ඉස්තාන්බුල් (තුර්කි: İstanbul), පෙරදී කොන්ස්තන්තිනෝපල් (ග්‍රීක: Κωνσταντινούπολις; ලතින්: Constantinopolis), යනු තුර්කියේ විශාලතම නගරය සහ එරට ආර්ථික, සංස්කෘතික සහ ඓතිහාසික කේන්ද්‍රස්ථානය වේ. එය යුරෝපය සහ ආසියාව යන මහද්වීප දෙකටම අයත් වන අතර, තුර්කියේ ජනගහණයෙන් 19% ක් පමණ, එනම් මිලියන 15 ක් පමණ ජනයා එහි ජීවත් වෙයි. ඉස්තාන්බුල් යුරෝපයේ ජනාකීර්ණම නගරය සහ ලෝකයේ 15 වෙනියට විශාලතම නගරය ද වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඉස්තාන්බුල්&oldid=552260" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි