සමස්තයක් වශයෙන් ගත් කළ පුද්ගල ජීවිතය ප්‍රධාන අංශ දෙකක් යටතේ හඳුනාගත හැක. එනම් ලෞකික ජීවිතය හා ආධ්‍යාත්මික ජීවිතයයි. ලෞකික ජීවිතයේ පුද්ගලයා ගේදොර වතු පිටි ඉඩකඩම් යාන වාහන ආහාර වස්ත්‍ර ආදියෙන් පුද්ගල භෞතිකත්වය සාක්ෂාත් කරන අතර පුද්ගලයා සමාජය කෙරෙහි යුතුකම් ප්‍රතිබද්ධ තත්ත්වයන් ඉටු කිරීමට මෙන්ම පුද්ගල පැවැත්ම තහවුරු කරන සාධකයන්ද වේ.එසේ ම ආධ්‍යාත්මික ජීවිතය යනු පුද්ගලයා නිරන්තරයෙන් ම මානව සන්තෘෂ්ටියෙහි පිහිට වන්නා වූ තත්ත්වයකි. මිනිසාගේ භෞතිකත්වය මෙන්ම එකී ආධ්‍යාත්මය යහපත් තත්ත්වය උසුලා තබන්නේ ආගම විසිනි.එසේ වූ තැන පුද්ගලයාගේත් පැවැත්ම රඳා පවත් වන්නට ආගම විසින් කරනු ලබන සේවය අතිමහත්ය. "The quest for Certainty Minton be band coikh (303 pg)" නමැති ග්‍රන්ථය තුළ john david ආගම පිළිබඳ තම නිර්වචනයක් මෙලෙස ඉදිරිපත් කරයි.

Religious activities around the world
      "පැවැත්මේ හැකියාව පිළිබඳ හැඟීමයි. මෙම  හැකියාවන්හි උල්පත ආගමයි."
             මෙම නිර්වචනය තුළින් යථෝක්ත ව සනිටුහන් කරන්නට යෙදුණු කාරණාව මනාව ගම්‍ය වේ.

දහතුන් වන සියවසේ සිට ආගම යන්නට බටහිරින්. 'religion' යන ඉංග්‍රීසි භාෂාවේ වචන යොදා ගෙන ඇත. එය ප්‍රංශ භාෂාවෙන් 'Religium' හා ලතින් භාෂාවෙහි 'Religio' යන්නද එකතුවෙන් උක්ත වචනය නිර්මාණය වී ඇත. ඒ තුළින් දෙවියන් හා දෙවිවරුන් නමස්කාර කිරීමක් තදබල විශ්වාසයක් අල්ලා ගැනීම එමෙන්ම යම් වූ ඥාතීත්වයක් යන්නද අර්ථ ගන්වයි. ඥාතිත්වය තුළින් මිනිසා හා අතිමානුෂීය සබඳතාවයන් අතර එක්තරා වූ සම්බන්ධතාවයක් ගැන ද කියැවෙන බව මාගේ හැඟීමයි.

සිංහලෙන් මේ සඳහා 'ආගම' යන්න භාවිතා කරයි. එහෙත් ආසියාතික ආගම් තුළ බිහිවූ ආගම් 'ධර්ම' යන්නෙන් හඳුන්වයි. බුදු දහම හින්දු දහමේ ජෛන දහම ආදී වශයෙනි.

සිංහල-පාලි ව්‍යාකරණයෙහි ආගම යන්න වචන දෙකක් අතර ඇති සම්බන්ධතාවය හැඟවීම සඳහා භාවිතා කොට ඇත. මූලික බෞද්ධ ග්‍රන්ථවල ආගම යන්නට අරුත් සම්පාදනය කොට ඇත්තේ 'බ්‍රහ්මචරිය' යන වචනයයි.

"චත්තාරි ච අනස්සාසිකාමි බ්‍රහ්මචරියානි අක්ඛතානි" ( ම. නි සන්දක සූත්‍රය)

ධම්පියා අටුවා ගැටපදයෙහි "ආගම නම් බුදු වජන්" යනුවෙන් දක්වා ඇත.

කෙසේ වුවද ආගම පිළිබඳ ඒකාත්මික වූ නිවැරදි නිර්වචනයක් ඉදිරිපත් වී නැත. ඒ කළ නොහැක්කකි. 'total asad' දක්වන පරිදි ආගම යන්නට විශ්වීය නිර්වචනයක් තිබිය නොහැකිය. මක්නිසාදයත් මාතෘකාවෙන් බැහැරව ලියන ලද්දා වූ ඓතිහාසික නිෂ්පාදනයක් බැවිනි. (Total asad-genalogies of religion)

ආගම පිළිබඳ නිර්වචන බොහෝමයක් ප්‍රාමාණික වියතුන් විසින් ඉදිරිපත් කොට ඇති අතර එම නිර්වචනයන් එක් කොට ඇති අයුරු ද පෙනේ. මහාචාර්ය ලෞබාගේ "ආගම පිළිබඳ මනෝ විද්‍යාත්මක අධ්‍යනයක්" "A psychological study of religion" නම් කෘතියෙහි නිර්වචන 48 ක් ද 'vergilirs' ලේඛකයා තම "first chapter of religion philosophy" නම් කෘතියෙහි පිටු 72 ක් ද වෙන්කර ඇත. මේ තුළින් විශද වන්නේ ආගම පිළිබඳ ස්ථිර වූ විශ්ව නිර්වචනයක් ඉදිරිපත් කළ නොහැකි බව නොවේද…? මීට හේතුව වන්නේ ආගම වූ කලී විවිධ වූත් විෂම වූත් විනිවිද වූ ආගමික ස්වරූපයන් පවතින බවයි. මේ නම් විද්‍යාඥයින්ගේ මතය යි. එය කෙසේ වුවත් ආගම යනු කුමක්ද…? යන්න නිර්වචන අධ්‍යනය කිරීම තුලින් යම් අවබෝධයක් අපට ලබා ගත හැක.

"Religion (n) ආගම, ලබ්ධිය, භක්තිය", (742) ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය, ජී පී මළලසේකර 1997.

"ස්වභාවධර්මය හා මිනිස් ජීවිතය පාලනය කරා මෙහෙයවන්නේ යැයි සැලකෙන මිනිසාට වඩා උත්තරීතර බලයක් තමා කෙරෙහි පහදවා ගැනීමේ කාර්යය ක්‍රමය ආගම නම් වේ."

                            (මහාචාර්ය ප්‍රෙසර්)

"ආගම යනු මිනිසුන් තමන් හුදෙකලා ව සිටින විට ඔවුන් අමරණීය කළ හැකියි කුමන දෙයක් හෝ පිළිබඳව කිරීම හා සම්බන්ධවද හැඟීම් ක්‍රියාවන් හා අත්දැකීම් සමූහයකි."

   (William James, the varieties of religious experience)

"ආගම-පැමිණීම, අවබෝධය" (12) (ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය)

"ආගමික සංස්ථාව යනු විශ්වය හා වත්පිළිවෙත් පුද පූජාවන්ගෙන් සමන්විත ක්‍රියාකාරකම් පද්ධතියකි. එහිදී මනුෂ්‍ය සමූහය පූජනීය හා අධිස්වාභාවික දේවල් මුල්කොටගෙන පුද පූජා පවත්වති."

       (සමාජය විද්‍යාඥ ජොන්ස්ටන්)

"ආගම යන්නට යටත් පිරිසෙයින් දිය හැකි නිර්වචනයක් වශයෙන් ආගම වූ කලී අතිමානුෂ අද් භූතයන් කෙරෙහි ඇති විශ්වාසයයි. එහෙත් විශ්වාසය පමණක් නොව පිළිවෙත් ක්‍රම හා හැඟීම් ද ආගමට අන්තර්ගත වන බව කිව යුතුය."

  (සිංහල විශ්වකෝෂය-iso අතට කොටස, කේ එන් ජයතිලක)

"ආගම යන්න මා තේරුම් ගන්නේ ස්වර්ණමය හා මිනිස් ජීවිතය හසුරුවා පාලනය කරතියි විශ්වාස කරනු ලබන්නා මිනිසාට වඩා උත්තරීතර බලයක් තමා කෙරෙහි පහදවා ගැනීමයි." (ප්‍රෙසර්)

මෙම සියලු නිර්වචනයන්ට වඩා විසිවන සියවසේ වඩාත්ම පිළිගැනීමට ලක්වූ ආගම පිළිබඳ නිර්වචනය වූයේ 'ක්ලීෆර්ඩ් ගීර්ට්ස්ට' ඉදිරිපත් කළ නිර්වචනය යි. "ආගම යනු සංස්කෘතික පද්ධතියකි" ආගමක් යනු කුමක්ද නිර්වචන ය කිරීමට වඩා ආගමක් යනු කුමක්දැයි හඳුනා ගැනීම වටිනා බව 'නීයන් ස්මාර්ට්' සිය 'the world's religion'නමැති කෘතියෙහි පෙන්වා දෙයි. ඒ අනුව ආගමක තිබියයුතු දිශානතීන් 08 ක් දැකගත හැක.

  1. . අභිචාරමය හෝ ප්‍රායෝගික
  2. . දේශනාමය හෝ දාර්ශනික
  3. . මිථ්යාමය හෝ වෘත්තාන්තමය
  4. . අත්දැකීම් සහිත හෝ හැඟීම්බර
  5. . ආචාරධර්මීය හෝ නෛතික
  6. . සංවිධානාත්මක හෝ සමාජීයීය
  7. . භෞතිකමය හෝ කලාත්මක
  8. . දේශපාලනික හෝ ආර්ථික

උත්තර අප සඳහන් කළ නොයෙක් නිර්වචනයක් අත් දිනය හමුවේ මුකුලිත වන කරුණක් නම් නිශ්චිත වූ නිර්වචනයක් ආගම කෙරෙහි ගොඩනැගී නොමැති බවත් හුදෙක් එවැනි විශ්වීය නිශ්චිත නිර්වචනයක් ඉදිරිපත් කිරීමට ද තෝරා බේරා ගැනීමටද නොහැකි බවය. කෙසේ වුවත් උක්ත නිර්වචනයන් අනුව මානව ශිෂ්ටාචාරය නමැති කෙතෙහි වපුරන ලද සාරවත් බීජය නමුත් ආගම වූ කලී මිනිසාගේ අත්‍යන්ත අත්‍යවශ්‍යතාවයකි. හුදෙක් ආගම මිනිසා සමඟ ඒකාත්මිකය. අදෘශ්‍යමාන බලවේගයන් කෙරෙහි ඇති කර ගත් බිය ආගම නම් ජෛන දහම බුදුදහම වැනි හේතු ඵල න්‍යාය වාදී ආගම් එම ආගම ගනයට ගත නොහැකි බවයි. ඒ කෙසේ වුවත් නූතනය තුළ යමු ධර්ම මාර්ගයක් හැඳින්වීම සඳහා ආගම යන වචනය භාවිත කරයි. පරිණාමීය ලෝකයක් තුළ දිනෙන් දින භාෂාවද නවීකරණය වන අතර එක් වචනයක් වෙනුවෙන් ගල් පැලෙන තර්ක ගෙනහැර දැක්වීම ගඟට කපන ඉණි යැයි මාගේ නිගමනය යි.

 BUDDHIST AND PALI UNIVERSITY 
         OF SRI LANKA
පූජ්‍ය. නිකවැවේ සුමංගල හිමි

ආගම් සැසඳීමසංස්කරණය

ආගම් අතර සමානතාසංස්කරණය

ආගම් සසඳා බැලීමේදී ඒවායෙහි සමානකම්ද තිබේ.එනම් මේ ලෝකයෙන් ඔබ්බෙහි ඇති කිසියම් පරම පදාර්ථයක් ගැන තිබෙන පිළිගැනීම වේ.එය බුදුදහමේ නිර්මාණයයි.ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමේ එය නිර්මාතෘ ‍දෙවි කෙනෙකි.හින්දු ආගමේ බ්‍රහ්මයාය.මෙම ආගම් සියල්ලෙහි මරණින් මතු කිසියම් ආකාරයක පැවැත්මක් ගැනද අවධාරණය වේ.කිතු දහමේ හා ඉස්ලාම් දහමේ එය පුනරුත්ථානයයි. බුදුදහමේ එය පුනර්භවයයි.එක් එක් පුද්ගලයා විසින් කරන හොද නරක පිළිබඳව මෙම ආගම් වලින් දැක්වේ.



ආගම් අතර අසමානතාසංස්කරණය

මෙම ආගම් අතර සමානකම් මෙන්ම අසමානකම්ද විශාල වශයෙන් පවති.කිතුදහමේ සහ ඉස්ලාම් දහමේ දෙවියන් වහන්සේ බලවතෙකු ගැන පිළිගන්නා නමුත් බුදුදහමේ එසේ නොමැත.බෞද්ධ ආගම්වල දැක්වෙන්නේ පුනර්භවය වුවද කිතුදහමේ හා ඉස්ලාම්දහමේ දැක්වෙන්නේ පුනරුත්ථානයයි.බෞද්ධ මතය අනුව කර්මය යනු තමන් කරන ක්‍රියාවන්ගේ විපාක තමන්ට භුක්ති විදීමට සිදුවීමයි.ක්‍රිස්තියානි ආගමේ දැක්වෙන්නේ අනුන් කළ පවක් නිසා මුළු මනුෂ්‍ය සංහතියම කෙලෙසුණොත් මනුෂ්‍යයාට එහි ප්‍රතිවිපාක භුක්ති විදීමට සිදුව ඇති බවයි.තවද පින පව කතෝලිකයින් හා ඉස්ලාමිකයින් විශ්වාස නොකරයි.මේ අතරින් බෞද්ධ දර්ශනය සත්‍ය,විද්‍යාව,ස්වභාව ධර්මය ත් සමග කැපී පෙනේ.

ආගම්සංස්කරණය

බුදුදහමසංස්කරණය

ශාස්තෲවරයා වන්නේ ගෞතම බුදුන් වහන්සේ බුදුදහමේ හරය වන්නේ.ඒ හරය වෙත ළඟාවීමට ඇති මාර්ගය වන්නේ ආර්ය ම පාපකර්ම වලින් වැලැකීම කුසල් රැස්කිරීම හා සිත දමනය කරගැනීමයි.තමන්ගේ ක්‍රියා ගැන වගකිව යුත්තේ මිනිසාමය.මිනිසාගේ විමුක්තිය සලස්වා ගතයුත්තේවට වැඩම කළහ.ලොව ඉතා උසස් ශ්‍රේෂ්ඨ දර්ශනයයි.ස්වභාව ධර්මය හා සබැදි ලොව එකම ධර්මයයි.විද්‍යා ව බුදු දහමේ තිබෙන සත්‍ය දැක විශ්මයට පත් වේ.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️☸️☸️☸️☸️




බෞද්ධ


    • ජනප්‍රිය බෞද්ධ ග්‍රන්ථ

ධම්ම පදය, ජාතකපොත, සද්ධර්මරත්නාවලිය, ලෝවැඩ සඟරාව, යශෝදරාවත, පූජාවලිය , බුත්සරණ, අමාවතුර, වෙස්සන්තරජාතකය.


























ආශ්‍රිත ග්‍රන්ථසංස්කරණය

දන්කොටුව-වාසනා ප්‍රකාශකයෝ (ශ්‍රී ලංකාවේ ආගම්)

මූර්ති, ආගම සහ මියගිය ලෝකය, (1972) මයුරො පොත් ප්‍රකාශකයෝ

සබැදි පිටුසංස්කරණය

ශ්‍රී ලංකාව

"https://si.wikipedia.org/w/index.php?title=ආගම්&oldid=459571" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි