විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 19

නොවැම්බර් 19: මාලි රාජ්‍යයේ විමුක්ති දිනය

  • 1492ක්‍රිස්ටෝෆර් කොළොම්බස් මුලින්ම ගොඩ බැස්සේ ඔහු සොයාගත් දූපතට වන අතර එය සැන් ජුවාන් බැටිස්ටා (පසුව පුවටෝ රිකෝ) ලෙස නම් කළේය.
  • 1862 – ශ්‍රී ලංකාවේ ගාල්ලේ සිට එංගලන්තය බලා පිටත්ව ගිය ද කලම්බෝ මගී නෞකාව මාලදිවයින ආසන්නයේදී ගිලී ගියේය.
  • 1946ඇෆ්ගනිස්ථානය, අයිස්ලන්තය සහ ස්වීඩනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ විය.
  • 1985සීතල යුද්ධය: එක්සත් ජනපදයේ ජනාධිපති රොනල්ඩ් රේගන් සහ සෝවියට් සංගමයේ නායක මිහායිල් ගොර්බචොෆ් පළමු වරට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරහිදී හමුවිය.
  • 2005මහින්ද රාජපක්ෂ (සේයාරුව) ශ්‍රී ලංකාවේ 6 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය
  • 2010නවසීලන්තයේ පතලක සිදුවූ පිපිරීම් හතරකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 18නොවැම්බර් 19නොවැම්බර් 20