කෝවිලගේ ජීවන් කුමාරණතුංග (උපත 1958 නොවැම්බර් 7), යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. ඔහු පසුව දේශපාලනඥයෙකු වශයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සේවය කලේය.[1] ඔහු හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ගේ සමීප ඥාතියෙක් වන අතර නළුවෙකු සහ දේශපාලනඥයෙකු වූ විජය කුමාරතුංගගේ බෑණනුවන් වේ.

ගරු
ජීවන් කුමාරතුංග
Jeewan Kumaranatunga
පාර්ලිමේන්තු මන්ත්‍රී සහ තරුණ කටයුතු පිළිබඳ ඇමති
තනතුර දරමින්
2000–2001
ක්‍රීඩා හා තාරුණ්‍ය කටයුතු පිළිබඳ මන්ත්‍රී
ඉඩම් හා දේපළ සංවර්ධන අමාත්‍ය
තනතුර දරමින්
2007–2010
තැපල් හා සන්නිවේදන කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
2010–2015
Member of Parliament
for කොළඹ දිස්ත්‍රික්කය
තනතුර දරමින්
1994 – 26 ජුනි 2015
පුද්ගලික තොරතුරු
උපත
කෝවිලගේ ජීවන් කුමාරණතුංග

නොවැම්බර් 7, 1958 (1958-11-07) (වයස 65)
සීදූව, ශ්‍රී ලංකාව
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජනතා නිදහස් සන්ධානය
වෙනත් දේශපාලන
සබැඳියා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
කලත්‍රයාශෙරින් කුමාරතුංග (වි. 1986)
Relationsවිජය කුමාරතුංග
රන්ජන් රාමනායක
දරුවන්3
දෙමව්පිය
  • සිඩ්නි කුමාරතුංග (පියා)
වාසස්ථාන(ය)26 නන්දිමිත්‍ර ප්ලේස්, කොළඹ 06
අධ්‍යාපනයකොළඹ කේරි විද්‍යාලය
රැකියාවදේශපාලනඥයා
වෘත්තියරංගන ශිල්පී

පෞද්ගලික ජීවිතය සංස්කරණය

ඔහු 1958 නොවැම්බර් 7 වැනිදා සීදූවේදී උපත ලැබීය. ඔහුගේ පියා සිඩ්නි කුමාරණතුංග ද චිත්‍රපට නළුවෙකි. සිඩ්නිගේ සොහොයුරා වූ විජය කීර්තිමත් නළුවෙක් සහ දේශපාලනඥයෙක් විය. ජීවන් සිය අධ්‍යාපනය සම්පූර්ණ කළේ කොළඹ කේරි විද්‍යාලයෙනි.[2]

ජීවන් 1986 සිට විවාහ වී සිටින්නේ ඔහුගේ දිගුකාලීන සහකරු ෂෙරින් සමඟ වන අතර ඔවුන්ට මල්ෂා සහ මලීෂා නමින් දියණියන් දෙදෙනෙකුද හර්ෂමාන නමින් එක් පුතෙකුද සිටී.[3] කුමාරණතුංග මහතාගේ දියණිය වන මල්ෂා 2014 වසරේ බස්නාහිර පළාත් සභාවට කොළඹ දිස්ත්‍රික් අසුනට සාර්ථකව තරග කළාය.[4][5]

වෘත්තීය ජීවිතය සංස්කරණය

ශ්‍රී ලංකාවේ හොඳම වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපට කලාකරුවෙකු වන ජීවන් සිය සිනමා ජීවිතය ආරම්භ කළේ ඔහුගේ මාමා වන විජය සමඟ ය. 1982 දී තිරගත වූවත් ඔහුගේ මංගල සිනමා රංගනය පැමිණියේ තනි තරුව හරහාය.[2] ඔහුගේ පළමු තිරගත වූ චිත්‍රපටය වූයේ "ගඟ අද්දර" වන අතර එහිදී ඔහු "ලියන මහත්තයා" ලෙස සුළු චරිතයක් රඟපෑවේය. පසුගිය දශක දෙක තුළ ඔහු බොහෝ ප්‍රභේද හරහා චිත්‍රපට 90 කට වැඩි ගණනක රඟපෑවේය.[6]

පළමු වසර කිහිපය තුළ ජීවන් විශේෂයෙන් දුෂ්ට චරිතවල රඟපෑ අතර එයට ඔබට දිවුර කියන්නම්, ප්‍රාර්ථනා, ජය සිකුරුයි සහ රුමතියයි නීතියි වැනි චිත්‍රපට ඇතුළත් වේ. ඔහුගේ පළමු ආදර වීර චරිතය 1984 [[රෝයි ද සිල්වා] විසින් අධ්‍යක්ෂණය කරන ලද හිත හොන්ඩා කොල්ලෙක් චිත්‍රපටය හරහා පැමිණියේය. ඉන් පසුව ඔහුට දිගටම ප්‍රධාන චරිත රැසක් හිමි විය.[2] මෙම කාලය තුළ ඔහු සාමාන්‍යයෙන් අනෝජා වීරසිංහ සමඟ රඟපෑ අතර එය ඔවුන් වසර ගණනාවක් සිනමා යුවළක් බවට පත් කළේය. ජීවන්-අනෝජා යුවළගේ වඩාත් ජනප්‍රිය චිත්‍රපට අතරට මමයි රජා, ඔබට රහසක් කියන්නම්, නැවත අපි එක් වෙමු, රන්දෙණිගල සිංහයා, යුක්තියට වඩා, වීර උදාර සහ ඇසළ සඳ ඇතුළත් වේ. 1990 වසරේ ජනප්‍රියම නළුවාට හිමි සරසවිය සම්මානය ඔහුට හිමිවිය.[2]

ඔහු රණ් කහවනු, සුදු පරවියෝ, හිඟන කොල්ල සහ අමරපුරය වැනි රූපවාහිනී කතාමාලා කිහිපයක රඟපෑවේය. එමෙන්ම රන්දෙණිගල සිංහයා, මුවන් පැලැස්සේ කදිරා, වැලි සුළඟ, මා ඔබේ හිතවතා වැනි චිත්‍රපට රැසක්ද නිෂ්පාදනය කළේය.[2]

චිත්‍රපටකරණය සංස්කරණය

වසර චිත්‍රපටිය චරිතය අධ්‍යක්ෂණය නිෂ්පාදනය
1978 අලුත් පාර උපාලි ඩයස්
1980 ගඟ අද්දර සුමිත්‍රා පීරිස් මිලීනා සුමතිපාල
1981 එක දවසක් රෑ අමරනාත් ජයතිලක චන්ද්‍රා අබේවික්‍රම
සාරංගා ගාමිණී හේවාවිතාරණ මෙල්වින් ප්‍රනාන්දු
1982 තනි තරුව රනිල් රත්නවීර ද සිල්වා කුමාරසිරි වීරක්කොඩි , දීපාල් ප්‍රනාන්දු
නැවත හමු වෙමු යසපාලිත නානායක්කාර ජේ. ජේ. යෝගරාජා
1983 රතු මකරා' තිලක් වේහැල්ල විජයවර්ධන රාජපක්ෂ
1984 හිත හොඳ කොල්ලෙක් රෝයි ද සිල්වා රෝයි ද සිල්වා
ජය සිකුරුයි යසපාලිත නානායක්කාර යසපාලිත නානායක්කාර
1985 පුතුනි මට සමාවන්න තිලක් වේහැල්ල ඇන්තනි ප්‍රනාන්දු සමඟ සුනිල් ටී ප්‍රනාන්දු
ඩොරින්ගේ සයනය නිශාන්ත ද අල්විස් ආර්. සිරිවර්ධන, ලක්ෂ්මන් ගුණවර්ධන, රූපා කස්තුරිආරච්චි.
ඔබට දිවුරා කියන්නම් සුනිල් සෝම පීරිස් අනෝජා වීරසිංහ
දූ දරුවෝ ගාමිණී හේවාවිතාරණ ජේ. ඩබ්. ඒකනායක
සුර දූතියෝ රොබින් ප්‍රනාන්දු වසන්ත බස්නායක සහ අරුණ සිරිවර්ධන
1986 ප්‍රාර්ථනා ප්‍රියන්ත රත්නායක ප්‍රියන්ත රත්නායක
පෙරළිකාරයෝ විජයගේ සහෝදරයා දිනේෂ් ප්‍රියසාද් තිලක් බී. අතපත්තු
ජය අපිටයි සුනිල් සෝම පීරිස් සෝනියා දිසානායක
අසිපත මමයි අකලංක ජෙරාඩ් ප්‍රනාන්දු ඩබ්ලිව්. රේමන්ඩ් ප්‍රනාන්දු
සිංහ පැටව් සේන සමරසිංහ
1987 හිත හොඳ චණ්ඩියා රංජිත් සිිරිවර්ධන ජීවන් කුමාරණතුංග
අහිංසා මාලිනී ෆොන්සේකා මාලිනී ෆොන්සේකා
1988 රස රහසක් යසපාලිත නානායක්කාර යසපාලිත නානායක්කාර
ගෙදර බුදුන් අම්මා රෝයි ද සිල්වා රෝයි ද සිල්වා සමඟ ඩී. බී. ජේ. රාජපක්‍ෂ.
නැව ගිලුණත් බෑන් චූන් හේමසිරි සෙල්ලප්පෙරුම එච්. එස්. පෙරේරා
නැවත අපි එක්වෙමු සංජය/විශ්ව අනුර ද සිල්වා සහ මිල්ටන් ජයවර්ධන අනුර ද සිල්වා, සාගර සේනාරත්න
1989 මමයි රජා කපිල සුනිල් සෝම පීරිස් සෝනියා දිසානයක, සුනිල් ටී ප්‍රනාන්දු
ඔක්කොම රජවරු වී. සිවදාසන් සමඟ තිලක් වේහැල්ල වී. සිවදාසන් හා එම්. පුෂ්පරාජා
නොම්මර 17 ඉන්ස්පෙක්ටර් මහේෂ් හේමසිරි සෙල්ලප්පෙරුම පී‍්‍රතිරාජ් වීරරත්න
ඔබට රහසක් කියන්නම් සුනිල් සෝම පීරිස් අනෝජා වීරසිංහ
සිනාසෙන්න රත්තරන් සුනිල් සෝම පීරිස් ඩී. පී. ආර්. රාජපක්‍ෂ
වරදට දඩුවම් දිනේෂ් පි‍්‍රයසාද් විජය කුමාරතුංග
අකීකරු පුත්‍රයා දිනේෂ් ප්‍රියසාද් දිනේෂ් ප්‍රියසාද්
රන්දෙණිගල සිංහයා රංජිත් සිරිවර්ධන ජීවන් කුමාණතුංග
1990 තණ්හා ආශා සුරේෂ් සිරිල් වීරසිංහ සිරිල් වීරසිංහ, අශෝක නිශ්ශංක
යුක්තියට වැඩ සුනිල් සෝම පීරිස් සුනිල් සෝම පීරිස්
වීර උදාර ශර්ලි පී. විජේරත්න ක්ලීටස් මෙන්ඩිස්
සහරාවේ සිහිනය එච්.ඩී. ප්‍රේමරත්න හර්ෂ කුමාර නවරත්න, චන්දි කන්නන්ගර
මධු සිහිනය දයානන්ද ජයවර්ධන පී. ඩබ්ලිව්. ඒ පෝල්, පියතිලක සමරරත්න
චණ්ඩි රජා සුනිල් සෝම පීරිස් සෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු
හොඳ හොඳ සෙල්ලම් දිනේෂ් ප්‍ර්‍රියසාද් එච්.එස්. පෙරේරා
මධු සිහින දයා විමලවීර සරත් දසනායක
හිත හොඳ පුතෙක් සේන රෝයි ද සිල්වා රාජ් රණසිංහ
1991 සිහින අහසේ වසන්තේ යසපාලිත නානායක්කාර ජෝන් ජේ. යෝගරාජා
කෙළි මඬල ජිනේන්ද්‍ර ඩී බී නිහාල්සිංහ අනෝජා වීරසිංහ, ගාමිණී නානායක්කාර
රජ සෙල්ලම් සුනිල් සෝම පීරිස් නිමල් වීරක්කොඩි
ඇසළ සඳ ලයනල් පඬුවාවල ජීවන් කුමාරතුංග
රන් හදවත සුනිල් සෝම පීරිස් ජෝශප් වනිගරත්න
බඹර කළාපේ සේන සමරසිංහ සේන සමරසිංහ
මා ඔබේ හිතවතා ලයනල් පඬුවාවල ජීවන් කුමාරතුංග
1992 රණබිමේ වීරයා රංජිත් සිරිවර්ධන රංජිත් සිරිවර්ධන, සරත් සිරිවර්ධන
හිත හොඳ පුතෙක් දයා විමලවීර කුමුදු අතපත්තු
රජ දරුවෝ දයා විමලවීර කුමුදු අතපත්තු
සක්විති රජා සුනිල් සෝම පීරිස් සෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු
මේ වාරේ මගේ ලයනල් පඬුවාවල මයිකල් වර්ණකුලසූරිය
රෑමතියයි නීතියයි ජගත් මූ. අරුක්ගොඩ සරත් අබේතිස්ස, කුසුම් අබේතිස්ස. අධ්‍යක්ෂණය මූ. අරුක්ගොඩ.
ඔබ මට විශ්වාසයි ජගත් වී. සිවදාසන් එම්. ජේ. ආබ්දීන්
සුරනිමල යසපාලිත නානායක්කාර යසපාලිත නානායක්කාර
මුවන් පැලැස්සෙ කදිරා කදිරා යසපාලිත නානායක්කාර ජීවන් කුමාරතුංග
සයනයේ සිහිනය අනුර චන්ද්‍රසිරි රොහාන් ෆොන්සේකා
රජෙක් වගේ පුතෙක් උපාලි පියරත්න අනුර ද සිල්වා
1993 කම් ඔර් ගෝ චිකාගෝ වික්‍රමසිංහ මුදියන්සේලාගේ විජේන්ද්‍ර "විජය" කරුණානායක දිනේෂ් ප්‍රියසාද් එච්.එස්. පෙරේරා
ත්‍රිශූලේ ලලිත් ගුණවර්ධන ඩික්සන් වීරසිංහ, කරුණා වීරසිංහ
ලස්සනයි බලන්න සුනිල් සෝම පීරිස් සෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු
සූරවීර චණ්ඩියෝ හේමසිරි සෙල්ලප්පෙරුම ප්‍රීතිරාජ් වීරරත්න
ශක්ති ෂර්ලි පී. විජේරත්න ලලිත් ගුණවර්ධන, තිලක් ඈපාආරච්චි
ජීවන් මල්ලී රෝයි ද සිල්වා ජෝන් ජේ යෝගරාජා
වැළි සුළඟ නිශාන්ත ප්‍රදීප් ජීවන් කුමාරතුංග
1995 එදත් චණ්ඩියා අදත් චණ්ඩියා වී. සිවදාසන් සෝනියා දිසානායක
චාන්දනී සුනිල් සෝම පීරිස් රාජ් රණසිංහ
1996 රත්‍තරං මල්ලී සුනිල් සෝම පීරිස් සෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු
සිහින විමානේ රාජ කුමාරි ෂර්ලි පී. විජේරත්න සරත් ද අල්විස්
තුන්වෙනි ඇහැ නීතීඥ අමරකෝන් අනුර චන්ද්‍රසිරි තිලක් අතපත්තු
නරලොව හොල්මන් දිනේෂ් ප්‍රියසාද් එච්. එස්. පෙරේරා
1997 පුතුනි මට වාසනා සුනිල් සෝම පීරිස් ගාමිණී සිරිවර්ධන
රත්තරන් මිනිහෙක් සුදේශ් වසන්ත පීරිස් ජී. නන්දසේන සහ ප්‍රේමසිරි රණවක
ගුඩ්බායි ටෝකියෝ ලයනල් පඬුවාවල එස්. කනපතිපිල්ලේ
1999 කොටි සනා රංජිත් සිරිවර්ධන සෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු, කරු දිසානායක
සත්‍යදේවි චන්ද්‍රරත්න මාපිටිගම සුසාන් ප්‍රනාන්දු, ෂෙහාන් ප්‍රනාන්දු
2001 ඔබ මගේම වේවා වී. සිවදාසන් විරාජ් කරුණාසේන
2002 සීතල ගිනි කඳු කසිප්පු මුදලාලි දයා විමලවීර දයා විමලවීර
සංසාර ප්‍රාර්ථනා සුනිල් සෝම පීරිස් එම්. කේ. චිත්‍රපට
2003 හිත හොඳ පිස්සෝ ධර්මේ සුනිල් සෝම පීරිස් සමඟ සුදේශ් වසන්ත පීරිස් සෝමා එදිරිසිංහ
2004 රන්දිය දහර උදයකාන්ත වර්ණසූරිය නීල් රංජිත් පල්ලියගුරු
2006 සුපිරි බලවතා පද්මසිරි කොඩිකාර අනුර අබේසේකර
දේදුනු වැස්ස බුද්ධික ජයරත්න රංජිත් ජයසූරිය හා පියල් සෙනෙවිරත්න
2007 හායි මාස්ටර් රංජිත් සිරිවර්ධන සුරංග ද අල්විස් සහ විජිතා පුෂ්පරාණි
වැඩ බැරි ටාර්සන් ජීවක සුනිල් සෝම පීරිස් සහ සුදේශ් වසන්ත පීරිස් සුනිල් ටී ප්‍රනාන්දු
2010 අලි සුරතල් සුනිල් සෝම පීරිස් සහ සුදේශ් වසන්ත පීරිස් සුනිල් ටී ප්‍රනාන්දු
2011 මහින්දාගමනය දේවානම්පියතිස්ස රජු සනත් අබේසේකර
2014 පරපුර ක්ලීටස් මෙන්ඩිස්
සිරි දළදා ගමනය සනත් අබේසේකර
2015 මහරජ අජාසත් බිම්බිසාර රජු සනත් අබේසේකර සුනිල් ටී ප්‍රනාන්දු
2016 පුතන්ඩියා ධර්මේ තිසූල දීප තඹවිට
2017 හැම්ලට් ක්ලෝඩියස්

මේවාද බලන්න සංස්කරණය

යොමු කිරීම් සංස්කරණය

  1. "තාමත් ඉටු නොවුණේ එකම බලාපොරොත්තුවයි". Sarasaviya. සම්ප්‍රවේශය 15 October 2020.
  2. 2.0 2.1 2.2 2.3 2.4 "Popular actor of Sinhala cinema - Jeevan Kumaratunga". Sarasaviya. සම්ප්‍රවේශය 10 September 2016.
  3. "ජීවන්ගේ වැඩිමහල් දියණිය දේශපාලනයට". Sarasaviya. සම්ප්‍රවේශය 20 October 2017.
  4. Newsfirst takes a closer look at how stars shone at the elections, http://newsfirst.lk/english/2014/03/newsfirst-sheds-light-stars-performed-pc-election/28267, ප්‍රතිෂ්ඨාපනය 2022-01-23 
  5. "Elections for Western and Southern PCs on March 29: Political parties bracing for election campaigns". 2014-07-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-07-28.
  6. "Jeevan Kumaratunga". Rate Your Music. සම්ප්‍රවේශය 10 September 2016.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ජීවන්_කුමාරණතුංග&oldid=597617" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි