දුරාන්තිකය
දුරාන්තිකයක් යනු, යම් වස්තුවක ඉලිප්සීය කක්ෂයෙහි නාභියන් අතුරින් එකක සිට එම වස්තුවට වැඩිම හෝ අඩුම දුර ලබාදෙන ලක්ෂ්‍යයකි. නූතන බගෝල යාන්ත්‍ර විද්‍යාවෙහි මෙම නාභිය ආකර්ෂණ කේන්ද්‍රයද වන අතර, එය සාමාන්‍ය ලෙසින් පද්ධතියෙහි ස්කන්ධ කේන්ද්‍රයද වෙයි. ඓතිහාසික වශයෙන්, භූකේන්ද්‍රික පද්ධතීන්හී, දුරාන්තික මනිනුයේ පෘථිවියෙහි කේන්ද්‍රයෙහි සිටය.

තම සත්කාරකයා වටා භ්‍රමණය වන වස්තුවක කක්ෂයෙහි සත්කාරකයාට ලඟතම සහ දුරතම ලක්ෂයන් දුරාන්තිකය වෙතින් විස්තර කෙරෙයි.
(1) දුරතම | (3) නාභිය | (2) ලඟතම |
---|---|---|
කේන්ද්‍ර දූරකය | ප්‍රාථමිකය | කේන්ද්‍ර සමීපකය |
සූර්ය දූරකය | සූර්යයා | සූර්ය සමීපකය |
තාරකා දූරකය | තාරකාව | තාරකා සමීපකය |
භූ දූරකය | පෘථිවිය | භූ සමීපකය |