ස්කන්ධය
ස්කන්ධය යනු, නිරික්ෂිත ආචාරයන් කිහිපයක් පැහැදිලි කිරීමට භෞතීය විද්‍යාවන්හීදී භාවිතා කෙරෙන්නාවූ සංකල්පයක් වන අතර, එදිනෙදා භාවිතයෙහිදී, මෙම චර්යාවන් හා සමග ස්කන්ධය හැඳින්වීම ස්වභාවික වේ. විශේෂිත වශයෙන්, ස්කන්ධය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ බර හා සමගිනි. එහෙත් අපගේ නූතන විද්‍යාත්මක අවබෝධය අනුව, වස්තුවක බර හටගන්නේ එහි ස්කන්ධය හා ගුරුත්වජ ක්ෂේත්රයක් හා සමග ඇතිවූ අන්තර්ක්‍රියාව හේතුවෙන් බැවින්, බර විවරණය කිරීමේදී ස්කන්ධය පාර්ශවික කාර්ය භාරයක් ඉටු කරන නමුත්, පූර්ණ විවරණය ඉටු නොකරයි.
නිදසුනක් ලෙසින්, පෘථිවිය මත බර පොදියක් උසුපන තැපැල්කරුවෙක්, එහි අන්තර්ගත ස්කන්ධයට අනුරූප බරක් අත්විඳිනු ඇත. කෙසේවුවත්, එම පොදියම සඳෙහිදී බර අඩු වන අතර ඉසිලීම පහසු වනු ඇත. එබැවින්, ස්කන්ධය යනු, පොදිය ඉසිලීමට අපහසුතාවය සඳහා හේතු අතුරින් එකක් පමණි.