ශ්‍රී ලංකාවේ ජනාධිපති

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිත සමාජවාදී ජනරජයෙහි ජනාධිපතිවරයා (ඉංග්‍රීසි: President of the Democratic Socialist Republic of Sri Lanka ප්‍රසිඩන්ට් ඔෆ් ද ඩිමොක්ට්‍රටික් සෝෂලිස්ට් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා; දෙමළ: இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் ஜனாதிபதி “ඉලංගෙයි යෙනනායක සෙයාසලිස කුඩියරස ජනාධිපති“) යනු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවෙහි ප්‍රධානියා සහ ආරක්ෂක හමුදාවන්හි සේනාධිනායකයා වෙයි. ජනාධිපතිවරයා යනු, ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන තනතුරුධාරියෙකි . මෙම තනතුර නිර්මාණය කෙරුණේ වසර 1978 දීය. 2022 ජූලි 20 වැනි දින රහස් ඡන්දයකින් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව විසින් නවවැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

ශ්‍රී ලංකා ජනාධිපති
Emblem of Sri Lanka.svg
Flag of Sri Lanka.svg
Prime Minister of the Democratic Socialist Republic of Sri Lanka, Mr. Ranil Wickremesinghe, at Hyderabad House, in New Delhi on November 23, 2017.jpg
තනතුර ධාරී
රනිල් වික්‍රමසිංහ

21 ජුලි 2022 සිට
ශෛලීයඅතිගරු
(අවිධිමත්)
උත්තමයා
(විධිමත් සහ රාජ්‍යතාන්ත්‍රික)
මෙහි සාමාජිකයෙකිකැබිනට් මණ්ඩලය
නිවහනජනාධිපති මන්දිරය
ආසනයකොළඹ
නාම යෝජකයාශ්‍රී ලාංකීය පුරවැසියන්
පත් කරන්නාඍජු මහජන මැතිවරණයෙන්
ධූර කාල ප්‍රමාණයවසර පහකි, එක් වරක් යළි තරග කල හැකිය
සංස්ථාපන ලිඛිතයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
සමාරම්භක දරන්නාවිලියම් ගොපල්ලව
සංස්ථාපනය22 මැයි 1972; වසර 50 ක් පෙර (1972-05-22)
නියෝජ්‍යඅග්‍රාමාත්‍ය
වැටුපLKR 1,170,000 annually (2016) (≈ $ 7,640)
වෙබ් අඩවියජනාධිපති
ජනකාධිපති ලේකම් කාර්යාලය


ඉතිහාසයසංස්කරණය

ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ජනාධිපතිසංස්කරණය

නිදහස ලැබෙත්ම, ලංකාවේ විධායක බලතල පැවරී තිබුණේ, අග්‍රාණ්ඩුකාරවරයා වෙතින් නියෝජනය කෙරුණු, ලංකාවේ රජ වෙත වන අතර, මෙම බලතල අග්‍රාමාත්‍යවරයාගේ උපදේශනය පරිදී ක්‍රියාත්මක කෙරිණි . 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් රජුගේ බලතල ඉවත් කොට, අග්‍රාණ්ඩුකාරවරයා වෙනුවට විධායක ජනාධිපතිවරයා යන තනතුර ආදේශනය කෙරුණි.

ආශ්‍රිත ලිපිසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_ජනාධිපති&oldid=508969" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි