ගගන් මලික්

ඉන්දීය නළු

ගගන් මලික් යනුවෙන් හැඳදින්වෙන්නේ ඉන්දියානු නළුවෙකි. ඔහු වඩාත් ප්‍රකට වූයේ රාමායණ්[1] රූපවාහිනී කතාමාලාවේ රාම ලෙස ඔහු නිරූපණය කළ ප්‍රධාන චරිතය හේතුවෙනි.[2][3][4] මලික් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සිදුකළ රංගනය වෙනුවෙන් එක්සත් ජාතීන් විසින් සංවිධානය කරන ලද ලෝක බෞද්ධ චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි කරගැනීමට සමත් විය.

ගගන් මලික්
උපතපෙබරවාරි 29
නිවහනමුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනළුවකු, නිරූපණ ශිල්පියකු
සක්‍රීය වසර2008 – වර්තමානය
ආගමබෞද්ධ

මුල්කාලීන දිවිය මහ නිරූපණ වෘත්තිය සංස්කරණය

මලික් උපත ලබා හැදී වැඩුණේ ඉන්දියාවේ දිල්ලියේ ය. ඔහුගේ පියා නව දිල්ලියේ ව්‍යාපාරිකයකු වේ.[5] fඔහුට වැඩිමහල් ‍සොහොයුරන් තිදෙනකු සහ සොයුරියක වේ. ඔහු අධයාපනය හදාළේ දිල්ලියේ හංසරාජ් මධ්‍ය විද්‍යාලයෙනි.[6] ළමා වියේ දී ඔහු‍ගේ මව රාමායණ වීර කාව්‍යය ඔහුට කියා දීමට පුරුදුව සිටියා ය.[7] යොවුන් වියට පත්වත්ම ඔහු සිය කොලනියේ රාම්ලීලා සඳහා සහභාගී වූ අතර සැමවිටම ඔහු එහි දී රාමගේ චරිතය නිරූපණය කළේ ය.[8] රංගන වෘත්තියට ලිවිසීමට පෙර මලික් ඉන්දියාවේ පළමු පන්තියේ ක්‍රිකට් ක්‍රීඩාවෙහි නිරතව සිටියේ ය. මීට අමතරව ඔහු දිල්ලියේ රංජි කුසලාන කණ්ඩායම සඳහා ද තරග වැදී ඇත. වසර දොළහක ක්‍රිකට් දිවියෙන් අනතුරුව, ඔහු රංගනයට පිවිසියේ ය. මලික් හට රූපවාහිනී වෙළඳ දැන්වීම් (ටයිම්ස් ඔෆ් ඉන්ඩියා, ස්කෝඩා, රබ්ලා සන් ලයිෆ් ඉන්ෂුවරන්ස්), සංගීත වීඩියෝ, මෝස්තර නිර්මාණ සහ නිරූපණ ප්‍රදර්ශන සම්බන්ධයෙන් අත්දැකීම් විශාල සංඛ්‍යාවක් ඇත. 2014දී මිස්ටර් ඉන්ඩියා තරගාවලියේ ඡායාකාන්ත මහත්මාට හිමි සම්මානය මලික් හිමිකරගත්තේ ය.[9][10]

වෘත්තිය සංස්කරණය

2005දී මලික් භාරතී නම් ඉන්දියානු මියැසියේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ය. එමගින් කියැවෙන්නේ ඉන්දියානුවකුට දාව උපන්, එක්සත් ජනපදයේ හැදී වැඩුණු සිද්ධාර්ත් නැමැති යොවුන් ඉංජිනේරුවරයකු ගංගා පවිත්‍ර කිරීමේ ව්‍යාපෘතිය සඳහා වාරාණාසි වෙත පැමිණෙන ආකාරයයි. මෙම වැඩසටහන ආරම්භ වූයේ 2005 සැප්තැම්බර් 9 දින ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි දී ය.[11]

ඔහු සිය රූපවාහිනී රංගන වෘත්තිය ආරම්භ කළේ ස්ටාර් ප්ලස් නාළිකාවේ කුංකුම් කතාමාලාව තුළින් වන අතර, අනතුරුව ඔහු සී ටීවී නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ සාත් සාත් බනායේන්ගේ ඒක් ආෂියාන්හි ප්‍රධාන චරිතය නිරූපණය කළේ ය.[12][13] මීට අමතරව ඔහු ස්ටාර් වන් නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ ශකුන්තලා සඳහා ද දායක විය. 2012දී ඔහු රාමායණ් රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන චරිතය වන රාම ලෙස චරිත නිරූපණයෙහි යෙදුණේ ය. මෙම කතාමාලාව ඉන්දුනීසියාවේ අතිශයින් ජනප්‍රිය වූ අතර එම කතාමාලාවේ ඔහුගේ සහෝදර ප්‍රධාන නළු නිළියන් වූ නේහා සර්ගම් සහ නීල් භාට් හට antv විසින් සංවිධානය කළ විශේෂ වේදිකා වැඩසටහනක් සඳහා ජකර්තා වෙත ආරාධනා කෙරිණි.[14][15][16]

2013දී, මලික් අන්තර්ජාතික චිත්‍රපටයක් වූ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සිද්ධාර්ථ කුමරුන්ගේ චරිතය නිරූපණය කළේ ය.[17][18] "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටය සඳහා තේමා වී ඇත්තේ බුදුන් වහන්සේගේ අධ්‍යාත්මික ගවේෂණයයි. මෙම චිත්‍රපටය ඉන්දියාවේ දිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී සම්මාන ගණනාවක් හිමි කරගත්තේ ය.[19] වියට්නාමයේ එක්ස්ත ජාතීන්ගේ බෞද්ධ චිත්‍රපට උළෙලේ දී සම්මාන ගණනාවක් හිමි කරගත් මෙම චිත්‍රපටය[20] ශ්‍රී ලංකාවේ බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙළීමට සමත් විය.[21] 2014 ලෝක බෞද්ධ චිත්‍රපට උළෙලේ දී "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටයේ සිදුකළ රංගනය වෙනුවෙන් මලික් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ ය.[22][23]

ඉන්දියානු ක්‍රීඩා රියැලිටි රසවින්දන වැඩසටහනක් වූ බොක්ස් ක්‍රිකට් ලීගයේ 2වන වාරයේ සුප්‍රකට ජායිපූර් රාජ් ජෝෂිලේ ක්‍රිකට් කණ්ඩායම සඳහා මලික් සහභාගී විය.[24][25] වර්තමානය වන විට, ඔහු විසින් සෝනි ටීවී නාළිකාවේ සංකත්මෝචන් මහාබලි හනුමාන් කතාමාලාවේ රාම දෙවියන්ගේ චරිතය නිරූපණය කරනු ලබයි.

2016දී, ඔහු ස්ථිරව පැවසූයේ තමන් බුදුන් වහන්සේ පිළිබඳ නිර්මාණය වන අන්තර්ජාතික චිත්‍රපටයකට "දැඩිව සම්බන්ධ" වූ බවයි. මෙය මෙතෙක් බුදුන් වහන්සේ පිළිබඳ නිර්මාණය කළ වියදම් අධිකම චිත්‍රපටය වනු ඇතැයි වාර්තා වේ. මෙහි පූර්ව නිෂ්පාදන කටයුතු සිදුවන අතර, ජූලි හෝ අගෝස්තු මස නිෂ්පාචක කණ්ඩායම විසින් ටීසරයක් රූගත කරනු ඇතැයි පැවසේ.[26]

පෞද්ගලික දිවිය සංස්කරණය

22වන වියේ දී ගගන් මලික් සිය උසස් පාසලේ පෙම්වතිය සමග විවාහ විය. ඇගේ නම පූජා වන අතර, ඔවුන් මුම්බායෙහි ජීවත් වේ. මලික් පැවසූයේ, "මා විවාහවී සිටින අතර, මගේ සීතාව මට බෙහෙවින් සහාය වනවා. අනෙක් අතින් මට කිසිදු ආකාරයක මතභේදයක් පිළිබඳ වදවීමට සිදු ‍වන්නේ නැහැ." යනුවෙනි.[27]

නිර්මාණ දායකත්වය සංස්කරණය

චිත්‍රපට සංස්කරණය

රූපවාහිනිය සංස්කරණය

වර්ෂය වැඩසටහන චරිතය නාළිකාව
2008 කුංකුම් ෂර්මන් වාධ්වා ස්ටාර් ප්ලස්
2008 සාත් මාත් බනායේන්ගේ ඒක් ආෂියාන් උදයි සිං සී ටීවී
2008 ශකුන්තලා සේනාපති වීර් ස්ටාර් වන්
2011 රිෂ්තොන් සේ බාඩි ප්‍රථා පසුබිම් රංගනය කලර්ස් ටීවී
2011-2012 නව්‍යා ප්‍රධානියා ස්ටාර් ප්ලස්
2012-2013 රාමායණ් රාම සී ටීවී
2015–වර්තමානය සංකත්මෝචන් මහාබලි හනුමාන් ක්‍රිෂ්ණා දෙවියන්, රාම දෙවියන්, විෂ්ණු දෙවියන් සෝනි ටීවී
2016 බොක්ස් ක්‍රිකට් ලීගය[29] ඔහු ලෙසම කලර්ස් ටීවී
2020 විග්නහර්තා ගනේෂ් සුදාමා/සන්කචූර් සෝනි ටීවී

වේදිකා සංස්කරණය

  • 2005 භාරතී[30]: සිද්ධාර්ත් ලෙස (ප්‍රධාන චරිතය)

සංගීත වීඩියෝ නිරූපණ සංස්කරණය

  • චල්තේ චල්තේ රීමික්ස් - මියුසික් ටුඩේ
  • අන්ග් ලග් ජා බලම් යුනිවර්සල්

පුණ්‍ය කටයුතු සංස්කරණය

2013දී මෙම විඥානවාදී නළු ගගන් මලික් "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන නවීන් ගුණරත්න සමග එක්ව "Lotus World" (පද්ම ‍ලෝකය) ව්‍යාපෘතිය දියත් කළේ ය. ද ලයිට් ඔෆ් ඒෂියා සංවිධානය විසින් හඳුන්වාදුන් බුදු දහමේ හරයයන් පාදක කරගත් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව මූලික කරගත් ලාභ නොලබන සංවිධානයකි. මෙමගින් ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ බුදු දහම ලොව පුරා ව්‍යාප්ත කිරීම සහ ලෝකය පුරා මෙයට කැමති පුද්ගලයන් සහභාගී කරගෙන නිමවූ "පද්ම පවුල" ඔස්සේ ලෝවැස්සාට සේවය කිරීම අරමුණු කෙරේ.[31] මෙම අදහස මගින් ආර්යාෂ්ටාංගික මාර්ගය පාදක කරගත් පවුලක් ගොඩනැගීම අරමුණු කෙරේ. මෙහි දී ප්‍රධාන මූලධර්ම තුනක් හඳුනාගෙන ඇත. පළමුවැන්න යහපත් භාවයයි. එනම් යහපත් කථාව, යහපත් ක්‍රියාව සහ යහපත් දිවිය ඔස්සේ ස්වයං පාරිශුද්ධභාවය ඇති කරගැනීමයි. දෙවැන්න මිත්‍රත්වයයි. මෙහි සාමාජිකයන් වීමට අපේක්ෂා කරන සියල්ලනට සහ ප්‍රජාවටම මිත්‍රත්වයේ දෑත් දිගු කිරීම සිදු වේ. තෙවැන්න සිහියයි. සිහිය වැඩීමේ භාවනා ක්‍රම ප්‍රගුණ කිරීමෙන් මානසික පාරිශුද්ධභාවය පවත්වා ගැනෙයි. ඔහු අවධාරණය කළේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ චරිතය සිය දිවිය සහ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් කළ බවයි. "අන්‍යයන් වෙනුවෙන් යමක් සිදු කිරීම" නිසා ඇතිවන ප්‍රීතිය ගගන් මලික්හට චිත්‍රපට තරුවක ලෙස ඔහු ගතකළ සෝබන දිවියෙන් මිදීමට උපකාරී විය.[32]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Zee TV's RAMAYAN: Gagan Malik, Neha Sargam to play Ram & Sita". bollywoodlife. 24 August 2012.
  2. Upasana Mantri, TNN (2012-08-31). "Gagan Malik bids adieu to his wig". The Times of India. 2014-02-01 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-08-28.
  3. Gagan Malik to star in Sri Lankan film, http://articles.timesofindia.indiatimes.com/2012-09-02/tv/33548490_1_sri-lankan-film-lord-ram-character, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  4. TV's new Lord Ram Gagan Malik, http://movies.ndtv.com/television/i-can-t-even-get-close-to-arun-govil-says-tv-s-new-lord-ram-gagan-malik-261512, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  5. "Conversation with Gagan Malik". The Island. සම්ප්‍රවේශය 13 June 2016.
  6. "Siddharta-Gagan Malik". skyrock. 9 August 2006. 22 June 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 November 2017.
  7. "People think I look like the actor who plays Mahadev: Gagan". The Times of India. 10 September 2012.
  8. "TV actor Gagan Malik to star in Sri Lankan film on Buddha". Zee News. 2 September 2012.
  9. "Milestones". niketmishra.
  10. "Gagan Malik". the Agenda. සම්ප්‍රවේශය 13 June 2016.
  11. "Bhavna Pani talks about her lead role in Bharati-the Wonder that is India". Suhaag. 21 October 2011.
  12. Gagan Malik gets his big break
  13. Shy Gagan and cool Reema get intimate
  14. "'Mahabharat', 'Ramayan' cast rocks Indonesia!". Pinkvilla. 17 December 2014. 8 August 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 November 2017.
  15. "Bintang Ramayana hibur fans Indonesia lewat "Mahacinta"". Antara News. 9 December 2014.
  16. "Gagan Malik Pemeran Serial Ramayana". Tribun News. 10 December 2014.
  17. Gagan, Neha, Neelima in Ramayan, http://articles.timesofindia.indiatimes.com/2012-08-01/tv/32980092_1_lord-ram-ram-and-sita-neelima-parandekar, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  18. I can't even get close to Arun Govil: Gagan Malik, http://www.newindianexpress.com/entertainment/television/article599182.ece, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  19. ‘Sri Siddhartha Gautama’ wins best movie award
  20. "Sri Siddhartha Gautama sweeps the boards at UN Buddhist Film Fest". Daily Mirror. 5 August 2014.
  21. Award Winning Sri Lankan film, 'Sri Siddhartha Gautama' debuts in Guangzhou, China, http://www.colombopage.com/archive_14B/Dec30_1419913684CH.php, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  22. "Gagan Malik An Actor With A Sacred Heart". the Sunday Leader. 8 August 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 June 2016.
  23. "The Film Sri Siddhartha Gautama wins five of eight awards in Vietnam". the Island. 7 May 2014.
  24. "BCL Team Members". Box Cricket League. 2016-07-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-23.
  25. "BCL heads to California!". urbanasian. 6 May 2016.
  26. "Happiness happens". Daily News. 30 May 2016.
  27. "I am not bothered of controversies, have already got my Sita: Gagan Malik". tellychakkar. 29 August 2012.
  28. "Sri Siddhartha Gautama (2013)". IMDb. සම්ප්‍රවේශය 13 June 2016.
  29. "BCL Recipe: Bigg Boss brand controversies, soap masala and a pinch of cricket". indiatoday. 11 March 2016.
  30. "Indiase musical voor westerlingen". de Volkskrant. 7 September 2006.
  31. Lotus World, http://www.lightofasiafoundation.com/index.php/2014-01-18-09-08-08/lotus-world, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  32. Lotus World: A journey to unearth "inner happiness"

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ගගන්_මලික්&oldid=626929" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි