රොනල්ඩ් විල්සන් රේගන් (1911 පෙබරවාරි 06 – 2004 ජුනි 05) ඇමරිකා එක්සත් ජනපදයෙහි 40 වන ජනාධිපති වන අතර (1981 – 1989) කැලිෆෝනියා ප්‍රාන්තයෙහි 33 වැනි ආණ්ඩුකාරවරයාය. (1967 – 1975). ඉගිනොයිස් හි උපත ලබා ඔහු 1930 දී කැලිෆෝනියා ප්‍රාන්තයෙහි ලොස් ඇන්ජලීස් ප්‍රදේශයට සංචරණය කරන නළුවෙකු බවට පත් විය. එහිදි ඔහු Screen Actors Guild (SAG) සභාපතිත්වය දරණ ලද අතර General Electric හි නියෝජිතයෙකු විය. මෙම General Electric සේවය කරන සමයේදී ඔහු දේශපාලනයට අවතිර්ණ වු අතර මුල් යුග වලදී ඔහු ඩිමොක්රටික් පාක්ෂික යෙකු වු අතර 1972 දී ඔහු රිපබ්ලිකන් පාර්ශ්විකයෙකු බවට පත් වුණි.1964 දී ජනාධිපති අපේක්ෂකයෙකු වු Barry Goldwater හට සහය පල කරමින් කරන ලද ප්‍රබෝදමත් දේශණයකින් පසු ඔහු කැලිෆෝනියා ප්‍රාන්තයෙහි ආණ්ඩුකාර ධූරයට පත් වීම සදහා අවධානය යොමු කරන ලදී. ඉන් වසර 2 කට පසු ඔහු කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධූරයට පත් වු අතර 1970 දී නැවතත් එහි ආණ්ඩුකාර ධූරයට පත් වන ලදී. ඔහු රිපබ්ලිකන් ජනාධිපති නාම යෝජනා බාර දෙන අවස්ථාවන් හිදි 1968 දී සහ 1972 දී දෙවරක් පරාජයට පත් වු අතර 1980 දී නාම යෝජනා සහ ජනාධිපතිවරණය යන දෙකම ජයග්‍රහණය කරන ලදී.

tiny globe
තනතුර ඇමරිකා එක්සත් ජනපදයේ 40 වැනි ජනාධිපති
කාර්ය සමය 1981 ජනවාරි 20 – 1989 ජනවාරි 20
උප ජනාධිපති ජෝර්ජ් H.W. බුෂ්
පෙර සිටි ජනාධිපති ජිමි කාටර්
පසු වු ජනාධිපති ජෝර්ජ් H . W. බුෂ්
තනතුර කැලිෆෝනියා ප්‍රාන්තයෙහි 33 වැනි ආණ්ඩුකාර
කාර්ය සමය 1967 ජනවාරි 3 – 1975 ජනවාරි 7
මින් පෙර පාලනය කළේ ජේෂ්ඨ එඩ්මන්ග් G. පැට් බ්‍රව්න් (Edmund G. "Pat" Brown, Sr)
ඉන් පසුව පාලනය කළේ කණිෂ්ඨ G.එඩ්මන්ග් ජෙරී බ්‍රව්න් (Edmund G. "Jerry" Brown, Jr)
උපත 1911 පෙබරවාරි 06, ටැම්පිකෝ ඉලිනොයිස්
විපත 2004 ජුනි 05(වයස අවුරුදු 93), බෙල් එයාර්, ලොස් ඈන්ජලීස්, කැලිෆෝනියා
ජාතිය ඇමෙරිකානුවෙකි.
දේශපාලන පක්ෂ රිපබ්ලිකන් පාක්ෂිකයෙකි
භාර්යාව
1.ජේන් වයිමන් (1940 දී විවාහ කර ගෙන 1948 දී දික්කසාද කරන ලදී)
2. නැන්සි ඩෙවිස් (1952 දී විවාහ කර ගන්නා ලදී)
ඉගෙනගත් පාසල Eureka විද්යාලය
රැකියාව රංගන ශිල්පියෙකි
ආගම Disciples of Christ හි බෞස්තිම කරන ලද අතර පසු කාලීනව Presbyterian පල්ලිය ඇසුරු කරන ලදී.
අත්සන


ජනාධිපති වශයෙන් රොනල්ඩ් රේගන් විසින් අළුත් දේශපාලන මුලාරම්භයක් සහ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කරන ලද අතර සීමාසහිත අණ්ඩුවක් සහ ආර්ථිකයෙහි laissez – faire දර්ශණයක් සඳහා උපාදෙස් දෙන ලදී. නමුත් ඔහුගේ මෙම දර්ශණයන් ක්‍රියාවට නැංවීමේ හැකියාව පිළිබඳව මත භේද පැවතිනි. සැපයුම් පාර්ශවයේ ආර්ථික ප්‍රතිපත්ති සඳහා “Reaganomics” ලෙස හඳුන්වන ලද අතර මේ සඳහා 1981 දී සම්පාදනය කරන ලද සැලකිය යුතු බදු කප්පාදුවක් ද අයිති වේ. ඔහු ඝාතනය කිරීමේ ප්‍රයත්නයකින් දිවි ගලවා ගැනීමෙන් පසුව සහ ග්රේනේඩා හි මත භේදාත්මක හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුව 1984 දී ඔහු ජනාධිපති ලෙස නැවත වරක් තෝරාපත් කර ගනු ලැබුණි.

රේගන්ගේ දෙවන සමය සංකේතාත්මක කරනු ලැබුයේ සීතල යුද්ධය අවසන් කිරීමෙන් සහ ඉරාන ප්‍රතිවිරුද්ධ සම්බන්ධතාවයන් හෙලි දරවු කිරීමෙන් පසුවය. ඔහු විසින් සෝවියට් ජනපදයට එරෙහිව ගොඩ නැගුණු හමුදාමය ශක්තිමත් කිරීම සඳහා අණ දෙන ලදී. ඔහු ප්‍රසිද්ධියේම සොවියට් ජනපදය දරුණු අධිරාජ්යයක් ලෙසට නිර්වචනය කරන ලද අතර ලොව පුරා කමියුනිස්ට් විරෝධී ක්‍රියාකාරකම් සඳහා සහාය පල කරන ලදී. ඔහුගේ මෙකි විරෝධතාවයන් මතු වුවත් සොවියට් ජනපද මහලේකම් Mikhail Gorbachev සමග එක්ව දෙරටෙහිම න්‍යෂ්ටික බලය පාලනය කර ගැනීම පිළිබඳව ගිවිසුම් ඇති කර ගන්නා ලදී. ඔහු 1989 දී තම කාර්යාලය හැර ගිය අතර 1994 දී හෙලිදරව් වු ආකාරයට ඔහු හට ඇල්ෂයිමර් රෝගය ඇති බවට සොයා ගන්නා ලදී. මින් වසර 10 කට පසු එනම් වයස 93 ක් ආයු වළදා ඔහු අභාවප්‍රාප්ත වු අතර මත විමසුමකින් අනුව හිටපු ජනාධිපතිවරුන් අතරින් ඉහළ ජනප්‍රියතාවයක් ලබාසිටි අයෙකු විය.

විවාහය සහ දරුවෝ සංස්කරණය

මුල් විවාහය සංස්කරණය

බිරිඳ: ජේන් වේමන්

දෙවන විවාහය සංස්කරණය

 
විවාහ මංගල්‍යයෙන් පසුව වියලා සංරක්‍ෂණය කල රොනල්ඩ් සහ නැන්සි රේගන් යුවලගේ විවාහ මල් කළඹ

බිරිඳ: නැන්සි ඩේවිස්

"https://si.wikipedia.org/w/index.php?title=රොනල්ඩ්_රේගන්&oldid=545524" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි