කෙස් ගහ පවා පිට රටවල මිනිසුන් නේ

උස් නිදහස පිණිස සටනට සැරසෙන් නේ

හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන් නේ

ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිල ද සිහලුන් නේ

🙏 ආයුබෝවන් 🙏
අවුකන බුදු හිමි
මෙම පරිශීලක ගැන...

විකිපීඩියාවේ


මෙම පරිශිලකයා විසින් ප්‍රාථමික ‍යොමුවක් හෝ සමුද්දේශයක් හෝ ලෙසින් විකිපීඩියාව භාවිතා කරයි.

වෙනත් විස්තර

මෙම පරිශීලක සිංහල ජාතිකයෙකි.


මෙම පරිශීලක ශ්‍රී ලාංකිකයෙකි


මෙම පරිශීලකයා බෞද්ධයෙකි

මෙම පරිශීලකයා අදේවවාදියෙකි

si-n මෙම පරිශිලකයාගේ මව්බස සිංහල භාෂාවයි.


මෙම පරිශීලක පොත් පත් කියවීමට ලැදිය.

මෙම පරිශීලක විදුසර කියවන්නෙකි.


මෙම පරිශීලකයා ඉතිහාස ගවේෂණයට උනන්දුවක් දක්වයි.


මෙම පරිශීලක පිරිමියෙකි.
This user is a member of WikiProject Medicine.

මෙම පරිශීලකගේ වේලා කලාපය UTC+05:30 වේ.
ලංකා ජාතික ධජය
සිංහලේ ධජය
සිංහලේ ධජය
ජේසුස් වහන්සේ
ජේසුස් වහන්සේ



දෙමළ කල්පිත නිජභූමිය(ඊලාම්)

ඊළම පිළිබඳව උතුරේ සිහිනය සඳහා පදනම වැටෙන්නේ, උතුරු පළාත සහ නැඟෙනහිර පළාත සම්ප්‍රදායික දෙමළ නිජභූමි යන සංකල්පය දෙමළ නායකයන් විසින් ප්‍රකාශ කිරීමත් සමඟය . සිංහල ජනතාව විශ්වාස නොකරන සහ දෙමළ ජනතාව විශ්වාස කරන මෙම ප්‍රවාදය එයින් ලේ විලක්‌ බවට රට පත්ව තිබිණි . සංහිඳියාවේ නාමයෙන් හෝ ත්‍රස්‌තවාදය විනාශ කළ පමණින් ඊළාම් සිහිනය බොඳ නොවී රැඳී පවතින්නේ මෙම සංකල්ප ගතවීම නිසාය . විපක්‍ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයා වන ආර්. සම්බන්ධන් මහතා විසින් පසුගිය 'දිවයින ඉරිදා සංග්‍රහය' ට ප්‍රකාශ කරන ලද්දේ තමන් ඉල්ලා සිටින්නේ ඓතිහාසිකව පැවැතෙන දෙමළ නිජ භූමිය බවය . මේ සඳහා වන ප්‍රතිඋත්තර බැඳීම් කිහිපයක්‌ ලැබී ඇති බැවින් මෙම මාතෘකාව සඳහා සංවාදයක්‌ ඇරඹීමට 'දිවයින' ඉඩ වෙන් කිරීමට තීරණය කළෙමු . මේ එහි පළමු වටයයි .

පසුගිය පෙබරවාරි 14 දින ඉරිදා දිවයින පුවත්පතේ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් දෙමළ රාජ්‍යයක්‌ ගැන අදහස්‌ දක්‌වා තිබිණි . එම කරුණු ඓතිහාසික මූලාශ්‍ර ඇසුරින් ගොඩනැංවුණ තොරතුරු නොව ඊළාම් සාහිත්‍යය අයත් මෑත කාලයේ ප්‍රබන්ධ කළ ඒවා වෙති . පුරාණ යාපනය (Ancient Jaffna) නමැති කෘතිය 1919 දී සම්පාදනය කළ රාසනාගයම් මුදලි විසින් ප්‍රකාශ කරන්නේ යාල්පානම් වයිපවමාලෙයි, පරරාජසේකරන් උලෙයි, වයියා පඩාල්, කයිල්‍ය මාලෙයි වැනි පොත්වල ඇති උක්‌ත කතා ගැහැනුන් තම දරුවන්ට නින්ද යනතුරු කියන ලද කතා බවය . මෙම කතා උපයෝගී කරගෙන පේරාදෙණියේ ඉතිහාස කථිකාචාර්ය කේ. ඉන්ද්‍රපාලන් විසින් ලන්ඩන් විශ්වවිද්‍යාලයට 1967 දී ඉදිරිපත් කළ ආචාර්ය උපාධිය සඳහා වන නිබන්ධනය වූ Early Tamil Settlements in Jaffna කෘතිය සඳහා පී . එච් . ඩී. (ආචාර්ය) උපාධිය ලැබුණි . එහි කියෑවෙන්නේ 1215 කාලිංග මාඝ ආක්‍රමණයේ පටන් යාපනේ වෙනම දෙමළ රාජ්‍යයක්‌ ඇතිවූ බවය . ෙ -. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා විශ්‍රාම සුවයෙන් පසුවන 1996 දී කීවේ මහාචාර්ය කේ. එම් . ද සිල්වා විසින් තමාට විස්‌තර කළ පරිදි උතුර - නැඟෙනහිර වෙනම දෙමළ රාජ්‍යයක්‌ තිබූ නිසා 1987 ඉන්දු - ලංකා ගිවිසුමෙන් එම භූමිය දෙමළ නිජබිම ලෙස පිළිගෙන අත්සන් කළ බවය . දැන් සම්බන්ධන් මහතා ද එම කේ. එම් . ද සිල්වාගේ ඉතිහාසය පොත බලන ලෙස අපට කියයි . එහි ඇත්තේ ඉන්ද්‍රපාලන්ගේ පී . එච් . ඩී . නිබන්ධනයේ ඇති කතන්දර ඉතිහාසයයි .

1. උතුරේ දෙමළ රාජ්‍යයක්‌ පැවතුණි නම් චෝල දේශයේ (තමිල්නාඩුවේ) බදු ගොඩනැඟිලි හා මාලිගා නටබුන්, දේවාල හා කෝවිල්, ගල් කණු , සෙල්ලිපි, මූර්ති හා කැටයම් ආදී පුරාවස්‌තු ද සාහිත්‍ය කෘති ද තිබිය යුතුය . එබඳු කිසිවක්‌ යාපනේ නැත . මන්ත්‍රී මාලිගය සපුමල් කුමරුගේය . නල්ලූර් කෝවිල ඉදිකර වූයේ හයවැනි පැරකුම්බා රජුය .

2. ජැප්නා කිංඩම් යනු පෘතුගීසීන්ට සිදුවූ වැරැද්දක්‌ පමණි . ලංකාවේ සිතියමක්‌ නැති නිසා හා රටේ අභ්‍යන්තරයේ විශාලත්වය හෝ තත්ත්වය නොදත් නිසා ලංකාව විශාල අධිරාජ්‍යයක්‌ ලෙස පරංගීහු සැලකූහ . එම්පරර් ඔෆ් කෝට්‌ටේ , කිං ඔෆ් සීතාවක , කිං ඔෆ් රයිගම , කිං ඔෆ් ගම්පල , කිං ඔෆ් ජැෆ්නා ආදී නම් භාවිතා කළේ එම කිංලාගේ කිංඩම්ස්‌ ද සඳහන් කරමිනි .

ඉංග්‍රීසීන් ගෙනවුත් පදිංචි කරවූ දෙමළ කතාකරන්නන් (දෙමළ හා මුස්‌ලිම්) බලාකියා ගැනීම ඔවුන්ගේ යුතුකමක්‌ විය . ඉතිහාසය ලිවූ ඉංග්‍රීසීහු සීතාවක , රයිගම , ගම්පල හලා දමා ජැෆ්නා කිංඩම් හා කිං ඔෆ් ජැෆ්නා පමණක්‌ ඉතිරි කළහ . ෆ්‍රන්සිස්‌කෝ නිගරෝ පියතුමා විසින් සම්පාදනය කරන ලදුව ක්‌වේරෝස්‌ පියතුමා විසින් ප්‍රසිද්ධ කළ Temporal and Spiritual Conquest of Ceylon කෘතියේ කියවෙන්නේ කිංඩම් 14 ක්‌ තිබූ බවය . ඒ ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි .

3. යාපනය පාලනය කළේ ජැෆ්නාපටම් හි සිටි මුදලි විසිනි . යාපනය වන ලැහැබ් සහිත කැලෑවක්‌ මිස රාජධානියක්‌ නොවේ . උතුරේ වැදිආරච්චි (වඩමරච්චි) නැඟෙනහිර පස්‌හෙලපාලි (පච්චලිප්පලෙයි), දකුණෙහි තෙන් ආරච්චි (තෙන්මරච්චි) හා බටහිර වැලිගම (යාපනය) යන ආරච්චි වසම් හතර වෙරළ ආසන්නයේ තිබූ කුඩා ජනාවාස හතරයි . මුදලි යනු " මුදල්" යන අර්ථයයි . යාපාපටුනේ රේගු බදු හා වරාය බදු මුදල් අය කළ නිසා ඔහු මුදලි ලෙස හැඳින් වුණ බව ක්‌වේරෝස්‌ ග්‍රන්ථය පවසයි . මාතොටද මුදලිවරයෙක්‌ විය .

4. 1619 දී සන්කිලිගෙන් පෘතුගීසීන් යාපනය අල්ලාගත් විට ගිවිසුමක්‌ අත්සන් කරන ලදී. එය සිංහල හා පෘතුගීසි දෙබසින් සැකසිණ . සංකිලිගේ බිසව බෞද්ධ කාන්තාවකි . ඔහුගේ ඇමැතිවරු දසදෙනාම සිංහලය . අගමැති ආනන්ද අමරකෝන්ය. (ක්‌වේරෝස්‌ ග්‍රන්ථයා)

5. යාපනය පාලනය කළ පෘතුගීසි කැප්ටන්ට වැඩි පැමිණිලි ගණනක්‌ ලැබුණේ පරංගි සෙබළුන් විසින් භික්‍ෂූන්ට හා විහාරස්‌ථානවලට අගෞරව හා හානි කරන බවටය . මේ බෞද්ධයන්ගේ පැමිණිලිය. (ලිස්‌බන් කෞතුකාගාර ලේඛන)

6. යාපනය මුස්‌ලිම් වෙළෙඳ නගරයක්‌ බව ක්‌aවේරෝස්‌ පවසයි . සිංහල හා දකුණු ඉන්දියානු වෙළෙඳුන්ද ඔවුන්ට සේවා සපයන්නවුන්ද මලබාර් (දෙමළ) ධීවරයන්aද, තැනින් තැන වූ ජනාවාසවල විසූහ. (ක්‌වේරෝස්‌) ගොවිතැන් ගැන සඳහන් නැත . සිංහලයන් හැරුණු විට ඉතිරි ජනගහනය වූයේ ඉඩම් අහිමි කලින් කලට එන සංක්‍රමණිකයන්ය. (ක්‌වේරෝස්‌)

7. අලිමංකඩින් දකුණෙහි සිංහල රජුගේ නිලධාරීහු පාලනය කළහ . උතුරට ගෙනගිය භාණ්‌ඩවලට බදු අයකිරීම අලිමංකඩදී සිදුවිය . යාපාපටුනින් එන දකුණු ඉන්දීය ආක්‍රමණවලට මුහුණදී පරාජය කිරීමට කිලිනොච්චි අසල රණමඩුව වැව (ඉරණමඩු) ආශ්‍රිත එම යුද ජනපදය අනුරාධපුර යුගයෙහි සිට පැවතුණි . වඩාත් උතුරේ පිහිටි සිංහලයාගේ විශාල වැව හා විශාල ජනපදය එය විය. (ක්‌වේරෝස්‌)

8. ඕලන්ද පාලනය යටතේ යාපනයේදී වෙළෙඳ බෝගයක්‌ වන දුම්කොළ වගාව අරඹන ලදී. මුලදී මේ සඳහා ඉඩම් බද්දට ලබාගත් අතර වැඩිම බදු මුදල වූ රික්‌ස්‌ ඩොලර් 4000 ගෙවන ලද්දේ රත්නසිංහ නම් අයකුටය. (හේග් කෞතුකාගාර ලිපි ලේඛන) පසුව වගාකරුවන්ට ඉඩම්වල අඛණ්‌ඩ අයිතිය ලබාදීම සඳහා 1707 දී " තේසවලමෙයි" නීතිය ඇතිකෙරිණි .

9. ඕලන්ද පාලන සමයේ නැඟෙනහිර පළාත පූර්ණ සිංහල පළාතකි . ෂෂ රාජසිංහ විසින් ත්‍රිකුණාමලයේ ත්‍රිකෝණ කොටුව (ගලේ කොටුව) බඳින ලදී. මේ අසල කොට්‌ටියාරයට ගොඩබැසි රොබට්‌ නොක්‌ස්‌ පියපුතුන් කැඳවාගෙන ගියේ මහනුවර රජු වෙතටය .

10. 1761 යාපනේ දක්‌වන ඕලන්ද සිතියමෙහි චාවාකච්ෙච්රිය අසල (තෙන් ආරච්චි ජනාවාසයේ) කුඩා වැව් 21 ක්‌ දක්‌වා ඇත . මේ තනි සිංහල ජනපදයකි . එමෙන්ම තම දේශසීමාව වූ අලිමංකඩ අසල ඕලන්ද බලකොටුව සිතියමෙහි දැක්‌වේ . ඉන් දකුණ රජුගේ පාලනයයි .

11. මහනුවරට විරුද්ධව ඕලන්දයන් කළ ආක්‍රමණ අසාර්ථකවීම නිසා ජාන් මක්‌කාර් ඕලන්ද නිලධාරියා කළේ දෙමළ අය ලවා වැරදි ඉතිහාසයක්‌ ලියවීමය . ඉල්ලීම පිළිගත් මයිල්වාතනම් පුලවර් විසින් යාල්පානම් වයිපව මාලෙයි ලියා තෑගිබෝග හා මුදලි තනතුරක්‌ද

ඕලන්දයන්ගෙන් ලබාගනී. 18 සියවසේ යාපනවාසීන් දැන සිටි කරුණු විජය කුමරුගේ පටන් දක්‌වන්නට ගොස්‌ පුලවර් තම කෘතිය මහා පැටලුම් ජාලයක්‌ කරගෙන ඇත . සම්බන්ධන් මහතා ඇතුළු ඊළාම්වාදීන් ඊට " දෙමළ මහවංශය" යනුවෙන් කියති . එහි එන සෑම කරුණක්‌ම ගොතන ලද ව්‍යාජ ඒවා බව ඔප්පු කළ හැක .

12. උතුරු හා නැඟෙනහිර පළාත්වල (ඊනියා දෙමළ නිජබිමේ) මුහුදුබඩ දිගට ගව්වක්‌ පළල ඇති බිම්පටියක්‌ 1766 දී හඟුරන්කෙත ගිවිසුම මගින් ඕලන්දයන් විසින් ලබාගත්තේ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙනි .

13. බ්‍රිතාන්‍ය පෙරදිග වෙළෙඳ සමාගම 1796 දී ඕලන්දයන් සතු මුහුදුබඩ ප්‍රදේශ ලබා ගැනීමේදී යාපනය හඳුන්වන්නේ යාපනේ දිසාවනිය (Jaffna Disawani) යනුවෙනි . ඕලන්දයන් පෘතුගීසීන්ගෙන් ලබාගන්නේද යාපනේ දිසාවනියයි . මේ සිංහල රජුගේ " දිසාව" නමැති යාපනය දිසාවනිය බව පැහැදිලිය .

14. 1818 ඇතිවූ වෙල්ලස්‌ස නිදහස්‌ අරගලය යාපනයටත් මුළු ලංකාවටත් තීරණාත්මක විය . තමනට අවිශ්වාසී වූ උඩරට රදල ප්‍රභූවරුන් සම්පූර්ණයෙන් වාෂ්පකර ඔවුන් තනතුරුවලින් ඉවත් කිරීම බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාර තැන විසින් කරන ලදී, ඉදිරියට පරිපාලනයට සහභාගි කරගන්නා අලුත් පංතිය උතුරේ දෙමළ කතාකරන අය අතුරින් බිහිකර ගැනීමට (Elite class) ඇමෙරිකන් චර්ච් මිෂනාරින්ව ඉංග්‍රීසි ඉගැන්වීමට යාපනයට යෑවීය . අනාගතයේදී ලංකාවේ පාලක මධ්‍යම පන්තිය උතුරේ දෙමළ උගතුන්ගෙන් ඇති කිරීමේ එම ක්‍රියාවලිය අද ඊළාම් සටන යනුවෙන් හැඳින්වේ. 1818 අරගලය නිසා සිංහලයන්ගෙන් පළිගැනීමේ ක්‍රියාවලිය එදා සිට අද දක්‌වා ක්‍රියාත්මකය .

දෙවැනි කොටස

15. 1640 ක්‌වේරෝස්‌ සඳහන් කළ යාපනේ කැලෑව 1830 ජන . 25 දිනත් එසේමය . යාපනේ කලෙක්‌ටර් (දිසාපති) කෝල්බෲක්‌ට මෙදින එය පැවසීය . ස්‌ථිර ජනගහනයක්‌ නැති රජයේ හෝ පුද්ගලික ඉඩම් නැති ගොවිතැන් නැති කැලෑවෙන් වැසුණු වාරිමාර්ග ක්‍රම නැති යාපන අර්ධද්වීපයක්‌ ගැන කලෙක්‌ට සාක්‍ෂි දී ඇත . එනිසා කෝල්බෲක්‌ යෝජනා කළේ යාපනය දෙමළ කතා කරන්නන්ගෙන් ජනාවාස කිරීම ගැනය . පාරවල් සෑදීමට දකුණු ඉන්දියාවෙන් ගෙනා දෙමළ කතාකරන අය තම 15 අවුරුදු කොන්ත්‍රාත්තුව අවසන් වූ පසු ඔවුන්ගේ රටට නොයවා යාපනේ පදිංචිකරවා ඉඩම් හිමිකම ලබාදී ගොවි උපකරණ, සතුන් හා ගොවිතැන් කිරීමේ දැනුම ලබාදීම නිර්දේශ කළේය .

ඉඩම් අයිතිය සදාකාලිකව ස්‌ථිරකර දීමට තේසවලමෙයි සම්ප්‍රදාය මෙරට නීති පද්ධතිවලට ඇතුළත් කළේ කොමිසමේ දෙවැනි කොමසාරිස්‌ කැමරන්ය . සිංහලයාගේ හිස්‌ මුදුනට මෙසේ ඇණය ගසා ඉන් නොනැවතී ලංකාව පළාත් 5 ට බෙදීය. 1833 දී ඉන් බෙදුණු උතුරු හා නැගෙනහිර පළාත් අවුරුදු 3000 ක්‌ පැරණි දෙමළ නිජබිම විය . පුදුමය නම් ජයවර්ධන ජනාධිපති එය පිළිගෙන 1987 ජුලි 29 ගිවිසුමට අත්සන් කිරීමය . ජනාධිපතිවරයකුට රට ගැන දැනුමක්‌ තිබිය යුතු බව මින් පෙනේ. ලංකාවේ මුස්‌ලිමුන් දෙමළ කතාකරන්නේ ඔවුන් පාරේ වැඩට ආ අය නිසා බවත් ඔවුන්ද පාරේ භාෂාව කතාකිරීමට පටන්ගත් බවත් කැප්ටන් ස්‌නයිඩර් පවසයි .

16. උතුරේ බිහිවන නව උගත් මධ්‍යම පන්තියට දේශපාලන බලතලද ලබාදිය යුතු බව කෝල්බෲක්‌ දිටී . එබැවින් ආසියාවේ ප්‍රථම වරට ලංකාවේ ව්‍යවස්‌ථාදායක සභාවක්‌ ඇතිකිරීමට යෝජනා කළේය. 96% වූ සිංහලයන්ට හා 3% වූ දෙමළ කතාකරන අයට දේශපාලන සම තත්ත්වය ලබාදීම ඉන් අදහස්‌ කළේය . ඉංග්‍රීසි උගතුන් දෙමළ නිසා පරිපාලනයේ පහළ මට්‌ටමේ දෙමළ අයට ආනිවාර්යයෙන් හිමි විය .

17. 1880 දී පමණ ඉංග්‍රීසි උගත් සිංහල මධ්‍යම පන්තියක්‌ බිහිවන විට දෙමළ අය

දේශපාලනයේ හා පරිපාලනයේ වැජඹුණි. 1874 පී . අරුණාචලම් කේම්බ්‍රි- එම් . ඒ . සමර්ථවී ලංකාවට ආ විට කොළඹ වරාය ජැටියේ සිට ඔහුගේ නිවසට රික්‌ෂෝව ඇදගෙන ගියේ සිංහල ප්‍රභූවරුන්ය . ඉංග්‍රීසි උපාය සාර්ථකව තිබිණි .

18. 1914 දී උගත් ලාංකිකයන්ට තම ඡන්දයෙන් මන්ත්‍රීවරයකු පත්කර ගැනීමට මැකලම් ප්‍රතිසංස්‌කරණ ඉඩදුන් විට සිංහල ප්‍රභූහු තම දොස්‌තර මාකස්‌ ප්‍රනාන්දු පරදවා පී . රාමනාදන්ව ජයග්‍රහණය කරවූහ .

19. දෙමළ නායකත්වය පිළිගැනීම හේතුවෙන් සිංහල, දෙමළ, මුසිල්ම හැම දෙනාම පී . අරුණාචලම් විසින් නායකත්වය සපයමින් 1918 දී ලංකා ජාතික සංගමය පිහිටුවා සභාපතිද විය .

20. අනපේක්‍ෂිත සිදුවීමක්‌ නිසා 1920 මැනිං ප්‍රතිසංස්‌කරණ වලින් දෙමළ දේශපාලන ප්‍රමුඛත්වය බිඳවැටුණි . උගත් ලාංකිකයන්ගේ ඡන්දයෙන් මන්ත්‍රීන් 16 ක්‌ ව්‍යවස්‌ථාදායකයට පත්කර ගැනීමට ඉඩ දුන් විට සිංහල 13 ක්‌ හා දෙමළ 03 ක්‌ තේරුණි . එවිට රාමනාදන් හා අරුණාචලම් සහෝදරවරු ලංකා ජාතික සංගමයෙන් ඉවත් වී දෙමළ මහජන සභාව ඇරඹූහ .

21. 1931 සිට ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය යටතට සර්වජන ඡන්ද බලය නිසා දෙමළ දේශපාලන බලය තවත් පිරිහී ගියේය . නමුත් දෙමළ පරිපාලන බලය එසේම විය. 1931 දී සර්ව සිංහල කැබිනට්‌ මණ්‌ඩලයක්‌ ද බිහිවුණි . දැන් දෙමළ ඉල්ලීම වූයේ ලංකාවේ පාලන බලය නොව පනහට පනහේ සිංහල - දෙමළ සමතැන් බලයයි .

22. සෝල්බරී කොමිසම මගින් ලංකාවට පාර්ලිමේන්තු ආණ්‌ඩුවක්‌ නිර්දේශ කරන ලදී. එවිට 1946 ජුනිවලදී ආණ්‌ඩුකාර මේසන් මුවර් විසින් සිංහල මහ සභාව , දෙමළ කොංග්‍රසය හා මුස්‌ලිම් ලීගය කැඳවා විමසුවේ " පාර්ලිමේන්තු ආණ්‌ඩුවක්‌ දීමට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්‍ෂ කෝ" යනුවෙනි . මෙම සිංහල, දෙමළ හා මුස්‌ලිම් සංවිධාන තුන එකතු වීමෙන් වුවද පක්‍ෂයක්‌ සෑදිය හැකි බවට ආණ්‌ඩුකාරයා පොඩි " අයිඩියාවක්‌" දුණි . එය පිළිගත් සිංහල මහ සභාව , ලංකා දෙමළ කොංග්‍රසය හා මුස්‌ලිම් ලීගය එකතුවී තුන්ගොල්ලට 1/3 + 1/3 + 2/3 බල ව්‍යqහයක්‌ ඇති වඅබෝධය පිට 1946.09.06 දින සංවිධාන තුන එකතුකර යුනයිටඩ් නැෂනල් පාටි ලෙස ඉංග්‍රීසීන්ගේ වුමනවාට පක්‍ෂයක්‌ සෑදූහ .

23. දෙමළ මුස්‌ලිම් (1/3 + 1/3 + 2/3) බලය නිසා සෝල්බරි ව්‍යවස්‌ථාවේ 29 වගන්තිය මගින් ලංකාව ගැන සිංහලයාට ඇති අයිතිය වක්‍ර ලෙස නැතිකර දැමිණ . දෙමළ හා මුස්‌ලිම් අයට නැති අයිතියක්‌ සිංහලයාට නැති බව ඉන් කියවුණි .

24. මෙම සිංහල, දෙමළ, මුස්‌ලිම් සම අයිතිය සහතික වීමට සංකේතයක්‌ ලෙස 1951 දී ජාතික සිංහල කොඩිය තුළට මුස්‌ලිම් හා දෙමළ වර්ගයා ද ඇතුළත් කෙරිණි .

25. 1956 දී බණ්‌ඩාරනායක විසින් Sසබය්කැse sය්කක ඉe එයෑ දබැ දසෛජස්‌ක ක්‌බටම්ටැ සබ Ceහකදබ ලෙස සිංහල එක්‌ රාජ්‍ය භාෂාවක්‌ පමණක්‌ කරන ලදී.

26. 1972 දී මැතිනියගේ ආණ්‌ඩුව විසින් රටේ නම ශ්‍රී ලංකා ලෙස වෙනස්‌ කර ජාතිය ශ්‍රී ලාංකික ලෙස වෙනස්‌ කළාය . දැන් 1/3 + 1/3 + 1/3 } 3/3 එවිට ස්‌ථිරය සිංහලයා තවදුරටත් ජාතිය නොව ජන වර්ගයකි . ශ්‍රී ලාංකික ජාතිය තුළ ඔහු 1/3 ක ජන වර්ගයක්‌ වන්නේය . එදා 1833 දී 96% හා 3% පිරිස්‌වලට ව්‍යවස්‌ථාදායකයේ සමාන නියෝජනය ලැබීමට එය සමානය . එමෙන්ම ලංකාව 19 සියවසේ යුරෝපියන් විසින් ශිෂ්ටාචාර කළ රටක්‌ නොවේ .

27. සියල්ල සැකසුණ විට 1976 වඩුක්‌කොඩේ සම්මේලනයේ සිට ඊළාම් සටන ඇරැඹුණි . දේශපාලන පෙරමුණ, සන්නද්ධ පෙරමුණ හා ජාත්‍යන්තර පෙරමුණ (ඩයස්‌ පෝරාව) ලෙස පෙරමුණු 3 ක්‌ සටන සඳහා විය .

28. 1978 ව්‍යවස්‌ථාවෙන් බහුජාතික කොඩිය ව්‍යවස්‌ථා ගත කරන ලදී. ශ්‍රී ලාංකික ජාතියක්‌ මිස සිංහල ජාතිය හෝ සිංහල කොඩිය කතාකළ විට දඩයමට ලක්‌වේ .

29. 1987 ජුලි 29 දින එල්. ටී . ටී . ඊ . සංවිධානයට ත්‍රස්‌තවාදයෙන් බැහැර වී දේශපාලනයට අවතීර්ණ වීම සඳහා පළාත් සභා විසඳුම ලබා දුණි . ඉන්දු - ලංකා ගිවිසුම මගින් ජනාධිපති හා රජය විසින් සම්බන්ධන් මහතා පවසන බොරුව වන උතුරු - නැඟෙනහිර දෙමළ නිජබිම පිළිගෙන අත්සන් කෙරිණි. 2009 මැයි මස LTTE පරාජය වූ පසු දැන් දේශපාලන පෙරමුණ ක්‍රියාත්මකය . ඊට අර්ධ ස්‌වාධීන පාලන ක්‍රමයක්‌ උතුරේ ලබාදී ඇත . දැන් සටන වී ඇත්තේ රටේ බලය උතුරට හා නැඟෙනහිරට බෙදා ගැනීමටය .

1818 සිට 1948 දක්‌වා ඉංග්‍රීසීන් ඉටුකළ කොටස 1948 සිට මේ දක්‌වා වඩාත් හොඳින් ඉටුකිරීමට පසුගිය 68 වසර තුළ මෙරට බලයට පත්වූ එ . ජා . ප . සහ ශ්‍රීලනිප රජයන් විසින් වගබලාගෙන ඇත. 1948 දී නිදහස ලැබුණේ රටට හා ජාතියට ගැළපෙන අන්දමින් රට වෙනස්‌ කර ගැනීමට බව මේ අඳබාලයෝ නොදනිති .


💮 මහින්ද හිමිගේ කවි 💮

තුම් නිදහස් රුකෙහී සෙවනැල්ලෙහි සිංහලයෝ සැතපෙත්වා!

ගම් බිර දම් සහ පෙම් සමගී රස කා අතරත් පැතිරේවා!

හිම් කොට සිව් සයුරත් සුනෙරත් රුදු දෑ කුල බේ දුරුවේවා!

පෙම් බර ලක්මව සව් සැපතින් වැජඹේ! වැ ජඹේ! වැජඹේවා!

නමුණුකුල සමන් පව් ආදි උස් පව් රදුන් හා

සුනිලබර වෙනෙන් හා ඒ මැදින් ආ ගඟන් හා

කලට හෙන පොදින් හා සෑම කල් දෙස් ගුණෙන් හා

ඉතිර ගිය බිමක් ඇත්නම් උතුම් ලක්බිමයි මේ

මුතු ඇටයකි ඉන්දී සාගරේ හී උදාවූ

ගිලිහුණු ගුවනින් නිල් නිල්මිණක් යයි කිවින්ගෙන්

තියු ලබන අපේ මේ ලක්බිමේ වාසනාවන්

මෙපමණය කියාලා බෑ කියන්ටත් සිතන්ටත්

හිස පිදූ සඟබෝදි ආදි බෝසත් වරුන් ට ත්

ගැමුණු ද පැරකුම්බා - ඈ සටන් හී රජුන් ට ත්

ගුරුළු කුමරදසි හා රාහුලාදි කිවින් ට ත්

ජනිත සුර බිමක්වූ යේ උතුම් ලක්බිමයි මේ

}}

1956 ධර්ම යුද්ධය පිළිබඳ නැවත කියවීමක්



ලංකාවට නිදහස ලැබී පිහිටුවා ගන්නා ලද පළමුවැනි ස්වදේශික ප්‍රජාතන්ත්‍රවාදී රජය එක්සත් ජාතික පක්ෂය පදනම් කරගෙන බිහිවිය . ඩී . එස්. සේනානායක මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත් වීමත් සමග සමස්ත රටවාසී සිංහල ජනතාව බලාපොරොත්තු දල්වා සිටියහ . අනගාරික ධර්මපාල ශ්‍රී මතාණන් විසින් ලක්වාසීන්ගේ මනසේ ඇති කරන ලද ජාතික අභිමානය අනුව එෆ්. ආර්. සේනානායක මහතාගේ සහෝදරයා වූ ඩී . එස්. සේනානයක මහතා කටයුතු කරනු ඇතැයි සිතූහ . ධර්මපාල තුමා ගෙන් පසුව එෆ්. ආර්. විසින් ඇති කළ ප්‍රබෝධය මීට තවත් හේතුවක් විය . නමුත් ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ බලපෑම් මධ්‍යයේ සහ පොන්නම්බලම් සහ චෙල්වනායම් වැනි දෙමළ දේශපාලඥයන් විසින් ඇති කරනු ලැබූ පීඩනය යටතේ ඩී . එස්. කටයුතු කලේ සිංහලයන්ට අවශ්‍ය පරිදි නොවේ . ජනපද ව්‍යාපාරයන් ඇති කොට ක්‍රමානුකූලව සිංහල ආධිපත්‍ය ඇති කිරීමට කටයුතු කළද අධිරාජ්‍යවාදීන්ගෙන් පීඩාවට පත්ව සිටි බෞද්ධයන් ආරක්ෂා කිරීමට රජය බැඳී නොසිටින බව ඔහු කළ ඉඟිය ඉවසුම් නොදෙන්නක් විය . ආණ්ඩුව සරණං ගච්ඡාමි කියන්ට එපා යයි යනුවෙන් ඔහු කළ ප්‍රකාශය බෞද්ධ නායකයන් ගේ සිත් රිදවීමට සමත් විය . මේ නිසා බෞද්ධ භික්ෂූන් වහන්සේලා රජයට විරුද්ධව ඒකරාශි වීම දක්නට ලැබුණි . මේ අතර නවසිය හතලිස් ගණන් වල අගභාගයේදී ලංකා සමසමාජ පක්ෂය ඉදිරියෙන්ම සිට වැඩ වර්ජන මෙහෙයවා ජනතාව පොළඹවා ආණ්ඩුව කැඩීමට මාන බැලීය . ඩී . එස්. ගේ හදිසි අභාවය සිදුවූයේ මේ කාලයේදීය . ඉන්පසු ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා අගමැති තනතුරට පත්වීම නිසා ආණ්ඩුව ඇතුලේ හීන් නූලෙන්ම බල අරගල ඇති වන්නට විය . මහමුදලි ගේ පුත් වූ බණ්ඩාරනායක මෙහි ඉදිරියෙන්ම විය . කොතලාවල මහතාද සිටි නමුත් ඔහු දිය රෙද්දෙන් බෙල්ල කපන ජාතියේ පුද්ගයෙකු නොවීය . මේ අරගලය තේරුම ගත් සෝල්බරි සාමි ඔවුන් සියළු දෙන දිනක් ආණ්ඩුකාර නිවසට කැඳවා ප්‍රථමයෙන් සංග්‍රහ කොට රටේ පවත්නා තත්ත්වය පිළිබඳ විග්‍රයක් කරන ලදී. ලංකා සමසමාජ පක්ෂය විසින් පොළඹවන ජනතා බලය රටට එතරම් හොඳ නැති බවත් ඉංග්‍රීසි ආණ්ඩුවට හිතවත් ශක්තිමත් විපක්ෂයක් තිබීම මගින් සමසමාජයේ අභිප්‍රායන් පරාජය කරගත හැකි බවත් ඔහුගේ අදහස විය . බලය සඳහා ගමනක් යෑමට පුල පුලා බලා සිටි බණ්ඩාරනායක මෙහිදී යමක් නොපැවසුවත් ආණ්ඩුකාරයාගේ අත දිගු වූයේ ජෝන් කොතලාවල මහතා වෙතටයි . ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයක් සාදන ලෙසට කොතලාවල පෙළඹවීම ආණුඩුකාරවරයාගේ අභිප්‍රාය විය . මේ ඉල්ලීම නිසා කොතලාවල මහතාට කේන්ති ගියේය . අවශ්‍ය නම් අවියක් රැගෙන ගොස් සමසමාජ නායකයන් ඝාතනය කළ හැකි නමුත් මෙවැනි නිවට යෝජනා ක්‍රියාත්මක කිරීමට තමන්හට වුවමනාවක් නොමැති බව කියා සිටියේය . මෙහිදී බණ්ඩාරනායක මහතාගේ අවස්ථාව පැමිණුනි . ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම මත තමා ආණ්ඩුවෙන් ඉවත්ව ශක්තිමත් විපක්ෂයක් සාදන බවට ඔහු ප්‍රකාශ කර සිටියේය.(මේ අවස්ථාවේ මෙම රැස්වීම වාර්තා කළ දයාරත්න නම් පොලිස් නිළධාරියාගේ මතකය ඇසුරෙනි) මේ ප්‍රකාශනයත් සමග ඉදිරිපත් කළ කොන්දේසි වර්තමනා දේශපාලනය මෙන්ම ජාතිකවාදී දේශපාලනඥයන්ගේ හැසිරීම තේරුම් ගන්නට මනා පිටිවහලක් වනාව නිසැකය . සිංහල මහ සභාව 1951 දී මාදම්පේ පැවති සංවත්සර මහ සභා රැස්වීමේ දී ඒකමතිකව ගත් තීරණයක් වූයේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමයි.1936 පටන් සවභාෂාවන් මගින් රජය කටයුතු කළ යුතුයැයි දේශපලානඥයන් විසින් දක්වා තිබුණද රටේ ජාතික භාෂාව වන සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට විශාල හඬක් නැගුණේ මින් පසුවයි .නමුත් අගමැති ඩී . එස්. ගේ අදහස වූයේ සිංහල සහ දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂා කළ යුතු බවයි . මේ විසංවාදය තම බල ව්‍යාපෘතියට ප්‍රයෝජනවත් ලෙසට යොදා ගැනීම බණ්ඩාරනායක මහතාගේ අභිප්‍රාය විය . මේ තත්ත්වය තුළ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය විසින් සටන් පාඨයක් ලෙසට ශක්තිමත් කර තිබූ සිංහල රාජ්‍ය භාෂාව කිරීම සෝල්බරිසාමි ඉදිරියේ ඔහුගේ ප්‍රමුඛ කොන්දේසිය විය . බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමස්ත ජාතික ව්‍යාපාරයේ දේශපාලන නායකත්වය ලබා ගැනීම මත නව ජවයකින් සිංහල දේශපාලනය පණ කැවුණි . ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීම මත ප්‍රථමයෙන්ම ආසන අටක් දිනා ගැනීමෙන් පසු ඊළඟ රජයේ බලය ලැබ ගැන්මට බණ්ඩාරනායක මහතා මූලිකව කලේ බෞද්ධ බල මණ්ඩලය ඇතුළු පිරිසට කිට්ටු වීමයි . මේ තත්ත්වය මෙසේ වුවද 1947 වර්ෂයේ දී ජාතික කොඩියක් නිර්මාණය කරන විට එම කොඩි කාරක සභාවේ සිටි බණ්ඩාරනායක මහතා සිංහලයන් ගේ කොඩිය පිළිබඳව අයිතිවාසිකම් කතා කලේ නැත . එසේම 1947 වර්ෂයේ දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලද අධ්‍යපන ආඥා පණත කතෝලික සභාව විසින් කරන ලද බලපෑම් ඉදිරියේ දී එ . ජා . ප . ය විසින් ඉවත් කර ගන්නා විට එයට එරෙහිව කතා නොකළ බවට සාක්ෂි ඇත . 1956 මාර්තු මාසයේදී මහා සංඝයා විසින් බණ්ඩාරනායක මහතාට දසපණත පිළිගන්වන අවස්ථාවේ දී කරන ලද කතාවේදී එක්සත් ජාතික පක්ෂ විරෝධය උණුසුමව ඉදිරියට පැමිණියේය . ඔවුහු එදින මෙසේ කීහ . අපේ ඊනියා නායකයෝ නිදහස් ආණ්ඩු පණත පිළියෙල කරන අවස්ථාවේ එහි ආගමික සංස්ථා පිලිබඳ වූ 29 වන වගන්තිය රෝමානු කතෝලික ආර්ච් බිශොප් තුමාගේ උපදෙස් පිට එතුමාට ඕනෑ අයුරින් සකස් වුණු බව ඒ අණ්ඩු පණත සකස් කළ අයෙකුගෙන් කෙනෙකු වන අයිවර් ජෙනිංස් මහතා විසින් මෑතකදී අනාවරණය කර තිබේ . මහා සංඝායාගේ හෝ යටත් පිරිසෙයින් මහා නායක හිමිවරුන්ගේ අදහස්වත් මොවුන් විමසුවේ නැත . බෞද්ධ කොමිෂන් වාර්තාව කියන පරිදි මේ වගන්තිය නිසා ලංකාවේ පාර්ලිමේන්තුවට මහ රැජිනගේ බලය අඩු කළ හැකි වුවත් ක්‍රිස්තියානි ආගම ලංකාවේ සිංහාසනාරූඩ කර තිබේ . එහෙත් එසේ කර තිබෙන්නේ ලංකාව අත්පා බැඳ කුරුසියේ පාමුල බිලි දීමෙන්ය .

බෞද්ධ තොරතුරු පරීක්ෂණ සභාව සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසින් කැඳවන ලද්දකි. 1954 මැයි 7 දාතම මගින් සකස් කරන ලද ප්‍රශ්ණ මාලාවක් ඔවුන් විසින් සමස්ත බෞද්ධ ජනතාව වෙත නිකුත් කරන ලදී. අඹන්වැල්ලේ ධම්මානන්ද බළන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි පලන්නොරුවේ විමලධම්ම නායක හිමි හපුවලානේ ඥාණාලෝක හිමි හල්යාලේ සමුනතිස්ස හිමි කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි ටි . බී . ඇල්ලෙපොළ මහතා පී . ද . එස් . කුලරත්න මහතා ඩී . සී . විජයවර්ධන මහතා ජී . පී . මලලසේකර මහතා ඇල්. එච් මෙත්තානන්ද මහතා තෙන්නකෝන් විමලානන්ද මහතා යන පිරිසද මේ කාරක සාභාවේ සාමාජිකයන් බවට පත් වූහ . බෞද්ධ අධ්‍යාපනය පිළිබඳව ප්‍රශ්ණ විස්සක් භික්ෂුන් වහන්සේලා පිළිබඳ තොරතුරු ප්‍රශ්ණ තිස් දෙකක් සමාජ තත්ත්වය ගැන ප්‍රශ්ණ දොළසක් සහ බෞද්ධයන්ට ඇති බාධා යන මාතෘකා යටතේ මේ ප්‍රශ්ණ අටක් ද මේ ලියවිල්ලට අන්තර්ගතව තිබුණි . මේ අනුව ගම්දනව් සිසාරා යමින් තොරතුරු එක් රැස් කළ කාරක සභාව සිය වාර්තාව 1956 වර්ෂයේ දී නිකුත්කරන ලද්දේය . මේ වන විට ඇවිලෙමින් තිබූ දේශපාලනයේ දී බණ්ඩාරනායක මහතා ඇතුළු මහජන එක්සත් පෙරමුණ මෙයට සමීප වෙමින් සිය දේශපාලන අභිලාෂය ඉටු කරගන්නට සමත් විය . බෞද්ධ ජාතික ව්‍යාපාරයේ නැගී සිටීම සැබවින්ම 1956 දී එක්සත් ජාතික පක්ෂ පරාජයට හේතු කාරණා බවට පත් විය . 1926 දී පමණ ෆෙඩරල් මතයක සිටි බණ්ඩාරනායක මහතා සිය බල දේශපාලනය උදෙසා ජාතික ව්‍යාපාරය සමග එක්වීම සංසන්දනය කල හැකි නිදසුන් කීපයක්ම වත්මන් දේශපාලන තුලින් ද දැක්විය හැකිය . උපතින්ම කතෝලිකයෙකු වූ ඔහු බුදු දහම වැළඳ ගැනීම සහ එක්සත් භික්ෂු පෙරමුණ සමග එක පෙළට සිට ගැනීම දස පණත පිළිගැනීම යනු කරුණු ඒ යුගයේ හැටියට වැදගත්සේ සැලකිණ . වරක් රත්නපුරයේ සමන් දේවාලයේ පැවති උපවාසයකට ගොස් සිට බණ්ඩාරනායක මහතාට අවස්ථානුකූලව පන්සිල් දී තිබෙන්නේ සිවුරු පොරවා ගත් පොට්ටනිකාරයෙකු බව එකල පුවත් පත් වාර්තා කලේය . කෙසේ වෙතත් එකල ද මෙකල මෙන්ම සාමන්‍යයෙන් සිදුවන කාරණා දෙකක් පත්‍රවල වාර්තා කර තිබුණි . එකක් නම් ඇමෙරිකානු විදේශභාර ලේකම් ඩලස් මහතා ලංකාවට පැමිණීමය . ඔහු ලංකාවට උපදෙස් දීම හැරුණු කොට ඔත්තු බැලීමද කළ බව ප්‍රකටය . මෙයට විරෝධය පා ශ්‍රීලංකා විද්‍යාලාධිපති පූජ්‍ය බද්දේගම විමලවංශ හිමියන් කළ කතාව මෙසේය . අද එක් අතකින් එක්සත් ජාතික පක්ෂයත් රෝමානු කතෝලික සභාවත් අනික් අතින් ඒ පක්ෂ ඇමරිකානු ආණ්ඩුවත් අතර ඇති ඉතා කිට්ටු සම්බන්ධකම බෞද්ධාගම මෙන්ම මුළු මහත් ජනතාවට අපලදායි එකකි . සියයට අනූවක් බෞද්ධයන් ඇති පෝර්මෝසායාවේ චියන් කායි ෂෙක් නම් ක්‍රිස්තු භක්තිකයා බලයට පත් කලේ වෙන කවුරුවත් නොවේ ඇමරිකානු ආණ්ඩුවයි . එසේම සීයට අනූහතක් පමණ බෞද්ධයන් ඇති කොරියාවේ සිංග්මරි නම් ක්‍රිසිතු භක්තිකයා බලයට පත් කලේ ඇමරිකානු ආණ්ඩුවයි . එමෙන්ම සීයට අනූවක් පමණ බෞද්ධයන් සිටින දකුණු වියට්නාමයේ ඩිංග්ඩියෙම් නම් කතෝලිකයා බලයට පත් කලේ ඇමරිකානු ආණ්ඩුවයි . දැන් ඔවුන් ලංකාවේද කතෝලිකයන්ට අති මිත්‍ර බෞද්ධ නාමධාරී කොතලාවල මහතා ඒකාධිපත බලයට පත් කොට බුද්ධාගම නසා දමා මෙරට ක්‍රිස්තියානි බලකොටුවක් මෙන්ම ඇමරිකානු බල කොටුවක් කිරීමට මේ මස 11 වන දා ඩලස් මෙහි එන්නේ ඒ කුමන්ත්‍රණයකටයි . වකිකානුවේ තානාපති ලූකස් පියතුමා ද මේ දිනවල මෙහි සිටීම සැලකිය යුතු කරුණකි . වර්තමානයේ ද ලංකාවේ පවතින දේශපාලන දූෂණ අල්ලස් කොමිස් ගැන දිනපතා පත්‍ර සහ විද්‍යුත් මාධ්‍ය නන්දොඩවති . පණස් ගණන් වලදීද මෙය මෙසේ විය.1956 මාර්තු 07 දින නිකුත්වූ බෞද්ධ පෙරමුණු පත්‍රය එය වාර්තා කරන්නේ මෙසේය . මහා මැතිවරණයකදී සිදු වන කලකෝලාහල දූෂණ ක්‍රියා අල්ලස් දීම හා තාඩන පීඩනාදිය ගැන මේ රටේ භික්ෂූන් වහන්සේ අනෙක් කාටත් වඩා හොඳින් දනිති . ඒ නිසා බුද්ධ ජයන්ති කාලයට පෙර හෝ පසු කාලය තුළ හෝ මැතිවරණයක් නොපැවැත්විය යුතුයයි මහා සංඝයාවහන්සේ අගමැති තුමාගේන් කළ ඉල්ලීමට ඇහුන්කම් නොදුන් එතුමා ලබන වර්ෂයේ අගෝස්තු මාසය තෙක් පාර්ලිමේන්තුවේ ආයු කාලය තිබියදීත් කඩිමුඩියේ පාර්ලිමේන්තුව විසිරුවා හැර මැතිවරණයක් සඳහා සූදානම් වීමයි . භික්ෂූන් වහන්සේලා එයට සංවේගය දැක්වීමක් වශයෙන් රටපුරා මහා උපවාසයක යෙදී දැන් ධර්ම යුද්ධයකට සූදානම් වෙති . ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ දුෂ්ට හිතින් ඒ සඳහා තමන්හට යොදන්නට පුලුවන් සෑම උපක්‍රමයක්ම අගමැතිවරයාත් ඔහුගේඅනුගාමිකයනුත් යොදනවාට සැකයක් නැත . දැනට ප්‍රකටව තිබෙන අන්දමට නම් මෙවර මැතවරණය සඳහා වියදම් කිරීමට රුපියල් පණස්ලක්ෂයක අරමුදලක් එක්සත් ජාතික පක්ෂයට තිබෙන බව සැලයි . මෙයින් විශාල මුදලක් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී ධූරාපේකෂකයන් සහ හිටපු මන්ත්‍රීවරුන් මුදලට ගැනීමට වියදම් කොට ඇති බව කියනු ලැබේ . මේ මුදලින් රැවටුණු සමහර දෙනා අද දේශපාලන භූමියේ පාරාජිකාවට පැමිණ යන එන මං නැතිව සිටිති . ධන බලයට නොරැවටී ස්ථීරව සිටින නියම මහජන හිතෛෂීන් ද මේ අතර දක්නට ලැබීම ප්‍රීතියට කරුණකි . මේ හැර පණස් ලක්ෂයේ අරමුදලින් විශාල කොටසක් ඡන්ද දායකයන් අතර බෙදා දීමට සහ මත්පැන් වලටද වෙනකර ඇති බවදැන ගන්නට ඇත . අල්ලස් සහ දූෂණ ක්‍රියා රජය මගින් නැවැත්විය යුතු දේය . මහජනයාට අල්ලස් දී සුරාවෙන් ඔවුන් මත් කොට නොමග යවා ඡන්දය රැගෙන බලයට පත්වන රජයකට ඒවා නැවැත්විය හැක්කේ කෙසේද සිදුවන්නේ ඒවා තවත් දියුණු ලෙස පැවැත්වීමය . මේ අතර ලේක්හවුස් පත්‍ර සියල්ලම ඇත්ත නැත්ත කොට අයුක්තිය යුක්තිය කොට පෙන්වා මහජනයා මුලා කිරීමේ ව්‍යාපාරය මහා ඉහළින් පවත්වාගෙන යයි . මේ ගැන හොඳින් දත් භික්ෂූන් වහන්සේලා පසුගිය තුන් වනදා නගර ශාලවේදී ලේක්හවුස් පත්‍ර වර්ජනය කිරීමේ යෝජනාවක් සම්මත කර ගත්තේය . එක්සත් ජාතික පක්ෂයට කතෝලික පත්‍ර වලින් සම්පූර්ණ සහයෝගයට දීමට එහි අයිතිකරුවෝ පොරොන්දුව සිටිති . එහෙයින් මහජනයා ඒ පත්‍රවල ප්‍රචාරක ක්‍රියා වලින් පරිස්සම් වියයුතුය .

එක් පසෙකින් එක්සත් ජාතික පක්ෂයත් අනෙක් පසෙකින් මහජන එක්සත් පෙරමුණත් දේශපාලන පොරපිටියේ සටන් වැදී සිටියේ පරස්පර මතවාද ජයග්‍රහණය කරන්නටයි . අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කඳවුරු බැඳගත් සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය එම සටනින් ජයග්‍රහණය කරන ලද්දේය . භික්ෂූන් වහන්සේලා මෙම සටන හැඳින්වූයේ ධර්ම යුද්ධය යනුවෙනි . 1955 දී ඇති වූ පූර්ණ සූර්යග්‍රහණය මේ ජයග්‍රහණයට හේතු වූ බවද කියති . කෙසේ වෙතත් අල්ලස් දූෂණ ක්‍රියා මෙන්මරජයේ බ්‍රිතාන්‍ය ගැතිකම පෙන්වා බන්ඩාරනායක මහතා බලයට පත් වුවද ඔහු අතින් සිදු වූයේ සිංහල රාජ්‍ය භාෂාව කිරීමත් බස් වරාය ආදී කොටස් ජනසතු කිරීමත් වැනි සංශෝධන කීපයක් පමණකි . ඔහු සිය පැරණි මතයට යළිත් යමින් දෙමළ බසටද සම තැන දීම සඳහා චෙල්වනායගම් මහතා සමග ගිවිස ගන්නා ලද්දේය . පක්ෂය ඇතුලත මෙන්ම පිටතද රැඳී සිටි කතෝලික බලවේගයන්හි දුෂ්ට ඉලක්කයට ලක්ව බණ්ඩාරනායක මහතා මෙලොව හැර ගියේය . ඉන්පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජය යටතේ ජනතා සුභවාදී කටයුතු රාශියක් සිදුවුණු බව සැබෑය . එහෙත් සිංහල බෞද්ධයාට සිය සිවාධීනත්වය යළි තහවුරු කරලීමට අවශ්‍ය වාතාවරණය ඇති කරලීමට විශේෂයෙන් රට ආර්ථික වශයෙන් නිදහස් කරලීමට ගත හැකි පියවරයන් ඉදිරියට නොපැමිණි බව සිහිපත් කළ යුතුය . සිදු වූයේ රට ඇමරිකන් උගුලකට හසුවී ණය බරින් පීඩිත වීමයි . මෙයට එක් හේතුවක් වූයේ මාක්ස්වාදී පක්ෂ සමග සභාගයට යෑමයි . තිරයෙන් පසු පස සිට විජාතිකයන් විසින් නිතරම ලංකා දේශපාලන බල තුලනය කර තිබීම මේ පරාජයන්ට හේතුවයි. 1977 න් පසු ජේ . ආර්. ජයවර්ධන රජය ජාතික ව්‍යාපරය මැඩපවත්වමින් ලබරල් ආර්ථික ප්‍රතිපත්ති මෙන්ම නිදහස් ආර්ථික ප්‍රතිපත්ති ස්ථාපිත කරමින් රට ලෝක බලවතුන් ගේ දඬු අඩුවට හිර කර තැබීය . කොටි ත්‍රස්තයන්ගෙන් නිදහස් වුවද ජාතික ව්‍යාපාරයේ හැසිරීම් ඉතා සූක්ෂමව අධ්‍යනය කළ විජාතික බලවේග නැවතත් බලයට පත්ව තිබේ . යුද්ධ කාලයේදී බිහිවූ බොරු ජාතික ව්‍යාපාරයන්ගේ හැසිරීම මීට ප්‍රබල හේතුවක් විය .

2015/10/12 දිවයින පුවත් පත සහ (මතුගම සෙනෙවිරුවන්ගේ ලිව් සෑරිය) උපුටා ගන්නා ලදී

රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ නියෝජිතයාට දොර විවෘත වෙයි

අග්නි සුබ්‍රමනියම් ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ තමල්නාඩු නියෝජිතයායි. රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය මෙහෙයවන්නේ ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ රුද්‍රකුමාරන්ය. මෙම සංවිධානය රජය තහනම් කළ ඊළාම් සංවිධානයකි. එහෙත් අග්නි සුබ්‍රමනියම් කටුනායකදී අත්අඩංගුවට ගැනීමක්‌ සිදුවූයේ නැත. කටුනායක සිට යාපනයට ගිය අග්නි සුබ්‍රමනියම් උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් හමුවී සාකච්ඡා පවත්වා ඇත. මේ ඊළාම්වාදියා කිසිදු බාධාවකින් තොරව යාපනයට පැමිණීමෙන් සනාථ වූයේ මෙරට නීතිය දෙවිදියකට ක්‍රියාත්මක වන බවයි. යාපනයේදී ඔහු කොටි සංවිධානයේ ජාත්‍යන්තර අවි ජාලයේ හිටපු ප්‍රධානී කේ. පී. හමුවී සාකච්ඡා පවත්වා ඇත. මේ ඊළාම්වාදියාගේ යාපනය සංචාරය ගැන උතුරේ බුද්ධි අංශවලට වාර්තා වුවත් ඔවුන්ට සිදුවූයේ නිහඬව සිටීමටය. අග්නි සුබ්‍රමනියම්ගේ අතීතය විමර්ශනය කරන විට ඔහු මෙරට හමුදා නායකත්වය ජාත්‍යන්තර අධිකරණයට ගෙනයැමට උත්සාහ කළ බව හෙළිවිය. 2011 අගෝස්‌තු 25 වැනිදා තමිල්නාඩුවේදී යුද අපරාධකරු නමින් ග්‍රන්ථයක්‌ ප්‍රකාශයට පත්විය. මේ ග්‍රන්ථයට ලිපියක්‌ ලියූ අග්නි සුබ්‍රමනියම් වන්නි යුද්ධය දියත්කළ හමුදා කණ්‌ඩායම අන්තර්ජාතික අධිකරණයට ගෙන ගොස්‌ දඬුවම් කළ යුතු බව කියා සිටියේය. 2008 දී අග්නි සුබ්‍රමනියම් ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව පවසමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක්‌ද ඉදිරිපත් කළේය. එසේම අග්නි සුබ්‍රමනියම් සමබන්ධ වූ කුත්රාවලි හෙවත් යුද අපරාධකරු ග්‍රන්ථයේ පිටපත් 1400 ක්‌ හංස ස්‌ටැවන්ජර් නැවෙන් කැනඩාවට යෑවීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වූයේ එම නැව කොළඹ වරායට පැමිණීමෙනි. මෙම නැවේ තිබූ කන්ටේනරයක්‌ පරීක්‍ෂා කළ එවකට සිටි බලධාරීහු එහි තිබූ එම පොත් තොගය රාජසන්තක කරනු ලැබීය. එහෙත් ශ්‍රී ලංකාවට ෙද්‍රdaහිකම් කළ අග්නි සුබ්‍රමනියම්ට මෙරටට පැමිණීමට ඉඩ ලැබුණි. මෙය උතුරේ ආරක්‍ෂක හමුදාවට එල්ල වූ සරදමක්‌ නොවේද? ඔහු සමඟ ද්‍රවිඩ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී විනෝද් කනගරත්නම්ද උතුරේ සංචාරය කළ බව ආරංචි මාර්ග හෙළි කළේය. මේ පසුබිම මත ඊළාම් නියෝජිත සුබ්‍රමනියම්ට උතුරු මහ ඇමැති විග්නේශ්වරන් හමුවීමට ඉඩ ලැබුණේ කෙසේද? ඔහුට යාපනයට පැමිණෙන ලෙස ඇරයුම් කළේ කවුද යන ප්‍රශ්න මතුවී ඇත. මේ ගැන විදේශ කටයුතු අමාත්‍යාංශය නොදන්නේද? ඉන්දියාවට ෙද්‍රdaහි වූවන්ට කිසිදිනෙක ඉන්දියාවට ඇතුළුවීමට ඉන්දීය රජය ඉඩ දෙන්නේ නැත. අග්නි සුබ්‍රමනියම් සංචාරකයකුගේ වේශයෙන් මෙරටට පැමිණ ආගමන නීති රීති උල්ලංඝනය කර තිබේ. එහෙත් ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට ක්‍රියා නොකෙරිණි. ප්‍රධාන පෙළේ කොටි හිතවාදියකු වූ අග්නි සුබ්‍රමනියම්ට මෙරටට ඇතුළුවීමට ඉඩදීම සහ යාපනයට ගොස්‌ හිටපු බෙදුම්වාදීන් හමුවීමට හැකිවීම මෙරට ජනතාවටද සිදුවූ සමච්චලයක්‌ නොවේද? මෙය පුදුමයක්‌ නොවේ. චාවකච්ෙච්රියේ පුපුරන ද්‍රව්‍ය කබායක්‌ සහ පුපුරන ද්‍රව්‍ය හමුවීම ගැන ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ ශිවාජිලිංගම්ගෙන් හා උතුරු පළාත් සභාපති එම්. සිවඥනම්ගෙන් ප්‍රශ්න කිරීමට ද රහස්‌ පොලිසිය ක්‍රියා කළේ නැත. එම පසුබිම මත තමිල්නාඩුවේ කොටි හිතවාදීන් වූ වයිකෝ රාම්දොaස්‌ වැන්නවුන් සමඟ ශ්‍රී ලංකාවට එරෙහිවූ අග්නි සුබ්‍රමනියම් ශ්‍රී ලංකාවට පැමිණීම රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානයට දොර විවෘත කිරීමක්‌ නොවේද?

කීර්ති වර්ණකුලසූරිය

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Kasun_buddhiks&oldid=365067" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි