ප්‍රධාන මෙනුව විවෘත කරන්න

හොන්ෂූ (本州; "මහා දිවයින" හෙවත් "මහා පළාත") ([ho̞ɴꜜɕɯᵝː] ( අසන්න)) යනුවෙන් හැඳින්වෙන්නේ ජපානයේ විශාලතම සහ වඩාත් ජනාකීර්ණම දූපතයි.[1] මෙය පිහිටියේ ට්සුගරු සමුද්‍රසන්ධිය ඔස්සේ හොක්කයිඩෝවට දකුණින්, අභ්‍යන්තර මුහුදේ ෂිකෝකුවලට උතුරින්, සහ කන්මොන් සමුද්‍රසන්ධිය ඔස්සේ කියූෂූවලට ඊසානදිගිනි. මෙම දූපත මගින් එහි උතු‍රින් සහ බටහිරින් පිහිටි ජපන් මුහුද, එහි දකුණින් සහ නැගෙනිහරින් පිහිටි උතුරු පැසිෆික් සාගරයෙන් වෙන් කරයි. ලොව සත්වන විශාලතම දූපත වන මෙය ඉන්දුනීසියානු දූපතක් වන ජාවා දූපතෙන් පසුව ලොව දෙවන වඩාත්ම ජනාකීර්ණ දූපත ලෙස සැලකේ.[2][3]

හොන්ෂූ
ස්වදේශික නාමය: 本州
Japan honshu map small.png
හොන්ෂූ
Lua දෝෂය in Module:Location_map at line 502: Unable to find the specified location map definition: "Module:Location map/data/Japan" does not exist.
භූගෝල විද්‍යාව
පිහිටීමනැගෙනහිර ආසියාව
දූපත් සමූහයජපන් දූපත් සමූහය
භූමි ප්‍රමාණය225,800 කිමී2 (87,180 වර්ග සැත)
භූමි ප්‍රමාණය අනුව ස්ථානය7වන
දිග1,300 කිමී (810 සැත)
පළල50–230 km (31–143 mi)
සමුද්‍රතීරය5,450 කිමී (3,386 සැත)
ඉහළම උන්නතාංශය3,776 මී (12,388 අඩි)
උසම ස්ථානයෆූජි කන්ද
පරිපාලනය
ජපානය
ප්‍රාන්ත
විශාලතම ජනාවාසය ටෝකියෝ (ජන. 13,617,445)
ජනවිකාසනය
ජනගහනය103,000,000 (2005 සංඛ්‍යාලේඛන)
ජන ඝනත්වය447 /කිමී2 (1,158 /වර්ග සැත)
ජන කොට්ඨාසජපන්

2005 වන විට, හොන්ෂූහි ජනගහනය මිලියන 103ක් පමණ වූ අතර ජනයා වෙරළබඩ පහත්බිම්වල සාන්ද්‍රණය වී ඇති ස්වභාවයක් පෙන්වයි. විශේෂයෙන්ම කැන්ටෝ තැන්නේ සම්පූර්ණ ජනගහනයෙන් 25%ක් පමණ වෙසෙන්නේ මහා ටෝකියෝ ප්‍රදේශයේ ය. ජපන් සංස්කෘතියේ සහ දේශපාලන බලයේ ඓතිහාසික කේන්ද්‍රස්ථානය වන මෙම දූපතේ පැරණි ජපන් අගනගර ගණනාවක් පිහිටා ඇති අතර, මේ අතරට කියෝතෝ, නාරා, සහ කාමකුරා යන නගර ඇතුළත් වේ. දූපතේ දකුණුදිග වෙරළ තීරයෙන් වැඩි ප්‍රමාණයක් සෙසු ජපන් දූපත් කිහිපයක් තෙක් විහිදෙන ටයිහෙයියෝ පටිය නැමැති නගරයායේ කොටසක් තැනීමට දායක වේ.

ජපානයේ කර්මාන්ත බොහෝමයක් ස්ථාපනය කොට ඇත්තේ හොන්ෂූහි දකුණුදිග වෙරළ තීරයේ, ටෝකියෝවේ සිට කියෝතෝ, ඔසාකා, නගෝයා, කෝබේ, සහ හිරෝෂිමා තෙක් දිවෙන පටියක් ආකාරයේ ප්‍රදේශයක ව්‍යාප්තව ඇත. නමුත් ඒ හා සැසඳීමේ දී ජපානයේ ඊසානදිග වෙරළ තීරයේ ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය මත රඳා පවතී.[4] Tමෙම දූපත සෙසු ප්‍රධාන ජපන් දූපත් ත්‍රිත්වය සමග සම්බන්ධ වන්නේ පාලම් සහ උමං මාර්ග ගණනාවක් ඔස්සේ ය. මෙහි දේශගුණය ආර්ද්‍ර සහ සෞම්‍ය එකකි.

පටුන

භූගෝල විද්‍යාවසංස්කරණය

මෙම දූපත දළ වශයෙන් 1300 km (සැත. 810) දිගැති වන අතර, 50| සිට 230 km (සැත. 31 සිට 143 තෙක්) පරාදයක විහිදෙන පළලකින් යුක්ත ය. සම්පූර්ණ භූමි ප්‍රමාණය 225,800 km² (ව.සැ. 87,200) වන අතර, එය ජපානයේ සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 60%ක ප්‍රමාණයක් අත්කර ගනියි. මේ නිසා මෙම දූපත මහා බ්‍රිතාන්‍යයට වඩා මඳක් විශාල ය.[5] භූමි පිළිසැකැස්ම සහ උතුරෙහි වෙරළබඩ බිම් ඔසවා තැබීම හේතුවෙන් මෙහි භූමි ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වුවත්, ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම වෙනස්කම් අවම කොට ඇත. හොන්ෂූහි වෙරළ තීරයේ දිග 5450 km (සැත. 3,386) පමණ වේ.[1]

කඳු සහ ගිනි කඳු බහුල ප්‍රදේශයක් වන හොන්ෂූ නිරතුරුවම භූමිකම්පාවන්ට ලක්වන ප්‍රදේශයකි. (1923 සැප්තැම්බරයේ මහා කැන්ටෝ භූමිකම්පාව හේතුවෙන් ටෝකියෝවට දැඩිව හානි සිදුවූ අතර, 2011 මාර්තුවේ භූමිකම්පාවහේතුවෙන් දූපතෙක් ඊසානදිග පෙදෙස විවිධ ප්‍රමාණවලින් 5.3 m (අඩි 17) පමණ පරාසයක චලනය කරමින් [6][7] විනාශකාරී සුනාමි ඇති විය) දූපතේ උච්චතම ස්ථානය සක්‍රීය ගිනිකන්දක් වන ෆූජි කන්ද වේ. 3776 m (අඩි 12,388) උසැති මෙම කන්ද හේතුවෙන් හොන්ෂූ ලෝකයේ 7වන උසම දූපත බවට පත්වේ. ගංගා බොහෝමයක් ඇති අතර, මේ අතරට ජපානයේ දිගම ගංගාව වන ෂිනානෝ ගඟ ද ඇතුළත් ය. හොන්ෂූ භූමිය දිගේ දිවෙන ජපන් ඇල්ප්ස් හේතුවෙන් වයඹදිග ‍වෙරළ (ජපන් මුහුද) දූපතේ ගිනිකොනදිග වෙරළෙන් (පැසිෆික් හෙවත් ඇභ්‍යන්තර මුහුද) වෙන් කෙරේ. දේශගුණය සැලකූවිට සාමාන්‍යයෙන් දූපතේ දකුණුදිග සහ වෙරලාශ්‍රිත ප්‍රදේශ ආර්ද්‍ර උපනිවර්තන ස්වභාවයක් ගන්නා අතර, උතුරු සහ අභ්‍යන්තර පෙදෙස් ආර්ද්‍ර මහාද්වීපික ස්වභාවයක් ගනියි.

අන්ත ලක්ෂ්‍යසංස්කරණය

හොන්ෂූහි වඩාත්ම උතුරින් පිහිටි ලක්ෂ්‍යය අඔමොරි, ඕමාහි ෂිමොකිටා අර්ධද්වීපයේ අන්තය වේ. කුරේ තුඩුව පිහිටා ඇත්තේ වකයාමාහි, කුෂිමොටෝවේ දකුණු අන්තයේ ය. දූපතේ නැගෙනහිර අන්තය නම් ඉවාටේහි, මියාකෝවේ ටොඩොගසාකි ය. එහි බටහිර අන්තය යමගුචිහි, ෂිමොනොසෙකිහි බිෂනොහනා වේ. හොන්ෂූ දූපත අක්ෂාංශ අංශක අටකට වැඩි ප්‍රමාණයක් සහ දේශාංශ 11ක් තෙක් විහිදේ.

පාලම් සහ උමංසංස්කරණය

හොන්ෂූ දූපත හොක්කයිඩෝ, කියූෂූ සහ ෂිකෝකු දූපත්වලට උමං හෝ පාලම් මගින් සම්බන්ධ වේ. හොන්ෂූ සහ ෂිකෝකු අතර අභ්‍යන්තර මුහුදේ දූපත් හරහා පාලම් පද්ධති තුනක් ඉදිකොට ඇත. (අකාෂි කයික්‍යෝ පාලම සහ ඕනරුටෝ පාලම; ෂින්-ඔනොමිචි පාලම, ඉන්නොෂිමා පාලම, ඉකුචි පාලම, ටටාරා පාලම, ඕමිෂිමා පාලම, හකාටා-ඕෂිමා පාලම, සහ කුරුෂිමා-කයික්‍යෝ පාලම; ෂිමොට්සුයි-සෙටෝ පාලම, හිට්සුයිෂිජිමා පාලම, ඉවකුරොජිමා පාලම, යොෂිමා පාලම, කිටා බිසන්-සෙටෝ පාලම, සහ මිනාමි බිසන්-සෙටෝ පාලම) සෙයිකන් උමඟ මගින් හොන්ෂූ සහ හොක්කයිඩෝ සම්බන්ධ වේ. කන්මොන්ක්‍යෝ පාලම සහ කන්මොන් උමඟ මගින් හොන්ෂූ සහ කියූෂූ එකිනෙක සම්බන්ධ වේ.

පරිපාලන කලාප සහ ප්‍රාන්තසංස්කරණය

මෙම දිවයින නාමික කලාප පහකට සහ ප්‍රාන්ත 34කට බෙදේ. මෙම ප්‍රාන්ත අතරට ජනාකීර්ණ ටෝකියෝව ද ඇතුළත් ය. පරිපාලනය සඳහා ඇතැම් කුඩා දූපත් ද මෙම ප්‍රාන්තවලට ඇතුළත් කොට ඇති අතර, මේ අතරින් වැදගත් දූපත් ලෙස ඔගසාවරා දූපත්, සඩෝ දූපත, ඉසු ඕෂිමා, සහ අවාජි දූපත සැලකේ.

කලාප සහ ඒවායේ ප්‍රාන්ත පහත පරිදි වේ:

ස්වාභාවික ලක්ෂණසංස්කරණය

කෘෂිකර්මාන්තයසංස්කරණය

ජපානයේ තේ සහ සේද බොහෝමයක් නිපදවන්නේ හොන්ෂූ දිවයිනේ ය. පලතුරු, එළවළු, ධාන්‍ය, සහල් සහ කපු වගාව හොන්ෂූහි සිදු වේ.[8] නයිගාටා ප්‍රාන්තය වැදගත් සහල් නිෂ්පාදකයකු ලෙස සැලකේ. කැන්ටෝ සහ නෝබි තැනිතලාවල ද වී සහ එළවළු වගාව සිදු වේ. යමනෂි ප්‍රධාන පලතුරු වගා ප්‍රදේශයක් වන අතර, අඔමොරි ඇපල් සඳහා ප්‍රචලිත ය. Menegazzia ගණයේ විරළ ලයිකන විශේෂ හමුවන්නේ හොන්ෂූහි පමණි.[9]

ඛනිජසංස්කරණය

හොන්ෂූහි සින්ක්, තඹ සහ තෙල් නිධි හමුවී ඇත.[8]

මේවාත් බලන්නසංස්කරණය

ආශ්‍රේයයන්සංස්කරණය

  1. 1.0 1.1 "Honshu". Encyclopædia Britannica. සම්ප්‍රවේශය 19 February 2016. 
  2. Japan Civil Registry Database 2013
  3. See Japan Census of 2000; The editors of List of islands by population appear to have used similar data from the relevant statistics bureaux, and totalled up the various administrative districts that make up each island, and then done the same for less populous islands. An editor of this article has not repeated that work. Therefore this plausible and eminently reasonable ranking is posted as unsourced common knowledge.
  4. Kodansha Encyclopedia of Japan
  5. "Islands By Land Area". Islands.unep.ch. සම්ප්‍රවේශය 2010-08-01. 
  6. "Map of Horizontal Land Movement caused by 2011/3/11 M9.0 earthquake" (PDF) (in Japanese). Geospatial Information Authority of Japan. March 19, 2011. සම්ප්‍රවේශය 15 November 2012. 
  7. "Quake shifted Japan by over two meters". Deutsche Welle. March 14, 2011. සම්ප්‍රවේශය March 14, 2011. 
  8. 8.0 8.1 "Honshu". infoplease.com. 2012. සම්ප්‍රවේශය 2014-11-23. 
  9. Bjerke JW (2004). "Revision of the lichen genus Menegazzia in Japan, including two new species". The Lichenologist. 36 (1): 15–25. ISSN 0024-2829. doi:10.1017/S0024282904013878. 

  හොන්ෂූ travel guide from Wikivoyage

ඛණ්ඩාංක: 36°N 138°E / 36°N 138°E / 36; 138

"https://si.wikipedia.org/w/index.php?title=හොන්ෂූ&oldid=411010" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි