ග්‍රහලෝක නිර්වචනය

ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (IAU) 2006 අගෝස්තු මාසයේදී නිර්වචනය කළේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකයක් යනු, සූර්යයා වටා කක්‍ෂ ගත වන, හයිඩ්‍රොස්තික සමතුලිතතාවය (වටකුරු හැඩයක්) ලබාගැනීමට තරම් ප්‍රමාණවත් ස්කන්ධයක් ඇති, සහ එහි කක්ෂය වටා "අසල්වැසි ප්‍රදේශයන්" ("cleared the neighborhood" ) [1] ඉවත් කරනු ලබන, ආකාශ වස්තුවකි. [2] මෙම අර්ථ දැක්වීම ප්ලූටෝව තවදුරටත් ග්‍රහලෝකයක් ලෙස වර්ගීකරණය නොකිරීමට හේතු විය. එය එතෙක් පුළුල් ලෙස සලකා බැලූ ආකාරයෙහි වෙනසක් විය. මෙම නිර්ණායකයන්ගෙන් පළමු දෙක පමණක් (ප්ලූටෝ වැනි) සපුරාලන චන්‍ද්‍රයන් නොවන ග්‍රහ වස්තුවක් "වාමන ග්‍රහලෝකයක්" ලෙස වර්ගීකරණය කර ඇත. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (IAU) ට අනුව, "ග්‍රහලෝක සහ වාමන ග්‍රහලෝක” යනු එකිනෙකට වෙනස් වස්තු වර්‍ග දෙකකි. පළමු නිර්ණායකය පමණක් සපුරාලන චන්‍ද්‍රයින් නොවන ග්‍රහ වස්තුවක් "කුඩා සෞරග්‍රහ මණ්ඩලයක්"(small Solar System body)(SSSB)[3] ලෙස හැඳින්වේ. විකල්ප යෝජනාවකට අනුව වාමන ග්‍රහලෝක ග්‍රහලෝකවල උප කාණ්ඩයක් ලෙස ඇතුළත් වූ නමුත් IAU සාමාජිකයින් මෙම යෝජනාවට විරුද්ධව ඡන්‍දය ප්‍රකාශ කළහ. අර්ථ දැක්‍වීම මතභේදාත්මක එකක් වූ අතර විවිධ තාරකා විද්‍යාඥයින්ගේ සහාය සහ විවේචන ලබාගෙන ඇති නමුත් එම අර්ථ දැක්‍වීම තවම භාවිතයේ පවතී.

  1. https://en.wikipedia.org/wiki/Clearing_the_neighbourhood
  2. https://en.wikipedia.org/wiki/IAU_definition_of_planet
  3. https://en.wikipedia.org/wiki/Small_Solar_System_body
Euler diagram showing the types of bodies in the Solar System.
"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රහලෝක_නිර්වචනය&oldid=454462" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි