ශ්‍රී සිද්ධාර්ථ ගෞතම

(ශ්‍රී සිද්ධාර්ථ ගෞතම (චිත්‍රපටය) වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී සිද්ධාර්ත ගෞතම යනුවෙන් හැඳින්වෙන්නේ සමන් වීරමන් විසින් අධ්‍යක්ෂණය කළ 2013දී තිරගත වූ සිංහල වීරකථා චරිතාපදාන චිත්‍රපටයකි.[1] මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ගගන් මලික්, ආචල් සිං, රංජන් රාමනායක, අංජානි පෙරේරා, රොෂාන් රණවන, ගෞතම් ගුලාති, සාරංග දිසාසේකර, දිල්හානි ඒකනායක සහ විල්සන් ගුණරත්න විසිනි.[2][3] ශ්‍රී ලංකාව තුළ මෙම චිත්‍රපටය 2013 ජනවාරි 24 දින ඊ.ඒ.පී. සිනමාහල්වල දී ප්‍රදර්ශනය ඇරඹිණි.[4] මෙම චිත්‍රපටය මැන්ඩරින්, තායි, වියට්නාම සහ හින්දි ඇතුළු භාෂා ගණනාවකට හඬකැවී ඇත. එසේම ප්‍රංශ, ජපන්, වියට්නාම, මැන්ඩරින් සහ හින්දි බසින් උපසිරැසි ගැන්වීම ද සිදුවී ඇත.[5]

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම
නිල පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයසමන් වීරමන්
රචනය
  • එඩ්වින් ආරියදාස
  • සමන් වීරමන්
  • නවීන් ගුණරත්න
  • ජෝර්ජ් පැල්ඩානෝ
නිශ්පාදනයද ලයිට් ඔෆ් ඒෂියා පදනම
රංගන ශිල්පීන්
බෙදාහැරීමඊ.ඒ.පී. චිත්‍රපට
නිකුත්වූ දිනය
  • 24 ජනවාරි 2013 (2013-01-24)
තිර කාලය
මිනිත්තු 115
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල

වියට්නාමයේ හැනෝයි නුවර පැවති 2014 එක්සත් ජාතීන්ගේ වෙසක් බෞද්ධ චිත්‍රපට උළෙලේ දී ප්‍රදානය කෙරුණු සම්මාන අට අතුරින් පහක්ම මෙම චිත්‍රපටයට හිමි විය. මේ අතරට හොඳම වෘත්තාන්ත චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂක, හොඳම සංස්කාරක සහ හොඳම සංගීතය යන සම්මාන අයත් වේ.[6]

චරිත නිරූපණය සංස්කරණය

හඬ රංගනය සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Award Winning Sri Lankan film, "Sri Siddhartha Gautama" debuts in Guangzhou, China". news.lk. සම්ප්‍රවේශය 26 ජූනි 2016.
  2. "Sri Lankan Screened Films". Sarasaviya. සම්ප්‍රවේශය 11 මාර්තු 2017.
  3. "'Sri Siddhartha Gautama' film in Vietnam". The Sunday Times. 11 මැයි 2014. සම්ප්‍රවේශය 26 ජූනි 2016.
  4. "'Sri Siddhartha Gautama' released". The Sunday Times. 20 ජනවාරි 2013. සම්ප්‍රවේශය 26 ජූනි 2016.
  5. "Siddhartha The Buddha - An Epic Motion Picture". Siddhartha the Buddha. 6 ඔක්තෝබර් 2016. සම්ප්‍රවේශය 26 දෙසැම්බර් 2016.
  6. "The Film Sri Siddhartha Gautama wins five of eight awards in Vietnam". The Island. 17 මැයි 2014. සම්ප්‍රවේශය 26 ජූනි 2016.

බාහිර සබැඳි සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_සිද්ධාර්ථ_ගෞතම&oldid=615948" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි