Welcoming New users සංස්කරණය

Whilst appreciating efforts to welcome new users, I would advice the volunteering users not to use {{Welcome}} directly but use it as {{subst:Welcome}} please. Thanks ---දොන් මැනුවෙල් තිවංකා (talk) 11:57, 24 ජූලි 2010 (යූටීසී)[reply]

The {{Welcome}} used by user:chanakal in my talk page is not the correct template. It is suitable for Project Sri Lanka in English Wikipedia. -- දොන් මැනුවෙල් තිවංකා (talk) 12:14, 24 ජූලි 2010 (යූටීසී)[reply]

සම්මත නාමකරණය සංස්කරණය

පරිශීලක: Singhalawap විසින් සම්මත නාමකරණය යැයි යොදමින් භාවිතා කරන්න විකිපීඩියානු සම්මතයක්ද , නැත්නම් ප්‍රජාව විසින් එකඟතාවයකට එළඹ අනුමත කරන ලද්දක්ද? අදාල බැඳි දක්වන්නේ නම් කෘතඥ වෙමි. --- පරිශීලක:දොන් මැනුවෙල් තිවංකා (talk) 12:58, 26 ජූලි 2010 (යූටීසී)[reply]

සමාවන්න, මට හැඟෙන ආකාරයට ඔය දෙකම නොව එය සිංහලවැප්ගේ හිතූ මානපය බවයි. මේ ගෙන මම කාරුණිකව ඔහුගෙන් විමසූ නමුත් ටික දවසක් නිහඬව සිට ඔහුගේ කැමැත්තට එඩිට් කරන්න පටන් ගෙන ඇත. මට සිතෙන්නේ දැන් සම්හර ලිපි නාම විහිළුවක් වී ගෙන යන බවයි. සිතන්න කෙනෙක් ඇවිත් "පියා" යන ලිපිය සෙවූ බව. එවිට ඔවුන්ට දැක ගන්න වෙන්නේ "තාත්තා හෙවත් අප්පච්චී" යන උසුළු නාමයයි. මෙවනි නම් යෙදීමෙන් පිටස්තර පරිශීලකයන් සිතනවා ඇත්තේ මොවුනට හරියකට ලිපියකට නමක් වත් දීමට නොහැකිවුන් ලෙස‍යි. අප විශ්වකෝෂයක් හෝ ශබ්දකෝශයක් පරිශීලනය කරන විට අප සොයන දේ පහසුම නමින් ඇති විට එය සොයා ගැනීමට පහසුය. මා කලිනුත් කීවා වගේ මෙහි පැරණිම සාමජිකයා විසුළු අකාරයට හැසිරීම අප සැවොමගේම මහත් අවාසනවයි. මෙම විකාරය නවතා දමා හැමටම සහයෝගයෙන් වැඩ කිරීමට හැකි වේවායි සිතමි.--Chanaka L (talk) 13:32, 26 ජූලි 2010 (යූටීසී)[reply]
යථොක්ත [පරිශීලක: Singhalawap|Singhalawap]]ගේ ලිපි ශීර්ෂ වෙනස නිරවද්‍ය කළෙමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 09:24, 27 ජූලි 2010 (යූටීසී)[reply]

පරිශීලක:Kumudupinto, ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ප්‍රිය විප්‍රයෝගෝ දුක්ඛො ! සංස්කරණය

විකිපීඩියාව වෙනුවෙන් ඔබේ සේවය අගයමි.
පරිශිලක Kumudupinto, ඔබ‍ට නිර්වාණ සම්පත්තීන් ලැබේවා! යි ප්‍රාර්ථනා කරමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 08:42, 30 ජූලි 2010 (යූටීසී)[reply]

මෙම පරිශීලකයා(3607360) සිංහල චිකිපීඩියාවට එක් වී ඇත්තේ 22 ජූලි 2009 වැනිදාය. ඔහු එදා පටන් සිංහල විකිපීඩියාවට දැක්වූ දායකත්වය අගයනු වස් මෙම පණිවුඩය තබමි. ඔහුට නිවන් සුවය ප්‍රාර්ථනා කරමු. (මෙය කිසියම් විකාර දැන්වීමක් නොව සත්‍යවශයෙන්ම දායකත්වය අගයනු වස් තබන සටහනකි.) -- බිඟුවා සාකච්ඡාව 08:45, 30 ජූලි 2010 (යූටීසී)[reply]
May you attain Nubbana --Lahirulk (talk) 08:55, 30 ජූලි 2010 (යූටීසී)[reply]
පරිශීලක Kumudupinto,ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. Shane44 (talk) 12:36, 30 ජූලි 2010 (යූටීසී)[reply]
පරිශීලක Kumudupinto,ඔබගේ දායකත්වය අගයමි. ඔබ හට නිවන් සුවය මා ප්‍රාර්ථනා කිරීමෙන් ප්‍රයෝජනයක් නැත. ඔබ කල කුසාලාකුල අනුව ඔබ දැන් සුදුසු ප්‍රතිසන්ධියක් ලබා ඇත. නිවන් සුවය දෙවි කෙනෙකුන් දෙන්නක් නොවන බැවින්ද අප ශාස්ත්‍රෑවරයාණන් දෙවි කෙනෙකු නොවන බැවින්ද කමා වන්න, අනෙකුන් මෙන් ක්‍රිස්තියානි ප්‍රාර්ථනා විධි කොපි කිරීමට මට නොහැක. --- පරිශීලක:දොන් මැනුවෙල් තිවංකා (talk) 13:13, 30 ජූලි 2010 (යූටීසී)[reply]
පරිශීලක:Kumudupinto, ඔබතුමා සිංහල විකිපීඩියාව පිලිබඳ දැනගැනීමට ප්‍රමාදවීම අවාසනාවකි, නමුත් මෙයට සම්බන්ධවූ දින පටන් දැක්වූ දායකත්වය අණුස්මරණියයයි. සිංහල විකිපීඩියාව සහ සිංහල විකිපොත් හි අනාගතය වෙනුවෙන් ඔබතුමා කල සැලසුම් මෙනෙහිකරමි. සිංහල එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඔබගේ සිසුන් සහ සහෘදයන් අප සමඟ අත්වැල් බැඳගනු නිසැකයි.......
ඔබට මතු අත් බවයක නිවන්සුව අත්කරගැනීමට ප්‍රාර්ථනා කරමි
:Singhalawap (talk) 06:31, 1 අගෝස්තු 2010 (යූටීසී)[reply]

112.135.206.191 ‍ගේ ලිපි විනාශය සංස්කරණය

මෙම නිර්නාමික පරිශීලකයා විසින් දිගින් දිගට ම පිටු හිස්කර ඇත. එම පරිශීලකයාගේ ක්‍රියා කලාපයන් හෙළා දකිමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 10:47, 30 ජූලි 2010 (යූටීසී)[reply]

He is now blocked! --Lee (talk) 11:32, 30 ජූලි 2010 (යූටීසී)[reply]

ශ්‍රී ලංකා ජනාධිපතිවරු ලිපියේ ශීර්ෂ සංශෝධනය සංස්කරණය

ලිපි සබැඳුම: "ජනාධිපතිවරු - ශ්‍රී ලංකා"
යථොක්ත ලිපිය පරිශීලක: Sinhalawap "ජනාධිපතිවරු - ශ්‍රී ලංකා" ලෙස ගෙන ගොස් ඇත. සැබැවින් ම එය උචිත ද? --තඹරු විජේසේකර සාකච්ඡාව 08:15, 1 අගෝස්තු 2010 (යූටීසී)[reply]

තඹරු වෙත, කලක පටන් මෙම ක්‍රමය සම්මතය ලෙස එකඟතාවකින් භාවිතා වෙයි. මෙම ක්‍රමය භාවිතයට ගැනීමට හේතු කිහිපයක් පැවතින. ප්‍රධානතම හේතුවක් වූයේ ගවේෂණ කොටුවේ අදාල මාතෘකාවේ මුල් අකුරු කීපය සඳහන් වීමේදී අදාල අකුරින් ඇරඹෙන මාතෘකා දිස්වීමයි. අප wikipediaවේ බොහෝ මාතෘකා ශ්‍රී ලංකා ලෙස ආරම්භවීම නිසා එය අගින් යෙදීම පහසුවකි. Singhalawap (talk) 08:50, 1 අගෝස්තු 2010 (යූටීසී)[reply]
එකඟ වෙමි. ස්තූතියි. --තඹරු විජේසේකර සාකච්ඡාව 08:55, 1 අගෝස්තු 2010 (යූටීසී)[reply]

Welcoming new users සංස්කරණය

A little while ago I received this message in my English Wikipedia talk page. As this editor have expressed they have surprised by the welcome message and the unsolicited email they have received. Please bear in mind that we have a Privacy policy and abusing it may result in blocking you from the Wikimedia projects. Another point I would like to bring to the community's attention is welcoming this particular user. This editor has posted a spam link in the English H.R. Jothipala article and has been immediately reverted. They have done the same thing here. But instead of undoing the spamming our editors has welcomed him. As the common practice in English Wikipedia please wait till an editor make some useful contribution to the project, before you welcome them. Surely We don't want to welcome the vandals, and the spammers. Aren't we?--Chanaka L (talk) 15:51, 1 අගෝස්තු 2010 (යූටීසී)[reply]

If you go to "අවසන් දින 30 තුලදී සිදුවී ඇති අවසන් වෙනස්වීම් 500 පෙන්නුම් කරන්න " in ‍විශේෂ:මෑත_වෙනස්වීම් you'll see that not only පරිශීලක:Codehydro has received the message but many including පරිශීලක:Sabate who've written a message regarding "welcome message" he/she had received. Shane44 (talk) 16:44, 1 අගෝස්තු 2010 (යූටීසී)[reply]
Oh and I don't think it is a spam/abusing the privacy policy or that kind of a thing,but a work done by our welcoming committee using විශේෂ:ලඝු_සටහන/newusers. =D Shane44 (talk) 17:04, 1 අගෝස්තු 2010 (යූටීසී)[reply]
Surely I saw the changes as the posting the above comment is not my first edit of the day, and ignore it too thinking that is ridiculous to welcome users with global accounts and who hasn't done a single edit to this Wikipedia. But I refrained from making any comments whatsoever. It is not welcoming the new users infringing the privacy but the sending unsolicited emails to users those who hasn't done a single edit to that particular Wikipedia in a language that they don't even have a clue what it is! Emailing has been a sensitive case in the Wikipedias. There is a ongoing case on Eastern Europe mailing list in the arbitration committee. I'm not sure whether you have read my post carefully. Adding external links without contributing to the Wikipedia by the user User:Samitharansara is the spamming I'm talking about. I would like to reiterate what I was telling, Please keep sending emails to a minimum and for important matters only and give it a little time to users before you welcoming them. Cheers!--Chanaka L (talk) 02:46, 2 අගෝස්තු 2010 (යූටීසී)[reply]
මෙහි තඹරු විසින් පොඩි වැරැද්දක් වී ඇත. ඔහු මෙම ලැයිතුවේ සිටින බොහෝ පරිශීලකයින් සඳහා පිළිගැනීමේ පණිවුඩය ඔවුන්ගේ සාකච්ඡා පිටුවට එක් කර ඇත. විද්‍යුත් ලිපිනය සම්බන්ධ කර ඇති පරිශීලකයින්හට මෙවන් අවස්ථාවලදී ඊට අදාළව පණිවුඩයක් යැවෙනු ඇත. මෙහිදී විය යුත්තේ එම ලැස්තුවේ සිටින නව පරිශීලක යනුවෙන් සටහන් අයට පමණක් පණිවුඩය යැවීමය. ගිණුම ස්වයංක්‍රීයව තනන ලදි ‎යන ලෙසින් සඳහන් පරිශීලකයින්ට මෙම පණිවුඩය යැවිය යුත්තේ ඔවුන් විසින් කිසියම් සංස්කරණයක් කළ විටදී පමණි. Chanakal පවසන පරිදි අපි නවකයින් පිළිගත යුතු වන්නේ සංස්කරණයක් කළ පසුවය යන්නට මා එකඟ නොවෙමි. බොහෝ පරිශීලකයින් ගිණුමක් තනා කිසිවක් කර ගත නොහැකි කල්හි ඔවුන් විකිය අතහැර යනු ඇත. එම නිසා අඩුම වශයෙන් ඔවුන්ට කියැවීමට හෝ පිළිපැදීමට යම් කරුණු කිහිපයක් සහිත ලිපියක් තිබීම වටී. ඉංග්‍රීසි විකියේ මෙන් සිංහල විකියේ නවකයින් පැමිණීම ඉතා ඉහල අගයක් නොවන බැවින් සංස්කරණ කරන තෙක් බලා හිඳීමෙන් අප නවක පරිශීලකයින් අහිමිකර ගැනීමක් වීමට බොහෝ ඉඩ කඩ ඇත. ඔවුනට පමිණි විගස පණිවුඩයක් දීමට හැකි නම් අගනේය. එවිට ඔවුන් නිවරදි දේ කිරීමට උත්සුක වනු ඇත. ඔවුන් විකියේ ප්‍රතිපත්ති උල්ලංගනය කරමින් වැඩ කරන්නේ නම් වහා වාරණය කරවමු. නමුත් ඉංග්‍රීසි විකියෙන් මෙන් සිංහල විකියේ එවන් උල්ලංගන වැඩි නැත. එලෙස කරන්නට තරම් පරිශීලකයින් නොමැත. අපි සිංහල පරිශීලකයින් හිඟා කන තත්වයක සිටින බව අමතක නොකරන්න. ක්‍රියාකාරී පරිශීලකයින් ගණන බැලූ කළ එය මොනවට පැහැදිලි වේද? නමුත් විකිය පරිස්සම් කිරීමද අපිම කර ගත යුතුය. -- බිඟුවා සාකච්ඡාව 04:04, 2 අගෝස්තු 2010 (යූටීසී)[reply]
පිළිගැනීමේ කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස ම-විසින් කළ ක්‍රියාදාමයන් කිසිවකුත් වරදවා වටහා නොගත යුතු ය. පරිශීලකයන් දිරිමත් කැරැලීමේ අරමුණ කරණ කොට සිදුකලා වූ යථොක්ත සිඬිය නිසියාකාරව අරුත් ගැන්වීම පිළිබඳව බිඟුවාට මාගේ ප්‍රණාමය!
--තඹරු විජේසේකර සාකච්ඡාව 06:39, 2 අගෝස්තු 2010 (යූටීසී)[reply]
පිළිගැනීමේ බැනරය කුඩා කළ යුතුය. සංස්කරණය කළ යුතුය. දියුණු කළ යුතුය. කරුණාකර උදව් කරන්න. -- බිඟුවා සාකච්ඡාව 06:43, 2 අගෝස්තු 2010 (යූටීසී)[reply]

(Outdent) Binguwa, your comment is contradicting. Can you please tell me how many Wikipedians have become active editors after you've welcomed them. If your argument is valid, by now we should have at least a dozen such editors. The irony is that you are still complaining on the scarcity of editors when you just said we gain editors by welcoming them. So obviously we don't get new active users by welcoming them. You've said we can block them if they are being disruptive, but then again who is going to block them, if we fairly short of editors. Then the burden transfers to the current editors to deal with the disruptive edits, another contradiction of your philosophy. If you are just welcoming the innocent new users why did you modify the welcome note after the user has added a spam link? I'm afraid, it seems to me you are doing this just out of habit rather than giving it a thought. However I don't like to dwell on this forever and quite please to move on. Best--Chanaka L (talk) 10:19, 2 අගෝස්තු 2010 (යූටීසී)[reply]

හරි. ඔයා කියන එකෙත් ඇත්තක් තියෙනවා. නමුත් මං කියන්නේ නවකයෙක්ට ආයුබෝවන් කියන එකේ තියෙන වැරැද්ද මොකද්ද? අලුතෙන් ආපු ගමන් එයා දිහා වපර ඇහින් බලන්න එපා. දැක්කනේ අර තිවංකාගේ ප්‍රශ්නය. ඒකෙන් වෙන්නේ නැති ප්‍රශ්න ඇති වෙන එකයි. පුළුවන් තරම් සුබවාදී වෙන්න. බැරි නම් අපි බලමු මොකද කරන්නේ කියලා. ඒක මොක උනත් ඔයා කියන විදියට නවකයෙක්ට ආයුබෝවන් කීවත් නැතත් නියම විකි පරිශීලකයෙක් නම් දිගටම ඉන්නවා. ඒක තර්ක කරන්න දෙයක් නෑ. නමුත් අපි ආයුබෝවන් කීමෙන් එයාට පොඩි කික් එකක් දීම තමා වෙන්න ඕනෑ. අනික අර කියන ස්පෑම් ලින්ක් එක ගැන, මම ඒක කතා කරන්න හිටියේ කෝපි කඩේ. එයා දාලා තියෙන්නේ බාහිර සබැඳුමවලට. මේකේ ප්‍රතිපත්තිය මම හරියටම දන්නේ නෑ. ඒ කියන්නේ බ්ලොග් එකක් පිළිගත හැකි බාහිර සබැඳියකද නොවේද යන්න ගැන. ඉතින් ඒ හින්දා මං කරුණු හරි හැටි නොදන්නා නිසා මං අතින් එහෙම වෙන්න පුළුවන්. මොකද මම මැෂිමක් නෙමෙයිනේ... :) තව එක කරුණක්. අපි සාකච්ඡා කරන තරමට තමයි සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ. මොක්ද ජිම්බෝ අහල තිබ්බා වැප්ගෙන් ඔයාලා අන්තිමටම එකිනෙකා හම්බවෙලා සාද පවැත්වුනේ කවදාද කියලා. ඉතින් මං දකින්නේ අපි සෙට්වෙලා වැඩ කරමු. දැනට අපිට ක්‍රියාකාරී කිහිපදෙනෙක්ම ඉන්නවා විවිධ ක්‍රියාවල දක්ෂ අය අත්දැකීම තියෙන. මෙහෙමයි අපේ විකි ප්‍රජාව සම්මුතියකට එනවා නම් අපි ආයුබෝවන් කියන්න ඕනෑ අඩුම ගානේ 1(5,10,....) සංස්කරණයකටවත් පස්සේ කියලා මගේ කිසිම විරෝධයක් නෑ. මොකද ප්‍රජාවේ කැමැත්තට මුල් තැන. ඔබේ අදහස් දක්වන්න කාලයයි. -- බිඟුවා සාකච්ඡාව 11:14, 2 අගෝස්තු 2010 (යූටීසී)[reply]
සංස්කරණ කිහිපයකින් පසු පරිශීලකයන්ට ආයුබෝවන් කීම යුතු නොවේ යැයි හඟිමි. අප නිවසකදී වුව අමුත්තන්ට ආචාර කරනුයේ එළිපත්තේදී ම ය. එබැවින් මෙහි ලේඛනගත වූවාට පසු ඔවුනට දිරි දීමක්; ආශීර්වාද කිරීමක් ලෙස "ආයුබෝවන්!" කීමෙහිලා මා වරදක් නොදකිමි.
--තඹරු විජේසේකර සාකච්ඡාව 11:38, 2 අගෝස්තු 2010 (යූටීසී)[reply]

හංසක123 නමැති පරිශීලකයා ෆෙලිඩේ ගේ ප්‍රතිමූර්තියක් බවට තොරතුරු වාර්තා වී ඇත. (On a chat with Binguwa) කල්පනාකාරී වන්න! ඔබේ විමසිලිමත් භාවය විකියේ සාර්ථකත්‍වයට හා ආරක්‍ෂණයට තුඩු දෙනු ඇත. --තඹරු විජේසේකර සාකච්ඡාව 13:30, 2 අගෝස්තු 2010 (යූටීසී)[reply]

විකිපීඩියාව විහිළුකට යොදා නොගනිමු! සංස්කරණය

ලිපි සබැඳුම : S.r‎
යථොක්ත ලිපිය විකිපීඩියාවේ වටිනාකම සැහැල්ලුවට ලක්කරමින් විහිළුවකට හෝ වෙනයම් පෞද්ගලික කාරණාවක් අරභයා සිදුකළ බවක් පෙනේ. මෙවන් පිටු පැවැතීම සිංහල විකිපීඩියාවට පමණක් නොව සමස්ත විකිපීඩියානු සාමාජික ප්‍රජාවට ම කෙරෙන නිග්‍රහයකි. එබැවින් කිසිවිටකත් මෙවැන්නකට ඉඩ නොතබමු. මෙම අඩවියේ ගෞරවය, වටිනාකම රැකගන්නට පෙළගැසෙමු. නොදන්නවුන් දැනුවත් කරමු! .... --තඹරු විජේසේකර සාකච්ඡාව 17:05, 2 අගෝස්තු 2010 (යූටීසී)[reply]

මෙම පරිශීලකයා පිළිගැනීමට පෙර අපේ පන්සලක හාමුදුරුනමක් ලවා හෝ සිංහල ටිකක් උගන්වා සිටියා නම් ‍අගෙයි! --- චතුනි අලහප්පෙරුම (talk) 16:51, 5 අගෝස්තු 2010 (යූටීසී)[reply]

ඔබගේ මේ ප්‍රකාශය ඇතැම් විට ඔහුගේ ප්‍රථම ලිපිය සිංහලට නොනැඟීම පිළිබඳව විය යුතු ය. :D --තඹරු විජේසේකර සාකච්ඡාව 16:56, 5 අගෝස්තු 2010 (යූටීසී)[reply]
නැත සබඳ අරාබි බස වහරන්නන් සිංහල බස සහිත ලිපියකින් පිළිගැනීමේ වෘෂභ (ගොන්) ක්‍රියාව ගැනය! -- චතුනි අලහප්පෙරුම (talk) 16:44, 6 අගෝස්තු 2010 (යූටීසී)[reply]
යථොක්ත ක්‍රියාව පිළිබඳ සිතීමේ දී "වෘෂභ (ගොන්) ක්‍රියාව" කළේ කවුරුදැයි නැවත සිහිකළ මනා ය. මන්‍දයත්; ඔහු/ඇය භාවිතා කළ සැකිල්ල සිංහල බසින් ඇති බව් ඔබට අමතක වී ද? --තඹරු විජේසේකර සාකච්ඡාව 17:32, 6 අගෝස්තු 2010 (යූටීසී)[reply]
වෘෂභ (ගොන්) ක්‍රියාව කලේ කවුරුන්දැයි සැමට දැනගැනීමට ඔහු/ඇය භාවිතා කලේ යැයි කියන සැකිල්ල ප්‍රකාශ කරනු මැනවි. -- චතුනි අලහප්පෙරුම (talk) 23:37, 6 අගෝස්තු 2010 (යූටීසී)[reply]
පැරැණි පරිශීලකයකු ‍ලෙස ඔබ බස වහරණයේදී මීට වඩා ශිෂ්ට සම්පන්න වන ලෙස ප්‍රථමයෙන් සිහි ගන්වමි. පරිශීලකයකුගේ සුළු දායකත්‍වයක් වෙනුවෙන් හෝ ඇගැයීමක් කිරීම ඔබට ඔතරම් පැණයක් නම්; ඔබගේ දිවිය පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැක. කෙසේවතුදු යටැ කී පරිශීලකයා විසින් ඡායාරූපය යාවත්කාලීන පිළිබඳව සලකා බැලීමේ දී ඔහු ආධුනික පරිශීලකයකු ලෙස බලනා අපට සුළු යමක් විය හැක. එනමුදු ඔහු/ඇය තවත් මෙවැනි දායකත්‍වයන් සඳහා පොළඹවා ගැනීමට අප සූක්‍ෂම විය යුතු ය. එසේ ම ඔහු/ඇය සිංහල නොදනී නම් "ලිබියා" යන්න සොයාගත්තේ කෙසේදැයි සිහිකළේවී නම් "වෘෂභ (ගොන්) ක්‍රියාව" කරන ලදුයේ කවුරුදැයි සැමට මොනවට වැටැහෙනු ඇත්තේ ය. --තඹරු විජේසේකර සාකච්ඡාව 01:10, 7 අගෝස්තු 2010 (යූටීසී)[reply]
අදාල අරාබි පරිශීලකයා විසින් සිංහලෙන් ලියැවුනු සැකිල්ලක් භාවිතා කර ඇති බවට වහසි බස් දෙඩූ ඔබ, ගලේ පහරපු බළලෙකු ගේ තැනට පැමිණි පසු නන් දොඩමින් පසු බසින කල මොට හී තල විදිමින් "ලිබියා" යන්න සොයාගත්තේ කෙසේදැයි කල විමසුමට පිළිතුරු ලෙසින් එසේ කලේ ලිපිය අග ද දක්නට ඇති ඇති අන්තර්-විකි සබැඳි අතුරින් අරාබි බසට අදාල ar:ليبيا නම් ගත් අරාබි විකිපීඩියාවෙහි ලිපිය වෙතින් බව පහදා දෙනු කැමැත්තෙමි. මෙම අරාබි ලිපියෙහි අන්තර්වීකී සබැඳි අතර සිංහල ලිපිය වෙත සබැඳිය ඇතිබැවින් එමගින් සිංහල ලිපිය වෙත ඔහු පැමිණ ඇත. දැන්වත් "වෘෂභ (ගොන්) ක්‍රියාව" කරන ලදුයේ කවුරුදැයි සැමට මොනවට වැටැහෙනු ඇත්තේ ය යනු මාගේ ඒකායන ප්‍රාර්ථනයයි. -- චතුනි අලහප්පෙරුම (talk) 01:33, 7 අගෝස්තු 2010 (යූටීසී)[reply]
ඔබ ඔයාකාරව "වෘෂභ (ගොන්) ක්‍රියාව"යැයි වර නගනුයේ 'ආයුබෝවන් කීම' යන හෙළ සිරිතට මා ගරු කිරීම නිසා යැයි පෙනේ. එනිසා වරෙක ඔබ නියම ස්වදේශිකයෙකු ද? නැතහොත් අරාබි ජාතිකයන්ගේ පැත්තගත්තකුදැයි හැඟෙනුයේ ය. නමුදු අන්තර්විකී සබඳතා පිළිබඳව මා දැනුවත් කිරීම සම්බන්‍ධව තුති පිදීමට මා නියම සිංහල බෞඬ දරුවකු ලෙස අකාරුණික නොවෙමි. කෙසේවතුදු ඔබ මේ වාදය ඇරැඹියේ "අපේ පන්සලක හාමුදුරුනමක් ලවා හෝ සිංහල ටිකක් උගන්වා සිටියා නම් ‍අගෙයි!" ලෙස යි. එකල්හි ඒ පරිශීලකයා අරාබි ජාතිකයකු නම් අපේ අතිගරු පූජ්‍ය පක්‍ෂයට ගරු කරනු ඇත් ද? ඒ තබා උන්වහන්සේලාගෙන් සිංහල භාෂාව වුව උගනීදැයි මාගේ හී තල ඇහිඳිමින් බළලුන් පැහැරූ ගල් සිඹිමින් යන 'විකිපීඩියාවේ ආරක්‍ෂකයා' තරුව පැළඳගත් බැළලියගේ සිහියට නොනැඟිනි ද? එසේ ම දෙවනුව "සබඳ" ලෙස එසේ නොවන්නන්ට පුරුද්දට ම මෙන් පැවැසීමෙන් ඔබේ තත්‍වය ඔබ විසින් මැ සැමට මනාව පහදා දී ඇත. මන්‍දයත් වෘෂභයන් ඔබේ සබඳන් විය යුත්තේ ඔබත් එලෙසමැ වන බැවිනැයි සිතේ. එකල්හි ඔබේ ක්‍රියා කලාපයන් [[ගොනුව:Heckert GNU white.svg]] රූප ගොනුවට සුනිශිතව ම සමාන බව් ඔබගේ ඒකායන ප්‍රාර්ථනය අනුව ම සැවොම ප්‍රත්‍යක්‍ෂව ම වටහාගනු ඇත. --තඹරු විජේසේකර සාකච්ඡාව 01:03, 8 අගෝස්තු 2010 (යූටීසී)[reply]
ඔබ අතින් වූ වරද පිළිගැනීම ගැන තුටු වෙමි. ඔබගේ අනෙකුත් අවලාද පසෙක ලමි. අප රට බෞද්ධ අධ්‍යාපනය නංවා ලූ හෙන්රි ස්ටීල් ඔල්කට් තුමා (කොළඹ කොටුවෙහි දුම්රිය නැවතුම් පොළ ඉදිරිපිට කපුටු බෙටි පිරුණු පිලිමයකින් ජාතියක් වශයෙන් අප ඔහුට කෘතඥ වී ඇත්තෙමු) ඇමරිකා එක්සත් ජනපදයෙන් ලංකාවට පැමිණි අප බෞද්ධ හිමි වරුන් හා සම්බන්ධ වී ක්‍රීයා කලේය. අරාබි ජාතික ගවේෂක ඉබන් බතුතා අප ස්වාමින් වහන්සේ ගැන වැරැදි ලිවුවේ නැත. එක්වර මෙම අරාබි පරිශීලකයා ගැන වැරැදි අයුරින් නොසිතන්න. මින් ඉදිරියට පරිශීලකයන් පිළිගැනීමේදී ඔවුනට සිංහල භාෂාව වැටහේද යන්න ගැන පරික්ෂාකාරී වන්නේ නම් මැනැවි යයි ඔබටද අනෙකුත් කමිටු සාමාජීකයන්ටද පවසා සිටිමි. GNU වෘෂභයා ගැන මදක් හදාරන මෙන් ඉල්ලමි. ඔහු අනෙකුත් වෘෂභයන් මෙන් නොව, වැදගත් වෘෂභයෙකි. එක් දෙයක් පැවසුවොත් රාත්‍රියට ඔවුන් රංචුව නිදන කල සැම විටම එකෙකු අවදියෙන් ආරක්ෂක සේවයෙහි යෙදෙති. GNU මෘදුකාංග වෙනුවෙන් මෙවන් ගති ඇති වෘෂභ හිසක් යොදාගෙන ඇත. ඔහු සාමාන්‍ය වෘෂභයෙක් නොවේ. -- චතුනි අලහප්පෙරුම (talk) 01:26, 8 අගෝස්තු 2010 (යූටීසී)[reply]
හරි හරි දැන් ඔන්න අවුල ඉවරයි. දෙන්නා යාළු උනාලු. Singhalawap (talk) 05:06, 8 අගෝස්තු 2010 (යූටීසී)[reply]

Removing Sysop Rights from Inactive Admins සංස්කරණය

I started a vote at Wikipedia:Administrators#Removal_of_Sysop_Rights to see whether we should remove the sysop (admin) rights from the inactive admins in our wiki. Please vote and voice your opinion there. --Lee (talk) 06:51, 8 අගෝස්තු 2010 (යූටීසී)[reply]