සූරසේන

පැරණි ජනපදය

සූරසේන (හෙවත් සෞරසේන) (සංස්කෘත:शूरसेन) යනු වර්තමාන උත්තර් ප්‍රදේශ්හි බ්‍රාජ් කලාපයේ පිහිටා තිබූ පුරාතන ඉන්දියානු ප්‍රදේශයකි. බෞද්ධ සූත්‍රයක් වන අංගුත්තර නිකාය අනුව රාමායණයෙහි එය අවම වශයෙන් ක්‍රි.පූ. 1000 සිට වත් මුල්කාලීන ජනපද රාජ්‍යයක් ලෙස පැවතී ඇත. ක්‍රි.පූ. 7වන සියවසේ සොළොස් මහා ජනපද අතුරින් ද එකකි, සූරසේන ජනපදය‍.[1] පුරාතන ්‍රගීක ලේඛකයන් විසින් මෙම ප්‍රදේශය සෞරසේනොයි ලෙස හඳුන්වා ඇති අතර, එහි අගනුවර මෙථොරා ලෙස දක්වා ඇත.[2]

සූරසේන මහා ජනපදය
සොළොස් මහා ජනපද
(ක්‍රි.පූ. 600 ප. – ක්‍රි.පූ. 300 ප.)
අංග
මගධ
කාෂි
කෝසල
වජ්ජි (වෘජ්ජි)
මල්ල (මල්ලරාෂ්ට්‍ර)
චේදි
වත්ස (වංස)
කුරු
පංචාල
මච්ච (මත්ස්‍ය)
සූරසේන
අස්සක (අස්මක)
අවන්ති
ගන්ධාර
කාම්බෝජ

නිරුක්තිය

සංස්කරණය

මෙම ජනපදයට එම නාමය ලැබුණු ආකාරය පිළිබඳ විවිධ ජනප්‍රවාද ඇත. එක් ජනප්‍රවාදයක් අනුව, මෙය සුප්‍රකට යාදව රජකු වූ සූරසේනගේ නම ඇසුරෙන් යෙදුණු බව පැවසේ. නමුත් සෙස්සන් දකින්නේ එය සුරභීර් (අභිරා) හෝ අහිර් යන්නෙහි දිගුවක් ලෙසයි.[3][4] ක්‍රිෂ්ණ දෙවියන් උපත ලබා, හැදී වැඩුණු ප්‍රදේශය පූජනීය භූමිය ද මෙය යැයි සඳහන් වේ.[5]

ඉතිහාසය

සංස්කරණය

මහාභාරතය සහ පුරාණවල මථුරා ප්‍රදේශයේ පාලකයන් යාදූවරුන් හෙවත් යාදවයන් ලෙස දැක්වේ. මොවුන් ගෝත්‍ර කිහිපයකට බෙදෙන අතර, වෘෂ්ණිවරුන් ද මෙයට අයත් ය.[6][7] බෞද්ධ මූලාශ්‍රවල සඳහන් වන්නේ ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයකු වූ මහා කච්චාන මහර රහතන් වහන්සේ මථුරා ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරය කළ සමයේ සූරසේනවරුන්ගේ පාලකයා වූයේ අවන්තිපුත්ත රජු බවයි.[6]

මෙහි අගනුවර වූ මථුරාව පිහිටා තිබුණේ යමුනා ගං ඉවුරේ ය. වර්තමානයේ එය හින්දුවරුන්ගේ පූජනීය භූමියකි. පුරාතන ග්‍රීක ලේඛකයන් විසින් මෙම ප්‍රදේශයේ වූ ක්ලෙයිසොබෝරා නම් තවත් නගරයක් පිළිබඳ සඳහන් කොට තිබේ.[2]

මේවාත් බලන්න

සංස්කරණය

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ Raychaudhuri 1972, p. 85
  2. ^ a b Raychaudhuri 1972, p. 124
  3. ^ Shalomim Y. Halahawi (2007). The Way! the Prophetic Messianic Voice to the Path of the Edenic Kingdom Redemption. Lulu.com, 2007 ISBN 1430308168, 9781430308164. p. 315. ISBN 9781430308164.
  4. ^ New Indian Antiquary (1943). New Indian Antiquary, Volumes 5-6. Karnatak Publishing House., Original from the University of California. p. 127.
  5. ^ Royal Asiatic Society of Great Britain and Ireland (1899). Journal of the Royal Asiatic Society of Great Britain and Ireland. Cambridge University Press for the Royal Asiatic Society, Original from the University of Michigan. p. 322.
  6. ^ a b Raychaudhuri 1972, p. 128
  7. ^ Singh 2008, p. 264

ප්‍රභව

සංස්කරණය
  1. Raychaudhuri, H.C. (1972), Political History of Ancient India: From the Accession of Parikshit to the Extinction of the Gupta Dynasty, Calcutta: University of Calcutta .
  2. Singh, Upinder (2008), A History of Ancient and Early Medieval India: From the Stone Age to the 12th Century, Delhi: Pearson Education,  .

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=සූරසේන&oldid=403468" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි