බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව

(බස්නාහිර පලාත වෙතින් යළි-යොමු කරන ලදි)

බස්නාහිර පළාත (ඉංග්‍රීසි: Western Province වෙස්ටර්න් ප්‍රොවින්ස්) (දෙමළ: மேற்கு மாகாணம்) යනු ශ්‍රී ලංකාවේ අධිකතම ජන ඝනත්වයක් සහිත පළාත වෙයි. රටේ අගනගරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මෙන්ම විශාලතම නගරය සහ වාණිජ කේන්ද්‍රය වන කොළඹ ද එහි පිහිටා ඇත.

බස්නාහිර පළාත
Western Province
පළාත
ශ්‍රී ලංකාව තුල පිහිටුම
ශ්‍රී ලංකාව තුල පිහිටුම
ඛණ්ඩාංක: 06°50′N 80°05′E / 6.833°N 80.083°E / 6.833; 80.083ඛණ්ඩාංක: 06°50′N 80°05′E / 6.833°N 80.083°E / 6.833; 80.083
රටශ්‍රී ලංකාව
සංස්ථාපනය1833
පිළිගැනීම14 නොවැම්බර් 1987
අග නගරයකොළඹ
විශාලතම නගරයකොළඹ
ආණ්ඩුව / පරිපාලනය
 • ආණ්ඩුකාරමාශල් ඔෆ් ද එයා රොශාන් ගුණතිලක
 • ප්‍රධාන අමාත්‍යප්‍රසන්න රණතුංග
සරිය
 • මුළු3,709 කිමී2 (1,432 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය9වන (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 5.64% )
ජනගහණය(2001)
 • මුළු5,361,200
 • අනුස්ථිතිය1වන (සම්පූර්ණ ජනගහණයෙන් 28.79% )
 • ඝණත්වයBad rounding here1,400/කිමී2 (Bad rounding here3,700/වර්ග සැත)
 පසුගිය වසර 10 තුලදී ජනගහණය 36.8% කින් ඉහළ ගොස් ඇත
දළ දේශීය නිෂ්පාදිතය (2010)[1]
 • සම්පූර්ණරු 2,178 බිලියන
 • අනුස්ථිතිය1වන (මුළු ප්‍රමාණයෙන් 45.1% )
වේලා කලාපකොළඔ (UTC+05:30)
නිල භාෂාසිංහල, දෙමළ
වෙබ් අඩවියwpc.gov.lk/

බස්නාහිර පළාත සතුව 5,648,000 ප්‍රමාණයක ඇස්තමේන්තුගත ජනගහණයක් ඇති අතර එහි භූමිප්‍රමාණය 3,694.20 square කිලෝmetres (3.97640×1010 sq ft) ක් වෙයි. බස්නාහිර පළාත විසින් දකුණු ආසියාවේ ඕනෑම ප්‍රදේශයක් විසින් වාර්තා කර ඇති විශාලතම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදන අගය ලෙස ඇ.එ.ඩො. 3,808 ක් වාර්තා කර ඇත.

ඉතිහාසය

15 වන සියවසේදී වත්මන් බස්නාහිර පළාතෙන් කොටසක් කෝට්ටේ රාජධානියට අයත් ව තිබුණි. මෙම ප්‍රදේශය පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයින්ගේ මූලස්ථානයද විය. ක්‍රි.ව. 1815 දී බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ව ශ්‍රී ලංකාව පත්වූ අවස්ථාවේ ශ්‍රී ලංකා ප්‍රජාව පහතරට සිංහල, උඩරට (නුවර) සිංහල, දෙමළ යනුවෙන් ජන නිකායන් 3කට වෙන්විය. බස්නාහිර පළාත් දිසාව පහතරට සිංහල ප්‍රජාවේ කේන්ද්‍රස්ථානය විය. පසුව ක්‍රි.ව. 1833 දී කෝල්බෲක් - කැමරන් ආණ්ඩුක්‍රම කාලයේදී ශ්‍රී ලංකාව භුගෝලීය වශයෙන් පළාත් පහකට වෙන්කරනු ලැබිය. ඉන් එකක් වන බස්නාහිර පළාත

  1. කොළඹ
  2. කළුතර
  3. පුත්තලම
  4. හලාවත
  5. සතර කෝරලය
  6. සත්කෝරලය (වර්තමාන කුරුණෑගල)
  7. තුන්කෝරලය
  8. පහත බුලත්ගම (වර්තමාන කෑගල්ල)

යන දිස්ත්‍රික්ක වලට වෙන්කර තිබුණි. ඉන් ක්‍රි.ව.1845 දී සත් කෝරලය, පුත්තලම හා හලාවත වයඹ පළාතටත්, 1889 දී සතර කෝරලය,තුන් කෝරලය හා පහත බුලත්ගම යන ප්‍රදේශ සබරගමුව පළාතට වෙන් කරනු ලැබිය. 2030 දී බස්නාහිර පළාත බස්නාහිර මෙගාපොලිස් (Western Region Megapolis) යන ව්‍යාපෘතියක් යටතේ සියලූම අංශවල දියුණු වැඩපිළිවෙළක් ඇරඹිමට සූදානම් ය. මෙහිදී වත්මන් දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක කලාපීකරණය කරනු ලැබේ.

භූගෝලීය පිහිටීම හා දේශගුණය

විශාලත්වයෙන් වර්ග කිලෝමීටර 3684ක් වන මෙම පළාත ලක්ෂද්වීප් මුහුදට නැගෙනහිරින්ද, සබරගමුව පළාතට බටහිරින්ද, වයඹ පළාතට දකුණින්ද, දකුණු පළාතට උතුරින්ද පිහිටා ඇත. නාගරීකරණය වී ඇති බැවින් මෙම පළාතේ සමහර ප්‍රදේශවල ගංවතුර තත්ත්ව වලින් ඉතා හානියට පත්වේ.

දිස්ත්‍රික්ක

බස්නාහිර පළාත, පරිපාලන දිස්ත්‍රික්ක 3 කට බෙදා ඇත:

එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40ක් හා ග්‍රාම නිලධාරි කොට්ඨාස 2505ක් ඇත.

දිස්ත්‍රික්කය අගනුවර දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණන ග්‍රාම නිලධාරි වසම් ගණන

[3][4][5]

විශාලත්වය

(km2)[6]

භූමි ප්‍රමාණය

(km2)[6]

ජනගහනය (2012 ඇස්තමේන්තුගත)[7] ජනගහන ඝනත්වය

(/km2)

සිංහල ශ්‍රී ලංකා යෝනක ශ්‍රී ලංකා දෙමළ ඉන්දිය දෙමළ වෙනත් (මුස්ලිම්/බර්ගර්) මුළු
කොළඹ කොළඹ Sunil Kannangara 13 566 699 676 1,771,319 242,728 231,318 27,336 37,108 2,309,809 3,304
ගම්පහ ගම්පහ J. J. Rathnasiri 13 1,177 1,387 1,341 2,079,115 95,501 80,071 10,879 29,075 2,294,641 1,654
කළුතර කළුතර U. D. C. Jayalal 14 762 1,598 1,576 1,054,991 112,276 24,362 23,611 2,020 1,217,260 762
Total 40 2,505 3,684 3,593 4,905,425 450,505 335,751 61,826 68,203 5,821,710 1,580

පළාත් පාලන සීමා

මහ නගර සභා සීමා

නගර සභා සීමා

ප්‍රාදේශීය සභා සීමා

මූලාශ්‍ර

  1. ^ :.නිවුස් ලයින් : නෝර්ත්, ඊස්ට් රෙකෝඩ් හයස්ට් ජීඩීපී ග්‍රෝත් රේට්
  2. ^ ඩිස්ට්‍රික්ට්ස් සෙක්‍රටේරියන්ට්ස්, http://www.ds.gov.lk/dist_gampaha/english/admin3.php, ප්‍රතිෂ්ඨාපනය 2013-02-28 
  3. ^ "Grama Niladhari Divisions". Colombo District Secretariat.
  4. ^ "Grama Niladhari Divisions". Gampaha District Secretariat.
  5. ^ "Grama Niladhari Divisions". Kalutara District Secretariat.
  6. ^ a b "Area of Sri Lanka by province and district" (PDF). Statistical Abstract 2011. Department of Census & Statistics, Sri Lanka.
  7. ^ "A2 : Population by ethnic group according to districts, 2012". Census of Population & Housing, 2011. Department of Census & Statistics, Sri Lanka.