{{Infobox person | honorific_prefix = අධ්‍යක්ෂක | name = රෝයි ද සිල්වා | honorific_suffix = රංගන ශිල්පී | native_name = | native_name_lang = | image = RoydeSilva.jpg | image_size = | alt = | caption = | birth_name = ආර්ය ශ්‍රී ඨකුරාර්ත දේවාදිත්‍ය බණ්ඩාර ගර්දියවසම් ලිඳමුලගේ රෝයි ඇලෝශියස් ෆීලික්ස් ද සිල්වා | birth_date = අගෝස්තු 30, 1937 (1937-08-30) (වයස 86) ආර්ය ශ්‍රී ඨකුරාර්ත දේවාදිත්‍ය බණ්ඩාර ගර්දියවසම් ලිඳමුලගේ රෝයි ඇලෝශියස් ෆීලික්ස් ද සිල්වා (දෙමළ: ஆரயா இ தகுரார்த தேவாதித்ய பள்டார கர்தியவசம் லிதமுளகே ரோயீ அலோசியச் பீளிக்ச் த சில்வா) හෙවත් රෝයි ද සිල්වා මොහු "මාස්ටර් බ්ලාස්ට්" යන විරුදාවලි ලබන ශ්‍රී ලාංකීය "බොක්ස් ඔෆිස්" අධ්‍යක්ෂවරයෙකි.1964දී පී.නීලකන්ටන් විසින් සිනමාවට හඳුන්වා දුන් මොහු දක්ෂ රංගන ශිල්පියෙකුද වේ.[1][2][3][4][5][6][7][8]

පෙර අවධිය සංස්කරණය

1937 අගෝස්තු 30 දින උපත ලැබූ රෝයි 1970 දී සුමනා අමරසිංහ සමඟ විවාහ විය. ඔවුන් හට දරුවන් දෙදෙනෙකි.[9]

සිනමාව සංස්කරණය

රෝයි ද සිල්වා සිනමාවට අවතීර්ණ වූයේ, අතිශය ජනප්‍රියත්වයට පත්වූ දකුණු ඉන්දීය නළු එම්.ජී.ආර්. රඟපෑ චිත්‍රපට 17ක් අධ්‍යක්ෂණය කළ පී. නීලකන්ටන් (පලනියාන්දි නීලකන්ටන්) නම් දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණය කළ "ජබීර්.ඒ. කාදර්" නිෂ්පාදනය කළ "සුජාගේ රහස" චිත්‍රපටය 1964 දෙසැම්බර් 24 දා තිරයට වැඩීමත් සමඟය.

තම පළමු චිත්‍රපටයෙන්ම "ආධුනික" බව අභිභවා යෑමට සුජාගේ රහස චිත්‍රපටයෙන් රෝයි ද සිල්වාට හැකි විය. චිත්‍රපට 100කට ආසන්න සංඛ්‍යාවකට තම රංගන දායකත්වය ලබා දෙමින් අවුරුදු විසිපහකට ආසන්න කාලයක් එක දිගටම සිංහල සිනමාවේ කතා නායකයෙක් වීමට ඔහුට හැකි විය. දකුණු ඉන්දීය අධ්‍යක්ෂවරුන්, දකුණු ඉන්දීය සිනමා කතා පුවත් සිංහල රිදී තිරයට අනුවර්තනය කිරීම රෝයි ද සිල්වාට වාසනාව ගෙන එන්නට හේතු තුනක් බලපෑවේය. පළමුවැන්න ඉන්දීය හැඩතල සහිත කඩවසම් රුවක් හිමි වීමය. දෙවැන්න දකුණු ඉන්දීය අධ්‍යක්ෂවරුන් එවකට සිංහල චිත්‍රපට තැනීම ආරම්භ කිරීමය. තුන්වැනි භාග්‍ය වන්නේ රෝයි චතුර ලෙස දෙමළ භාෂාව හැසිරවීමය.

රෝයි රඟපෑ අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වූ "සුජීවා" චිත්‍රපටය තිරගත වීමත් සමඟම ඊට සතියකට පෙර සිට තිරගතවෙමින් තිබූ ගාමිණී ෆොන්සේකාගේ "එදත් සූරයා අදත් සූරයා" චිත්‍රපටයේ දෙවැනි සහ තුන්වැනි සති අන්තවල ආදායම බිදවැටුණි. [10]

රෝයිගේ උපරිම ඵල නෙළාගත් අධ්‍යක්ෂවරුන් අතර ජෝ දේව් ආනන්ද්, මරියදාසන්, එම්.එස්. ආනන්දන්, ජෝ සුගන්ධා, කේ. වෙන්කට්, රොබින් තම්පෝ, ලෙනින් මොරායස්, කිංස්ලි රාජපක්ෂ, තිමති වීරරත්න සහ සිරිල් පී. අබේරත්න වැනි අයයි. ඕනෑම දීර්ඝ දෙබස් සහිත පිටුවල අඩංගු දෙබස් මතක තබා ගැනීමෙහි ශක්තියක් තිබිණ. එවැනිම ආකාරයේ නළුවෙකු වූ රවින්ද්‍ර රන්දෙණියද ඔහුගේ කුලුපග මිතුරෙකි.[11]

ඔහුගේ සිනමාපට ප්‍රශස්ත තලයේ, හාස්‍ය තලයේ විවිධ තේමාවන් යටතේ චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂවරයෙකි. ජනප්‍රිය නළුවකු වශයෙන් ඔහු ලැබූ ජනතා ප්‍රසාදයට වඩා චිත්‍රපට නිර්මාණකරුවකු වශයෙන් ඔහු අද ලබන කීර්තියත්, ප්‍රේක්ෂක ප්‍රතිචාරයත් විශේෂයෙන් ඔහු ලබන තෘප්තියත් අති විශාලය. එඩී ජයමාන්න, රුක්මණී දේවි, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග, රවින්ද්‍ර රන්දෙණිය, එච්.ආර්. ජෝතිපාල, සුමනා අමරසිංහ, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ මෙන්ම නව පරපුරේ නළු නිළියන් ගණනාවක් අධ්‍යක්ෂණය කිරීමට රෝයි ද සිල්වා හට හැකි විය. පෙර සැලසුමෙන්, අඩු දින ගණනකින් භාෂා ත්‍රිත්වයෙන්ම චිත්‍රපට නිම කිරීමේ දක්ෂතාව ඔහු සතුව ඇත. වැරැදි අවම කරගනිමින් අඩු දළ සේයා පට ප්‍රමාණයකින් රූප ගත කළ හැකි අධ්‍යක්ෂවරයකු වීම ඔහුගෙර් විශේෂත්වයකි.

රංගනය, අධ්‍යක්ෂණය, තිර රචනය, නිෂ්පාදනය වැනි සිනමාවේ විවිධ පැතිකඩ නියෝජනය කළ රෝයි චිත්‍රපට පසුබිම් ගීත ගායනයටද සම්බන්ද විය. "ටොම් පචයා" චිත්‍රපටයට "අහසට බයේද, පොළොවට බයේද" සහ "මිනිසුන් අතර මිනිහෙක්" චිත්‍රපටයේ "ලෝකෙම ඇත්තේ අපිට තමා විනෝද නොවුණොත් නොමැත සමා" යන ගීත ෆ්‍රෙඩී සිල්වා සමඟ ගායනා කළේය.[12]

රංගනයන් සංස්කරණය

වසර චිත්‍රපට භාෂාව අධ්‍යක්ෂණය
1964 සුජාගේ රහස සිංහල
1966 සුදු දුව සිංහල
1966 සැනසිලි සුවය සිංහල
1967 සැඟවුණු මැණික සිංහල
1968 රුහුණු කුමාරි සිංහල
1969 හතර පෙරළිය සිංහල
1970 උතුම් ස්ත්‍රිය සිංහල
1970 පික් පොකට් සිංහල
1970 සුමුදු භාර්යා සිංහල
1970 ගීතා සිංහල
1970 වෙන් සංගු දෙමළ ටී. සෝමසේකරන්
1971 දැවෙන පිපාසය සිංහල
1971 සමනල කුමරියෝ සමඟ අපි කවදත් සූරයෝ සිංහල
1972 සුජීවා සිංහල
1972 සිංගප්පූරු චාලි සිංහල
1972 හතර වටේ සිංහල
1972 මේ දෑස කුමටද සිංහල
1972 සිනාවයි ඉනාවයි සිංහල
1973 සුනේත්‍රා සිංහල
1975 ඔබයි මමයි සිංහල
1975 සූකිරි කෙල්ල සිංහල
1975 මගේ නංගි ශ්‍යාමා සිංහල
1975 රන්වන් රේඛා සිංහල
1976 රන් තිලකා සිංහල
1976 නීලා සිංහල
1977 සුදු පරෙවියෝ සිංහල
1977 හොඳ හිත සිංහල
1977 රහස් කුමන්ත්‍රණය සිංහල
1977 මගේ රන් පුතා සිංහල
1978 දීපාංජලී සිංහල
1979 සමන්මලී සිංහල
1979 මිනිසුන් අතර මිනිසෙක් සිංහල
1980 අනූෂා සිංහල
1980 සිල්වා සිල්වා
1980 නෙන්ජුක්කු නීදි දෙමළ
1980 ආදර රත්නේ සිංහල
1982 පනි මලර්ගල් දෙමළ
1983 සැනසුම සිංහල
1984 ඔබට දිවුරා කියන්නම් සිංහල
1987 අහිංසා සිංහල
1987 රස රහසක් සිංහල යසපාලිත නානායක්කාර
1988 අම්මේ ඔබ නිසා සිංහල
1989 අංගුලිමාල සිංහල
1989 ඔක්කොම රජවරු සිංහල
1989 ශක්තිය ඔබයි අම්මේ සිංහල
1990 හොඳින් නැත්නම් නරකින් සිංහල
1990 මධු සිහින සිංහල
1990 ක්‍රිස්තු චරිතය සිංහල සුනිල් ආරියරත්න
1991 ඔබට පමණයි ආදරේ සිංහල
1992 ජය ශී‍්‍ර වේ කුමරියේ සිංහල යසපාලිත නානායක්කාර
1992 රූමතියයි නීතියයි සිංහල
1992 සුරනිමල සිංහල යසපාලිත නානායක්කාර
1992 මුවන්පැලැස්සෙ කදිරා සිංහල යසපාලිත නානායක්කාර
1992 සාගර තිළිණ සිංහල
1992 ප්‍රතිඥා සිංහල යසපාලිත නානායක්කාර
1992 සසර සැරිසරණ තෙක් ඔබ මගේ සිංහල
1993 මැවිලා පෙනේවි රූපේ හදේ සිංහල
1994 කම් ඕ ගෝ චිකා ගෝ සිංහල දිනේෂ් ප්‍රියසාද්
1994 ලව් 94 සිංහල රෝයි ද සිල්වා
1995 යසස සිංහල
1995 ඡායා මායා සිංහල යසපාලිත නානායක්කාර
1995 නොහඬන් කුමරියේ සිංහල
1995 ආත්මා සිංහල
1997 අපායේ තත්පර අසූහාරදාහක් සිංහල දිනේෂ් ප්‍රියසාද්
1998 රෑ දනියෙල් දවල් මිගෙල් සිංහල රෝයි ද සිල්වා
2002 සංසාර ප්‍රාර්ථනා සිංහල
2000 රෑ දනියෙල් දවල් මිගෙල් 2 සිංහල රෝයි ද සිල්වා
2015 මයි නේම් ඉස් බන්දු සිංහල සුරංග ද අල්විස්

අධ්‍යක්ෂණයන් සංස්කරණය

වසර චිත්‍රපට භාෂාව වෙනත්
1977 ටොම් පචයා සිංහල සම අධ්‍යක්‍ෂණය ස්ටැන්ලි පෙරේරා
1980 තණ ගිරවි සිංහල
1982 කඩවුණු පොරෙන්දුව සිංහල නව නිර්මාණය
1983 සුමිතුරෝ සිංහල
හිත හොඳ කොල්ලෙක් සිංහල
1987 තාත්ති මං ආදරෙයි සිංහල
1988 ගෙදර බුදුන් අම්මා සිංහල
හිත හොඳ පුතෙක් සිංහල
ඉට්ස් ද මැටර් ඔෆ් ටයිම් ඉංග්‍රීසි
1991 චෙරියෝ ඩොක්ටර් සිංහල
1992 ඔක්කොම කණපිට සිංහල
1993 සූරයන් අතර වීරයා සිංහල
ජීවන් මල්ලී සිංහල
1994 සුදු පිරුවට සිංහල
ලව් 94 සිංහල
1995 විජේ සහ අජේ සිංහල
චෙරියෝ කැප්ටන් සිංහල
1996 චෙරියෝ ඩාලිං සිංහල
1997 රඹා සහ මධු සිංහල
1998 රෑ දනියෙල් දවල් මිගෙල් සිංහල
2000 රෑ දනියෙල් දවල් මිගෙල් 2 සිංහල
පෙම් කැකුළ සිංහල
2001 ජොන්සන් ඇන්ඩ් ගොන්සන් සිංහල
2002 ලව් 2002 සිංහල
සැපට දුකට සනී සිංහල
2004 ක්ලීන් අවුට් සිංහල
රෑ දනියෙල් දවල් මිගෙල් 3 සිංහල
සැලමුතු පින්න සිංහල
2006 සොඳුරු වසන්තේ සිංහල
මිස්ටර් ධනරින සිංහල
2009 සර් ලාස්ට් චාන්ස් සිංහල
ඉට්'ස් මෑටර් ඔෆ් ලව් ඉංග්‍රීසි
සිහින ලොවක් සොයා සිංහල

[13]

මූලාශ්‍ර සංස්කරණය

  1. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/12/24/?fn=sa15122411, ප්‍රතිෂ්ඨාපනය 2016-08-01 
  2. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2014/12/25/?fn=sa1412257, ප්‍රතිෂ්ඨාපනය 2016-08-01 
  3. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2014/12/25/?fn=sa1412256, ප්‍රතිෂ්ඨාපනය 2016-08-01 
  4. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2014/12/25/?fn=sa1412255, ප්‍රතිෂ්ඨාපනය 2016-08-01 
  5. "Posts Tagged 'Director Roy De Silva'". Sandeshaya. සම්ප්‍රවේශය 4 October 2016.
  6. "Roy de Silva biography". Rate Your Music. සම්ප්‍රවේශය 4 October 2016.
  7. "Roy's 'Pem Kekula' will blossom soon". Sunday Times. සම්ප්‍රවේශය 4 October 2016.
  8. "Roy de Silva direction". imdb. සම්ප්‍රවේශය 4 October 2016.
  9. "Sumana Amarasinghe in ICU .... after food poisoning in Chennai". Gossip Lanka. සම්ප්‍රවේශය 4 October 2016.
  10. "Roy De Silva filmography". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 4 October 2016.
  11. "Roy De Silva films". Sirisara. සම්ප්‍රවේශය 4 October 2016.
  12. "Roy de Silva Discography". Rate Your Music. සම්ප්‍රවේශය 4 October 2016.
  13. "It's a Matter of Love". Life.lk. සම්ප්‍රවේශය 4 October 2016.

බාහිර ලිපි සංස්කරණය

IMDb Link Nfc Link

"https://si.wikipedia.org/w/index.php?title=රෝයි_ද_සිල්වා&oldid=657013" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි