විකිපීඩියා:නිබන්ධනය(සංස්කරණ)
ඕනෑම කෙනෙකුට සංස්කරණය කළ හැකි විකිපීඩියාවට සාදරයෙන් පිළිගනිමු.
උදවු සූචිය:
කිසියම් ප්‍රශ්නයක්? ·
විකිකේතය ඉගෙන ගන්න ·
නිවිප්‍ර නරඹන්න ·
ගැටපද විවරණය කියවන්න · |
හැඳින්වීම | සංස්කරණය කෙසේ කරමුද | ආකෘතිකරණය | සබැඳි | මූලාශ්‍ර උපන්‍යාසය | සාකච්ඡා පිටු | සිතෙහි තබා ගන්න | ලියාපදිංචිය | Wrap-up |
සංරක්ෂිත පිටු කිහිපයක් හැරෙන්නට, සැම පිටුවකම, ඔබ දකින පිටුව සංස්කරණය කිරීමට ඔබ හට ඉඩ සලසන "සංස්කරණය කරන්න" යැයි සබැඳියක් ඇත. එය විකිපීඩියාවේ ඉතාමත් මූලික විශේෂාංගය වන අතර, ලිපි වල වැරැදි නිවැරැදි කිරීමට හා ඒවාට කරුණු එක් කිරීමට එයින් ඉඩ සලසයි. ඔබ විසින් පිටුවකට තොරතුරු එක් කලේ නම්, ආශ්‍රයන් විරහිත කරුණු ඉවත් කරනු ලබන බැවින් කරුණාකර මූලාශ්‍ර සපයන්න.
වැලිපිල්ල වෙත ගොස් "සංස්කරණය කරන්න" සබැඳිය ක්ලික් කරන්න. එමගින් එම පිටුව සඳහා පෙළ සහිත සංස්කරණ කවුළුවක් විවෘත වනු ඇත. ඔබ හට විනෝදය ගෙන දෙන හා සිත්ගන්නා යමක් හෝ "සැරද ලොව!" හෝ, එක් කර ඉනික්බිතිව පිටුව සුරකින්න යන්න ක්ලික් කොට ඔබ කල කාර්යයෙහි ප්‍රතිඵලය නිරික්ෂණය කරන්න! වැලිපීල්ල පිටුව මිස මෙම නිබන්ධනයෙහි පෙළ ඔබ අතින් සංස්කරණය නොවන බවට වග බලා ගන්න.
පෙරදසුන පෙන්වන්න
සංස්කරණයදැන් ඔබ භාවිතයට හුරු කර ගත යුතු විශේෂාංගයක් වන්නේ පෙරදසුන පෙන්වන්න බොත්තමයි. වැලිපිල්ලෙහි සංස්කරණයක් කිරීමට උත්සාහ කොට, ඉන්ක්බිතිව පිටුව සුරකින්න වෙනුවට පෙරදසුන පෙන්වන්න බොත්තම ක්ලික් කරන්න. සංස්කරණයෙන් පසු ඔබ ඇත්ත වශයෙන් පිටුව සුරැකීමට පෙර, පිටුව කෙසේ දිස්වන්නේදැයි දැකීමට මෙගින් ඔබට අවස්ථාවක් ලැබෙනු ඇත. අප සියළු දෙනම අතින් වැරැදි සිදුවේ; මෙම විශේෂාංගය තුලින් ඒවා ග්‍රහණය කෙරුමට ඔබට ඉඩ සැලසේ. පිටුව සුරැකීමට පෙර පෙරදසුන නැරඹීමෙන් පිටු ඉතිහාසය ගොඩගැසීමෙන් වැලැකී ආකෘතිකරණ වෙනස්කම් හා අනෙකුත් සංස්කරණ අත්හදාබැලීමට ඉඩ සැලසේ. කෙසේවුවද, පෙරදසුන නැරඹීමෙන් අනතුරුව ඔබගේ සංස්කරණ සුරැකීමට අමතක නොකරන්න!
සංස්කරණ සාරාංශය
සංස්කරණයපිටුව සුරකින්න එබීමට පෙර, ඔබ විසින් සිදු කල වෙනස් කම් පිළිබඳව ආචාරශීලි පැහැදිලිකිරීමක්, සංස්කරණ කොටුව සහ පිටුව සුරකින්න හා පෙරදසුන පෙන්වන්න බොත්තම් අතරමැදියෙහි පිහිටි සාරාංශය කොටුවෙහි බහාලීම, හොඳ සුසිරිතක් (හෝ "විකිසිරිතක්") ලෙසින් සැලකේ. එය ඉතා කෙටි විය හැක; නිදසුනක් වශයෙන් ඔබ විසින් "අකුරු වැරැදි" ලෙසින් සඳහන් කලොත්, ඔබ සිදු කලේ අක්ෂර වින්‍යාසය නිවැරැදි කිරීමක් බව අනෙකුන් වටහා ගනු ඇත. එලෙසම, ඔබ පිටුව තුල සිදු කලේ අක්ෂර වින්‍යාස හෝ ව්‍යාකරණ හෝ වැරැද්දක් නිවැරැදි කිරීම වැනි සුළු වෙනසක් නම් "මෙය සුළු සංස්කරණයකි" යන කොටුව අවේක්ෂණය කිරීමට අමතක නොකරන්න (මෙය කල හැක්කේ ඔබ ප්‍රවිෂ්ට ව සිටියහොත් පමණි).