබීඑන් (Indian Broadcasting Network) විසින් දේශීය පුවත් ආවරණය කරනු ලබයි.[2]
ඉතිහාසය
සංස්කරණයසීඑන්එන්-අයිබීඑන් (CNN-IBN) නාලිකාවේ ප්‍රථම විකාශනය 2005 දෙසැම්බර් 16 දින සිදුකරන ලදී.[3]
වර්ථමානයේදී, සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාවට වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසක් සීඑන්එන්-අයිබීඑන් නාලිකාව සතු වෙයි. මෙම නාලිකා ද්විත්වයම ඉංග්‍රීසි පුවත් නාලිකා වෙයි.[3]
Network 18 ට අනූව, දිනකට මිලියන 45 ක පමණ ප්‍රේක්ෂක පිරිසක් මෙම නාලිකාව නරඹයි.[4]
සීඑන්එන්-අයිබීඑන් විසින් ප්‍රධානය කරනු ලබන සම්මාන
සංස්කරණයමතභේදයට ලක්වීම්
සංස්කරණයපොදුරාජ්ය මණ්ඩලීය ක්‍රීඩා විකාශන කොන්ත්‍රාත්තුව
සංස්කරණය2011 අගෝතු 5 දින ඉන්දියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ වාර්ථාවක දැක්වුනේ 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ප්‍රචාරණ කටයුතු සඳහා ටෙන්ඩර කැඳවූ අවස්ථාවේ එහි නිලදාරීන් විසින් එම කොන්ත්‍රාත්තු හිතුමනාප ලෙස එන්ඩීටීවී සහ සීඑන්එන්-අයිබීඑන් (CNN-IBN) නාලිකා වෙත ලබා දීමට කටයුතු කර ඇති බවයි.[10][11][12]
ව්‍යාජ ට්විටර් ප්‍රතිචාර
සංස්කරණයසංවාදමය පුවත් වැඩසටහනක් අතරතුර, තිරය යටින් ප්‍රේක්ෂකයින් විසින් එවනු ලැබූ බව කියන ව්‍යාජ ට්විටර් (Twitter) ප්‍රතිචාර දැක්වීමක් පිළිබඳව මෙම නාලිකාවට චෝදනා එල්ල වී තිබෙයි.[13]
ව්‍යාජ සජීවී සංවාද
සංස්කරණය2012 නොවැම්බරයේදී, මෙම නාලිකාව සජීවී යන නාමය යටතේ කලින් පටිගත කොට තුබූ සංවාද වැඩසටහනක් විකාශනය කරන ලදී.[14][15]
සේවකයින් නෙරපා දැමීම
සංස්කරණය2013 අගෝස්තුවේදී, සීඑන්එන්-අයිබීඑන් නාලිකාවේ සේවකයන්ද ඇතුළත් වන පරිදි, TV18 විසින් සමාගමේ සේවකයින් 400 ක පමණ පිරිසක් නෙරපා දැමූ අතර, සමාගම මේ පිළිබඳව හේතු දැක්වීමක් සිදු නොකරන ලදී.[16]
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ Network18 Website on CNN-IBN, http://www.network18online.com/cnnIbn.html, ප්‍රතිෂ්ඨාපනය 2014-02-11
- ^ Philip Seib. The Al Jazeera Effect: How the New Global Media Are Reshaping World Politics Potomac Books, Inc., 2008.
- ^ a b Ulrike Rohn. Cultural Barriers to the Success of Foreign Media Content: Western Media in China, India, and Japan Peter Lang, 2009 p. 278-279, 293
- ^ CNN-IBN reaches out to 45 million households every day, http://www.network18online.com/aboutus.html, ප්‍රතිෂ්ඨාපනය 2014-02-11
- ^ Indian of the Year, http://www.indianoftheyear.com/, ප්‍රතිෂ්ඨාපනය 2014-02-11
- ^ CNN-IBN Real Heroes honours extraordinary services of ordinary women
- ^ Honouring the young Indian leaders
- ^ About the Citizen Journalist Awards, http://cjkhabar.ibnlive.com/cjawards/cj_2013/index.php, ප්‍රතිෂ්ඨාපනය 2014-02-11
- ^ Inspirational people felicitated at India Positive Awards, http://southasia.oneworld.net/news/inspirational-people-felicitated-at-india-positive-awards, ප්‍රතිෂ්ඨාපනය 2014-02-11
- ^ "CAG Report on XIX Commonwealth Games" (PDF). Comptroller & Auditor General of India (Pdf).
- ^ "CAG blames top media houses in Commonwealth Games Scam". News of Delhi. 2012-01-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-02-11.
{{cite news}}
: More than one of|archivedate=
and|archive-date=
specified (help); More than one of|archiveurl=
and|archive-url=
specified (help) - ^ "Games contracts to media houses arbitrary and biased: CAG". India Today.
- ^ Priscilla Jebaraj (2010-12-19). "Thehindu.com". Thehindu.com. සම්ප්‍රවේශය 2011-06-07.
- ^ "Face The Nation: A clarification and an apology". November 10, 2011. සම්ප්‍රවේශය November 21, 2011.
- ^ "CNN-IBN 'small' apology to Sri Sri". November 11, 2011. සම්ප්‍රවේශය November 21, 2011.
- ^ Layoffs at TV18 group | Business Standard
භාහිර සබැදි
සංස්කරණය