භ්‍රමණය යනු යම් වස්තුවක් යම් ‍ලක්ෂ්‍යයක් වටා වක්‍රාකාර චලනයක යෙදීමයි. එම භ්‍රමනය සිදුවෙන ජ්‍යාමිතික තලය භ්‍රමණ තලය ලෙසත්, භමණ තලයේ කේන්ද්‍රයෙන් ලම්භාකාරව ඉහලට ඇදෙන මනඃකල්පිත රේඛාව භ්‍රමණ අක්ෂය ලෙසත් හැඳින්වේ. ත්‍රිමාණ වස්තුවකට භමණ අක්ෂ අනන්ත සංඛ්‍යාවක් තිබිය හැක.

භ්‍රමණ අක්ෂය එම වස්තුවේම අභ්‍යන්තරයෙන් හෝ ස්කන්ධ කේන්ද්‍රය හරහා යයි නම් එය ස්ව්‍යංභ්‍රමණය හෝ කැරකැවීම යනුවෙන් හඳුන්වන අතර අක්ෂය පෘෂ්ඨයෙන් පිටතට එන ස්ථානයන් ධ්‍රැව ලෙස හඳුන්වයි. සම්පූර්ණයෙන්ම පරිබාහිර අක්ෂයක් වටා භ්‍රමණය වීම (බොහෝවිට ගුරුත්වාකර්ෂන බලය හේතුවෙන්; උදාහරණ ලෙස පෘථිවිය සූර්යයා වටා සිදු කරන චලිතය) පරිභ්‍රමණය හෝ කක්ෂීය චලිතයක යෙදීම ලෙස හැඳින්වේ. එවිට භ්‍රමණ කේන්ද්‍රයේ දෙකෙළවර කක්ෂීය ධ්‍රැව ලෙස හඳුන්වනු ලැබේ.

ගණිතය සංස්කරණය

ගණිතානුකූලව, භ්‍රමණයක් යනු දෘඩ වස්තුවක් එක් ලක්ෂ්‍යයක් ස්ථිර ව තබාගෙන චලනය වීමයි (උත්තාරණය මෙන් නොව). මෙම නිර්වචනය ද්විමාන සහ ත්‍රිමාණ භ්‍රමණය යන දෙකටම අදාල වේ. (පිළිවෙලින් තලයක සහ අවකාශයේ)

දෘඩ වස්තුවක සියලුම චලිතයන් උත්තාරණය හෝ භ්‍රමණය හෝ ඒ දෙකෙහි සං‍යෝජනයක් වේ.

තාරකා විද්‍යාව සංස්කරණය

තාරකා විද්‍යාවේ දී, භ්‍රමණය යනු නිරතුරුව දක්නට ලැබෙන සංසිද්ධියකි. තාරකා, ග්‍රහලෝක සහ සියලුම අභ්‍යාවකාශ වස්තූන් තමාගෙ අක්ෂය වටා භ්‍රමණය වේ.

භ්‍රමණය හා පරිභ්‍රමණය සංස්කරණය

බොහෝ අවස්ථාවල පරිභ්‍රමණය, භ්‍රමණයට සමාන වචනයක් ලෙස යොදාගත්තද තාරකා විද්‍යාවේදි පරිභමණය (හෝ කක්ෂීය පරිභ්‍රමණය) යනු යම් වස්තුවක් තමා වටා භ්‍රමණය වෙමින් වෙනත් වස්තුවක් වටා ගමන් කිරීම වේ. චන්ද්‍රයින් ඒවායෙ ග්‍රහලෝක වටාද, ග්‍රහලෝක ඒවායෙ මව් තාරකා වටාද, තාරකා මන්දාකිණියේ මධ්‍යය වටාද පරිභ්‍රමණය වේ.

ප්‍රතිගාමී භ්‍රමණය සංස්කරණය

පෘථිවිය ඇතුලු සෞරග්‍රහ මණ්ඩලයේ බොහෝ ග්‍රහලෝක ඒවා පරිභ්‍රමණය වන දිශාවටම භ්‍රමණය වේ. නමුත් සිකුරු භ්‍රමණය වෙන්නේ එය පරිභ්‍රමණය වන දිශාවට විරුද්ධවයි. යුරේනස් භ්‍රමණය වෙන්නේ මදක් ඇලවයි. (යුරේනස් මුල් කාලයේදි නියම ආකාරයට භ්‍රමණය වන්නට ඇති බවත්, වෙනත් වස්තුවක් හා ඝට්ඨනයක් වීම නිසා එහි ආනතිය වෙනස් වී ඇති බවටත් විශ්වාස කෙරේ). මෙලෙස විරුද්ධ අතට භමණය වීම ප්‍රතිගාමි භ්‍රමණය ලෙස හැඳින්වේ.

භෞතික විද්‍යාව සංස්කරණය

පියාසැරි ගතික විද්‍යාව සංස්කරණය

ක්‍රීඩා සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

https://en.wikipedia.org/wiki/Rotation

"https://si.wikipedia.org/w/index.php?title=භ්‍රමණය&oldid=620624" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි