සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක
ග්‍රහලෝකයක් යනු තාරකාවක් හෝ තාරකා අවශේෂයක් වටා පරිභ්‍රමණය වන සහ තම ගුරුත්වාකර්ෂණය මඟින් ගෝලීය හැඩයක් ගත හැකි, භ්‍රමණය වීමට තරම් විශාලවන “තාප න්‍යෂ්ටික වියලනය” ඇති කිරීමට තරම් විශාල නොවූ අසල්වැසි ග්‍රහවස්තු සිය කලාපෙන් ඉවත් කරළීමට සමත් අභ්‍යවකාශ වස්තුවකි.
ග්‍රහලෝකය යන පදය ඉතිහාසය, ජ්‍යෝතිෂය, විද්‍යාව, මිථ්‍යා කථා සහ ආගම සමඟ බැඳී ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පහක් පියවි ඇසට පෙනේ. මේවා බොහෝ මුල් සංස්කෘතීන් විසින් දිව්‍යමය හෝ දේවතාවන්ගේ දූතයන් ලෙස සලකනු ලැබීය. විද්‍යාත්මක දැනුම දියුණු වෙත්ම, ග්‍රහලෝක පිළිබඳ මානව සංජානනය වෙනස් වූ අතර, අසමාන වස්තූන් ගණනාවක් ඇතුළත් විය. 2006 දී ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (the International Astronomical Union)(IAU) සෞරග්‍රහ මණ්ඩලය තුළ ග්‍රහලෝක නිර්වචනය කිරීමේ යෝජනාවක් නිල වශයෙන් සම්මත කළේය. මෙම අර්ථ දැක්වීම මතභේදාත්මක වන්නේ එය “ග්‍රහ ස්කන්ධය” බොහෝ වස්තූන් ඒවා කක්‍ෂගත වන්නේ කොතැනද යන්න මත පදනම්ව බැහැර කරන බැවිනි. 1950 ට පෙර සොයාගත් ග්‍රහ වස්තූන් අටක් වර්තමාන අර්ථ දැක්වීම යටතේ “ග්‍රහලෝක” ලෙස පැවතුනද, සෙරස් (Ceres), පල්ලස් (Pallas ), ජූනෝ (Juno) සහ වෙස්ටා (Vesta) (සූර්ය ග්‍රහක පටියේ ඇති සෑම වස්තුවක්ම) සහ ප්ලූටෝ කලක් විද්‍යාත්මක ප්‍රජාව විසින් ග්‍රහලෝක ලෙස සලකනු ලැබූ වස්තූන් ග්‍රහලෝකයේ වර්තමාන අර්ථ දැක්වීම යටතේ තවදුරටත් ග්‍රහලෝක ලෙස නොසලකයි.