වජ්ජි
වජ්ජි (සංස්කෘත: Vṛji හින්දි: वज्जि ) හෙවත් වෘජ්ජි යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඉන්දියාවේ සොළොස් මහාජනපද අතුරින් එකක් වූ සමූහාණ්ඩුවකි. මෙහි පාලන ප්‍රජාව අතරට ලිච්ඡවීන් ඇතුළු වංශ කිහිපයක් අයත් විය. මෙහි පාලනය පැවති ප්‍රදේශයට වර්තමාන උතුරු බිහාරයේ මිථිලාව අයත් වූ අතර, මෙහි අගනගරය වූයේ වෛශාලියයි.[1]
වජ්ජි | |||||||
---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 700 පමණ–ක්‍රි.පූ. 400 පමණ | |||||||
![]() පශ්චාත් වෛදික යුගයේ පැවති වජ්ජි ඇතුළු සොළොස් මහාජනපද. | |||||||
අගනුවර | වෛශාලී[1] | ||||||
පොදු භාෂාවන් | මෛථිලි, ප්‍රාකෘත | ||||||
ආගම | ජෛන ආගම හින්දු ආගම බුද්ධාගම | ||||||
රජය | සමූහාණ්ඩුව[1] | ||||||
මහාරාජ | |||||||
ඓතිහාසික යුගය | ලෝකඩ යුගය, යකඩ යුගය | ||||||
• ස්ථාපිත කළේ | ක්‍රි.පූ. 700 පමණ | ||||||
• මගධයෙහි අජාතශතෘ විසින් යටත් කරගැනීම | ක්‍රි.පූ. 400 පමණ | ||||||
| |||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ![]() ![]() |
බෞද්ධ ග්‍රන්ථයක් වන අංගුත්තර නිකාය මෙන්ම ජෛන ග්‍රන්ථයක් වන භගවතී සූත්‍රය (සය xv උද්දේස I) තුළ ද වජ්ජිය සොළොස් (දහසය) මහාජනපදවලින් එකක් බව සඳහන් වේ.[2] මෙම මහාජනපදයේ නාමය එහි පාලන වංශයක් වූ වෘජ්ජීන්ගේ නාමයෙන් පැනනැඟුණකි. වජ්ජි රාජ්‍යයේ සමූහාණ්ඩු පාලන තන්ත්‍රයක් පැවති බව සඳහන් වේ. මෙම වංශය පිළිබඳ පාණිනි, චානක්‍ය සහ හියුංසාං විසින් ද සඳහන් කොට තිබේ.[3]
භූමිය සංස්කරණය
වජ්ජි භූමිය පිහිටියේ බිහාරයේ ගංගා නදියට උතුරින් වන අතර, එය මාධේශ් කලාපය තෙක් විහිදිණි. බටහිරින්, ගාන්දකී ගඟ බොහෝවිට වජ්ජියෙහි සහ මල්ලයෙහි දේශසීමාව වූ අතර, එය කෝසල මහාජනපදයෙන් ද මායිම් වන්නට ඇත. නැගෙනහිරින් මෙහි භූමිය කෝෂි සහ මහානන්ද ගක් ඉවුරුවල වූ වනාන්තර තෙක් විහිදිණි. මෙම මහාජනපදයෙහි අගනුවර වූයේ වෛශාලියයි. මෙහි වූ අනෙකුත් වැදගත් නගර සහ ගම්මාන අතරට කුණ්ඩපුර හෙවත් කුණ්ඩග්‍රාම (වෛශාලි අසල), භෝගනගර සහ හත්ථිගාම දැක්විය හැක.[4]
ගැලරිය සංස්කරණය
-
ක්‍රි.පූ. 540 පමණ ඉන්දියාවේ වෛදික යුගයේ පැවති සොළොස් මහාජනපද පෙන්වන සිතියමක්.
-
වජ්ජියෙහි අගනගරය වූ වෛශාලියෙහි ලිච්ඡවීන් විසින් ඉදිකළ ආනන්ද ස්තූපය.
මේවාත් බලන්න සංස්කරණය
ආශ්‍රේයයන් සංස්කරණය
- ↑ 1.0 1.1 1.2 Patrick Olivelle (13 July 2006). Between the Empires: Society in India 300 BCE to 400 CE. Oxford University Press. pp. 15–. ISBN 978-0-19-977507-1.
- ↑ Raychaudhuri Hemchandra (1972), Political History of Ancient India, Calcutta: University of Calcutta, pp.85-6
- ↑ Raychaudhuri Hemchandra (1972), Political History of Ancient India, Calcutta: University of Calcutta, p.107
- ↑ Raychaudhuri Hemchandra (1972), Political History of Ancient India, Calcutta: University of Calcutta, pp.105, 107