බන්දු සමරසිංහ
බන්දුසේන සමරසිංහ (ඉංග්‍රීසි:Bandusena Samarasinghe) (දෙමළ:பந்துசேன சமரசிங்க)යනු ශ්‍රී ලංකා සිනමාවේ හාස්‍ය නළුවෙකි. ඔහු සිනමාවට ප්‍රවිෂ්ට වූයේ 1975දී සදහටම ඔබ මගේ චිත්‍රපටිය සමඟයි. 1990-2000 වර්ෂයන්හි ක්‍රියාකාරී නළුවෙකු වූ මොහු 1995-2005 දශකයේ සිනමාවේ පෙරලියක් ඇති කලේය. රංගන ශිල්පියෙකු, ගායකයෙකු, අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදක වරයෙකු වූ මොහු විසින් රෝදය,ලෙෆ්ට් රයිට් සර් වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කර ඇත. සිනමාවේදී ඔහු වඩාත් ජනප්‍රිය වූයේ රෝයි ද සිල්වා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ රෑ දනියෙල් දවල් මිගෙල් 1-2-3 හා චෙරියෝ චිත්‍රපට මාලාවයි. එතැන් පටන් බන්දු-ටෙනී 2007 තෙක් විකට යුගලයක් ලෙස චිත්‍රපට හි රංගනහි නිරත විය.
බන්දු සමරසිංහ | |
---|---|
![]() | |
උපත | බන්දුසේන සමරසිංහ නොවැම්බර් 22, 1955 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | ශාන්ත මරියා විද්‍යාලය, කෑගල්ල |
රැකියාව | නළුවෙකු, අධ්‍යක්ෂකවරයෙකු සහ තිර රචකයෙකි |
සක්‍රීය වසර | 1972-සිට |
කලත්‍රයා(යන්) | ස්වර්ණා සමරසිංහ (වි. 1980) |
දරුවන් | කාංචන කුමාර සමරසිංහ රසෝඝා සමරසිංහ |
සම්මාන | ස්ලිම් නෙල්සන් සරසවිය |
ආගම | බෞද්ධ |
පවුල් පසුබිම සංස්කරණය
කෑගල්ල,තිහගොඩ, කපුමුව ලෙල්ගහගොඩ ඉස්කෝලේ හාමිනේ(මව) ගෙදර ඔහු උපත ලැබීය. දරුවන් පස් දෙනෙකු ලද සමරසිංහ මෑණියන් ගුරුතුමියක්ද වූයේය. පියා කාර්මික ඉංජිනේරුවරයෙකි. පෙර පාසල් අධ්‍යාපනය ශාන්ත සේවියර් කන්‍යාරාමයදී හා වැඩිදුර අධ්‍යාපනය ශාන්ත මරියා විද්‍යාලයෙන් හදාරා ඇත. එහෙත් අධ්‍යාපනය උනන්දුවෙන් හදාරා නැති බව පවසයි. එවකට ශාන්ත මරියා විද්‍යාලයේ ක්‍රිකට් සංගමයේ නායකයා ලෙසද කටයුතු කර ඇත.[1]
පවුල් ජීවිතය සංස්කරණය
ඔහුගේ බිරිඳ ස්වර්ණා වන අතර සමරසිංහ තිදරු පියෙකි. ඒ අතර දියණියන් දෙදෙනෙකි, "රසෝඝා යසෝරාවි හා හිරන්නියා චත්රි" යී. ඔහුගේ පුතු "කුමාර කාංචන"යි. ඔහු පීටර් වන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදැක්වීය.
නළුවෙකු ලෙස ක්‍රියාන්විය සංස්කරණය
බන්දු සිනමාවට පැමිණීමට උත්සහ කළේ 1972 ත් පෙර ඔහු 17 වැනි වියේදී පමණ වුවත් ඔහු බාධා මැද සිනමාවට අවතීර්ණ වූයේ 1972 වර්ෂයේදීසදහටම ඔබ මගේ සිනමා පටය සමඟය. ඒ ප්‍රවීණ අධ්‍යක්ෂ සේන සමරසිංහයන්ගේ උපකාරයෙනි. සේන සමරසිංහ ඔහුගේ ළඟම ඥාතියෙක්ද වේ. ඔහු නිෂ්පාදනය කළ සදහටම ඔබ මගේ චිත්‍රපටයේ මෝඩ කාර්යාල සහායක චරිතයෙන් ඔහු 1975දී සිනමාව පැමිණිය. එහිදි චරිතයේ ඔහු පැරණි පන්නයේ ජෝන් වයිට් සපත්තු දමාගෙන හා ඇගපතට නොගැළපෙන ඇඳුම් ඇඳලා රඟදැක්වීය. එදා සිට ඔහුගේ දත නැති හිනාවත්, පීරන්න බැරි බොකුටු කොණ්ඩයත් රසිකයන් අතර ජනප්‍රිය විය. එදා සිට ඔහු දුටු තැන මෙන්ම අවමඟුල් නිවස් හි සිටින මිනිසුන් පවා සිනාහසෙන බව ප්‍රසිද්ධිය.
ඔහු ෆ්‍රෙඩී සිල්වා සමඟ 1980 සිට slapstick විකට ජවනිකා රඟනු ලැබූවා. ඔහු සිනමාපට මේ වන විට 85ක් රඟපා ඇති අතර 2016 වන තෙක් බැලූ කල ඔහුගේ චිත්‍රපටිවලින් 95% ක්ම විකට අන්දමේ චිත්‍රපට වන අතර අනෙක් සිනමාපට අසාම්භාව්‍ය,නාටක ගණයට අයත්ය.[2]
සිනමා ජීවිතය සංස්කරණය
[[ගොනු|thumb|දකුණ|ටෙනිසන් කුරේ(වමේ) බන්දු සමරසිංහ(දකුණ) එක්වූ අවස්ථාවක්.(2016)]] ඔහුගේ සිනමා දිවිය අති සාර්ථක වාර්තා තැබු රෑ දනියෙල් දවල් මිගෙල් චිත්‍රපටයෙන් විකට රැල්ලක ප්‍රවණතාවයකට මඟ පෑදීය. ඊට ටෙනිසන් කුරේගේ දායකත්වයද උපකාරී විය.මේ නිසා විකට චිත්‍රපට රැල්ලේ සුවිශේෂී ලක්ෂණයක් ඇති කරමින් වීරයා අබිබවා විකටයා නැගී සිටිමට වීය. ඔහු ගෙන ආ විකටයා අද ලාංකික සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් ඇදගන්නා ප්‍රධාන ගාමක බලවේගය බවට පත්විය.
ඔහු ප්‍රධාන චරිතයක් රඟනු ලැබූයේ 1987 තිරගත වූ නොම්මර එකයි චිත්‍රපටයනි. එය ගොඩනැගී තිබූයේ ප්‍රධාන චරිත දෙකකිනි ඒද ටෙනිසන් සමඟිනි. ඔවුන්ගේ හාස්‍ය පූට්ටු/සුසංයෝගය ඇති වූයේ එම චිත්‍රපටයෙනි. නොම්මර එකයි මිලි මීටර් 16 ප්‍රමාණයෙන් රූප ගත කර මිලි මීටර් 35 ප්‍රමාණයට විශාලනය කර පෙන්නූ ප්‍රථම සිංහල චිත්‍රපටය වීමද විශේෂත්වයකි.[2]
චංචල රේඛා චිත්‍රපටයේ දං චූටිට අනුකම්පා කරන කපිල නම් චරිතය හා රජ්ජුමාලා හාස්‍යයෙන් තොර අද්භූත චරිත නිරූපණයත්, රෝදය චිත්‍රපටයේ අර්ධ හාස්‍ය උප්පාදන චරිතයත් ඔහු හාස්‍ය රංගනයෙන් මිදුණු අවස්ථාන්ය.[2]
මේ අතර ඔහු විසින් ද්විත්ව චරිත නිරූපණය කෙරුනු අවස්ථා ලෙස චෙරියෝ කැප්ටන්, කවුද බොලේ ඇලිස්, පිස්සු පූසෝ හැඳින්විය හැකියි. මයි නේම් ඉස් බන්දු හි ඔහු ත්‍රිත්ව චරිත නිරූපණයක්ද දැක්වේ. එම රංගනයන්හි ඔහුගේ නිරූපණය එකකට එකක් වෙනස්ව ඉදිරිපත් කිරීමද ඔහු සතු කුසලතාවයකි.[2]
සිනමාගමනය සංස්කරණය
අධ්‍යක්ෂණයන් හා නිෂ්පාදනයන් සංස්කරණය
බන්දු මුල් කාලයේ සමරසිංහ චිත්‍රපට සමාගමේ නිත්‍ය රංගන ශිල්පියෙක් සේම නිෂ්පාදන විධායකවරයෙක් ලෙසත් කටයුතු කර ඇති අතර එම කල්හි සිනමාවේ කාර්මික අංශය පිළිබඳ හොඳ දැනුමක් ලබා තිබුණි. පළමු ලෙස රෝදය චිත්‍රපටයද, දෙවනුව පෙම්මල් මාලා හා තෙවනුව ලෙෆ්ට් රයිට් සර් ද සිව්වන වරට පීටර් වන් අධ්‍යක්ෂණය කිරීය.
වසර | චිත්‍රපටය | අධ්‍යක්‍ෂණය | නිෂ්පාදනය |
---|---|---|---|
1995 | රෝදය | ||
1997 | පෙම්මල් මාලා | ||
2004 | ලෙෆ්ට් රයිට් සර් | ||
2013 | පීටර් වන් |
බන්දු සින්දු සංස්කරණය
බන්දු මුල්වරට ගායනයට සම්බන්ද වූයේ නිල්ල සොයා සහ මල් කැකුළු චිත්‍රපටවලිනි. පෙම් පෙම් නද පාවේ, නිල්ල නගන කිකිණි රාවේ, බිදු බිදු කඳුළු සලා ගීතයන් හි අත්වැල් ගායනයෙන්ද, පෙරලිකාරයෝ චිත්‍රපටයට එච්.ආර්. ජෝතිපාල සමඟ සිංහයෝ වගේ, සහ ඔහුම විස්කි කඩේ පූසා ගැයන ලදි. මධු සිහින චිත්‍රපටයෙන් අලුත් ඉරක් හා ඔක්කොම කණපිට චිත්‍රපටයෙන් කඳ බැඳලා යන ගීතයන්ද ඔහු ගයනු ලැබූවා.[2]
ගීතය | චිත්‍රපටය | වෙනත් ගායනයන් |
---|---|---|
එනු මැන පාවී | මයි නේම් ඉස් බන්දු | උරේෂා රවිහාරි |
ලස්සන මල් මල් | - | උරේෂා සමඟ |
විස්කි කඩේ පූසා | පෙරළිකාරයෝ | - |
සඳ ඇමතුම | - | - |
සළඟේ හෙමින් එන්නකෝ | පීටර් වන් | |
ටින් බෙලෙක්ක | - | - |
සිංහයෝ වගේ | පෙරළිකාරයෝ | එච්.ආර්. ජෝතිපාල |
ලස්සන මුහුනක් | පෙරළිකාරයෝ | එච්.ආර්. ජෝතිපාල |
අලුත් ඉරක් | ||
කඳ බැඳලා | ඔක්කොම කණපිට | - |
රූ බර සිරි බර | හායි හූයි බබි ආච්චී | |
කොළොම්පූර් මේ කාලේ | කොළොම්පූර් | ෆ්‍රෙඩී සිල්වා |
චෙරියෝ කියලා අපි මේ යන්නේ | චෙරියෝ කැප්ටන් | ග්‍රේෂන් ආනන්ද, ෆ්‍රෙඩී සිල්වා |
වැඩත් අගෙයි හිතත් හොඳයි | චෙරියෝ කැප්ටන් | ග්‍රේෂන් ආනන්ද |
රබර් වළලු උඩ යකඩ ගොඩක් | නොම්මර එකයි | චන්ද්‍ර දේවාදිත්‍ය |
මිස් කොණ්ඩ කිරිල්ලී | නොම්මර එකයි | |
වරෙල්ල වරෙල්ලා | නොම්මර එකයි | සෝමසිරි ප්‍රනාන්දු, චන්ද්‍රා දෙවාදිත්‍ය |
සම්මාන සංස්කරණය
- 2002 — ජොලි හලෝ — රංගන කුසලතා — සරසවිය සම්මාන
- 2006 — ස්ලිම් නෙල්සන් සම්මාන — ලාංකීය ජනතාව වඩාත්ම සතුටු කළ පුද්ගලයාට ලබා දෙන ස්ලිම් සම්මානය 2006 වසරේ දී ඔහුට තිළිණ කෙරිණි.
- 2015 — සිග්නීස් සම්මාන — ජීවිතයේ එකවරක් ලැබෙන සිග්නීස් ජාත්‍යාන්තර උත්තමාචාර ප්‍රණාම සම්මානය
ටෙලිනාට්‍යයන් සංස්කරණය
ටෙලිනාට්‍යය | චරිතය | අධ්‍යක්‍ෂණය |
---|---|---|
ටාර්සන් ද අපේ මෑන් | ටාර්සන් | රෝයි ද සිල්වා |
දර ගරාජ් | බන්දු සමරසිංහ | |
නාන කාමරේ | පොඩි මහත්තයා | ගිරිරාජ් කෞෂල්‍ය |
මූලාශ්‍ර සංස්කරණය
- ↑ "බන්දු නම් වූ අද්භූත මනුෂ්‍යයා,මම නිකන් මිනිස්සු හිනස්සන ජෝකර් කෙනෙක් විතරයි". Silumina.lk.
- ↑ 2.0 2.1 2.2 2.3 2.4 "බන්දු". සිළුමිණ.
- ↑ "යකඩයා චිත්‍රපටිය".
- ↑ "චණ්ඩි ශ්‍යාමා".
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa1310109, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2014/07/10/?fn=sa14071032, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2014/07/03/?fn=sa14070332, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa14082141, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa14100945, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa14100945, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa14121847, ප්‍රතිෂ්ඨාපනය 2016-08-15
- ↑ "චෙරියෝ ඩොක්ටර්".
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa14121125, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa14121847, ප්‍රතිෂ්ඨාපනය 2016-08-15
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/01/01/?fn=sa1501014, ප්‍රතිෂ්ඨාපනය 2016-07-31
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/02/12/?fn=sa1502125, ප්‍රතිෂ්ඨාපනය 2016-07-31
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa15012924, ප්‍රතිෂ්ඨාපනය 2016-08-01
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa15031943, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/03/12/?fn=sa15031244, ප්‍රතිෂ්ඨාපනය 2016-07-31
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/04/02/?fn=sa15040244, ප්‍රතිෂ්ඨාපනය 2016-07-31
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/04/02/?fn=sa15040244, ප්‍රතිෂ්ඨාපනය 2016-07-31
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/04/02/?fn=sa15040244, ප්‍රතිෂ්ඨාපනය 2016-07-31
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa15051428, ප්‍රතිෂ්ඨාපනය 2016-08-01
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/06/04/?fn=sa15060419, ප්‍රතිෂ්ඨාපනය 2016-08-01
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/07/16/?fn=sa15071621, ප්‍රතිෂ්ඨාපනය 2016-08-01
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/07/16/?fn=sa15071621, ප්‍රතිෂ්ඨාපනය 2016-08-01
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/09/10/?fn=sa15091027, ප්‍රතිෂ්ඨාපනය 2016-08-01
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/10/29/?fn=sa15102916, ප්‍රතිෂ්ඨාපනය 2016-08-02
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2016/01/21/?fn=sa16012118, ප්‍රතිෂ්ඨාපනය 2016-07-31
- ↑ "අලි පැටියෝ ඔබයි මමයි".
- ↑ "රණ හංසි".
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2016/01/07/?fn=sa16010720, ප්‍රතිෂ්ඨාපනය 2016-08-01
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2010/07/01/_art.asp?fn=sa10070122&pn=08, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30
- ↑ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa1307042, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30
- ↑ "බන්දු 85 මයි නේම් ඉස් බන්දු".