නයිජීරියාව
නයිජීරියානු එක්සත් සමුහාණ්ඩුව ජනපද 36 කින් යුත් රටකි. අබුජා එහි එක්සත් අගනුවර ප්‍රදේශය වේ. මෙය පිහිටා තිබෙන්නේ බටහිර අප්‍රිකාවෙහිය. මෙහි මායිම් වන්නේ බටහිරින් බෙනින් සමුහාණ්ඩුව, නැගෙනහිරින් චැඩ් හා කැමරුන් සහ උතුරින් නයිගර් සමඟය. මෙහි දකුණු වෙරළතීරය ගිනියා බොක්කේ (අත්ලන්තික් සාගරය) ඇත. නයිජීරියාවෙහි අති විශාලතම හා ප්‍රචලිතම ජනවාර්ගික කණ්ඩායම් තුන වන්නේ හුආසා, ලිග්බෝ සහ යොරුබාය. ආගම් වශයෙන් මෙරට තුල මුස්ලිම් හා ක්‍රිස්තියානි සමානව කොටස් 2 ක් සිටින අතර සුළු පිරිසක් සාම්ප්‍රදායික ආගම් අදහයි. නයිජීරියානු ජනතාවට දීර්ඝ ඉතිහාසයක් ඇත. පුරාතන කැනීම්වලට අනුව මානව වර්ගයාගේ පැවැත්ම 9000 BC දක්වා දිව යයි. බන්ටු සංක්‍රාමිකයන්ගේ මුල් භුමි භාග සේ සැළකෙන්නේ බෙනුයි හා ක්‍රොස් රිබර් හා අවට ප්‍රදේශයන්ය. මොවුන් 1 වන මිලේනියම් හා 2 මිලේනියමේ මධ්‍යම හා දකුණු අප්‍රිකාව පුරා පැතිර සිට ඇත. නයිජර් ගඟ හේතුවෙන් රටට එම නම ලැබී ඇත. මෙය ලෝකයේ ජනගහනය වැඩිම රටවල් අතර 8 වන තැන හා කළු ජාතීන් බහුතරයක් ජිවත් වන ජනාකිර්ණම ලෝකයේ ඇති එකම රට වේ. මෙය මීළඟ එකොළොස් වන ආර්ථිකය යටතේ ලැයිස්තුගත කොට ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකි. නයිජීරියානු ආර්ථිකය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකකි. අන්තර්ජාතික මුල්‍ය අරමුදල (1MF) පවසන පරිදි එය 2008, 9% හා 2009, 8.3% කි. අප්‍රිකාව තුල ඇති 2 වන විශාලතම ආර්ථිකයයි. එය ප්‍රාදේශීය බලවතෙකු වන අතර අප්‍රිකාවේ නායකත්වය දරයි.
ආදර්ශ පාඨය | "එකමුතුකම සමඟින් විශ්වාසය සහ සාමය සමඟින් සංවර්ධනය" |
ජාතික ගීය | "Arise, O Compatriots" |
සිතියම | |
ගොනුව:250px-Nigeria (orthographic projection).svg.png | |
අගනුවර සහ විශාලම නගරය | අමුජා, ලාගොස් |
උතුරු අක්ෂාංශ 9° 30' නැගෙනහිර දේශාංශ 14 7° 07' | |
රාජ්‍ය භාෂාව | ඉංග්‍රීසී, |
විශාලතම ජනවාර්ගික කණ්ඩායම් | හුආසා, ලිග්බෝ, සොරුබා |
රාජ්‍ය | ජනාධිපති ඒකාබද්ධ සමුහාණ්ඩුව |
ජනාධිපති | උමාරු යාර් අඩුආ |
නියෝජ්‍ය ජනාධිපති | ගුඩ්ලක් ජොනතන් |
නිදහස | එක්සත් රාජධානියේ සිට |
දකුණු හා උතුරු නයිජීරියාව එක්සේසත් කිරීම | 1914 |
ප්‍රකාශ කිරීම හා පිළිගැනීම | ඔක්තෝම්බර් 1, 1960 |
සමුහාණ්ඩුව ප්‍රකාශ කිරීම | ඔක්තෝම්බර් 1, 1963 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 923 768 / වර්ග සැතපුම් 356 667 |
ජලය (%) | 1.4 |
ජනගහනය | |
2009 තක්සේරුව | 154 729 000 (8) |
ඝනත්වය | වර්ග කිලෝමීටර 167.5 වර්ග සැතපුම් 433.8 |
දළ ජාතික නිෂ්පාදිතය | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 319.572 (37) |
සාමාන්‍ය | ඩොලර් 2 162 |
දළ ජාතික නිෂ්පාදිතය(සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 207.116 |
සාමාන්‍ය | ඩොලර් 1 401 |
ගිනි (2003) | 43.7 මධ්‍යම |
මුදල් | නයිජීරියානු නෙයිරා |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල TLD | .ng |
දුරකථන සංකේත | +234 |