බොහෝ විට රජයේ නිවාඩු දිනයක් වන විමුක්ති දිනය යනු, නිදහස් දිනයකට සමානකම් දක්වමින්, කිසියම් ස්ථානයක විමුක්තිය සිහි කෙරෙන දිනයකි. විමුක්තිය යන්නෙන් සනිටුහන් වන්නේ, කියුබාව අරභයා වැනි විප්ලවයක් සිදුවූ දිනයක් හෝ, පෘතුගාලය අරභයා වැනි පීඩාකාරී රාජ්‍ය තන්ත්‍රයක නිමාව හෝ, නෙදර්ලන්තය අරභයා වැනි වෙනත් රාජ්‍යයක් වෙතින් වූ හමුදාමය අධිවසනත්වයේ කෙළවර හෝ වන අතර, වෙනත් රටක් විසින් ඉවත්වයෑම වන්නාවූ නිදහස යන්නෙන් වෙනස් වෙයි.

ලැයිස්තුව සංස්කරණය

රට දිනය සිද්ධිය
  කියුබාව ජනවාරි 1 1959 - ෆිඩෙල් කැස්ට්‍රෝගේ නායකත්වය යටතේ කියුබානු විප්ලවය
  කාම්බෝජය ජනවාරි 7 1979 - කෙමර් රූජ් වෙතින් විමුක්තිය
  ටොගෝ ජනවාරි 13 1967 - එච්චෙන් ඉයර්ඩෙමාගේ නායකත්වය යටතේ හමුදාමය කුමන්ත්‍රණය
  උගන්ඩාව ජනවාරි 26 1986 - ටිටෝ ඔකෙලෝගේ පාලන තන්ත්‍රයෙහි නිමාව
  ඇෆ්ගනිස්තානය පෙබරවාරි 15 1989 - ඇෆ්ගනිස්තානයෙන් සෝවියට්වරුන් ඉවත්වීම
  කුවේටය පෙබරවාරි 26 1991 - ඉරාකය වෙතින් විමුක්තිය
  ඉතියෝපියාව මැයි 5 1941 - ඉතාලිය වෙතින් විමුක්තිය
  ඩෙන්මාර්කය මැයි 5 1945 - නාසි ජර්මනිය වෙතින් විමුක්තිය
  නෙදර්ලන්තය මැයි 5 1945 - නාසි ජර්මනිය වෙතින් විමුක්තිය
  මාලි නොවැම්බර් 19 1968 - මොඩිබෝ කෙයිටාගේ රාජ්‍ය තන්ත්‍රයේ කෙළවර
  ඇල්බේනියාව නොවැම්බර් 29 1944 - නාසි ජර්මනිය වෙතින් විමුක්තිය (Dita e Çlirimit ලෙසින්ද දේශීය ලෙසින් හැඳින්වේ)
  ගෝවා දෙසැම්බර් 19 1961 - පෘතුගාලය වෙතින් විමුක්තිය
"https://si.wikipedia.org/w/index.php?title=විමුක්ති_දිනය&oldid=303763" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි