පංචාල (සංස්කෘත: पञ्चाल, Pañcāla) යනු උතුරු ඉන්දියාවේ පුරාතන ප්‍රදේශයක් වන අතර, ගංගා සහ යමුනා නදිය අවට භූගෝලීය ප්‍රදේශය, විශේෂයෙන්ම උතුරු ගංගා නදී තැන්න, මෙයට අයත් වූයේ යැයි සැලකෙයි. මෙයට වර්තමානයෙහි අයත් වන්නේ උත්තරකන්ද් සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්ත වෙති. පුරාතන අවධියෙහිදී, එනම් ක්‍රිපූයු 6වන සියවස පමණ කාලයේදී, එය, මහජනපද සොළොසකින් (දහසයකින්) එකක් වූ පංචාල නම්වූ රාජ්‍ය සන්ධානයකට නිජ බිම විය.

යකඩ යුගයේ වෛදික ඉන්දියාවෙහි පංචාල රාජධානියෙහි පිහිටීම.

භූගෝලීය බිම් ප්‍රමාණය සංස්කරණය

කුරු රාජ්‍යයන්ට නැගෙනහිරින්, ඉහළ හිමාලය ප්‍රදේශය සහ ගංගා නදිය අතර ප්‍රදේශය පුරා පංචාල පැතිර පැවතිණි. වර්තමාන බුඩාවුන්, ෆාරුක්කබාද් සහ උත්තර් ප්‍රදේශ්හී යාබද දිස්ත්‍රික්ක දළ වශයෙන් මෙයට අදාළ වෙති. මෙම රාජ්‍යය උත්තර-පංචාලය සහ දක්ෂිණ-පංචාලය ලෙසින් බෙදා තිබුණි. උතුරු පංචාලයේ අගනුවර වූයේ වර්තමාන බරෙයිලි දිස්ත්‍රික්කයේ එයොන්ලා ටෙසිල්හී රාම්නගර් ගම්මානය අසල, අහිචාත්‍රා (අධිචාත්‍රා සහ චාත්‍රවතී ලෙසින්ද හැඳින්වේ) වූ අතර දකුණු පංචාලයේ අගනුවර ෆාරුක්කබාද් දිස්ත්‍රික්කයේ කම්පිල්යා හෝ කම්පිල් විය. කන්‍යාකුබ්ජ හෝ කන්නාඋජ් නමැති ප්‍රසිද්ධ නගරය පංචාල රාජධානියේ පිහිටියේය.

"https://si.wikipedia.org/w/index.php?title=පංචාල&oldid=352860" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි