අංග
අංග යනුවෙන් හැඳින්වෙන්නේ නැගෙනහිර ඉන්දීය උපමහාද්වීපයේ පිහිටා තිබූ පුරාතන ඉන්දීය රාජධානියකි. මෙය සොළොස් මහාජනපදවලින් එකකි.[1] මෙය එහි අසල්වැසි මෙන්ම සතුරු රාජ්‍යය ද වූ මගධයට නැගෙනහිරින් පිහිටි අතර, චම්පා නදිය මඟින් එන රාජ්‍ය ද්විත්වය වෙන්කෙරිණි. මෙය වර්තමාන බිහාර් ප්‍රාන්තයේ භගල්පූර් සහ මුන්ගේර් ප්‍රදේශවල පිහිටා තිබිණි. අංගයෙහි අගනුවර ද ගංගාව අසබඩ පිහිටි අතට එය චම්පා සහ මාලිනී ලෙස නම්කෙරිණි. මෙම ජනපදය ප්‍රකට වූයේ එය සතු ධනය සහ වෙළඳාම නිසායි.[1] ක්‍රි.පූ. 6වන සියවසේ දී මගධය විසින් අංගය ඈඳාගන්නා ලදී.[තහවුරු කර නොමැත]
අංග | |
---|---|
නොදනී (~ ක්‍රි.පූ. 1100)–ක්‍රි.පූ. 500 පමණ | |
පශ්චාත් වෛදික යුගයේ වූ අංග ඇතුළු සොළොස් මහාජනපද | |
පශ්චාත් වෛදික යුගයේ වූ අංග ඇතුළු සොළොස් මහාජනපද. | |
අගනුවර | චම්පාපූරි (නූතන භගල්පූර් අසල) සහ මාලිනී (වර්තමාන මුන්ගේර් අසල), බිහාරය |
ආගම | වෛදික හින්දු ආගම |
රජය | රාජාණ්ඩුව |
කර්ණ (රජ හෝ ප්‍රධානී) | |
ඓතිහාසික යුගය | ලෝකඩ යුගය, යකඩ යුගය |
• ස්ථාපිත කළේ | නොදනී (~ ක්‍රි.පූ. 1100) |
• අහෝසි කළේ | ක්‍රි.පූ. 500 පමණ |
අංගුත්තර නිකාය වැනි බෞද්ධ පාඨ ග්‍රන්ථවල "සොළොස් මහාජනපද" වලින් එකක් යැයි සඳහන් වන අංගය ජෛන ව්යාඛ්යප්රඥාපතිගේ පුරාතන ජනපද හ්මාවලියේ ද ඇතුළත් ය. ඇතැම් මූලාශ්‍ර අනුව පසුකාලීනව අංග ජනයා ‘මිශ්‍ර සම්භවයක්’ ඇති ජනයා[2][පූර්ණ උපුටා දැක්වීමක් අවශ්‍යයි] සමඟ වර්ග කොට තිබේ.
පාලකයන් ලැයිස්තුව
සංස්කරණයමෙම ඡේදය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "අංග" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2017 ජූනි) |
- අංග - (රාජධානිය පිහිටුවූ මොහු වාලි රජුගේ පුත්‍රයායි)
- කර්ණ
- බෘහද්රථ
- වෘෂකේතු - පුත්‍රයා. 'අංගයන්ගේ ප්‍රධානියා'.
- සමුද්රසේන - වංයෙහි රජකු විය හැක?.
- චන්ද්‍රසේන - වංගයෙහි රජකු විය හැක?.
- තාම්රලිප්ත
- ලෝමපාද - (කෝසලයේ දසරථ රජුගේ මිත්රයෙකි).
- චිත්‍රරථ
- වෘහද්රථ
- වසුහෝම
- ධාතරට්ඨ (මහාභාරතයේ සඳහන්).
- ධාදිවාහන (මහාභාරතයේ සඳහන්).
- බ්‍රහ්මදත්ත - අංගයෙහි අවසන් රජ.
මේවාත් බලන්න
සංස්කරණයසටහන්
සංස්කරණය
ආශ්‍රේයයන්
සංස්කරණය- Jha, D. N. (1999). Ancient India : in historical outline. New Delhi: Manohar Publishers & Distributors. ISBN 9788173042850.
{{cite book}}
: Invalid|ref=harv
(help) - Singh, Upinder (2009). A history of ancient and early medieval India : from the Stone Age to the 12th century. New Delhi: Pearson Longman. ISBN 9788131716779.
- Malalasekera, G. P. (2003) [1937]. Dictionary of Pali Proper Names (ඉංග්‍රීසි බසින්). Asian Educational Services. ISBN 9788120618237.
{{cite book}}
: Invalid|ref=harv
(help)