ලයිබීරියා නිළ වශයෙන් ලයිබීරියා සමුහාණ්ඩුව ලෙස බටහිර අප්‍රිකානු වෙරළතීරයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ සෙයිරා ලෙයෝන්, ගිනියා, කෝට් සි‍ල්වෙසෝර් සහ අත්ලාන්තික් සාගරයටය. 2008 සංඛ්‍යා ලේඛනයන්ට අනුව එරට ජනගහනය 3,476,608 වන අතර භුමි ප්‍රමාණය වර්ග කි.මී. 111,369 (වර්ග සැතපුම් 43,000) ක් වේ. අගනුවර වන්නේ මොන්රෝවියාය. ලයිබීරියාහි උණුසුම් කාලගුණයක් ඇති අතර ග්‍රිෂ්ම කාලයේ වර්ෂාව හා වියළි කාලයේ තද සුළං ද ඇති වේ. ලයිබීරියානු පෙපර් වෙරළතීරය ජනාකීර්ණ ප්‍රදේශයක් වන අතර, එහි කඩොලාන වනාන්තර සහ රට අභ්‍යන්තරයේ සුළු වශයෙන් වනාන්තර ඇත. එය ක්‍රමයෙන් වියළි තණබිම් කරා විවෘත වේ. අප්‍රිකානු රාජ්‍යයන් අතරේ ලිබරියන් ඉතිහාසය විශේෂිතය. නැව්වලින් නිදහස් කරගත් වහලුන් ද මෙම රටට එවන ලදි. මෙම ජනපදයෙන් ලයිබීරියානු සමාජය තුල ප්‍රභූ සමාජයක් ගොඩනැගූ අතර 1847 දි ඔවුන් ලයිබීරියන් සමුහාණ්ඩුව සොයා ගන්නා ලදි. ඇමරිකාව තුල පැවති පාලන තන්ත්‍රයේ ආකෘතියක් ඔවුන් ‍‍මොන්රෝවියා ලෙස ඇති කල අතර අගනුවර වුයේ ‍ජේම්ස් මොන්රෝයිය. ඇමරිකානු ජනාධිපතිවරයා මෙහි ජනපද පිහිටුවීමට ආධාර කළේය. 1980 දි හමුදා බලඇණියක් විලියම් ආර්. වෝල් බට්ගේ පාලනය යටතේ ලබා ගත් අතර එය අස්ථාවර කාලයක් බවට පත්වෙමින් සිවිල් යුද්ධයට හා රටේ ආර්ථිකයට බලවත් සේ පහරක් වැදුණි. වර්තමානයේ ලයිබීරියාව එම යුද්ධයෙන් හා කඩා වැටුණු ආර්ථිකයෙන් ගොඩනැගෙමින් පවතී. සංඛ්‍යාලේඛන සඳහන් කරන පරිදි ජනගහනයෙන් 35% දිනකට ඇ. ඩොලර් 1.25 අඩුවෙන් ආදායමක් ලබයි.

tiny globe
             කොඩිය
ජාතික ගීය All Hail, Liberia, Hail! (ඕල් හේල්, ලයිබීරියා හේල්!)
             සිතියම
LocationLiberia.svg
අගනුවර සහ විශාලම නගරය මොන්රෝවියා
උතුරු අක්ෂාංශ 6 19' බටහිර දේශාංශ 10 48'
රාජ්‍ය භාෂාව ඉංග්‍රිසී
රාජ්‍ය ජනාධිපති
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 111 369
වර්ග සැතපුම් 43 000
ජලය (%) 13.514
            ජනගහනය
2009 තක්සේරුව 3 955 000
ඝනත්වය වර්ග කිලෝමීටර 35.5
වර්ග සැතපුම් 92.0
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 1.471
සාමාන්‍ය ඩොලර් 373
මුදල් ලයිබීරියන් ඩොලර් (LRD)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .lr
දුරකථන සංකේත 231
"https://si.wikipedia.org/w/index.php?title=ලයිබීරියාව&oldid=472598" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි