Protected Page! සංස්කරණය

I’ve protected the page because the original author requested the page to be protected. Please let me know here (or on my talk page) if this protection is something you think as not needed. --Lee 09:26, 26 මාර්තු 2009 (යූටීසී)Reply

Last King සංස්කරණය

Is that Correct this? අවසන් රජ (Last Monarch): IIවන එලිzසබෙත් රැජින -- බිඟුවා 03:18, 23 අප්‍රේල් 2010 (යූටීසී)Reply

Yes. Her Majesty was the last king of this country & was the head of the country until 22nd May 1972.
To make you more interest on the issue, I would like to point the view that Her Majesty is the one of the 2 living heads of this country !! Other one is Her Excellency the president Chandrika Kumarathunga.
Singhalawap
සිංහලේ රාජාවලියට සුද්දියෙක් රිංගුවෙ කෝමද​? නංගයා මතන්න 09:52, 26 පෙබරවාරි 2011 (යූටීසී)Reply


ලිපි ශීර්‍ෂය​ සංස්කරණය

සිංහලේ රාජාවලිය කියන නම මේකට ගැලපෙන්නේ නෑ
සිංහලේ රාජාවලියට ආක්‍රමණිකයෝ ඉන්න පුළුවන් ද​? නංගයා මතන්න 09:48, 26 පෙබරවාරි 2011 (යූටීසී)Reply

පරිශීලක:අනංගයා ඔයාට සිංහලේ කියන එක තේරිලා නෑ වගේ. සිංහලේ කියන්නෙ රටේ නම. මෙක 100% නිවැරදි නැහැ රටේ නම සමහර වෙලාවට වෙනස්වූ නිසා. ඒත් ඒක තමයි වැඩිම (පණ්ඩුකාභය රජ ගෙන් පසු) කාලයක් පාවිච්චි කල නම. ඒකේ සුද්දියො, සුද්දො, සෙ‍ාලීන්, පරංගී, නෙදර්ලන්ත, නායක්කර් වගේ අය විතරකි නෙමෙයි ස්පාංඥ්ඥ පවා ඉන්නවා. එයාලව අයිංක‍රලා ලිපියක් වෙනම හදන්න පුළුවං. ඒකට ගැලපෙන නම සිංහලේ රාජාවලිය නෙමෙයි සිංහල රාජාවලිය. වෙන රටක හරි සිංහලයෙක් රජ උනොත් ඒකට දාන්න පුළුවං.
තවත් දෙයක් තියනවා එතුමිය සුද්දියක්ම නෙමෙයි. 1954 අප්‍රේල් 12 ලංකා පාර්ලිමේනතුව අපේ රාජෝතමිය සිංහල රැජිනක් බවට ප්‍රකාශට පත්කලා. ඕනැමනං එදා හැන්ඩසාඩ් එක බලන්න. (මං ලඟ නෑ) කථාව කලේ ඔලිව' ගුණතිලක.
Singhalawap (talk) 10:22, 26 පෙබරවාරි 2011 (යූටීසී)Reply
ඔව් ඔව් මට සමා වෙන්න​. අගෞරව කරන්න නෙමෙයි කිව්වේ.(සුද්දියෙක් කියලා කිව්වේ ඉංගිරිසි ජාතිකත්වය හඳුන්වන්න​. ) මට ම පස්සේ තේරිලා මකන්න ආවම මේ සටහන මං දැක්කා. මගේ වැරැද්ද​. එතුමියට අපහාසයක් උණා නම් නැවතත් සමාව ඉල්ලනවා. නංගයා මතන්න 14:30, 26 පෙබරවාරි 2011 (යූටීසී)Reply
ඔවු පරිශීලක සාකච්ඡාව:අනංගයා ඒක හොඳයි, ඔයාගෙ වැරදි පිලිගන්නා ගුණය හුඟක් වටිනවා.
අපේ හිටපු රාජ්‍ය නායකයන්ගෙන් ජීවතුන් අතර ඉන්නෙ දෙන්නයි. අපේ අන්තිම රාජෝත්තමියයි, හිටපු අතිඅගරු ජනාධිපතිතුමියයි විතරයි.
දෙන්නාටම නිරෝගී දීඝායු පතමි. Singhalawap (talk) 04:14, 27 පෙබරවාරි 2011 (යූටීසී)Reply

පළමුවන පරාක්‍රමබාහු රජ සංස්කරණය

පළමුවන පරාක්‍රමබාහු රජ link is not correctly added. Kindly add ----සමන් (talk) 07:43, 1 මාර්තු 2011 (යූටීසී)Reply

ලිපිය සිංහලේ රාජාවලිය නමුත් පින්තුරය රැජිනගේ -මේක තමයි ලංකාවේ ලොකුම විහිලුව සංස්කරණය

විකිපිදෙයව යනු බොරුවකි ,මුලාවකි විශ්වාස නොකළයුතු මුලාවකි. ,ලිපිය සිංහලේ රාජාවලිය නමුත් පින්තුරය රැජිනගේ -මේක තමයි ලංකාවේ මෙතෙක් බිහ්වුන ලොකුම විහිලුව .අවසන් රජ වන එලිzසබෙත් රැජිනලු ,......නුත් හිනා........ කවුද මෙ වක -පීඩියාව කරන මොටටයා . මෙයට ( මම කවුරු උනත් උබට මොකද කාරණය ඇත්තනම් )— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 222.165.138.61 (සාකච්ඡාවදායකත්ව) විසින් 06:22, 25 දෙසැම්බර් 2015‎ හිදී එක් කර ඇත

උඩබලාගෙන කෙළ ගහගන්න එපා. විකිපීඩියාව කරගෙන යන ඔබතුමන්ලාම තමයි ඔබේ ප්‍රශ්නයට උත්තරේ.--L Manju (talk) 13:49, 7 ජනවාරි 2016 (යූටීසී)Reply
අද දින රැජිනගේ පින්තුරය වෙනස්කර ලක්දිව අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පින්තුරය ඇතලත් කර මුලාශ්‍ර සමග යාවත්කාලීන කළා .මත බේද තිබේනම් පළමුව උඩරට ගිවිසුම හොදින් අද්‍යනය කර ඔබගේ ප්‍රතිවිරුද්ධ අදහස් ඇත්නම් මෙහි දක්වන්න කාරුණික වන්න.ස්තුතියි!--RsEkanayake 03:11, 28 ජනවාරි 2016 (යූටීසී)Reply
"උඩරට ගිවිසුම මුල්පිටපත" ලෙස දක්වා ඇත්තේ ඉංග්‍රීසි විකිපීඩියාව නේ. ඒක මූලාශ්‍රයක් හැටියට වැරදියි. අනික "උඩරට ගිවිසුම සහ බ්‍රිතාන්‍ය පාලනය" එකෙත් "දෙවන එලිසබෙත් රැජින" සිංහලේ අවසන් රජු (පාලකයා) නෙමේ කියලා නෑ නේ. --Lee (talk) 04:02, 28 ජනවාරි 2016 (යූටීසී)Reply

ඔබ විෂයෙහි ප්‍රවීන ප්‍රාඥායෙකු බව පෙනේ .සිදුවූ වරද මගේ නොදැනුවත්කම නිසාමය.එය වරදකි. එම සිදුවූ අතපසු වීමට,වරදට මට දහස් වර සමා වුව මැනවි! සිංහලයේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ නොවන බවත් සිංහලයේ අවසන් රජු දෙවෙනි එලිසබෙත් රැජින බව අද මට පසක් විය. එය පිලිගනිමි.!සිංහලයේ අවසන් රජු ලෙස මෛත්‍රීපාල සිරිසේන ලෙස මුලාශ්‍ර පෙන්නුවොත් සිංහලේ රාජාවලියලිපියට එය ඇතුලත් කල හැකිද ??
මේ සම්බන්දයෙන් මගේ පිටුවේ නිර්නාමික පුද්ගලයෙකු විසින් "අළුත් පණිවුඩයක්" ලෙස පණිවිඩයක්ද මෙතන තබා ඇත. .ඔහු හෝ ඇය අසන ප්‍රශ්නය පැහැදිලි නැත. ප්‍රශ්නය පැහැදිලිව අසන්න.මා විකිපීඩියාවේ මෙවලම් වලට නවකෙයෙකු බවද සලකන්න. නිර්නාමිකව පණිවිඩය තැබුවේ Lee ද? සිංහලේ රාජාවලිය ලිපියට දැක්වූ උනන්දුව සහ අවධානය ගැන ස්තුතියි !ජයශ්‍රී !--RsEkanayake 08:56, 28 ජනවාරි 2016 (යූටීසී)Reply

සංවාදය ඇරඹූ මහරැජණ වෙත අධෝමුඛයෙන් සිනහ සැලූ අයිපී අංක 222.165.138.61 රැජිණියනි, හැංගි හැංගි වෙස්බැන්දා කියල හිතුවට නැටුවෙ එළිපිට නේද?--L Manju (talk) 18:21, 11 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

සිංහලේ රාජාවලිය ලිපියේ සැකැස්ම පිළිබද ගැටළුවක් ඇති බව පෙනේ.? සංස්කරණය

ලිපියේ අන්තර්ගත කරුණු බොහෝ තිබුනත් ලිපියේ සැකැස්මේ අවිදිමත් ,අවුල් ස්භාවයක් පෙන්නුම් කරයි.(අන්තර්ගත කරුණු ග්‍රහණය කරගැනීමට පහසු නොවන අයුරින් සැකැස්ම සකසා ඇති බැවින් ) පරිපාලක වරයෙක් හෝ විකිපීඩියාවේ මෙවලම් භාවිතයේ ප්‍රවීනයෙක්,දක්ෂයෙක් සිටීනම් එතුමන් විසින් මෙම ලිපිය අන්තර්ගත කරුණු වලට හානි නොකර ලිපිය කියවීමට පහසු ලෙස සංශිප්තව් පෙන්වමින් විදිමත්ව සැකැස්ම සංස්කරණය කරන්නේ නම් මැනවි.--RsEkanayake 03:22, 28 ජනවාරි 2016 (යූටීසී)Reply

මෙම ලිපියෙහි සමබරතාවය සංස්කරණය

විකිපීඩියා රීති වලට අනුව සමබරතාවයක් මෙම ලිපියෙහි දක්නට නොමැත.
බොහෝ අතීත කරුණු හා රජවරුන්ගේ නම් සඳහන්ව ඇතත් ඒවා පිළිබඳ ආශ්‍රිත සපයා නොමැත. මෙහිදී අප විසින් සැලකිලිමත් විය යුත්තේ විකිපීඩියාව යනු නව රැඩිකල් අදහස් ඉදිරිපත් කිරීමේ වේදිකාවක් නොවන බවයි. එවැනි අදහස් පල කොට ජනතාව ඇවිස්සීම කල යුතු අභිප්‍රායයක් තිබේ නම් ඒ සඳහා දේශපාලන හෝ වෙනයම් සංවිධානයක් පිහිටුවා ගැනීම හොබි. විකිපීජියා ඇත්තේ ඔප්පු කල හැකි හෝ දැනට ඔප්පු කර ඇති කරුණු ඉදිරි පරම්පරාවෙහි භාවිතයට ගොනු කර තැබීමටයි.
මෛ ලිපියෙහි නමේ භාවිතා වන සිංහලේ නම පවා ජාතිවාදී ස්වරූපයක් ගනියි. සිංහල විකිපීඩියාව සිංහලයන් පමණක් සඳහා නොවන බව සිහි තබා ගත යුතුයි. උඩරට ගිවිසුමෙහි තිබූ පමණින් සිංහලේ යන නම විජය රජුගේ සිට මෑති කාලය දක්වාම මෙම රට සඳහා භාවිතා වූ බවට සාක්ෂි නොමැත. වර්තමානයෙහි මෙම සිංහලේ යන පදය ශ්‍රී ලංකාවෙහි ඇතැම් ජාතිවාදී කණ්ඩායම් විසින් භාවිතා කිරීමට පෙළඹී ඇති හෙයින් විකිපීඩියාව වැනි සමානත්මතා වැඩසටහනක් තුල එය භාවිතා වීම නොහොබී.
ලංකාවේ රාවණා රජුගේ මුතුන් මිත්තන් සිටියා යැයි කියන කාලය හා මෙහි ආදි මානවයන් විසින් ශීලා ආයුධ භාවිතා කල කාලය සමපාත වන බවක් පෙනෙයි. මෙය හාස්‍යයට මෙන්ම කිසියම් ඓතිහාසික මහා පුරුෂයෙකුට (කල්පිත පමණක් වුවද) කරන නින්දාවක්ද වෙයි. --- Shwetha (talk) 14:26, 30 ජනවාරි 2016 (යූටීසී)Reply

ඉහත මතය සම්බන්දව යම් පැහැදිලි කිරීමක් කිරීමට අවසරයි!

  • බොහෝ අතීත කරුණු හා රජවරුන්ගේ නම් සඳහන්ව ඇතත් ඒවා පිළිබඳ ආශ්‍රිත සපයා නොමැති බැවින් එවැනි තැන් පරිශීලකයන්ගේ සංස්කරණය සදහා අවදානයට යොමු කරවිය යුතුය.නමුත් ලිපිය ඉබි යතුරු දමා ඇති නිසා එයද කල නොහැක.යම් කෙනෙක් මෙම ලිපියේ එසේ විකි ප්‍රතිපත්තීන්ට අනුගත නොවන බව විනිශ්ය කරන්නේනම් එවැනි යෙදුම්,ප්‍රකාශ ,වාක්‍ය කන්ඩ මකා දැමීම, ප්‍රතිස්ථාපනය , ආපසු හැරවීම් කිරීමේ මෙවලම් භාවිතයේ පුර්ණ අයිතිය සියලු දෙනා සතු බැවින් එසේ ඉහත Shwetha කල ප්‍රකාශය එතරම් නිවැරදි නොවේ.
  • වර්තමානයෙහි මෙම සිංහලේ යන පදය ශ්‍රී ලංකාවෙහි ඇතැම් ජාතිවාදී කණ්ඩායම් විසින් භාවිතා කිරීමට පෙළඹී ඇත්නම් සහ මෛ ලිපියෙහි නමේ භාවිතා වන සිංහලේ නම පවා ජාතිවාදී ස්වරූපයක් ගනියි නම් එය ඉක්මනින්ම දැන්ම ප්‍රමාද නොකර ජාතිවාදය ඇවිස්සෙන බැවින් ඉවත්කළ යුතුය.සිංහලේ වචනයද භාවිතා කිරීමට ඉඩ දිය යුතු නොවේ.
  • ඇත්තෙන්ම ඔප්පු කල හැකි හෝ දැනට ඔප්පු කර ඇති කරුණු පමණයි ඉදිරිපත් කල යුත්තේ .එවැනි එසේ නොවන බව යම් කිසිවකු විසින් ප්‍රත්‍යක්ෂ කර ගනු ලබන්නේනම් ඔහු හෝ ඇයට ආපසු හැරවීමේ මෙවලම ඉතා පහසුවෙන් අත ලග ඇති නිසා ඒ පිළිබද ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ නේද ?.
  • යමෙකු ඉදිරිපත් කරන "නව මතවාද" රැඩිකල් යන වචනය යොදා අයිසින් දමා Shwetha ඉදිරිපත් කර ඇත.කිසිවකුට මෙහි රැඩිකල් ප්‍රකාශ කල නොහැකි බව පැවසීම යනු නිදස් විශ්ව කෝෂය තුල නව මතවාද ඇතිකිරීමට එරෙහිව ඔබ කරන තර්ජනයකි.එය නම් පිළිගන්න බෑ මචංලා .දෙමල සහ ඉංග්‍රීසි විකියේ මෙලෙස කොච්චර තියෙනවාද.එහෙම ඔබ කියන තත්වයක් නෑ නේද ?

සටහන:-ඔබ දරණ සම්ප්‍රදායෙන් බැහැරවූ නව අදහස් ප්‍රකාශ කිරීම් නොකළ යුතු යන මෙන්න මේ ඔබ දරණ මතය නිසා තමයි දැනට ළදරු අවස්ථාවේ පසුවන සිංහල විකිපීඩියාව මෙසේ එකතැන වසරගනනක් පල්වෙන්නේ අඩුම තරමේ සිංහල විකිපීඩියාවේ මුල් පිටුවෙන් ඇතුලත්වී පියවර දෙකක තුනක බැදී තුලින් ඉදිරියට ගිය විට අපට හමුවන්නේ "අපබ්‍රංශයන්"ය. අඩුම තරමේ ඉංග්‍රීසි විකිය ආශ්‍රයෙන් සිංහල විකියට අවශ්‍ය අනුවර්තනය කරගත යුතු ප්‍රදාන මෙවලම් ටිකවත් අලුත්වැඩියා කරගෙන නෑනේ?.සිංහල අකුරු දෙකක් තුනක් ඇතුලේ තුන්කාලක් ඉංග්‍රීසි පිටු. මේකට හේතුව මිනිස්සු නැති එක .ඔවුන්ට මගපෙන්වීමක් නැති එක ගැටළුවක්.අලුතෙන් පැමිණෙන්නන් නොඑන තරම්ය,පවුඩර් දමා ඇති මුල් පිටුවෙන් ඇතුළු වන නවකයා "අපබ්‍රංශය" දැක බියවී යලි පලා යයි.මෙය සෝචනීය තත්වයකි.එනමුත් මුල් යුගයේ සිංහල විකිය ආරම්භයේදී මෙවැනි තත්වයක් පැවතී නැති බව සිතිය හැකි හැකිලෙස ශාක්ෂි හමුවේ,ඔවුන් කැපවීමෙන් කටයුතු කර ඇති බව ඉතිහාසය කියවීමේදී නිරීක්ෂණය වේ..සාපේක්ෂව තාක්ෂන ක්‍රම පරිවර්තක ක්‍රමවිදී මෘදුකාංග සහ භාෂා ඥානයයන් ආදිය දියුණු අද වර්තමානයේ නිසැකවම සිංහල විකියේ වර්ධනය වීමේ සීග්‍රතාවය මීට වඩා වැඩි විය යුතුය. එනමුත් එසේ වී නොමැත

Assume good faith කියන්නේ මොකක්ද? මට ඉංග්‍රීසි එච්චර බැහැ. ඉගෙන ගන්න ඕන. මෙම පදය පැහැදිලි කරන්න පුළුවන්ද? --- Shwetha (talk) 01:47, 31 ජනවාරි 2016 (යූටීසී)Reply

ස්වේත ද්වේශයෙන් නොව ශුභවාදීව (Assume good faith )ප්‍රශ්නය ඇසුවා කියා සිතමු. මටත් ඉංග්‍රීසි එච්චර බැහැනේ මචං. මමත් ඉගෙන ගන්න ගමන් තමයි මේක බොහොම මාරුවෙන් කැපවෙලා කරන්නේ.ඔකේ ඇතුලේ විස්තරේ තියෙනවා කියලා තමයි දන්නා අයනම් කියන්නේ. දන්න කෙනෙක්ගෙන් විමසලා බැලුවානම් ඕක පරිවර්තනය කරගන්න බැරිවෙන එකක් නෑ.අනික ,කවුරුවත් නොපැමිණෙන සිංහල විකිපීඩියාවේ මෙච්චර අමාරුවෙන් ඔබත් එක්ක එකතුවෙලා නවකයෙක් ලෙස මේක සංස්කරණය කරන එකම කොච්චර එකක්ද. ඇත්තටම ඔබ සතුටු වෙන්න ඕන නේද?.දීර්ගව ලියන එක අන් පාඨකයන්ට අපහසු නිසා ඉහතින් සදහන් නොකළ නමුත් ඉහත සංවාදයට අදාළ රැඩිකල් ඌන පුරණයක් ලෙස මෙන්න මේවා (Constructive criticism ,Level of debate, edit wars and harassment සහ S‍ystemic Bias ) දන්න කෙනෙකුට කියලා අහගෙන මටත් කියන්න කාරුණික වන්න. --RsEkanayake 17:37, 4 පෙබරවාරි 2016 (යූටීසී)Reply

සිංහලේ සංස්කරණය

සිංහලේ යනු ජාතිවාදි වචනයක් වන්නේ කෙසේදැයි පහදනු මැනවි ? — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Kasun buddhiks (සාකච්ඡාවදායකත්ව) විසින් 03:00, 16 මාර්තු 2016‎ හිදී එක් කර ඇත

@Shwetha සිංහලේ හෝ වෙන යම් වචනයක හෝ එහි ම කියා ජාතිවාදයක් නැත. වචනයක් ජාතිවාදී වන්නේ එය භාවිතා කරන සන්දර්භය හා ආකාරය අනුව ය. වචනයක් අසභ්‍ය වන්නේ භාවිත කරන අවස්ථාව අනුව වන්නාක් මෙනි. ජාතිවාදී හැගීමක් මිස ජාතිවාදී වචන කියා දෙයක් නැත. අනෙක ජාතිවාදය ද හරිහැටි නිර්වචනය කර නැත. එකෙකුට ජාතිවාදය වන දෙය තවකකුට ජාතිකවාදය යි. සමහරු කියන්නේ හැම ජාතියට ම ජාති වාදයක් තියෙන්නට ඕනෑ බවත් නො තිබිය යුත්තේ ජාතිභේදයක් බවත් ය. ඇතැම් පිරිස් එය ජාතිවාදී අරුතින් භාවිතා කළා කියා අප එය මගහැරිය නො යුතු ය. ක්‍රි. ව. 4 වන සියවසට අයත් සමුද්‍රගුප්ත රජුගේ අලහාබාද් ශිලා ලිපියේ ලංකාව හදුන්වා ඇත්තේ සෛංහලක යනුවෙන් බව මෙය ජාතිවාදීන්ගේ යෙදුමක් බව කියන අය නොදන්නවා විය හැක. (මහාචාර්ය සදගෝමී කෝපරහේවාගේ භාෂානුරාගයේ දේශපාලනය බලන්න) සිංහලේ නම හෝ ඒ ඇසුරින් නිපන් වදන් ලංක්දිව හදුන්වන්ට ඈත පටන් යෙදුණු බවට මහාචාර්ය විමල් ජී බලගල්ල සිංහල භාෂාවේ ව්‍යාකරණය ගැන ලියන පොතක පිටු ගණනක් පුරා මූලාශ්‍ර දක්වයි. සිංහල-බෞද්ධ ජාතිකවාදය පමණක් නොව සංස්කෘතිය ද හෙළාදකින සුලු ඊනියා මානව විද්‍යා පර්යේෂණ කළ මහාචාර්ය ගණනාථ ඔබේසේකර පවා ලංකාව අතීතයේ ඇතැම්විට හදුන්වා ඇත්තේ සිංහල/ඒ ආශ්‍රිත නම්වලිනැ යි බෞද්ධ “කුමක් හෝ” යනු ශාසනය ලෙසින් නම් ලිපියේ කියයි. එ තුමන් පෙන්වා දෙන්නේ ලාංකිකකයන් තම රට ලංකාව ලෙස හැදින්වුවත් විදේශිකයන් මෙරට හැදින්වීමට පෙළඹී ඇත්තේ සිංහල/ඒ ආශ්‍රිත නම්වලින් බව යි. (අශාස්ත්‍රීය පූර්ව ප්‍රකාශයක් කොටසේ අංක 5 යටතේ ඇති කරුණු බලන්න) Sasithmadu (talk)
Return to "ලක්දිව රාජාවලිය" page.