එක්සත් ජාතීන්ගේ සංවිධානය
එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්ට් යෝජනා කළ එක්සත් ජාතින් යන නාමය බලවතුන්ට එරෙහිව අඛණ්ඩව සටන් කරන බවට ප්‍රතිඥා දෙමින් ජාතීන් 26ක නියෝජිතයින් දෙවන ලෝක යුධ සමයේ 1942 ජනවාරි 1 වනදා කල එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයෙහි මුල්වරට භාවිතා කරනු ලැබීය.
| |
---|---|
කොඩිය | |
![]() එජා සාමාජීක රාජ්‍යයන් සහ (එජා අනුව) ඒවායේ එජා-පිළිගත් පරායත්ත-රාජ්‍යයන් දක්වන සිතියම | |
මූලස්ථානය | නිව්යෝක් නගරය, මැන්හැටන් හි, ජාත්‍යන්තර භූමිප්‍රදේශය |
නිල භාෂාවන් | අරාබි , චීන , ඉංග්‍රීසි , ප්‍රංශ , රුසියානු , ස්පාඤ්ඤ |
සාමාජිකත්වය | 193 සාමාජීක රාජ්‍යයන් |
නායකයෝ | |
• මහ-ලේකම් | Antonio Guterres |
Establishment | |
1945 ජූනි 26 | |
• ප්‍රඥප්තිය අපරානුමත කිරීම | 1945 ඔක්තෝබර 24 |
වෙබ් අඩවිය http://www.un.org/ |
අර්බුද සාමකාමී ලෙස සමථයකට පත් කිරීම, යුද්ධ වැලැක්වීම සහ සංග්‍රාම නීති සංග්‍රහකරණය සඳහා වන විධික්‍රම විස්තර කොට දැක්වීම පිණිස ප්‍රථම අන්තර් ජාතික සාම සමුළුව 1899 දී හේග් නගරයේදී පවත්වන ලදී. අන්තර්ජාතික ආරවුල් සාමකාමී ලෙස සමථයකට පත් කිරීම පිළිබඳ සම්මුතිය සම්මත කොට ගත් එය 1902 දී ක්‍රියාත්මක වූ ස්ථාවර බේරුම් උසාවිය ස්ථාපනය කළේය.
එක්සත් ජාතීන්ගේ පෙර ගමන්කරු වූයේ ජාතීන්ගේ සංගමයයි. ප්‍රථම ලෝක යුද්ධය වලක්වා ලීමට අසමත් වීම නිසා ජාතීන්ගේ සංගමය සිය ක්‍රියාකාරීත්වය අවසන් කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්පාදනය කරනු වස් රටවල් 50 ක නියෝජිතයෝ 1945 දී සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවති අන්තර්ජාතික සංවිධානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවවේ දී හමුවූ අතර 1945 ජුනි 26 වැනිදා රටවල් 50 ක නියෝජිතයෝ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තැබූහ. සමුළුවට සහභාගී නොවූ පෝලන්තය පසුව ඊට අත්සන් තැබීමෙන් ආරම්භක සාමාජික රාජ්‍යයන් 51 අතරට එක් විය.
චීනය, සෝවියට් දේශය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ සෙසු අත්සන්කරුවන්ගෙන් බහුතරය 1945 ඔක්තෝම්බර් 24 දා ප්‍රඥප්තිය සනාථ කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන් නිල වශයෙන් උපත ලැබී ය.සෑම වසරකම ඔක්තෝම්බර් 24 දින එක්සත් ජාතීන්ගේ දිනය සමරනු ලැබේ.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියසංස්කරණය
සාමාජික රාජ්‍යයන්ගේ අයිතිවාසිකම් හා වගකීම් නිශ්චය කරන්නාවූත් එක්සත් ජාතීන්ගේ අයවැය හා ක්‍රියාපටිපාටීන් ස්ථාපනය කරන්නාවූත් ප්‍රඥප්තිය සංවිධානයේ ව්‍යවස්ථාමය ලේඛනයයි. අන්තර්ජාතික ගිවිසුමක් වන ප්‍රඥප්තිය රාජ්‍යයන්ගේ ස්වෛරී සමානාත්මතාවයෙන් පටන් ගෙන අන්තර්ජාතික සබඳතාවලදී බලය යෙදවීම තහනම් කිරීම දක්වා විහිදෙන අන්තර්ජාතික සබඳතා පිළිබඳ ප්‍රධාන මූලධර්ම සංග්‍රහ කරයි.
අරමුණුසංස්කරණය
ප්‍රඥප්තියේ සඳහන් අන්දමට එක්සත් ජාතීන්ගේ අරමුණු මෙසේ ය.
- ජාත්‍යන්තර වශයෙන් සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාකාරීත්වය සහතික කිරීමේ පියවර ගැනීම හා සාමයට ඇති තර්ජන ඉවත් කිරීම.
- ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික , සාමාජීය, සංස්කෘතික, මානුෂීය ගැටළු විසඳීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම.
- පොදු අයිතිවාසිකම් පදනම් කරගෙන ජාතීන් අතර හොඳ හිත වර්ධනය කර ගැනීම.
- ඉහත සඳහන් අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා සංයෝජනය කර ගැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කිරීම
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලධර්මසංස්කරණය
- සියළුම සාමාජික ජාතීන්ගේ ස්වාධිපති අයිතිය මත මේ සංවිධානය බිහි වී ඇත.
- සාමාජික රටවල් සියල්ල ප්‍රඥප්තියෙන් තමා වෙත පැවරී ඇති වගකීම් ඉටු කළ යුතුය.
- එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳී නැති රටවල් පවා මෙම සංවිධානයේ මූලධර්මවලට අනුකූලව කටයුතු කරවා ගැනීම.
- සාමාජික රටවල් අන්‍යෝන්‍ය වශයෙන් තමන් අතර වන ගැටළු සාමකාමීව විසඳාගත යුතුය.
- සාමාජික රටවල් තමන්ගේ ජාත්‍යන්තර ක්‍රියාවලිය තුළ යම් රටක භෞමික අඛණ්ඩතාවයට එරෙහිව තර්ජනයක්ව කටයුතු කිරීමෙන් වැලකී සිටීම.
- සියළුම සාමාජිකයින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියට අනුකූලව ගන්නා තීරණවලට සහයෝගය දිය යුතුය.
- එක්සත් ජාතීන්ගේ සංවිධානය රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් වැලකී සිටීම.
භාෂාවසංස්කරණය
ප්‍රඥප්තියෙන් පිළිගෙන ඇති පරිදි චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු හා ස්පාඤ්ඤ භාෂා එක්සත් ජාතීන්ගේ නිළ භාෂාවෝ වෙති. මහා මණ්ඩලයේ, ආරක්‍ෂක මණ්ඩලයේ සහ ආර්ථික හා සාමාජීය මණ්ඩලයේ නිළ භාෂාවක් ලෙස අරාබි බස ද එක් කරනු ලැබී ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අංගසංස්කරණය
එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අංග 6 ක් ප්‍රඥප්තියෙන් ස්ථාපනය කෙරිණ.
- මහා මණ්ඩලය (මහා මන්ත්‍රණ සභාව)
- ආරක්‍ෂක මණ්ඩලය
- ආර්ථික හා සමාජීය මණ්ඩලය
- භාරකාරත්ව මණ්ඩලය (ආහෝසිකරනු ලැබීය)
- අන්තර්ජාතික අධිකරණය
- ලේකම් කාර්යාලය
නියෝජිත ආයතන 15 කින් වැඩසටහන් සහ මණ්ඩල ගණනාවකින් සැදුම් ලත් එක්සත් ජාතීන්ගේ පවුල (The United Nation System ) මීට බොහෝ සෙයින් විශාල වූවකි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ලේකම් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ වැඩසටහන් සහ අරමුදල් (UNICEF සහ UNDP )සහ විශේෂිත ආයතන එක් වීමෙන් නිර්මාණය වී තිබේ.
== එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ==
අරමුදල් ලබාදීමසංස්කරණය
සාමාජික රටවල් | දායකත්වය (% of UN budget) |
---|---|
ඇමරිකානු එක්සත් ජනපද | 22.000% |
ජපානය | 12.530% |
ජර්මනිය | 8.018% |
එක්සත් රාජධානිය | 6.604% |
ප්‍රංශය | 6.123% |
ඉතාලිය | 4.999% |
කැනඩාව | 3.207% |
චීන මහජන සමූහාණ්ඩුව | 3.189% |
ස්පාඤ්ඤය | 3.177% |
මෙක්සිකෝව | 2.356% |
අනෙකුත් සාමාජික රටවල් | 27.797% |
මේවාද බලන්නසංස්කරණය
ආශ්‍රිත ග්‍රන්ථසංස්කරණය
- එක්සත් ජාතීන්ගේ පවුල
- එක්සත් ජාතීන් (අන්තර් ජාතික සාමය හා ආරක්‍ෂාව)
මූලාශ්‍රසංස්කරණය
- ↑ "Assessment of Member States' contributions to the United Nations regular budget for the year 2011" (PDF). UN Secretariat. 28 December 2010. සම්ප්‍රවේශය 2012-02-16.