Singhalawap සංස්කරණය

මෙම අපේක්ෂකයා ගැන ඔබේ අදහස් දක්වන්න ( සංවාද පිටුව) නිමවීමට නියමිතයි 10:24, 2 ඔක්තෝබර් 2011 (UTC)

Final (8/0/2); ended 08:46, 3 ඔක්තෝබර් 2011 (යූටීසී) - Closed as successful by - -- බිඟුවා සාකච්ඡාව 08:46, 3 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

නම යෝජනා කිරීම සංස්කරණය

Singhalawap (talk  contribs) – සිංහල විකිපීඩියාවට දක්වන ලද දායකත්වය හා විකිය තුළ ඇති අත්දැකීම් ගැන සලකා බලා මොහුව පරිපාලක තනතුරකට සුදුසු යැයි මට හැඟේ. වර්ථමාන පරිපාලකයින්ට සහායක් වනු ඇතැයි සිතේ. විකිය තුළ සිදුවන ප්‍රතිපත්ති වෙනස් වීම ආදී බොහෝ ක්‍රියාවන් හා දැනුමක් ඇතැයි ගැඟේ. විකියට හානි වන අයුරින් පරිපාලක මෙවලම් භාවිතා නොකරාවි යැයි විශ්වාසයක් මෙමට ඇත. එබැවින් මම මෙලෙස ඉල්ලීමක් එක් කරමි. Singhalawap, කරුණාකර ඔබ ගැන කෙටි විස්තරයක් එක කරන්න. -- බිඟුවා සාකච්ඡාව 09:43, 17 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

අපේක්ෂකයා වෙත: කරුණාකර ඔබේ නාම යෝඡනාව බාරගත් බව මෙහි සඳහන් කරන්න:
නාම යෝඡනාව බාරගනිමි. Singhalawap (talk) 09:05, 18 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

අපේක්ෂකයා වෙත යොමු කෙරෙන සම්මත ප්‍රශ්ණ සංස්කරණය

විකිපීඩියාවට පරිපාලකයෙකු ලෙසින් කටයුතු කිරීමට ඇති බලාපොරොත්තුව ගැන ස්තුතියි. කරුණාකර පහත දැක්වෙන ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න:

1. ඔබ විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන පරිපාලක කටයුතු මොනවාද?
A: History merging
B: Keep eye on vandals and blocking those IP s temporary. (සාමාන්‍යයෙන් vandal කරන්නෙ IP වලින්නෙ)
C: Delete tag දාන ලිපි, කරුණු සොයා බලා Delete කිරීම.
D: පිටු Protect කිරීම Protect ඉවත්කිරීම ස‍‍බැඳි කටයුතු.
Singhalawap (talk)


2. සිංහල විකිපීඩියාවට ඔබ කල හොඳම දායකත්වය කුමක්ද? ඔබ එසේ සිතන්නේ ඇයි?
අමාරු ප්‍රශ්ණයක්‍ නෙ. කොහොමද එකක් තෝරගන්නෙ.
මම තනපු කැමතිම ලිපිය සිංහලේ රාජාවලිය. මං හිතනවා ඒක හොඳම ලිපියක් කියලා.
මං එසේ සිතන්නේ
1 හොඳින් වර්ධනය වූ ලිපියක්.
2 මම හුඟක් ගරු කරන පරිශීලක:Kumudupinto ඇතුළු පරිශීලකයන් කීප‍දෙනෙක්ම මේ ලිපියට දා‍‍‍යක උනා.
3 මං හිතන්නෙ සිංහල විකිපීඩියාවෙ වෙත සබැ‍ඳෙන පිටු වැඩිම ලිපිය.
4 වෙනස් මත නිසා ගැටුම් ඇතිවීමට ඉඩකඩ තිබුනත් හැමෝම සුහදව දියුණුකල ලිපියක්.
Singhalawap (talk)
3. ඔබ කිසියම සංස්කරණ ගැටුමකට සම්බන්ධ වී තිබේද? එමගින් ඔබ මානසික ආතතියකට ලක්වී ඇත්ද? අනාගතයේදී මෙවන් අවස්ථාවකදී කටතුයුතු කරන්නේ කෙසේද?
ලොකු ගැටුම් වලටනං මැදිවෙලා තියනවා. හැබැයි ඒවා සංස්කරණ සබැඳි ගැටුම් නෙමෙයි. සංස්කරණ ගැටුම් කියලා කියන්න තරං දෙයක් මතක්වෙන්නෑ.
Singhalawap (talk)

සාමන්‍යය විස්තර සටහන සංස්කරණය


මෙම සංවාදය ප්‍රයෝජනවත් හා ආචාර සම්පන්නව තබන්න. ඔබට මෙම පරිශීලකයා නුහුරුයි නම් ඔහුගේ දායකත්වය බලා සංවාදයට එක් වන්න.

සාකච්ඡාව සංස්කරණය

ශ්වෙත වෙතින් අමතර වෛකල්පික ප්‍රශ්නයන්
1. බහුගිණුම් අපයෝජනයෙහි යෙදී ඇති බවට check user විසින් තීරණය කර ඇති පරිශීලකයෙක් වාරණය කිරීමට පෙර ප්‍රජා සම්මුතියක් ලබා ගත යුතු බවට සිංහල විකිපීඩියාවෙහි සඳහන් වෙයිද?
A: දන්න විදියට එහෙම දෙයක් නැත
Singhalawap (talk)
2. එසේ සම්මතයක් සිංහල විකිපීඩියාවෙහි නොමැති නම් හා බහු ගිණුම් අපයෝජකයෙක් වාරණය කිරීමේ බලය පරිපාලකවරයෙකු හට ඇති බවක් සිංහල විකිපීඩියාවේ සඳහන් නම් එවැනි සම්මුතියකින් පසුව පමණක් වාරණ තීරණය ගැනීමට පරිපාලකවරයෙක් වශයෙන් ඔබ යුහුසුළු වෙයිද?
A: ශ්වෙත, සියළුම වියහැකි සිදුවීම් පරිදි ලට අදාලවන පරදි මේ පැණය‍‍ට පිලිතුරකි දිය නොහැකියි. බහු ගිණුම් භාවිතය විකියෙ තහනම් නැහැනෙ. ඔබ නිවැරදිව කියා ඇති පරිදි මෙහි ගැටළුව බහු ගිණුම් භාවිතය නොවේ බහු ගිණුම් අපයෝජනයයි.අපයෝජනය සක් සුදක්සේ පැහැදිලි අවස්ථාවල ප්‍රජා සම්මුති විමසීමට කාලය ගතනකර ක්‍රියාමාර්ගය ගත හැකියි. නමුත් සැක හෝ අපැහැදිලි අවස්ථාවල ප්‍රජා මතය විමසීම යෝග්‍ය බව සිතමි.
Singhalawap (talk)
බහු ගිණුම් භාවිතය විකියෙ තහනම් නැහැනෙ යැයි ඔබ පවසල තියෙනවා. මෙය ඔබට සහතිකද? විකියේ රීති ගැන ඔබ නොදන්නේ නම් පරිපාලක තනතුරු දරන්නේ කොහොමද? --- ශ්වෙත (talk) 03:57, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
ඔවු මට සහතිකයි ඉංග්‍රීසි විකියෙ නීත්‍යානුකූලව (Legitimate) බහුගිණුම් භාවිතයට ඉඩදී ඇතිබව. අත්රූකඩ (sock puppetry) යනු බහුගිණුම් නීත්‍යානුකූල නොවන අවස්ථාවයි. උපුටා දක්වනවානම් While there are some valid reasons for maintaining multiple accounts on the project, the use of multiple accounts to deceive or mislead other editors, disrupt discussions, distort consensus, avoid sanctions, or otherwise violate community standards – sock puppetry – is forbidden. නීත්‍යානුකූල බහුගිණුම් භාවිතය පිලිබඳ රීති ගැන වැඩිදුර කියවීමට මෙම සබැඳිය බලන්න. Singhalawap (talk) 05:21, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
මහත්මයා ඔබ මේක පටලවන්න උත්සාහ කරනවා. සිංහල විකියේ sock-puppetry යන්නට සිංහල වචනයක් භාවිතා වන්නේ නැහැ. ඔබ කියනවා ඒක අත් රූකඩ කියලා. මම කියනවා ඒක බහු ගිණුම් කියලා. ඔබ නම් කල බැඳිය යොමු වන්නේ sock_puppetry ලිපියේ Legitimate_uses යන කොටසටයි. ඔබ මෙම බැඳිය විස්තර කරන්නේ නීත්‍යානුකූල බහුගිණුම් භාවිතය ලෙස මිස නීත්‍යානුකූල අත්රූකඩ භාවිතය ලෙස නොවෙයි. කෙසේවෙතත් මෙයින් අදහස් වන්නේ නිත්‍යානුකූල මෙන්ම නිත්‍යානුකූල නොවන බහු ගිණුම් හෝ අත්රූකඩ හෝ භාවිත ඇති බවයි. එසේ නම් ඔබ මේ බැඳිය භාවිතා කොට බහු ගිණුම් භාවිතය විකියෙ තහනම් නැහැ කියන්නේ කෙසේද? ෆෙලිඩේ දැන් කරන වැඩේත් ෆෙලිඩේට පසුව මෙම දෙය කල හා කරන අයත් මෙම Legitimate_uses කොටසට වැටෙන්නේද? මම උපුටා දක්වන්නම්. Wikipedia editors are generally expected to edit using only one (preferably registered) account. Using a single account maintains editing continuity, improves accountability, and increases community trust, which helps to build long-term stability for the encyclopedia. While there are some valid reasons for maintaining multiple accounts on project, the use of multiple accounts to deceive other editors, disrupt discussions, distort consensus, avoid sanctions, or otherwise violate community standards - sock puppetry - is forbidden. මේකේ අනුවාදය මෙයයි. ගිණුම් එකක් (ලේඛනගතනම් වඩාත් යෝග්‍යයයි) පමණක් භාවිතයෙන් සංස්කරණය කිරීම විකිපීඩියා සංස්කාරකවරුන් වෙතින් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙයි. එක් ගිණුමක් පමණක් භාවිතය සංස්කාරක ඒකාග්‍රතාවය පවත්වාගෙන යන අතර, වගකීම භාර කිරීම පහසු කරවන අතර, සහ ප්‍රජාවේ විශ්වාසය ඉහළ දැමීම නිසා විශ්වකෝෂයේ දිගු-කාලීන ස්ථාවරත්වය නංවයි. ව්‍යාපෘතිය තුල බහු ගිණුම් පවත්වාගෙන යෑමට නීතික හේතුන් පැවතිය හැකි නමුදු, අනෙකුත් සංස්කාරකවරුන් නොමග යැවීමට, සංවාද කඩාකප්පල් කිරීමට, සම්මුති විකෘති කෙරුමට, දණ්ඩන වැලැකුමට හෝ ප්‍රජා ප්‍රමිතීන් කෙලෙසීමට බහු ගිණුම් පවත්වාගෙන යෑම - එනම් අත් රූකඩ- තහනම් වෙයි. තවදුරටත් උපුටා දක්වන්නේ නම් The misuse of multiple accounts is considered a serious breach of community trust. It is likely to lead to a block of all affected accounts, a ban of the user behind the accounts, and on-project exposure of all accounts and IPs used across Wikipedia and its sister projects, as well as the (potential) public exposure of any "real-world" activities or personal information deemed relevant to preventing future sock puppetry. බහු ගිණුම් අපයෝජනය අතිශයින් බරපතළ ලෙස ප්‍රජා විශ්වාසය කඩකිරීමක් ලෙස සැලකෙන අතර අදාල සියළු ගිණුම් වාරණයට, පරිශීලකයා ප්‍රතිෂේධ කෙරුමට (නෙරපෙමුට) ආදිය සිදු කොට සත්‍ය පිටස්තර ලෝකයේ මෙය එළිදැක්වීමෙන් යළි අත් රූකඩ සිදුකිරීම වැලැක්වීම සිදු කළ හැකි බව දැක්වේ. මෙය කෙතරම් බරපතළ දෙයක්ද යන වග ඔබට පැහැදිලි යැයි සිතමි. --- ශ්වෙත (talk) 14:52, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
බලං ගියාම ශ්වෙත, වෙනස් වචන භාවිතා කරලා අපි දෙන්නම එකම නොවැ කියල තියෙන්නෙ. Singhalawap (talk) 18:14, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
නැහැ. ඔබ කියන්නේ විකියේ බහු ගිණුම් භාවිතය වරදක් නොවෙයි යන්න. මම කියන්නේ එය බරපතල වැරැද්දක් යන්න. ආපහු පටලවන්න එපා. මට පේන විදිහට ඔබ ඉතාමත් නරක පරිපාලකයෙක් වන ලකුණු පෙනෙනවා. --- ශ්වෙත (talk) 00:25, 26 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
ශ්වෙත වෙතින් අමතර වෛකල්පික ප්‍රශ්නයන්
1. ඉක්මන් මකාදැමීමේ උපමානය වෙත වඩා අවධානයක් මෑතදී යොමුවී ඇත. මෙම මෙවලමට අමතරව සිංහල විකිපීඩියාවේ ඇති මකාදැමීමේ වෙනත් මෙවලමක් ඔබ දන්නේද?
පිළි:ඔබ අදහස් කරන්නේ බැලූ බැල්මට හොඳ නැති ලිපියක් සේ පෙනෙන ලි‍පියක් ඉක්මන් මකාදැමීම‍‍ට යෝජනා කිරීම වෙනුවට ‍‍වඩා යෝග්‍ය වියහැකි විකල්ප පිලිබඳව යයි සිතමි. ඉංග්‍රීසි විකිපීඩියාවේ නම් මෙයට පිලිතුර ඉතා පැහැදිලිය. සිංහල විකිපීඩියාව සම්ප්‍රදායක් මෙන් ඉංග්‍රීසි විකිපීඩියාව සම්මත මත (අවැසි විට වෙනස් කරමින්) ගොඩනැගෙන බැවින් බොහෝ කරුනු අතින් පිලිතුර සමාන වනු ඇත. පහත මෙවලම් භාවිතය වඩා උචිත වීමට ඉඩඇත.‍
  1. සැකිල්ල:Expert-subject
  2. සැකිල්ල:ශුද්ධපවිත්‍ර
  3. සැකිල්ල:සිංහල නොවේ
  4. සැකිල්ල:අසම්පූර්ණ
  5. සැකිල්ල:mergewith
Singhalawap (talk)
මම අදහස් කලේ {{මකන්න}} වගේ සැකිලි ලිපියේ මුලට යොදලා බොහෝ පරිශීලකයන් සංවාදයෙහි යෙදිලා අවශ්‍ය නම් මකන්න පුළුවන්. අපේ අය වැඩිය සංවාදයේ යෙදෙනවට මම කැමතියි. විකිපීඩියාවේ සම්මුතියට වැඩ කරනව නම් අගෙයි. ඉක්මන් මකාදැමීම් උපමානයන්ට අයත් නොවන අවස්ථාවලදී මෙම සැකිල්ල භාවිතා කරන්න පුළුවන්. ඔබ පරිපාලකයෙක් වුවහොත් මේ ගැන අවධානය යොමු කරනවාද? --- ශ්වෙත (talk) 15:43, 19 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
2. ඉක්මන් මකාදැමීමේ උපමානයන් නොවන කරුණු දක්වමින් ඉක්මන් මකාදැමීමට යෝජනා කිරීම ගැන ඔබගේ අදහස් මොනවාද?
පිළි: වැඩේ වැරදියි. මමත් ඔය වරද සෑහෙන්න කරල තියනවා. තේරුනේ කාලයක් ගිහිං.
Singhalawap (talk)
මීමා වෙතින් අමතර වෛකල්පික ප්‍රශ්නය
1. Why Don't you answer for IP users? As an admin you have to responce for them as well.
පිළි:Dear මීමා, I had several reasons for that.
  1. Mainly I fount that IP users just ask questions / comment to throw mud
  2. After my detailed reply they never answer back unless I made a mistake in my reply.
  3. In Sri Lanka, most are using dynamic IP. So no way of continuing a constructive dialog.
  4. etc..
I totally agree with your opinion that "As an admin I will have to respond to them as well". So I promise wiki community to remove the ගිණුමකින් පිවිසීම සිදුකර නැති පරිශීලකයන් අදහස්වලට ප්‍රතිචාර නොදක්වමි. (Will not respond to any comment from users not logged in.) part from my user talk page if I were selected as an administrator.
Singhalawap (talk)
Still you talk page has semi-protected. Still you are not ready to get input from IP users. I don't like this kind of behavior from an admin. But if you are ready to listen them pls take first action. --මීමා (talk) 10:40, 22 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
Dear මීමා, Even I my self too do not like that kind of behavior from an admin. I am not an admin but. Singhalawap (talk) 01:44, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
ශ්වෙත වෙතින් අමතර වෛකල්පික ප්‍රශ්නය
1. මගේ මේ ප්‍රශ්නය අතිශයින් කාලීනයි. ෆෙලිඩේ වාරණය කිරීමෙන් පසුව කිහිප වතාවක් වාරණය අභියෝගයට ලක් කරමින් වෙනත් පරිශීලක නම් භාවිතා කරමින් සංස්කරණ කටයුතු කරන්න උත්සාහ කලා. ඒ අය ගැන සාකච්ඡා වෙන කොට/සමහරක් වාරණය වෙන කොට ටික කලක් මෙය නැවතී තිබී දැන් මෑතදී සිට නැවත ක්‍රියාශීලී වී සිටිනවා. දැන් ටිකක් හොඳයි. ලිපි කෑලි වලට කඩන්නේ නැහැ. ඒත් පරණ අනුවාද පරිවර්තනය කිරීම, සැකිලි භාවිතා නොකිරීම, සබැඳි නොයෙදීම ආදී ගැටළු තිබෙනවා. විශාලතම ගැටළුව මොවුන් මේ වැඩේ සල්ලි වලට කිරීමයි. කුඩාවට සිටි සිංහල විකිපීඩියා ලොකු මහත් කලේ ඔවුන් යැයිද ඒ සඳහා ෆෙලිඩේ ව්‍යාපාරය උදවු දුන් බවත් ඒ සඳහා අරමුදල් නිදහස් කල බවත් ICTA ප්‍රකාශ කොට තිබෙනවා. ෆෙලිඩේ අවතාර වාරණය කරන විට අළුත් නම් වලින් යළි මතු වෙනවා. මෙසේ කරන්නේ එක්කෝ ගත්තු සල්ලිවල ණය ගෙවන්න නැත්නම් නව අරමුදල් ලබා ගන්න. උදවුවක් කලා / කරනවා යැයි ICTA හිතුවට ඒක වැරදියි. ෆෙලිඩේ කරන මේ වැඩෙන් විකිය කැත වෙනවා අප්‍රයෝජන වෙනවා. වෙන පරිශීලකයෙකුට කියල හදාගන්න පුළුවන් වුනාට මෙම ෆෙලිඩේ කට්ටියට කිව්වට අහන්නෙත් නැහැ. මේ ප්‍රශ්නය විසඳන්න ඔබගේ යෝජනාව මොකක්ද?
පිළි:ශ්වෙත, ඇත්තටම අතිශයින් කාලීන පැනයක්. දැනටමත් මේ පිලිපඳ මගේ මූලික ‍යෝජනාවට ප්‍රජාවේ (ඔබත් ඇතුළුව) එකඟතාව ලැබුනා.පරිපාලකයන් එය ක්‍රියාත්මක කලා (මෙම සබැඳය බලන්න).ඒත් සමගම, මුදල් සඳහා අඩු ගුනාත්මක අගයෙන්යුතු ලිපි සාදන පරිශීලකයන් වාරණය කලයුතුයි කියන සිංහල විකි ප්‍රජා මතය රීතියක් වෙනවා නේද? මං හිතන්නෙ දැං අපිට අනාගතයේ මෙවැනි අවස්ථාවනට පහසුවෙන් මහුනදිය හැකියි.
Singhalawap (talk)
එක් ෆෙලිඩේ අවතාරයක් පමණක් වාරණය කිරීමෙන් මෙම ප්‍රශ්නය විස‍ඳෙයිද? මම ලැයිස්තුවක් හදලා දෙන්නම්. ෆෙලිඩේ අවතාර පැරණි හා වර්තමාන, ලේඛනගත හා නිර්නාමික ලැයිස්තුවක්. අපි ඒ ඔක්කොම වාරණය කලත් අළුත් අය එන එක වල්ක්වන්න පුළුවන්ද? ඔයා කියන ප්‍රජා රීතිය ක්‍රියාක්මක වෙනවද? කවදාද? එහෙම එකක් තියෙනව නම් මේ දැන් ක්‍රියාක්මක වෙන ෆෙලිඩේ අවතාරය ගැන ඔබ ඇතුළු සියළු දෙන නිහඞ ඇයි? සම්ප්‍රප්පලාප නොදොඩා ඔබ පරිපාලක වූ විටෙක මෙම ප්‍රශ්නය විසඳන අයුරු දක්වන්න. -- ශ්වෙත (talk) 03:57, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
තඹරු විජේසේකර වෙතින් අමතර වෛකල්පික ප්‍රශ්නය
1. ඔබ රැකියාවත් සමග තරමක් කාර්යබහුල පුද්ගලයෙකු බව් දනිමි. එනමුත් නිතර මෙහි අවධානයෙන් සිටින බිඟුවා ගේ අඩුව සම්පූර්ණ කිරීමට ඔබට හැකිවේ ද? මා අදහස් කළේ, සාමාන්‍යයෙන් ඔබ ටිකකලකට විකියේ නිහඬ වෙනවානේ. ඒක මගහරවා ගන්නා බවට පොරොන්දු විය හැකි ද? බිඟුවාට නම්, ටක් ගාලා කතාකරලා විකියේ අසුවල් දෙය වෙනවාය, පොඩ්ඩක් බලන්නය කියලා කීවා ම ටක්ස් ගාලා පියවර ගන්නවානෙ. ඒ වගේ ටිකක් Active වෙන්න පොරොන්දු වෙන්න ඔබ තුමාට පුළුවන් ද? මෙතෙක් කල් ඔබේ කාර්යභාර්යයත්, අද්විතීය අත්දැකීම් සමුදායත් අගයමි.
පිළි: අනේ මලේ එහෙම පොරොන්දුවක්නං වෙන්න බෑ. තව දෙයක්, බිඟුවාගේ අඩුව කියන දේ අදාලනෑ. මම විස්වාස කරනවා බිඟුවා දිගටම Admin rights තියන user කෙනෙක් විදියට ඉඳීවි කියල.
Singhalawap (talk)
ශ්වෙත වෙතින් අමතර වෛකල්පික ප්‍රශ්නය
1. ෆෙලිඩේ අවතාර ගැන ප්‍රශ්නයට මම පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මේ අද නිර්නාමික පරිශීලකයෙක් විදිහට ෆෙලිඩේ සංස්කරණය කරනවා. කිසිම පරිපාලකයෙකුට හෝ පරිශීලකයෙකුට මෙම විකිපීඩියාව මුදලට පාවාදී ඇස් කන් පියාගෙන ඉන්න බෑ. එයින් ගම්‍ය වන්නේ ඔවුන් මුදලට හෝ බලයට හෝ යටවී සිටින බවක්. ඔබත් එසේමද?
පිළි: මම කිසිදා මුදලට යටවී නැති බව දිවුරා වගකීමෙන් පවසමි. ඒ පිලිබඳව ආඩම්බර වෙමි.කිසිදා මුදලට යටනොවන බවට විකි ප්‍රජාවට පොරොන්දුවෙමි. ඉහතින් ශ්වෙත ඇසූ පැනයට (ප්‍රමාදවී) පිලිතුරු සපයාඇත.
Singhalawap (talk)
'කිසිම පරිපාලකයෙකුට හෝ පරිශීලකයෙකුට මෙම විකිපීඩියාව මුදලට පාවාදී ඇස් කන් පියාගෙන ඉන්න බෑ. එයින් ගම්‍ය වන්නේ ඔවුන් මුදලට හෝ බලයට හෝ යටවී සිටින බවක්.'
ශ්වේත කියන්නේ ඇස් කන් පියා ගෙන නොසිට, ඒකට එරෙහිව කතා කරන එකෙන් ගම්‍යවන්නේ මුදලට යට වීමක් කියලද​? නංගයා මතන්න 15:31, 24 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
සිංහල භාෂාවෙන් මම ලියා දැක්වූ දෙය තෝරා බේරා ගැනීමට නොහැකි මෙම පුද්ගලයා හැමවිටම මා කියන ලියන දෙය නොපිට හරවමින් කරුණු දක්වයි. බොහෝ කලක් අක්‍රීයව සිට මෙවැනි ඡන්ද අවස්ථාවලදී පමණක් සක්‍රීය වන මෙවැනි පරිශීලකයන් බොහෝ ගණනක් මේ අවස්ථාවෙහිදී සිංහල විකිපීඩියාවෙහි තෙපලමින් වහසි බස් දොඩමින් වන්දිභට්ටකම් කරමින් සිටිති. මොවුන් ගැන නිතැතින්ම සැක පහලවන බවත් පැවසිය යුතුමය. --- ශ්වෙත (talk) 17:05, 24 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
ඔබ පවසන කාරණාවේ පැහැදිලිවම විසංවාදී බවක් ඇත​. ඇත්තෙන් ම ඔබ පවසන හැම දෙයක් ම වාගේ විසංවාදී ය​. සිංහල භාෂාවෙන් ඔබ ලියූ දේ මට තෝරා බේරා ගත නොහැකිය​.

මෙම විකිපිඩියාවේ ලියාපදිංචිව සිටින අනංගයා සහ තඹරු විජේසේකර වන මා විසින් අධ්‍යාපනවිකිය නමින් නව විකියක් ඇරඹූවා. එය ශ්‍රී ලාංකේය සිසුන්ගේ නුවණ වර්ධනය සඳහා පදනම් වූවකි. මේ වනවිට එහි සැකිලි සැකසෙමින් පවතී. අනාගතයේ එහි ඩොමේන් නාමය ද නියම විකියක් පරිද්දෙන් සැකසෙනු ඇති. ඔබේ නොමසුරු දායකත්‍වයන් අප අගයන්නෙමු. මෙයට පිවිසීම සඳහා http://wiki.heymaal.info/ වෙත පිවිසෙන්න. එහි ලියාපදිංචිවූ පරිශීලකයෙකු ලෙස ඔබේ දායකත්‍වයන් ද ලබා දෙන්න. ස්තූතියි. --තඹරු විජේසේකර සාකච්ඡාව 12:57, 5 පෙබරවාරි 2011 (යූටීසී)

මේකේ විදිහට පරිශීලක: අනංගයා සහ පරිශීලක: තඹරු විජේසේකර දෙන්නම එක් කෙනෙක්! අපි චෙක් යූස ගෙන් අහල බලමුද?--ශ්වෙත (talk) 14:32, 6 පෙබරවාරි 2011 (යූටීසී)''
එතකොට මේ කතාව ඔබට තෝරා බේරා ගත නො හැකි වූයේ කවර හෙයින් ද​? මෙය ලියා ඇත්තේ සිංහල නො වන අන් බසකින් ද​? නංගයා මතන්න 18:05, 24 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
කතාව මැදට පැන්නාට සමාවෙන්න ඕන. ශ්වේත, ඔයා අනංගයාට මෙහෙම කතාකරන එක වැරදියි. ඡන්දවලදී විතරක් මතුවෙන තවත් එක්කෙනෙක් මේ ඡන්දෙදිත් අපිට දකින්න පුළුවන්. විකියෙ අවදියෙන් ඉන්න ඔයා මේක දැක්කෙ නැති එක පුදුමයි! අනික තමන්ගෙ අදහස ප්‍රකාශ කරන්න ඕනෑම පරිශීලකයෙකුට අයිතිය තියෙනවා. තමන්ගේ තර්කානුකූලත්‍වය අනුව ඕනෑම විදියකට වදන් ගලපන්න තහනමක් නැහැ. ඒ වගේ ම එහෙම දේකට නිවැරදිව මුහුණ දෙන්නත්, පරිස්සමින් කරුණු පැහැදිලි කරලා දෙන්නත් අපි සූක්‍ෂ්ම වෙන්න ඕන. එහෙම නේද? ඔයා හැම පරිශීලකයෙකු ම විවිධ පැතිකඩවලින් දකිනා බවක් මම දකිනවා. ඒ වගේ ම කෙලින් ම ඒවා අහනවා. ඒක මම අගයනවා. හැබැයි සහෝ, ටිකක් ඒක ශාන්තිවාදීව කරනවා නම් තමා වඩාත් හොඳ. මොකද අපි අතර වෛරයක් නැහැනෙ. ඕනෑම දෙයක් හෙමින් කතා කරලා විසඳගන්න පුළුවන්. --තඹරු විජේසේකර සාකච්ඡාව 15:13, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
පසිඳු කාවින්ද වෙතින් අමතර වෛකල්පික ප්‍රශ්නය
1. අනේ අම්මප මෙහෙමත් මිනිස්සු! තාම චන්ද දිදී ඉන්නවනේ? මේ විදියට ගියොත් නම් මේ විකියට Admin ල පත් කොරන එක බොරු වැඩක්. අවුරුදු 4 ක් විතර සේවය කරපු Sinhalawap ව ඔච්චර විශ්වාශ නැති අයත් ඉන්නවනේ? සිඳු කාවින්ද  සාකච්ඡාව 12:31, 26 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

සහාය දෙනවා සංස්කරණය

  1. Support නංගයා මතන්න 08:54, 19 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
  2. Support -- බිඟුවා සාකච්ඡාව 12:14, 23 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
  3. Support - Shane44 (talk) 14:27, 24 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
  4. Support තඹරු විජේසේකර සාකච්ඡාව 02:17, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
  5. Support - --උපුල් (talk) 16:59, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
  6. Support සිඳු කාවින්ද  සාකච්ඡාව 12:24, 26 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
  7. Support -- සමන් (talk) 12:40, 26 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
  8. SupportCwijayakoon (talk) 17:29, 27 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

විරුද්ධ වෙනවා සංස්කරණය


මධ්‍යස්ථ සංස්කරණය

  1. මධ්‍යස්ථ ශ්වෙත (talk) 09:20, 18 සැප්තැම්බර් 2011 (යූටීසී) නාමයෝජිතයා යෝජනාවට කැමැත්ත පල කිරීමට පෙර භාවිතා කල ඡන්ද වලංගු නොවන බව යෝජනාකරමි. යෝජිතයා අසා ඇති ප්‍රශ්න වලට ඉක්මන් පිළිතුරු ලබා දෙන්නේ නම් මැනවි.[reply]
තවමත් යෝජනාව ඡන්ද දීම සඳහා වලංගු නොවන නිසා එම ඡන්දය ඉවත් කිරීම සුදුසුයැයි සිතමි. ඔහු නැවතත් ඡන්දය දීමට වඩා සුදුසුයැයි සිතමි. -- බිඟුවා සාකච්ඡාව 09:23, 18 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
මිනිස්සු අතින් වෙන මේ වගේ අත්වැරදීම්වලට ඔච්චර කෑ ගහන්නේ ඇයි? තඹරු ඇඩ්මින් ඉල්ලුවම කමෙන්ට් කරද්දී ඔයාගේ අතිනුත් අත්වැරද්දක් උණා නේද​?
15:10, 10 පෙබරවාරි 2011 වන විට කර ඇති වැරැදීමකින් ප්‍රවිශ්ට නොවී සිටියදී මා විසින් සිදු කල සංස්කරණය [1] මා විසින් කල වැරැද්ද අවබෝධ කර ගත් සැණින් (විනාඩි 2 ක් ඇතුලත) 15:12, 10 පෙබරවාරි 2011 වන විට [2] ලෙසින් සංශෝධනය කලෙමි. මෙහිදී අන්තර්ජාල ලිපිනයක් භාවිතා කරමින් මගේ අනන්‍යනතාවය සැඟවීමට යත්න නොදැරුවෙමි. එබැවින් මා sockpuppet වරයෙකු යැයි අර්ථ විග්‍රහ කරන්නේ හෝ සැක කරන්නේ කෙලෙසදැයි විමසමි. en:Wikipedia:Sock puppetry හි දැක්වෙන Logging out to make problematic edits as an IP නමැත්ත මා මෙහිදී සිදු කර නොමැත. සිදුවී ඇති අත්වැරැද්ද මා සැණෙකින් නිවැරැදි කල බවත් එනයින් මාගේ අනන්‍යනතාවය අවබෝධ කරගැනීම පහසු බවත් මෙහිදී මා දන්නා පමණින් sockpuppet ගණයෙහි වැරැද්දක් සිදුවී නොමැති බවත් දන්වා සිටිමි.
පරිශීලක:මීමා විසින් සිදු කොට මෙලෙස [3] පරිශීලක:බිඟුවා විසින් නිවරද කල අත්වැරැද්දද sockpuppet ගණයට වැටෙන්නේද? මෙවැනි අත්වැරැදි පරිහීලකයන් අතින් සිදු විය නොහැකිද?--- ශ්වෙත (talk) 13:51, 17 පෙබරවාරි 2011 (යූටීසී)
මේ ඔයාගෙම වචන නේද​? ඒත් ඔයා තඹරුගෙ අතිනුත් මොකක් හරි අත්වැරැද්දක් උන හැටියෙ එයාට පන්න පන්න ගහනවනෙ. මොකක්ද ඔයාගෙ අරමුණ​?
ඔයා ඔයාගේ මතය කිව්වා. පසිඳුට එයාගේ මතය කියන්න දෙන්න​. ඔහු වංචා සහගත වැඩක් කරන්න ගිහින් නෑනේ! ප්‍රජාවට ගරු කරන්න​. නංගයා මතන්න 08:53, 19 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
මම මගේ මතට ප්‍රකාශ කලාට පසුව පසිඳුට එයාගේ මතය කියන්න මම ඉඩ දුන්නේ නැතැයි ඔබ පවසන්නේ කුමන සිදුවීමක් මුල් කරගෙනදැයි කරුණාකර පවසන්නේ නම් ඔබගේ චෝදනාවට මට ප්‍රතිචාර දැක්විය හැකියි. ---ශ්වෙත (talk) 13:32, 19 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
  1. මධ්‍යස්ථ --මීමා (talk) 10:46, 22 සැප්තැම්බර් 2011 (යූටීසී) Vote karanna kattiya ko? Adminla vote danne nedda? active kiyala mokekwath nedda vote karanna. nethnam meyata vote karanna kemathi nedda?[reply]
කාගෙවත් ඡන්ද ගැන හොයන්නේ නැතුව තමන්ගේ ඡන්දය දැම්මා නම් හරිනේ. අනික ඇඩ්මින් කෙනෙක්ගේ ඡන්දයක වටිනාකමත් සාමාන්‍ය පරිශීලකයෙක්ගේ ඡන්දයක වටිනාකමත් එක සමානයි. වෙනසක් නැ.-- බිඟුවා සාකච්ඡාව 12:21, 23 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
hari hari. okata ochchara mora denna one ne. mama vote karannamko. --මීමා (talk) 09:19, 26 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
  1. මධ්‍යස්ථ ශ්වෙත (talk) 16:20, 26 සැප්තැම්බර් 2011 (යූටීසී) පසිඳු කාවින්ද පැණයේදී මා සමග සිටි මොහුට විරුද්ධව ඡන්දය දීමට මට නොසිතේ. ඒ වුවද විකිපීඩියා රීති ගැන ඔහුගේ දැනුම මද බවද, මතයන්හී ඔහුගේ දැඩි එල්බ ගැනුමද, නිදහස්ව යමක් විමසා බැලුමට ඔහු තුල ඇති නොහැකියාවද නිසා මෙම උත්තම තනතුරට ඔහු තාම සූදානම් නොවන බව මට පෙනේ. මොහුට පක්ෂව ඡන්දය ප්‍රකාශ කල අය හුදෙක් සිතට වහල්ව මිස මනසෙන් විමසා එය නොකල බව පෙනේ. විකිපීඩියාව දැඩි අගාධයකට යොමු වෙමින් පවතියි. විකිය පවත්වා ගෙන යෑමට ඕනෑම නීති විරෝධි වැඩකට සහයෝගය දෙන බව දැනට සක්‍රීයව සිටින පරිපාලකවරු දෙදෙනාම ක්‍රියාවෙන් ඔප්පු කිරීමට අමතරව වචනයෙන්ද ප්‍රකාශ කරති. මම මධ්‍යස්ථව සිටින අතර කිසියම් අවිනිශ්චිත කලකට විකියෙන් බැහැර වෙමි. මෙම අවිනීත සමය තුල විකියට කුමක් වේද යන්න මම නොදනිමි. එය ගැන සිතීමට පවා බිය වෙමි. Friends, Romans, countrymen, lend me your ears; I come to bury Caesar, not to praise him. The evil that men do lives after them;....... සහෝදර විකිපීඩියානුවෙනි...මම නැගී සිටින්නේ සිංහල විකිපීඩියාව වර්ණනා කිරීමට නොව එය වළදැමීමටයි. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව එය පසු පසින් කිණිසි පහර එල්ල කර ඇත. එම කිණිස්ස නිමැවී ඇත්තේ ඉංග්‍රීසි මාතෘකා සිට යළියොමුව, ඉංග්‍රීසි සැකිලි බුරුතු පිටින් ආයාත කිරීම, ඒවා සිංහලට පරිවර්තනය කිරීමට කිසිදු උත්සාහයක් නොදැරීම, දැනට පරිවර්තනය කර ඇති සැකිලි භාවිතයට නොගැනීම, විකීපිඩියා රචනයන් ඉංග්‍රීසියෙන් සෘජු ආයාත කිරීම, ඒවා සිංහලට පරිවර්තනය නොකිරීම, ඉහත දෙයින් ඉංග්‍රීසි නොදත් විශ්වවිද්‍යාල සිසුන්, පාසැල් සිසුන් ආදීන් විකියට දායකත්වය දැක්වීම වැලැක්වීම, විකියෙහි පාලනය ඉංග්‍රීසි දත් අතලොස්සක් මත පවත්වා ගෙන යෑම, විකියෙහි ලිපි සංඛ්‍යාව ලොවට පෙන්විය යුතු බැවින් මකා දැමිය යුතු ලිපි මකා නොදමින් ඒවා යළියොමු කිරීම, වාරණය කල යුතුවන්ට තනතුරු දෙමින් ඔවුන් පිනවීම, මේ මගින් විකියේ තත්වය බාල්දු කිරීම, ලිපි තුල සැකිලි භාවිතා නොකිරීම, ලිපි තුල සබැඳි නොයෙදීම, මේ මගින් අප්‍රයෝජන ලිපි ගොහොරුවක් මිස ලිපි එකිනෙක බැඳි විශ්වකෝෂයක් නිර්මාණය නොවීම, දායකයන් හරි මග යවමින් විකිය ගොඩ නැංවීමේ ප්‍රතිපත්තියක් වෙනුවට දායකයන්ට වල් බූරු නිදහස දී ලිපි සංඛ්‍යව නංවා ගැනීමේ ගොන් තකතීරු ප්‍රතිපත්තියක් භාවිතා කිරීම ආදි මෙකී නොකී දෙයින් වේ. සහෝදර සිංහල වැප්...ඔබ හෘදය සාක්ෂියක් ඇති උගත් වෘත්තිකයෙක් නම් මේ මහා පාවාදීමට මේ මහා පාප කර්මයට උදවු නොකරන්න. ජය![reply]

ස්තූතිය සංස්කරණය

පරිපාලක තනතුර‍ට මගේ නම යෝජනා කල පරිශීලක:බිඟුවා‍ටත් ස‍හයදක්ව‍මින් සහ මධ්‍යස්ථ බව පලකරමින් ‍ඡන්දය දුන් සැමටත් මගේ ස්තූතිය පිරිනමමි.
මා ගැන තැබූ විශ්වාස‍ය ආරක්‍ෂාකිරීමට ක්‍රියා කරනබව නැවතත් පොරොන්දු වෙමි.
පරිපාලක කටයුතු ඉගෙනීම සඳහා උදවු කරනමෙන් බිඟුවා සහ Lee ගෙන් ඉල්ලා සි‍ටිමි.
මාගේ අඩුපාඩු මාහට පවසනටමෙන් ප්‍රජාවෙන් ඉල්ලාසිටිමි.
Singhalawap (talk) 17:55, 6 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]