මල්ල (පුරාතන ඉන්දියාව)

පැරණි රාජ්‍යය
(මල්ල (ඉන්දියාව) වෙතින් යළි-යොමු කරන ලදි)

මල්ල යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඉන්දියාවේ සොළොස් මහාජනපද අතුරින් එකක් ලෙස සැලකෙන පුරාතන ඉන්දීය සමූහාණ්ඩු (ගණ සංඝ) රාජ්‍යයකි. මෙම ස්ථානය වැදගත් වූයේ එය මහාවීර සහ ගෞතම බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ ප්‍රදේශය නිසායි.

මල්ල මහාජනපදය
ක්‍රි.පූ. 600 පමණ–ක්‍රි.පූ. 300 පමණ
පශ්චාත් වෛදික යුගයේ මල්ල ඇතුළු සොළොස් මහාජනපද.
පශ්චාත් වෛදික යුගයේ මල්ල ඇතුළු සොළොස් මහාජනපද.
අගනුවරකුසාවතී (නූතන ගෝරඛ්පූර් අසල කාශියා) සහ පාවා (නූතන පාද්‍රෞනා)
පොදු භාෂා(ව)සංස්කෘත
ආගම
හින්දු ආගම
බුද්ධාගම
ජෛන ආගන
රජයසමූහාණ්ඩුව
රාජ 
Historical eraලෝකඩ යුගය, යකඩ යුගය
• Established
ක්‍රි.පූ. 600 පමණ
• අහෝසි කළේ
ක්‍රි.පූ. 300 පමණ
වර්තමානයේ මෙය අයත් වන්නේ ඉන්දියාව

ඉතිහාසය සංස්කරණය

ක්‍රි.පූ. 500 අවට දී මල්ල නගරයක් වූ කුෂිනගරයේ ප්‍රධාන ද්වාරය නිරූපිත ප්‍රතිනිර්මිත මනඃකල්පිත සිතුවමක්, සාංචියේ කැටයමක් ඇසුරෙනි.
ක්‍රි.පූ. 5වන සියවසේ කුෂිනගරය පැවති ආකාරය නිරූපිත ක්‍රි.පූ. 1වන සියවසට අයත් කැටයමක්; සාංචි ස්තූප අංක 1 දකුණු තොරණ.

මල්ල රාජ්‍යය අංගුත්තර නිකායයෙහි සඳහන් පුරාතන ඉන්දියාවේ සොළොස් (16) මහාජනපද අතුරින් එකකි. මෙය නම්කොට ඇත්තේ එම නාමයම සහිත පාලන වංශයේ නාමයෙනි. මහාභාරතය (VI.9.34) තුළ මෙම දේශය මල්ලරාෂ්ට්‍ර (මල්ල රාෂ්ට්‍රය) ලෙස සඳහන් වේ. මල්ල මහාජනපදය පිහිටියේ මගධයට උතුරිනි. කක්කුට්ඨ නදිය (වර්තමාන කුකූ) මඟින් මෙම මහාජනපදය ප්‍රධාන කොටස් දෙකකට බෙදිණි. මෙම කොටස් දෙකෙහි අගනගරයන් වූයේ කුසාවතී (වර්තමාන ගෝරඛ්පූර් අසල කාශියා) සහ ඊට සැතපුම් 12ක් දුරින් වූ පාවාවයි.[1]

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Raychaudhuri, Hemchandra (1972) Political History of Ancient India, University of Calcutta, Calcutta, pp. 85, 113

මූලාශ්‍ර සංස්කරණය

  • Sankrityayan, Rahul. "Buddhacharya"- Life and Teachings of the Buddha (Hindi බසින්). Gautam Book Centre. ISBN 9789380292175.{{cite book}}: CS1 maint: unrecognized language (link)
  • Gorakhpur Janpad aur Uski Kshatriya Jatiyon Ka Itihaas By Dr. Rajbali Pandey, pp. 291–292
  • Kshatriya Rajvansh by Dr. Raghunath Chand Kaushik
  • Bhagwan Buddh ke Samkalin Anuyayi tatha Buddha Kendra By Tripatkacharya, Mahopadhyaya Bikshu Buddhamitra, pp. 274–283.
"https://si.wikipedia.org/w/index.php?title=මල්ල_(පුරාතන_ඉන්දියාව)&oldid=606734" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි