ගෞතම් ගුලාති (උපත 27 නොවැම්බර් 1987)[1][2] යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී නළුවෙකි. ඔහු වඩාත් ප්‍රකට වූයේ දියා ඕර් බාති හම් රූපවාහිනී කතාමාලාවේ ඔහු විසින් නිරූපණය කළ වික්‍රම් අරුන් රාතිගේ චරිතය හේතුවෙනි. එසේම ඔහු කලර්ස් ටීවී නාළිකාවෙන් විකාශය වූ රියැලිටි වැඩසටහනක් වන බිග් බොස් 8 තරගාවලියේ ජයග්‍රාහකයා ද වේ.[3] ඔහු රාකේශ් මෙහ්තාගේ කෙටි චිත්‍රපටයක් වූ "දර්පොක්" සඳහා රංගනයෙන් දායක විය. මෙම චිත්‍රපටය 67වන කෑන්ස් චිත්‍රපට උළෙලේ දී ප්‍රදර්ශනය කෙරිණි. මෙහි දී ඔහු නිරූපණය කරන ලද්දේ සිය මෑණියන්ව අතවරයකින් රැක ගැනීමට නොහැකි වීමෙන් ක්ෂතිජභාවයකට පත්වන 28 හැවිරිදි අර්බුදකාරී තරුණයකගේ චරිතයකි.[4] ඔහු සමන් වීරමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සිංහල චිත්‍රපටයක් වූ .ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ දේවදත්ත කුමරුගේ චරිතය නිරූපණය කළේ ය.[4] මීට අමතරව ඔහු විසින් මොහම්මද් අෂාරුද්දීන්ගේ චරිතාපදාන චිත්‍රපටයක් වූ අෂාර් චිත්‍රපටයේ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයකු වූ රවි ශාස්ත්‍රිගේ චරිතය නිරූපණය කොට ඇත.[5] ඔහු "ටෙඩී බෙයාර්" නැමැති සංගීත වීඩියෝවේ ද පෙනී සිටියේ ය. මෙහි ඔහු සමග කණිකා කපූර්, ඉක්කා සිං සහ සාක්ෂි සල්වේ යන නළු නිළියන් පෙනී සිටින ලදී. මෙම වීඩියෝව සාක්ෂි විසින් ලියන ලද ග්‍රන්ථයක් වූ The Big Indian Weddingහි ප්‍රවර්ධන කටයුතු හා සමගාමීව සිදු විය.[6]

ගෞතම් ගුලාති
ගුලාති 'ශුභ් මංගල් සාව්ධාන්' දියත් කළ දිනයේ
උපත
ගෞතම් ගුලාති

27 නොවැම්බර් 1987 (1987-11-27) (වයස 36)
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනළුවා , නිවේදක , නිරූපණ ශිල්පී
සක්‍රීය වසර2008–වර්තමානය

ගුලාති සිය රංගන දායකත්වය සැපයූ රූපවාහිනී කතාමාලා අතර කහානි හමාරේ මහාභාරත් කි (2008-2009), කසම් සේ (2008-2009), තුජ් සන්ග් ප්‍රීත් ලගායි සජනා (2008-2010), ප්‍යාර් කී යේ ඒක් කහානි (2010-2011), දියා ඕර් බාති හම් (2011-2014) වැනි කතාමාලා ප්‍රධාන ස්ථානයක් ගනියි. ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් දියා ඕර් බාති හම් රූපවාහිනී කතාමාලාවේ ඔහු විසින් නිරූපණය කළ චරිතය පසුව කරන් ගොඩ්වානි විසින් ප්‍රතිස්ථාපනය කරන ලදී. 2013දී ඔහු නාච් බලියේ 5 රියැලිටි වැඩසටහන හා සම්බන්ධ විය. 2014-2015 අතර කාලයේ පැවැත්වුණු බිග් බොස් 8 රියැලිටි වැඩසටහන් තරගාවලියේ ජයග්‍රහණය ඔහුට හිමි විය. මීට අමතරව ඔහු ෆාරා කි දාවත් (2015), ඉන්ඩියා’ස් නෙක්ස්ට් ටොප් මොඩ්ල් (2015), එම්ටීවී බිග් එෆ් (2015) සහ ජලක් දිඛ්ලා ජා රීලෝඩඩ් (2015) යන වැඩසටහන් සමග සම්බන්ධ විය. 2015දී බිග් බොස් 9 වැඩසටහනටත්, 2016දී බිග් බොස් 10 වැඩසටහනටත් ඔහු ආරාධිත අමුත්තකු ලෙස සහභාගී වී තිබේ.

රූපවාහිනිය සංස්කරණය

වර්ෂය වැඩසටහන චරිතය
2008-2009 කහානි හමාරේ මහාභාරත් කි [7] දුර්යෝධන්
2008-2009 කසම් සේ [8] වරුන් සාහිල් බාලි
2008-2010 තුජ් සන්ග් ප්‍රීත් ලගායි සජනා [8] තේජි
2010-2011 ප්‍යාර් කී යේ ඒක් කහානි [8] ෂෞර්යා ඛන්නා
2011-2014 දියා ඕර් බාති හම්[9] වික්‍රම් රාති
2013 නාච් බලියේ 5 ඔහු ලෙසම (දියාර් ඕර් බාති හම්හි ඔහුගේ සහෝදර-සහාය නිළි නීලු හට සහාය වෙමින්)
2014-2015 බිග් බොස් 8[10] ජයග්‍රාහක
2015 ෆාරා කි දාවත්[11] ආරාධිතයකු
2015 ඉන්ඩියා’ස් නෙක්ස්ට් ටොප් මොඩ්ල්[12] ආරාධිතයකු
2015 එම්ටීවී බිග් එෆ්[13] නිවේදක
2015 ජලක් දිඛ්ලා ජා රීලෝඩඩ්[14] මෝහිත් මලික් සමග ටීන් කා තඩ්කා
2015 බිග් බොස් 9 ආරාධිතයකු
2016 බිග් බොස් 10 ආරාධිතයකු

චිත්‍රපට සංස්කරණය

වර්ෂය චිත්‍රපටය චරිතය
2014 දර්පොක්[4] ජෝගි
2014 ශ්‍රී සිද්ධාර්ථ ගෞතම[4] දේවදත්ත
2016 අෂාර් රවි ශාස්ත්‍රි
2017 බෙහෙන් හෝගි තේරි රාහුල්

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය වැඩසටහන චරිතය ප්‍රතිඵලය
2014 13වන ඉන්දියානු ටෙල්ලි සම්මාන සහායක චරිතයක හොඳම නළුවා (ප්‍රහසන) දියා ඕර් බාති හම් වික්‍රම් අරුන් රාති නිර්දේශිත[15]
2015 ටෙලිවිෂන් ස්ටයිල් සම්මාන රියැලිවිටි වැඩසටහනක ජේත්තුකාර පිරිමියා බිග් බොස් 8 ඔහු ලෙසම දිනාගති[16]
2015 8වන බොරෝප්ලස් ස්වර්ණ සම්මාන වඩාත්ම ගැළපෙන නළුවා බිග් බොස් 8 ඔහු ලෙසම දිනාගති[17]
2015 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන රියැලිටි වැඩසටහන් මාලාවක වඩාත්ම ජේත්තුකාර පිරිමියා බිග් බොස් 8 ඔහු ලෙසම දිනාගති[18]
2015 ඉන්ඩියා ටීවී යුවා සම්මාන හොඳම රූපවාහිනී නළුවා නිර්දේශිත[19]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Bigg Boss 8 Winner, Gautam Gulati Clarifies Confusion Over His Actual Age". Oneindia.in. 18 March 2015.
  2. "Gautam Gulati Official website - About me". සම්ප්‍රවේශය 11 September 2015.
  3. "Gautam Gulati is a TV actor who appears on Diya aur Baati Hum. This maybe his ticket to stardom". සම්ප්‍රවේශය 10 July 2015.
  4. 4.0 4.1 4.2 4.3 "Gautam Gulati Turns 27, Rare and Unseen Photos". IBTIMES. සම්ප්‍රවේශය 27 November 2014.
  5. "Gautam Gulati set to play Ravi Shastri". Zee News. 5 June 2015.
  6. සංරක්ෂිත පිටපත, http://punjabnewsexpress.com/news/43521-kanika-kapoor-is-all-set-to-launch-her-first-single-.aspx, ප්‍රතිෂ්ඨාපනය 2017-11-18 
  7. "Watch: Gautam Gulati's Duryodhan act can put Puneet Issar to shame". Dailybhaskar.com. සම්ප්‍රවේශය 12 November 2014.
  8. 8.0 8.1 8.2 "Gautam Gulati's Bollywood Debut will be a Hit, Say Fans". IBTIMES. සම්ප්‍රවේශය 13 August 2015.
  9. "Gautam Gulati to enter Bigg Boss, Karan Goddwani replaces him in 'Diya Aur Baati Hum'". dna.
  10. "Bigg Boss 8 Day 5: Praneet turns dominant, fights with Gautam Gulati".
  11. "Alia Bhatt, Gautam Gulati appears in 'Farah Ki Daawat'". jagran.com.
  12. "Reality star Gautam Gulati joins 'India's Next Top Model' as guest judge". dna.
  13. "Gautam Gulati to debut as a host".
  14. "Not a wild card entry: Gautam Gulati on 'Jhalak Dikhhla Jaa Reloaded' appearance!".
  15. "13th Indian Telly Awards: Vote Appeal from Gautam and Naveen for Best Actor in a Supporting Role (Comedy) category". 6 September 2014.
  16. "Television Style Awards 2015 Winners List: Gautam Gulati, Karishma Tanna, Divyanka Tripathi and Others Take Trophies". IBTIMES. සම්ප්‍රවේශය 31 March 2015.
  17. "Gold Awards 2015 Winners List: Karan Patel, Divyanka, Karanvir, Surbhi, Gautam Gulati Win". Oneindia.in. 6 June 2015.
  18. "ITA Awards 2015 Complete Winners List: Yeh Hai Mohabbatein, Meri Aashiqui., Saathiya Shine". Oneindia.in. 7 September 2015.
  19. "Top politicians, actors, sportspersons in running for India TV Yuva Awards 2015". 14 April 2015.

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Bigg Boss 8

"https://si.wikipedia.org/w/index.php?title=ගෞතම්_ගුලාති&oldid=606116" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි