රාවණන් (සිංහල: රාවණා) යනු 2010 ඉන්දියානු දෙමළ වීරකථා වික්‍රමාන්විත චිත්‍රපටයකි. මෙහි සම-රචනය, සම-නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ මණි රත්නම් විසිනි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ වික්‍රම්, අයිෂ්වර්යා රායි සහ පෘථිවිරාජ් විසිනි. කාර්තික්, ප්‍රභූ සහ ප්‍රියාමණි මෙහි සහාය රංගනයෙන් දායක වෙති. මෙම චිත්‍රපටය ඒ හා සමගාමීව හින්දි බසින් රාවන් ලෙස නිර්මාණය වූයේ, තරමක් වෙනස් නළු කැළක් සමගිනි. එසේම මෙම චිත්‍රපටය තෙලිඟු බසින් හඬකවා Villain ලෙස නම්කෙරිණි. මෙම චිත්‍රපට ප්‍රභේද තුනම 2010 ජූනි 18 දින සමගාමීව මුදාහැරිණි.

රාවණන්
සිනමාශාලා පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයමණි රත්නම්
රචනයසුහාසිනි (දෙබස්)
තිර රචනයමණි රත්නම්
නිශ්පාදනයමණි රත්නම්
ශාරදා ත්‍රිලෝක්
රංගන ශිල්පීන්වික්‍රම්
අයිෂ්වර්යා රායි
පෘථිවිරාජ්
කාර්තික්
ප්‍රභූ
ප්‍රියාමණි
මුන්නා
ජෝන් විජේ
සිනෙමාරූපණයසන්තෝෂ් සිවන්
වී. මණිකන්ඩන්
සංස්කරණයශ්‍රීකර් ප්‍රසාද්
සංගීතයඒ. ආර්. රහ්මාන්
Production
company
බෙදාහැරීමරිලයන්ස් බිග් පික්චර්ස්
සෝනි පික්චර්ස්
අයංගාරන් ඉන්ටර්නැෂනල්
නිකුත්වූ දිනය
  • 18 ජුනි 2010 (2010-06-18)
තිර කාලය
මිනිත්තු 134
රටඉන්දියාව
භාෂාවදෙමළ
පිරිවැයINR35 කෝටි (US$5.5 මිලියන)[1]
ආදායමINR65 කෝටි (US$10 මිලියන)[2]

චිත්‍රපටය මගින් රාමායණයේ එන උභතෝකෝටික ගැටලුවක් නිරූපණය කරයි. මෙහි කෲර පොලිස් නිලධාරියකු සිය බිරිඳව පැහැර ගන්නා, නීති උල්ලංඝනය කරන ගෝත්‍රික නායකයකු පසුපස හඹායයි. වීරයියා නැමැති මෙම නායකයා ඇයව පැහැරගන්නේ පොලිස් සිරභාරයේ දී කෲර ලෙස වධහිංසාවන්ට සහ දූෂණයන්ට ලක්ව මියගිය සිය නැගණිය වෙනුවන් පලිගැනීමටයි. චිත්‍රපටය තුළින් නිලධාරියාගේ ‍ගවේෂණයත්, ඒ අතරතුර කථා නායක නායිකාවන් තිදෙනා තුළ එකිනෙකා කෙරෙහි වන හැඟීම් විපර්යාසයකට ලක්වන අයුරුත් නිරූපිත ය. මෙම චිත්‍රපටය සඳහා ස්ටොක්හෝම් සහලක්ෂණය පාදක වී ඇත.

රාවණන් පිළිබඳ නිවේදනය කෙරුණේ 2008 පෙබරවාරි මස ය. මෙය සුප්‍රකට මණි රත්නම් අධ්‍යක්ෂකවරයාගේ දෙමළ චිත්‍රපට ක්ෂේත්‍රයේ යළිආගමනය සනිටුහන් කළේ ය‍. මෙහි ප්‍රධාන චරිත සඳහා වික්‍රම් සහ අයිෂ්වර්යා රායි තෝරාගැනීම නිසා ඒ දෙස වූ අවධානය වැඩි විය. ඉන් මඳ කලකට පසුව රූගත කිරීම් ඇරඹි අතර, එය ඉන්දියාවේ චාලකුඩි, කේරළ, ඌටි සහ තමිල් නාඩුව ඇතුළු ප්‍රදේශ රැසක සිදු විය. යහපත් මෙන්ම මිශ්‍ර ප්‍රතිචාර ද ලද මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් අතින් සාමාන්‍ය වාර්තා තැබීමට සමත් විය.

කථාපුවත සංස්කරණය

චිත්‍රපටය ඇරඹෙන්නේ වීරයියා (වික්‍රම්) ගල්කුලක සිට ජලයට පනියි. ඔහුගේ කල්ලිය විසින් පොලීසිය නොමග යවන අතර, පොලිස් වාහන ගිනිතබනු ලැබෙයි. වීරාගේ මිනිසුන්ගේ ප්‍රහාරයෙහි යෙදෙන අතරතුර කාන්තාවන් විසින් පොලිස්කරුවන් සිය වසඟයට ගනු ලබයි. බෝට්ටු සවාරියක නිරතව සිටින රාගිනීව (අයිෂ්වර්යා රායි) වීරා විසින් පැහැරගැනෙයි. ඇගේ සැමියා වන දේව් ප්‍රකාශ් (පෘථිවිරාජ් සුකුමාරන්) පොලිස් අධ්‍යක්ෂකවරයකු වන අතර, ඔහුට ඇගේ පැහැරගැනීම පිළිබඳ ආරංචි වේ.

ප්‍රාදේශීය පුවත්පතක වීරයියාගේ කථාව ඡායාරූප පෙළක් ලෙස පලවෙයි. මෙහි ඔහුව දක්වා ඇත්තේ සිය සොහොයුරන් වන සිංගරාසු (ප්‍රභූ) සහ සක්කරෛ (මුන්නා) සමගින් තිරුනෙල්වේලි අසල විකල්ප රජයක් ගෙනයන ප්‍රාදේශීය වීරයකු ලෙසයි. පොලීසිය විසින් ඔහුව ත්‍රස්තවාදියකු ලෙස සැලකුව ද ඔහු ගම්වැසියන්ගේ ගෞරවයට පාත්‍ර වූවෙකි. ඔහු රාගිනීව පැහැරගන්නේ සිය සොයුරිය වන වෙන්නීලාගේ (ප්‍රියාමණි) මරණයේ පලිය ගැනීමටයි. කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ දී මියයාමට අකමැති රාගිනී ගිරි කුලක සිට පහතින් වූ දිය ඇල්ලවෙත පනියි. නමුත් ඇගේ දිවි බේරෙන අතර, වීරා ඇයව මරා නොදමන්නේ මරණයට බිය නොමැති අයකු මරාදැමීම නිෂ්ඵල යැයි සිතන හෙයිනි.

දේව් සහ ඔහුගේ කණ්ඩායම ප්‍රාදේශීය වනාරක්ෂකයකු වන ඥානප්‍රකාසම්ගේ (කාර්තික්) සහාය ඇතිව වනාන්තරයට පිවිසෙයි. වනාන්තරයේ ගැඹුරටම පරීක්ෂා කළ ද දේව් හට වීරා සොයාගත නොහැකි වේ.

මේ අතර වීරාගේ සොයුරියගේ මරණය පිළිබඳ පුවත ඇසීමෙන් පසු රාගිනී තුළ වීරා කෙරෙහි හැඟුම් දළුලා වැඩෙයි. දේව් විසින් වෙන්නීලාගේ විවාහ මංගල දිනයේ වීරාට එරෙහිව මෙහෙයුමක් දියත් කර ඇත. දේව්ගේ වෙඩි ප්‍රහාරයෙන් වීරා‍‍ගේ ගෙලට මඳක් තුවාල සිදු වේ. සිය දිවි‍ය වෙනුවෙන් අරගලයක නිරත වීරාට සිය සොයුරිය ආරක්ෂා කරගත නොහැකි වේ. පොලීසිය වීරාගේ තොරතුරු සහ ඔහු සැඟව සිටින ස්ථානය හෙළි කරන ලෙස වෙන්නීලාට බල කරයි. ඇය එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීහු ඇයව කෲර වධහිංසාවන්ට සහ ලිංගික අතවරයන්ට ලක් කරති. වෙන්නීලා කම්පනයට සහ ක්ෂතිජ තත්ත්වයට පත්වේ. ඊළඟ දිනයෙහි, අසල ඇති ළිඳකට පැන ඇය සියදිවි හානි කරගනියි.

සිය සොයුරා යුද්ධය මෙහෙයවන ආකාරය නිසා සිය කල්ලියට අතිවන පීඩාව පිළිබඳ නොසතුටට පත්වන සක්කරෛ දේව්හට තාවකාලික යුධ විරාමයක් ලබා දෙයි. මුලින් මුලින් දේව් එයට එකඟවුව ද, සක්කරෛ පිටතට පැමිණි විගස දේව් ඔහුව මරාදමයි. වීරාගේ විනාශය ඔහුට සිය භාර්යාවටත් වඩා වටිනා බව ඉන් අනාවරණය වේ.

සිය සොහොයුරාගේ මරණයෙන් කෝපයට පත්වන වීරා සහ සිංගරාසු දේව්ගේ කඳවුරට පහර දී එය සහමුලින්ම විනාශ කරති. අවසානයේ වීරා සහ දේව් මුහුණට මුහුණ මුණගැසෙන්නේ පැරණි කඳුකර පාලමක් මතදීයි. එහි සටනින් වීරා ජයගනියි. නමුත් ඔහු දේව්ව මරා නොදැමීමට තීරණය කරයි. ඔහු දේව්ට පවසන්නේ ඔහුට තමන් ජීවත් වන්නට ඉඩදෙන්නේ ඔහුගේ බිරිඳ වෙනුවෙන් බවයි. දේව් කෙසේ හෝ ඉන් පිටව යන අතර, එහි දී ඔහුට ගැටගසා ඇති සිය බිරිඳ හමුවේ. ළුීරා විසින් ඇයව එතැන තබා ගොස් තිබිණි.

දේව් මින් සම්පූර්ණයෙන් ප්‍රීතියට පත්ව නොසිටියි. සිය නිවහන වන මෙට්ටුකුඩි වෙත පැමිණෙන අතරතුර, ඔහු රාගිනීගේ පතිවත පිළිබඳ සැක කරන්නේ වීරා තමන්ට එසේ පැවසූ බව සඳහන් කරමිනි. කෝපයට පත්වන රාගිනී දේව් හැරගොස් සිංගරාසු හමුවන්නේ ඔහු මාර්ගයෙන් වීරා මුණගැසීමටයි. වීරාව හමුවන ඇය තමන්ට එසේ චෝදනා කළේ ඇයිදැයි විමසයි. වීරා පැවසන්නේ තමන් ඔහුට පැවසූයේ පසුගිව දින දාහතර පුරා තමන් ඇයව ආරක්ෂිතව බලාගත් බවයි. ඒ හැර වෙනත් කිසිවක් නොපැවසූ බව ඔහු දැනුම්දෙයි. ඉක්මණින්ම ඔහුට වැටහී යන්නේ දේව් ඇයට මුසා පවසා ඇත්තේ ඇගේ මාර්ගයෙන් තමන්ව සොයාගැනීමට බවයි.

මේ අතර පොලිස් කණ්ඩායමක් සමග දේව් මේ දෙදෙනා ඉදිරියේ පෙනීසිටියි. ඔවුහු වීරාට වෙඩිතබන්නට ඉලක්කය ගෙන සිටිති. නමුත් රාගිනී ඒ ඉදිරියට පැමිණෙන්නේ වීරාව මුදාගැනීමටයි. නමුත් වීරා ඇයව තල්ලු කොට වෙඩි ප්‍රහාරය පිළිගනියි. උණ්ඩ ගණනාවක් ඔහුගේ සිරුර වෙත කිඳාබසියි. ඇය තමන් පිළිබඳ සිතන බව වටහාගන්නා බීරා සිනහමුසු මුහුණින් යුතුව කඳුගැටයෙන් පහතට ඇදවැටෙන්නේ මරණය වැළඳ ගනිමිනි.

චරිත නිරූපණය සංස්කරණය

නිෂ්පාදනය සංස්කරණය

සංවර්ධනය සංස්කරණය

අභිෂේක් බච්චන් සහ අයිෂ්වර්යා රායි විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ, සිය 2007 චරිතාපදාන චිත්‍රපටයක් වූ ගුරුවලින් පසුව මණි රත්නම් සිය ඊළඟ අධ්‍යක්ෂක කටයුත්ත වූ ලජ්ජෝ සඳහා අවසාන පිටපතක් සකසා තිබිණි.[3] ඉස්මත් චුඝ්තායිගේ කෙටිකතාවක් පාදක කරග්ත මෙය,[4] කාන්තාරය පසුබිමෙහි දිවෙන සංගීතමය කාලාන්තර චිත්‍රපටයක් විය. මෙහි ප්‍රධාන චරිත නිරූපණය සඳහා ආමීර් ඛාන් සහ කරීනා කපූර්ව තෝරාගෙන තිබිණි.[5] ඉහත මුල් චිත්‍රපටයෙහි මුදාහැරීමෙන් පසුව මෙහි නිර්මාණ කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබුණත්,[6] වාර්තා වූයේ මෙහි නිර්මාණාත්මක වෙනස්කම් පිළිබඳ රත්නම් සහ ඛාන් අතර විරුද්ධතාවක් ඇතිවූ බවයි. නමුත් සිනෙමාරූපක පී. සී. ශ්‍රීරාම් එය ප්‍රතික්ෂේප කොට ඇත.[7] චිත්‍රපටයේ පද රචකයා වීමට සිටි ගුල්සාර් පැවසූයේ සැබැවින්ම කථාවේ පිටපත් අයිතිය සම්බන්ධයෙන් ගැටලු ඇතිවී තිබෙන බවයි.[8] සංගීත නිර්මාණවේදී ඒ. ආර්. රහ්මාන් පවා චිත්‍රපට සංගීත නිර්මාණ කටයුතුවලින් 80%ක් පමණම අවසන් කර තිබූ බැව් පැවසේ.[9] එසේවුව ද නොදන්නා හේතූන් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ නැත.[10][11]

ගුරු ලද ආර්ථික මෙන්ම විචාරක සාර්ථකත්වය සමගින්, රත්නම් 2008 පෙබරවාරියේ සිය ඊළඟ චිත්‍රපටය පිළිබඳ නිවේදනය කළේ ය.[12] මිත්‍යාමය වීරකාව්‍යයක් වන රාමායණයේ නූතන දිගහැරුමක් වන මෙහි ප්‍රධාන චරිත සඳහා ඉහත යුවළම යොදාගැනිණි.[13] ආරම්භයේ දී චිත්‍රපටය හින්දි බසින් පමණක් නිර්මාණය කිරීමට තීරණය කොට තිබූ අතර, දෙමළ ප්‍රභේදය පිළිබඳ අදහස පසුව ඉදිරිපත් විය.[14] 2009 ජනවාරියේ, චිත්‍රපටය නිර්මාණය වෙමින් පැවති අතරතුර දෙමළ ප්‍රභේදය යළි තෙලිඟු බසට හඬකවා ත්‍රි-භාෂා චිත්‍රපටයක් තැනීමට අදහස් කෙරිණි.[15][16] චිත්‍රපටයට නමක් යෙදීමට ඉතිරිව තිබුණ ද,[17] මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස ප්‍රචාරය වූයේ රාවණා විසින් සීතාව රඳවා සිටි ස්ථානය ආශ්‍රයෙන් එහි දෙමළ ප්‍රභේදය අශෝකවනම් නම් වනු ඇති බවයි. වැඩිදුර වාර්තා අනුව කියැවුණේ අධ්‍යක්ෂක කස්තුරි රාජා විසින් ඒ වනවිටත් සිය චිත්‍රපටයක් සඳහා එම තේමාව ලියාපදිංචි කොට තිබූ බැවින්, රත්නම් ඔහුගෙන් එය භාවිතය පිළිබඳ විමසා ඇත.[18]පසුව, මෙහි ප්‍රධාන නළුවා වන වික්‍රම් සම්මුඛ සාකච්ඡාවක දී පැහැදිළි කළේ චිත්‍රපටය තාවකාලිකව රාවණා ලෙස නම්කර තිබූ බවත්, එය අශෝකවනම් ලෙස වැරදි අයුරින් වාර්තාකොට ඇති බවයි.[19] අනතුරුව, චිත්‍රපටය හින්දියෙන් රාවන් ලෙසත්, දෙමළ බසින් රාවණන් ලෙසත් සහ තෙලිඟු බසින් Villain (විලේන්) ලෙසත් නම්කෙරිණි.[20]

කථාපුවත රාමායණය ඇසුරෙන් ආභාසය ලබා තිබුණත්, කථාව ගලායන්නේ රාවණාගේ දෘෂ්ටිකෝණයෙන් ඔහුව ප්‍රධාන නළුවා බවට පත් කරමිනි.[21] චිත්‍රපටයට කේන්ද්‍ර වී ඇත්තේ රාවණා සීතාව පැහැරගෙන ගොස් අශෝකවනයෙහි රඳවා සිටි අයුරු කියැවෙන 'අශෝකවනම්' කථාංගය වටා ය. පසුව රාම සිය භාර්යාව මුදවාගනියි.

නළුවරණය සංස්කරණය

බච්චන් සහ වික්‍රම් හින්දි ප්‍රභේදයෙහි එදිරිවාදී චරිත දෙක සඳහා යොදාගැනුණත්, රත්නම් දෙමළ ප්‍රභේදයේ දී ඔවුන්ගේ චරිත හුවමාරු කරගන්නා මෙන් ඉල්ලා සිටියේ ය.[14] මුලින් බච්චන් එකඟවුව ද, බස හැසිරවීමේ අපහසුව හේතුවෙන් පසුව ඔහු සැකපහළ කළේ ය.[22] ඒ අනුව ඔහුගේ ස්ථානයට පෘථිවිරාජ් ආදේශ කෙරිණි.[23] චිත්‍රපටයේ ප්‍රභේද දෙකෙහිම ප්‍රධාන කාන්තා චරිතය රායි නිරූපණය කරයි.[24] කෙටිකාලීන නිහැඬියාවකින් පසු, කාර්තික් සිය යළි පැමිණීම මෙම චිත්‍රපටය ඔස්සේ සිදුකළේ ය. මෞන රාගම් සහ අග්නි නට්චතිරම් චිත්‍රපටවලින් පසුව ඔහු සහ රත්නම් එක්ව කටයුතු කළ තෙවන අවස්ථාව මෙය විය.[25] ප්‍රභූ මෙහි ප්‍රමුඛ චරිතයක් සඳහා තෝරාගැනිණි. මින් පෙර ඔහු රත්නම් සමග අග්නි නට්චතිරම් සහ අංජලී චිත්‍රපට සඳහා දායක වී ඇත.[26] රාවණාගේ සොයුරිය ලෙස රඟපෑමට ප්‍රියාමණි තෝරාගැනුණු අතර,[27] මුන්නා තෝරාගැනුණේ විභීෂණ හා සමාන චරිතයක් නිරූපණයටයි.[28] මන්ඩෝදරීගේ චරිතය වෙනුවෙන් බිපාෂා බාසු තෝරාගැනුණු නමුත්,[29][30][31] චිත්‍රපටය කෙටි කිරීම සඳහා පසුව එම චරිතය ඉවත් කරන ලදී.[32][33][34][35][36] ප්‍රහසන ශිල්පී වයියාපූරි විසින් මෙහි විකෘතලිංගිකයකුගේ චරිතයක් නිරූපණය කරයි.[37]

මෙහි සිනෙමාරූපණය වී. මණිකන්ඩන් විසින් මෙහෙයවූව ද [38] ඔහු ව්‍යාපෘතියෙන් ඉවත් වීම හේතුවෙන් පසුව ඒ සඳහා සන්තෝෂ් සිවන් යොදාගැනිණි.[39] සංස්කරණ කටයුතු ශ්‍රීකර් ප්‍රසාද් විසින් සිදුකරන ලදී.[40] රායිගේ වස්ත්‍ර විශේෂයෙන් නිර්මාණය කරන ලද්දේ මෝස්තර නිර්මාණ ශිල්පී සබ්‍යසචි මුඛර්ජී විසිනි.[41] නර්තන රචනය ගනේෂ් ආචාර්ය, බ්‍රින්දා, ශෝබනා,[42] සහ අස්තාද් දෙබූ සිදුකළහ. පීටර් හෙයින් සහ ශ්‍යාම් කෞෂාල් විසින් ක්‍රියාදාම ජවනිකා රචනය සිදුකරන ලදී. මෙහි නිෂ්පාදන සැලසුම සම්බන්ධයෙන් කටයුතු කරන ලද්දේ සමීර් චන්දායි.

රූගත කිරීම් සංස්කරණය

මෙම චිත්‍රපටයේ දර්ශන බොහෝමයක් රූගත කෙරුණේ ඉන්දියාව අවට එළිමහන් පෙදෙස්වල වන අතර, ඇතැම් ස්ථාන මින් පෙර නොදුටු ස්ථාන විය.[43] රූගත කිරීම් තුම්කූර් (කර්ණාටක), ජාන්සි අසල ඕර්ඡා සහ මධ්‍ය ප්‍රදේශ්හි වනාන්තර,[44] මහාරාෂ්ට්‍රයේ මහබලේශ්වර් වැනි ස්ථානවල සිදු විය.[45] රත්නම් විසින් ශ්‍රී ලංකාව තුළ ද රූගත කිරීම් සිදුකිරීමට සැලසුම් කොට සිටි බැව් වාර්තා වේ.[46][47] නමුත් LTTE ත්‍රස්තවාදීන්ගේ තර්ජන එල්ලවේ යැයි සිතා එය අත්හැරි බැව් පැවසේ.[48] නමුත් එම පුවත් දූෂමාන කටකථා යැයි පවසමින් රත්නම් එය ප්‍රතික්ෂේප කරයි.[49]

ප්‍රධාන ඡායාරූපකරණ කටයුතු 2008 ඔක්තෝබරයේ කේරළයේ කෝචි අසල වනාන්තරයේ දී සිදු විය. දර්ශන කිහිපයක් රත්නම්ගේ ප්‍රියතම ස්ථානයක් වූ අතිරප්පිල්ලි ඇ‍ල්ලේ දී රූගත කෙරිණි. ඔහු විසින් දිල් සේ.. චිත්‍රපටයේ 'ජියා ජාලේ' ගීතය සහ ගුරු චිත්‍රපටයේ 'බර්සෝ රේ' ගීතය රූගත කොට තිබුණේ ද මෙහි ය.[48] පරිසර සංචරණ මධ්‍යස්ථානයක් වූ මලයට්ටූර්හි රූගත කිරීම් වනාරක්ෂක නිලධාරීන් විසින් තහනම් කරන ලද්දේනීති උල්ලංඝනය සහ තාවකාලික මඩු ඉදිකිරීම හේතුවෙනි‍.[50][51][52][53][54] මේ නිසා 2008 ඔක්තෝබර් මස මෙම ගැටලු විසඳාගන්නා තෙක් දින 11ක් රූගත කිරීම් ප්‍රමාද කිරීමට සිදු විය.[55][56][57] රූගතකිරීම්වල දෙවන අදියර 2008 දෙසැම්බර් මස ඌටියේ දී ඇරඹුණු නමුත්, එය ද ප්‍රමාද කිරීමට සිදුවූයේ ප්‍රදේශයේ කුලීරථ රියැදුරන් සිය ව්‍යාපාරයට අවාසිදායක යැයි පවසමින් චිත්‍රපට සංගමයේ (FEFSI) වාහන භාවිතයට විරෝධය පෑම හේතුවෙනි.[58][59] මේ නිසා රත්නම් රූගත කිරීම් තාවකාලිකව නවතා දමා හොගෙනක්කල් ඇල්ල කරා ගියේ ය.[60][61] 2009 පෙබරවාරියේ දී නිෂ්පාදක කණ්ඩායම කොල්කතා වෙත පැමිණි අතර, මෙහි අගර්පරාහි හූඝ්ලි ගං ඉවුරේ දී 'කල්වාරේ' ගීතය රූගත කෙරිණි.[62][63][64][65] පසුව ඌටිහි රූගත කිරීම් නැවත සිදුවූ අතර, 2009 අප්‍රේල් මස රත්නම් රෝගී විය. ඔහුව ඇපලෝ රෝහල් වෙත ඇතුළත් කෙරිණි.[66][67][68] මේ නිසා රූගත කිරීම් තවත් දින 47ක් ප්‍රමාද වූ අතර, 2009 ජූනි මස ඔහු සුවය ලැබීමෙන් පසු රූගත කිරීම් යළි ඇරඹිණි.[69] මෙම ප්‍රමාද වීම් හේතුවෙන් සිය සෙසු කටයුතුවලට බලපෑම් ඇතිවන හෙයින්, DOP මණිකන්ඩන් මැයි මස කණ්ඩායමෙන් ඉවත් වූ අතර, ඒ වෙනුවට සන්තෝෂ් සිවන් යොදාගැනිණි.[70][71] ජූලි මස වන විට, කණ්ඩායම කේරළ වෙත නැවත පැමිණියහ.[72] මෙහි දී චාලකුඩියේ ඇතැම් දර්ශන නැවත වරක් රූගත කෙරුණේ කටයුතු ඉක්මන් කිරීම පිළිබඳ රත්නම් නොසතුටට පත්වීම හේතුවෙනි.[49][73] මෙම කාලය අවට ඇදහැළුණු තද වැසි හේතුවෙන් රූගත කිරීම් තවදුරටත් ප්‍රමාද විය.[74] එපමණක් නොව, රූගත කිරීම් වෙනුවෙන් අලියකු රැගෙන ආ විට කුලප්පු වූ එම අලියා ඇත්ගොව්වාව මරා දමා දිවගියේ ය.[75] සත්ත්ව සුබසාධන මණ්ඩලය මෙහි නිෂ්පාදන සමාගම (මැඩ්‍රාස් ටෝකීස්) වෙත නිවේදනයක් ලබාදුන්නේ අලීන් භාවිතා කිරීමට අවසර නොගැනීම හේතුවෙනි.[76][77]

2009 අගෝස්තු මස චිත්‍රපටයේ අවසන් අදියර ඇරඹිණි. මෙය මහාරාෂ්ට්‍රයේ මල්ෂේජ් ඝාට්ස්හි සිදුවූ අතර, කථාවේ උච්චතම අවස්ථාවේ දර්ශනය මෙහි දී රූගත කෙරිණි.[78] මෙහි අවසන් සටන දැවමය පාලමක් මත රූගත කෙරිණි..[79] නිෂ්පාදන නිර්මාණ සැලසුම් ශිල්පී සමීර් චන්දා විසින් ජවනිකාවේ දර්ශන විවිධ කෝණවලින් රූගත කිරීම පහසුවීමට එකිනෙකට සමාන පාලම් තුනක් ඉදිකරන ලදී.[80][81] මුලින් මෙම පාලම් ශ්‍රීලංකාවේ, ඕස්ට්‍රේලියාවේ හෝ දකුණු අප්‍රිකාවේ ඉදිකිරීමට සැලසුම් කර තිබුණත්, වියදම් අඩු කරගැනීමේ අරමුණින් එය මුම්බායිහි ඉදිකෙරිණි.[82][83] නමුත් අයහපත් කාලගුණය සහ දැඩි වර්ෂාව හේතුවෙන් රූගත කිරීම් දින කිහිපයකට අඩාළ විය.[84] වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ‍කණ්ඩායමේ ඇතැම් සාමාජිකයනට විරුද්ධව නඩු පවරන ලද්දේ නීති උල්ලංඝනය කිරීම හේතුවෙනි.[85][86] 2009 අවසානය වන විට චිත්‍රපටයේ පශ්චාත්-නිෂ්පාදන කටයුතු සිදු විය.[87]

මෙහි නළුවන් විසින් ක්‍රියාදාම ජවනිකා රැසක් නිරූපණය කරන ලදී..[88] නළුවන්හට කැපුම් තුවාල සහ සීරීම් තුවාල සිදුවී තිබූ හෙයින් ඔවුනට අංග රචනයක් අවශ්‍ය නොවිණි.[89][90] මෙහි හඳුන්වා දීමේ දර්ශනය වෙනුවෙන් මෙහි ප්‍රධාන නළුවා හට හොගෙනක්කල් ඇල්ලඅ සල අඩි 90ක් උස ගල් කුළකින් පහත ඇති ගංගා වෙතට පැනීමට සිදු වේ.[91] මෙම අවදානම් සහගත දර්ශනය නිරූපණය කරන ලද්දේ බැංගලෝ‍රයේ ජාතික කිමිදුම් ශූරයකු වූ බල්රාම් නම් ඔහුගේ ද්විත්ව නළුවා විසිනි.[92] කේර‍ළයේ සම්භවය වූ සටන් කලාවක් වන කලාරිපායාට්ටු මෙම චිත්‍රපටයේ දක්නට ලැබේ. කෝලිකොඩේහි කලාරි ක්‍රීඩා පුහුණුකරුවකු වූ සුනිල් කුමාර් විසින් නළුවන්ට පුහුණුව ලබාදෙන ලදී.[93] අද්‍යතන නර්තන ශීල්පී අස්තාද් දෙබූ චිත්‍රපටයේ එන ප්‍රෝඩාකාරී දර්ශනයක් සඳහා නර්තන රචනය සිදුකළේ ය.[94][95][96][97]

මෙහි පෙනුම සඳහා වික්‍රම්ට සිය කොණ්ඩය කොටට කපැමීට සිදුවූ අතර, මුදාහැරීම තෙක් ඔහු එය ආවරණය කොට තබාගත්තේ ය.[98] සහාය නළු මුන්නාට ඔහුගේ චරිතය සඳහා හිස මුඩු කිරීමට සිදු විය.[99] සිය දර්ශන සඳහා බස හැසිරවීමට රායි දෙමළ බස පුහුණුවූවා ය. ඇගේ දෙමළ හැසිරවීම පිළිබඳ සතුටට පත්වූ රත්නම් ඇගේ චරිතයට ඇයටම හඬකැවීම තීරණය කළ නමුත්,[100][101][102][103] පසුව මුලින් ඉරුවර් සහ ගුරු චිත්‍රපටවල ඇයට හඬකැවූ නිළි රෝහිනී මෙහි ඇගේ චරිතයට හඬකැවීමට යොදාගැනිණි.[104][105]

මුදාහැරීම සංස්කරණය

අලෙවිකරණය සංස්කරණය

ප්‍රවර්ධන අංගයක දී මිනිත්තු 10ක ටීසරයක් මුදාහැරිණි.[106][107] කෑන්ස් චිත්‍රපට උළෙලේ දී චිත්‍රපටය නිරාවරණය කෙරිණි.[108] Villainහි ප්‍රවර්ධන කටයුතු ආන්ධ්‍රාවේ දී සිදු විය.[109]

චිත්‍රපට උළෙලවල්හි දී තිරගත වීම් සංස්කරණය

මෙම චිත්‍රපටය 67වන වැනීස් චිත්‍රපට උළෙලේ දී තිරගත විය.[110][111] චිත්‍රපටය වැනීසියේ දී ඉහළ ප්‍රතිචාර ලද අතර, ප්‍රේක්ෂකයන් විසින් එය තිරගත වීමෙන් පසු අත්පොලසන් දෙන ලදී.[112] මෙහි ප්‍රධාන චිත්‍රපට නිර්මාණ ශීල්පීයාහට ජේගර්-ලෙකූල්ට්‍රේ ගෞරවය පිරිනැමිණි. මෙම ගෞරවය පිරිනැමුණේ ටකේෂි කිටානෝ, අබ්බාස් කියාරොස්තාමි සම සිල්වෙස්ටර් ස්ටැලෝන් වැනි සුප්‍රකට පුද්ගලයනට ය.[113][114][115] පසුව, චිත්‍රපටය 15වන බුසන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ සහ[116][117][118] ඉන්දියානු පැනොරාමා චිත්‍රපට උළෙලේ දී ප්‍රදර්ශනය කෙරිණි.[119] චිත්‍රපටයේ මංගල දර්ශනය නිව් යෝක් නගරයේ 10වන වාර්ෂික මහින්ද්‍රා ඉන්දු-ඇමරිකානු කලා කවුන්සිල චිත්‍රපට උළෙලේ දී ප්‍රදර්ශනය කෙරිණි.[120][121] මණි රත්නම් කෘතිය ඇගයූ ජිම් ලූස් සඳහන් කළේ 'රාවණන්' යනු 2010 වර්ෂයේ නැරඹිය යුතුම චිත්‍රපටයක් බවයි.[122] 29වන සැන් ෆ්‍රැන්සිස්කෝ ආසියානු ඇමරිකානු චිත්‍රපට උළෙලේ ද මෙය ප්‍රදර්ශනය කෙරිණි.[123][124]

සිනමාහල් මුදාහැරීම සංස්කරණය

මුදාහැරීමට ප්‍රථම චිත්‍රපට සහතිකකරණ මධ්‍යම මණ්ඩලය විසින් චිත්‍රපටයට "U" (විශ්වීය) සහතිකයක් ලබා දෙන ලදී.[125] ලොවපුරා සිනමාහල් 375ක දී රාවණන් මුදාහැරිණි. රාවණන්හි විදෙස් බෙදාහැරීමේ අයිතීන් ඇ.ඩො. මිලියන 1.5ක වාර්තාගත මුදලකය අයංගාරන් ඉන්ටර්නැෂනල් වෙත ඇලෙවිකෙරිණි.[126] රාවණන්හි පෙරදසුනක් චෙන්නායිහි දේවි-ශ්‍රී දේවි සිනමා සංකීර්ණයේ දී ප්‍රදර්ශනය කෙරිණි. එහි දී එය රජිනිකාන්ත් ඇතුළු දැවැන්ත චිත්‍රපට පුද්ගලයින්ගේ ඇගයුමට ලක් විය.[127][128][129][130] චිත්‍රපටයේ පෙරදසුනක් ඉනොක්ස්හි දී ද ඉදිරිපත් කෙරිණි.[131] 2010 ජූනි 18 මෙය ලොව පුරා මුදාහැරිණේ[132] සිනමාහල් 375ක දී (ඉන්දියාවේ 225ක සහ විදේශයන්හි 150ක) ය.[133] තෙලිඟු ප්‍රභේදය වූ Villain ආන්ධ්‍රාවේ සිනමාහල් 215ක සහ විදෙස් සිනමාහල් 25ක තිරගත විය. එක්සත් ජනපදය තුළ මෙය මුදාහරින ලද්දේ බිග් සිනෙමාස් ආයතනය විසිනි.[134][135][136] රාජ් ටීවී නාළිකාව විසින් මෙහි චන්ද්‍රිකා අයිතීන් ඇ.ඩො. මිලියන 1.1කට මිලදී ගන්නා ලදී.[137]

මතභේදය සංස්කරණය

මෙම චිත්‍රපටය බැංගලෝරය පුරා සිනමාහල් 21ක තිරගත කිරීමට එකඟ වී තිබිණි.[138] නමුත් මෙම ප්‍රභේද දෙකම එයට වැඩි ස්ථාන සංඛ්‍යාවක තිරගත වීමත් සමග කර්ණාටක චිත්‍රපට වානිජ මණ්ඩලය (KFCC) උසාවියේ නඩුවක් ගොනුකළේ ය.[139] චිත්‍රපට මණ්ඩලය විසින් මෙහි තිරගත වීම සම්පූර්ණයෙන් තහනම් කරන ලදී.[140] ඉන්දියාවේ තරග කොමිසම (CCI) විසින් අතුරු නියෝගයක් ලබාගෙන මණ්ඩලයේ තීරණය නවතාලූ අතර, රිලයන්ස් බිග් එන්ටර්ටේන්මන්ට් ලිමිටඩ් (RBEL) වෙත සිනමාහල් 36ක ප්‍රදර්ශනය කිරීමට අවසර ලබාදුන්නේ ය.[141] මෙම නියෝගය 2010 ජූනි 22 තෙක් බලපැවැත්විණි.[142][143]

මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාව තුළ ඉමහත් උනන්දුවක් ඇතිකළේ ය. අමිතාබ් බච්චන්, අභිෂේක් සහ අයිෂ්වර්යා හ්‍රී ලංකාවේ පැවැත්වුණු IIFA සම්මාන උළෙල වර්ජනය කළ හෙයින්, මෙම චිත්‍රපටයේ මුදාහැරීමට විරුද්ධව විරෝධතා ඇති විය.[144][145][146][147][148] ශ්‍රී ලංකාවේ පැවති IIFA සම්මාන උළෙලට සහභාගී වූවන්ගේ චිත්‍රපට තමිල් නාඩුවේ දී තහනම් කෙරිණි.[149]

පිළිගැනීම සංස්කරණය

විචාරක ප්‍රතිචාරය සංස්කරණය

මෙම චිත්‍රපට ධනාත්මක මෙන්ම මිශ්‍ර ප්‍රතිචාර ද හිමි කරගත්තේ ය. ද හින්දු පුවත්පතේ මාලතී රංගරාජන් රාවණන් හැඳින්වූයේ "අති දක්ෂ උපායයක්" ලෙසයි.[150] ඒ. ශ්‍රී නිවාසන් පැවසූයේ මෙය "මෙතෙක් රායිගේ වඩාත් නියම රංගනය බවයි".[151] දීපක් කුමාර්ගේ විචාරය[152] සහ හින්දුස්ථාන් ටයිම්ස් විචාර ද ඒ අතර විය.[153] CNN-IBN සඳහන් කළේ "මෙම චිත්‍රපටය නිසැකවම මණි රත්නම්ගේ මැඩ්‍රාස් ටෝකීස්හි හොඳම චිත්‍රපටය නොවූවත්, එය අවලක්ෂණ යැයි අත්හැර දැමිය නොහැක්කකි. රාවණන් සතුව අඳුරු සෙවණැලි නොමැති වුව ද, සමස්තයක් ලෙස මණි රත්නම්ගේ ක්‍රියාන්විතය හමුවේ එය අඳුරු චිත්‍රපටයක්ව ඇත. තමන්ව පැහැරගත් තැනැත්තාට බිය නොමැති, නිර්භීත කාන්තාවකගේ චරිතයක් අයිෂ්වර්යා රායි බච්චන් නිරූපණය කරයි. ඇගේ රංගනය සඳහන් කිරීමට තරම් වටිනා නමුත්, ඇගේ සම-ප්‍රධාන රංගන ශිල්පියා චිත්‍රපටය අයත් කරගෙන තිබේ".[154] IANS විසින් මණි රත්නම්ගේ ශෛලිය අගය කළ නමුත්, මෙහි ඇතැම් නිරූපණයන් "ප්‍රමාණවත් නොවන" පවසයි.[155] Twitch Film විචාරයක් ද ඉදිරිපත්ව ඇත.[156] මදුරෛ මැසෙන්ජර් ද මේ පිළිබඳ විචාරයක් ඉදිරිපත් කොට ඇත.[157] Rediff විසින් ද රායිගේ රංගනය සුවිශේෂී බව පවසා ඇති අතර, ඇගේ රංගනය හේතුවෙන් ඇය සෙසු බොලිවුඩ් නිළියන් අතර "වෙනස්ම ලීගයක්" වෙත යොමුකරයි.[158] Indiaglitz විසින් ද මෙහි සංගීතය, නළුවන්, දෙබස් සහ සිනෙමාරූපණය අගයකොට ඇති නමුත්, සඳහන් කොට ඇත්තේ මෙහි පළමු අර්ධය "චිත්‍රපට සිවිය නිකරුණේ නාස්තියක්" බව ය.[159] Behindwoods විසින් මෙහ සිනෙමාරූපණය "විශිෂ්ට" බව පවසා ඇතත්, "චිත්‍රපටයේ සහ සංගීතයේ ‍'දෙමළ' හැඟීම මඳ බැව්" ඔවුන්ගේ අදහස වේ.[160] Sify විසින් චිත්‍රපටය ඉහළ අගයකින් යුක්තව අගයමින් පවසා ඇත්තේ "චිත්‍රපටයේ මනාව රචිත චරිතය, රයිෂ්වර්යා විසින් රාගිනී ලෙස උද්වේගකාරී ලෙසින් යළි පැමිණීමක් සිදුකරයි. මෝහනීය එම චරිතය සම්මාන-දිනන ප්‍රතිභාවකි. වික්‍රම්ගේ පරම සතුරා ලෙස රංගනයේ යෙදෙන පෘථිවිරාජ් දක්ෂ ය. චිත්‍රපටයේ කථාව සහ තිර රචනය තුළ මණි රත්නම්ගේ ස්පර්ශය මඳ අතර, දුර්වල පළමු අර්ධය තුළ කථාව ගලානොයයි. පැය 2 මිනිත්තු 7ක චිත්‍රපටය තුළ හොඳම කොටස වන්නේ අවසන් මිනිත්තු 10යි".[161] චිත්‍රපට විචාරක සුධිධ් කමත් ද විචාරයක් ඉදිරිපත් කොට ඇත.[162] Rotten Tomatoes තුළ චිත්‍රපටය 62%ක ඇගයුමක් සමගින් නැවුම් විචාර 8ක් සහ අයහපත් විචාර 5ක් ඉදිරිපත් විය.[163]

මෙහි හින්දි ප්‍රභේදය වන රාවන් හා සැසඳීමේ දී දෙමළ ප්‍රභේදය වඩාත් හොඳ යැයි පිළිගැනේ.[158] චිත්‍රපටයේ මෙම තාක්ෂණික කෘති‍ය සහ ප්‍රධාන නළු නිළියන් වෙත විචාරක පැසසුම් හිමිව ඇත.[161][164]

බොක්ස් ඔෆීස් සංස්කරණය

මෙහි හින්දි ප්‍රභේදය බොක්ස් ඔෆීස් අතින් අසාර්ථක වුව ද, දෙමළ ප්‍රභේදය දකුණෙහි සාර්ථකත්වයට පත් විය.[165][166] ‍චෙන්නායිහි සිනමාහල් 15ක මෙහි ආරම්භක සතිඅන්තයේ දී මෙය එහි අංක එකේ චිත්‍රපටය වූ අතර, එකල  9 මිලියන (US$140,000)ක සති අන්ත ශුද්ධ ආදායමක් උපයාගත්තේ ය.[167][168] මෙය ආරම්භයේ දී සාර්ථක ලෙසින් තිරගත වූ නමුත්, මිශ්‍ර ප්‍රතිචාර හේතුවෙන් යම් පසුබෑමකට ලක් විය. නමුත් පසුව දේශීය නිවාඩු දිනයකින් පසුව එය යළි ප්‍රබෝධයකට හේතු විය.[169] මුදාහැර පළමු මාසය වනවිට චිත්‍රපටය ඇ.ඩො. මිලියන 8ක ආදායමක් උපයා ගත්තේ ය.[170] මින් ඩොලර් 400,000ක්ම කේරළයෙන් උපයා ගැනිණි.[171][172] ලෝකය පුරා බොක්ස් ඔෆීස් අතින්   මිලියන 600ක ආදායමක් උපයාගත් මෙය වසරේ ඉහළම ආදායම් ලද දෙමළ චිත්‍රපටවලින් එකක් බවට පත් විය.[2][173][174][175][176]

සම්මාන සංස්කරණය

ඇකඩමි සම්මාන සඳහා ඉන්දියාවෙන් නම්කෙරුණු චිත්‍රපට අතලොස්ස අතුරින් එකකි, රාවණන්.[177][178] ඇසියා පැසිෆික් තිර සම්මාන (APSA) උළෙලේ දී වී. මනිකන්ඩන් හොඳම සිනෙමාරූපණය සඳහා සම්මානය හිමි කරගත්තේ ය.[179][180][181][182] ඉන්දියානු දේශපාලනඥයකු වූ මුතුවේල් කරුණානිධි විසින් මෙම චිත්‍රපටය අගයකොට ඇත.[183] මෙම චිත්‍රපටය ඕස්ට්‍රේලියානු චිත්‍රපට කෞතුකාගාරයට ඇතුළත් කෙරිණි.[184][185][186][187] පීටර් හේන්ස් වර්ල්ඩ් ස්ටන්ට් සම්මාන උළෙලේ දී නිර්දේශ විය.[188][189][190][191]

58වන ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ[192]
  • ජයග්‍රහණය – ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය – වික්‍රම්[193]
  • ජයග්‍රහණය – ෆිල්ම්ෆෙයාර් හොඳම පිළිවැයුම් ගායකයා – කාර්තික්
  • නිර්දේශිත – ෆිල්ම්ෆෙයාර් හොඳම නිළිය සම්මානය – අයිෂ්වර්යා රායි
  • නිර්දේශිත – ෆිල්ම්ෆෙයාර් හොඳම සහාය නළුවා සම්මානය – පෘථිවිරාජ් සුකුමාරන්
5වන විජේ සම්මාන
  • ජයග්‍රහණය – හොඳම නළුවා සම්මානය – වික්‍රම්
  • නිර්දේශිත – හොඳම නිළිය සම්මානය – අයිෂ්වර්යා රායි
  • නිර්දේශිත – හොඳම සිනෙමාරූපකයා – සන්තෝෂ් සිවන්
  • නිර්දේශිත – හොඳම පිළිවැයුම් ගායකයා – කාර්තික්
  • නිර්දේශිත – හොඳම පිළිවැයුම් ගායිකාව – අනුරාධා ශ්‍රීරාම්
  • නිර්දේශිත – ප්‍රියතම අධ්‍යක්ෂ – මණි රත්නම්
  • නිර්දේශිත – ප්‍රියතම නිළිය – අයිෂ්වර්යා රායි

සංගීතය සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Raavanan Budget". IMDb. සම්ප්‍රවේශය 8 December 2010.
  2. 2.0 2.1 "2010 — Top 20 Movies in Chennai Box office". Behindwoods. සම්ප්‍රවේශය 27 October 2012.
  3. Savitha Gautham (12 January 2007). "From real to reel". The Hindu. 4 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 October 2013.
  4. Subhash K. Jha (11 April 2007). "Lajjo a double bonanza for Kareena". Hindustan Times. IANS. 11 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 November 2017.
  5. Faridoon Shahryar (7 August 2006). "Aamir, Kareena in Rathnam's Lajjo". IndiaGlitz. සම්ප්‍රවේශය 31 October 2013.
  6. Faridoon Shahryar (5 December 2006). "Mani Rathnam's 'Lajjo' to start in August, 2007". IndiaGlitz. සම්ප්‍රවේශය 31 October 2013.
  7. Sangeetha Devi. K (6 June 2007). "Through the master's lens". The Hindu. සම්ප්‍රවේශය 31 October 2013.
  8. "Gulzar takes his poems to Japan". DNA India. IANS. 11 June 2007. සම්ප්‍රවේශය 31 October 2013.
  9. Rachana Dubey (26 May 2007). "Lajjo has not been shelved: AR Rahman". Hindustan Times. 6 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 November 2017.
  10. "Lajjo shelved!". The Times of India. Mumbai Mirror. 26 May 2007. 2013-11-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-25.
  11. Vajir Singh (12 May 2007). "Whatever happened to Mani Ratnam's Lajjo?". Hindustan Times. 4 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 November 2017.
  12. "Abhishek-Aishwarya to play Ram-Sita in Mani Ratnam's Ramayan". Zee News. 20 August 2008. සම්ප්‍රවේශය 21 October 2013.
  13. Ashok Rai (21 July 2008). "Ramayan retold". Hindustan Times. 20 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 October 2013.
  14. 14.0 14.1 Ziya Us Salam (18 June 2010). "Mani Exchange". The Hindu. 16 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 October 2013.
  15. "Mani Ratnam's 'Ashokavanam' in Telugu". IndiaGlitz. 23 January 2009. සම්ප්‍රවේශය 9 October 2013.
  16. S. Aishwarya (4 June 2010). "In Kollywood, it's the season of the tri-lingual film". The Hindu. 16 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 October 2013.
  17. Subhash K Jha (23 October 2008). "Mani is on their minds". Mid-day. සම්ප්‍රවේශය 14 October 2013.
  18. "Mani seeks Ashokavanam from Kasthuriraja". Behindwoods.com. 4 February 2009. සම්ප්‍රවේශය 14 October 2013.
  19. Namita Nivas (17 July 2009). "Crossing boundaries!". The Indian Express. සම්ප්‍රවේශය 14 October 2013.
  20. "Why Mani Ratnam did not get the title?". Behindwoods. 24 May 2010. සම්ප්‍රවේශය 21 October 2013.
  21. Nikhil Raghavan (20 March 2009). "Itsy Bitsy: Epic Effort". The Hindu. 16 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2013.
  22. Harshikaa Udasi (11 June 2010). "Ab tak Bachchan". The Hindu. 16 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 October 2013.
  23. "Prithviraj back as villain in Mani Ratnam's film". IndiaGlitz. 16 May 2008. සම්ප්‍රවේශය 14 October 2013.
  24. "Raavan preview". Moviewood. සම්ප්‍රවේශය 17 June 2010.
  25. T. Krithika Reddy (28 May 2010). "Second coming". The Hindu. 16 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 October 2013.
  26. "Prabhu on cloud nine". IndiaGlitz. 13 October 2008.
  27. Meena Iyer (31 August 2009). "Abhishek's sister? Not me!". The Times of India. 29 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 October 2013.
  28. P Sangeetha (24 June 2010). "Ash liked my work: Munna". The Times of India. 16 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 October 2013.
  29. Vickey Lalwani (9 September 2009). "Bipasha is 'Ravana' Abhi's wife". The Times of India. 29 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 October 2013.
  30. Geety Sahgal (18 September 2009). "Bipasha Basu joins the cast of 'Raavan'". The Indian Express.
  31. Baiju NT (11 September 2009). "Bipasha Basu as Mandodari". Galatta. සම්ප්‍රවේශය 28 October 2013.
  32. Meena Iyer (5 October 2009). "Bipasha's role in Raavan scrapped". The Times of India. 2013-10-23 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-25.
  33. "Not doing 'Raavan' an amicable decision: Bipasha". The Hindu. IANS. 11 October 2009.
  34. Dheeraj Juneja (7 October 2009). "Bipasha out of Raavan?". India Today. සම්ප්‍රවේශය 23 October 2013.
  35. "Bipasha Basu out of Raavan". Behindwoods. 6 October 2009. සම්ප්‍රවේශය 23 October 2013.
  36. "No Mandodari in Raavan". Behindwoods. 13 October 2009. සම්ප්‍රවේශය 23 October 2013.
  37. "Vaiyapuri plays a transgender". IndiaGlitz. 2 February 2009. සම්ප්‍රවේශය 9 October 2013.
  38. K. Jeshi (1 November 2008). "Visuals speak". The Hindu. 16 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2013.
  39. "Santosh Sivan joins team 'Raavan'". IndiaGlitz. 19 May 2009.
  40. Subha J Rao (2 November 2010). "Master of montage". The Hindu. 16 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 October 2013.
  41. Shefalee Vasudev (24 August 2009). "Khadi's Refinement Lies In Its Humility". Outlook India.
  42. "Shobana turns Ash's choreographer". IndiaGlitz. 17 April 2009. සම්ප්‍රවේශය 23 October 2013.
  43. "Southern fare". The Indian Express. 2 November 2012. සම්ප්‍රවේශය 15 October 2013.
  44. Nikhil Raghavan (23 January 2009). "Itsy Bitsy: Out in the woods". The Hindu. 27 January 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2013.
  45. Malathi Rangarajan (7 May 2010). "Raavan, a re-incarnation". The Hindu. 17 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 October 2013.
  46. "Mani Ratnam's 'Raavan' can turn a new chapter in Tourism". Sunday Times. 3 May 2009. සම්ප්‍රවේශය 27 October 2013.
  47. "Maniratnam Ashokavanam to shoot in Srilanka". CineGola. සම්ප්‍රවේශය 15 October 2013.
  48. 48.0 48.1 Gullu Gupshup (7 October 2008). "Ash, Abhishek to shoot in Kerala". Rediff.
  49. 49.0 49.1 "Raavan goes to Chalakudy via Pollachi!". Sify. 14 May 2009. සම්ප්‍රවේශය 27 October 2013.
  50. "Forest officials stop film shooting". The Hindu. 12 October 2008. සම්ප්‍රවේශය 20 October 2013.
  51. Nirmala Ravindran (13 October 2008). "Mani Ratnam forced to cancel shooting in Kerala". India Today. සම්ප්‍රවේශය 20 October 2013.
  52. "Mani Ratnam violates Kerala forest rules, shooting stopped". Zee News. IANS. 11 October 2008. සම්ප්‍රවේශය 23 October 2013.
  53. "Conditional permission to Ratnam's film shoot in Kerala forest". Mathubhumi. 14 October 2008. සම්ප්‍රවේශය 27 October 2013.
  54. "Shooting of mani ratnam's Ravana banned". 13 October 2008. සම්ප්‍රවේශය 23 October 2013.
  55. Prithwish Ganguly (4 November 2008). "Mani can shoot in the wilderness". DNA India. සම්ප්‍රවේශය 20 October 2013.
  56. "Mani's Ravana secrets!". Behindwoods. 22 October 2008. සම්ප්‍රවේශය 10 June 2010.
  57. Ashok Rao (7 November 2008). "Shooting of Mani Ratnam's 'Raavan' resumes after forest row". TopNews. සම්ප්‍රවේශය 23 October 2013.
  58. "Confrontation over transport". The Hindu. 18 December 2008. 17 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2013.
  59. "More problems for Mani Ratnam". Sify. 18 December 2008.
  60. "Mani Ratnam cancels film shooting after drivers' protest". Outlook India. 17 December 2008. සම්ප්‍රවේශය 23 October 2013.
  61. S. Aishwarya (4 July 2010). "Indian locations provide stunning backdrops for film shoots". The Hindu. 17 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2013.
  62. "Raavan brings Sita to town: Ash -Abhi to shoot for Mani". The Telegraph. 15 February 2009.
  63. "Missing in action: Abhishek!". The Telegraph. 24 February 2009. සම්ප්‍රවේශය 27 October 2013.
  64. Anindya Shankar Ray, Mohua Das (4 March 2009). "Watching you!". The Telegraph. සම්ප්‍රවේශය 27 October 2013.
  65. Priyanka Dasgupta (15 February 2009). "Mani ratnam to shoot Ravana". The Times of India. 18 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 October 2013.
  66. Subhash K Jha (16 April 2009). "Mani walked out of recording... into hospital!". The Times of India. 18 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2013.
  67. PTI (15 April 2009). "Mani Ratnam recovering after complaints of breathing problem". The Hindu. 16 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2013.
  68. "Mani Ratnam admitted to hospital". The Hindu. 16 April 2009. 16 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2013.
  69. "Mani Ratnam shoots in Ooty!". Sify. 2 June 2009.
  70. Kunal M Shah, Bharti Dubey (20 May 2009). "Mani's distress call to Sivan". The Times of India. 29 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 October 2013.
  71. Sreedhar Pillai (9 June 2010). "Raavanan happened by accident: Sivan". The Times of India. 15 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 October 2013.
  72. Subhash K Jha (21 July 2009). "Ash sets aside work for Amar Singh". The Times of India. 29 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2013.
  73. Sonal Chawla (3 April 2009). "Chalo Chalakudy!". Mid Day. සම්ප්‍රවේශය 27 October 2013.
  74. "Rains spoil Raavan's mood". Hindustan Times. 24 July 2009. 31 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2013.
  75. "Mahot killed in 'Ravana' shooting". IndiaGlitz. 30 July 2009. සම්ප්‍රවේශය 20 October 2013.
  76. "Mani Ratnam's 'Ravan' ends up in more trouble". The Indian Express. 31 July 2009. සම්ප්‍රවේශය 27 October 2013.
  77. "Mani Ratnam's film company served notice". NDTV. PTI. 30 July 2009. සම්ප්‍රවේශය 27 October 2013.
  78. K. V. Vasudevan (25 September 2009). "Raavan climax at the historic Malshej Ghat". Galatta. සම්ප්‍රවේශය 28 October 2013.
  79. "Abhishek, Vikram fight on wooden bridge in Raavan". Oneindia. 2 June 2010. සම්ප්‍රවේශය 28 October 2013.
  80. "The story of 'Raavan's 3 bridges". The New Indian Express. 8 June 2010. 29 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 October 2013.
  81. "3 bridges, 2500 planks for climactic bridge-fight in Raavan". Bollywood Hungama. 2 June 2010. සම්ප්‍රවේශය 28 October 2013.
  82. Subhash K. Jha (7 June 2010). "Abhi carried Ash to the Raavan bridge". Hindustan Times. 31 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 October 2013.
  83. Subhash K Jha (20 August 2011). "Gods needed him to redesign heaven". The Times of India. 6 July 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 October 2013.
  84. "Bad weather causes further delay in Raavan shoot". Bollywood Hungama. 9 October 2009. සම්ප්‍රවේශය 28 October 2013.
  85. "Forest Dept files cases against 14". Deccan Herald. PTI. 21 August 2009. සම්ප්‍රවේශය 28 October 2013.
  86. "Mani Ratnam's film 'Ravan' in trouble in the forest area of Junnar taluka". The Punekar. 24 August 2009. සම්ප්‍රවේශය 28 October 2013.
  87. Joginder Tuteja (21 August 2009). "Raavan embarks for last schedule, gears up for Apr-May'10 release". Bollywood Hungama. 27 April 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  88. "Raavan was my most challenging film to date: Abhishek Bachchan". Deccan Herald. IANS. 26 April 2010. සම්ප්‍රවේශය 30 October 2013.
  89. Jigar Shah (20 June 2010). "Shooting on the edge". Mid Day. Bollywood News Service. සම්ප්‍රවේශය 31 Octobe 2013. {{cite news}}: Check date values in: |accessdate= (help)
  90. "Aishwarya bruised on Raavana sets". Mid Day. 6 April 2010. සම්ප්‍රවේශය 29 October 2013.
  91. Prema Manmadhan (23 June 2010). "Ram-Ravanan up close". The Hindu. සම්ප්‍රවේශය 15 October 2013.
  92. Nandini Kumar (19 June 2010). "So who is the real hero?". DNA India. සම්ප්‍රවේශය 15 October 2013.
  93. Priya M Menon (13 December 2009). "Where the stars line up to learn Kalaripayattu". The Times of India. 2011-08-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-25.
  94. Subhash K Jha (27 July 2009). "Ash learns new steps!". The Times of India. 2011-08-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-25.
  95. Shilpa Krishnan (21 June 2010). "The dance choreographer who did a stunt scene". The New Indian Express. 29 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 October 2013.
  96. Dipti Nagpaul D'souza (17 May 2010). "Deboo choreographed an escape sequence in Raavan". The Indian Express. සම්ප්‍රවේශය 23 October 2013.
  97. Riddhi Doshi (26 September 2009). "from the street to the stage". DNA India.
  98. Nikhil Raghavan (16 January 2009). "Contagious caps". The Hindu. 17 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2013.
  99. "Munna tonsures for 'Raavanan'". IndiaGlitz. 10 June 2010. සම්ප්‍රවේශය 21 October 2013.
  100. Prithwish Ganguly (24 December 2008). "Mani floored by Ash's Tamil talk". DNA India. සම්ප්‍රවේශය 15 October 2013.
  101. Subhash K Jha (13 April 2010). "Ash dubs in Tamil". The Times of India. 29 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 October 2013.
  102. "Aishwarya dubs in Tamil for 'Raavanan'". IndiaGlitz. 13 April 2010.
  103. Pichumani (27 December 2009). "Aish's voice in 'Ashokavanam'". kollynews.
  104. "The other face of Rohini". IndiaGlitz. 13 July 2010. සම්ප්‍රවේශය 23 October 2013.
  105. Meera Srinivasan (14 July 2010). "Success of dubbing artist lies in not letting audience know who you are". The Hindu. 16 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 October 2013.
  106. Malathi Rangarajan (17 May 2010). "The run-up to Raavanan". The Hindu. 10 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 October 2013.
  107. "Raavanan crew share their experiences". The Hindu. 15 May 2010. 20 September 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 October 2013.
  108. PTI (14 May 2010). "Cannes fete off to a start with 'Robin Hood'". The Hindu. සම්ප්‍රවේශය 9 October 2013.
  109. Yogendra Kalavalapalli (18 June 2010). "'One-woman show' disappoints". The Hindu. 21 September 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2013.
  110. Asish Samanta (25 September 2010). "Raavanan enthralls Venice". The Times of India. 11 July 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 September 2010.
  111. "Showcasing Raavan in Venice". Rediff. 7 September 2010. සම්ප්‍රවේශය 30 October 2013.
  112. "Raavan and Raavanan a big hit in film festivals". Bollywood Trade. 27 September 2010. සම්ප්‍රවේශය 30 October 2013.
  113. P Sangeetha (6 October 2010). "Raavanan goes to Korea". The Times of India. 3 May 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 October 2010.
  114. "Mani Ratnam honoured at Venice Film Festival". Rediff. 8 September 2010. සම්ප්‍රවේශය 30 October 2013.
  115. "Ash, Abhishek cheer for Mani Ratnam in Cannes". Rediff. 18 May 2010. සම්ප්‍රවේශය 30 October 2013.
  116. "Raavanan at Pusan festival". The Hindu. 8 October 2010. සම්ප්‍රවේශය 27 October 2013.
  117. Lekha J. Shankar (5 November 2010). "French star steals the show". The Hindu. 29 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2013.
  118. "Raavanan at Pusan International Film Festival". NDTV. PTI. 8 October 2010. 8 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2013.
  119. Ziya Us Salam (4 March 2011). "Port calling: Indian Panorama Film Festival". The Hindu. සම්ප්‍රවේශය 9 October 2013.
  120. Sampurn Wire (20 October 2010). "Raavanan Will Be Screened At MIAAC 2010". Thaindian. සම්ප්‍රවේශය 27 October 2013.
  121. http://www.iaac.us/MIAAC2010/raavanan/ Tenth Annual MIAAC Film Festival
  122. Jim Luce (16 November 2010). "Mani Ratnam's Raavanan: The Must-See International Film of 2010". The Huffington Post. සම්ප්‍රවේශය 16 November 2010.
  123. "Raavanan still a favorite". Behindwoods. 19 February 2011. සම්ප්‍රවේශය 30 October 2013.
  124. "San Francisco International Asian American Film Festival". Center for Asian American Media. සම්ප්‍රවේශය 30 October 2013.
  125. Moviebuzz (5 June 2010). "13 days to Raavanan- Triple delight for Mani". Sify. සම්ප්‍රවේශය 20 October 2013.
  126. "10 Days to Raavanan  - Overseas sold!". Sify. 8 June 2010. සම්ප්‍රවේශය 4 August 2012.
  127. "Rajini sees 'Raavanan'". IndiaGlitz. 18 June 2010. සම්ප්‍රවේශය 26 June 2010.
  128. "Rajnikant gives standing ovation to 'Raavanan'". IndiaGlitz. 22 June 2010. සම්ප්‍රවේශය 31 October 2013.
  129. Moviebuzz (18 June 2010). "Rajinikanth watches Raavanan". Sify. සම්ප්‍රවේශය 31 October 2013.
  130. "Rajnikanth on Raavanan". Behindwoods. 18 June 2010. සම්ප්‍රවේශය 31 October 2013.
  131. Dev (20 June 2010). "The 10 headed monster reborn". The Hindu. සම්ප්‍රවේශය 9 October 2013.[permanent dead link]
  132. S. Aishwarya (15 June 2010). "Raavanan set to hit the screens on Friday". The Hindu. 27 May 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 October 2013.
  133. IANS (17 June 2010). "Raavan to hit 2200 screens worldwide today". Hindustan Times. 20 June 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 November 2017.
  134. "Tamil, Telugu versions of Raavan to release in US". Hindustan Times. IANS. 12 June 2010. 1 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 October 2013.
  135. "BIG cinemas to release RAAVANAN and VILLAIN in USA". The Siasat Daily. 12 June 2010. සම්ප්‍රවේශය 30 October 2013.
  136. "BIG cinemas to release RAAVANAN and VILLAIN in USA". Bollywood Trade. 11 June 2010. සම්ප්‍රවේශය 30 October 2013.
  137. "Raj TV grabs Raavanan for record price". Sify. 17 June 2010. සම්ප්‍රවේශය 4 August 2012.
  138. "Raavan to play in only 24 theatres in Bangalore". Rediff.com. 18 June 2010. සම්ප්‍රවේශය 15 October 2013.
  139. "KFCC moves court over film release". The Hindu. 22 June 2010. සම්ප්‍රවේශය 9 October 2013.[permanent dead link]
  140. Moviebuzz (14 June 2010). "4 Days to Raavanan- Bad news from B'lore!". Sify. සම්ප්‍රවේශය 15 October 2013.
  141. "KFCC barred from stopping Raavan show". The Times of India. TNN. 19 June 2010. 15 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 October 2013.
  142. "Raavan is now out of court". The Hindu. 29 June 2010. සම්ප්‍රවේශය 9 October 2013.[permanent dead link]
  143. "Competition Commission to Raavan's rescue". The Hindu. 19 June 2010. සම්ප්‍රවේශය 9 October 2013.
  144. "Protests against 'Raavanan' in Lanka". The Navhind Times. 21 June 2010. 1 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 October 2013.
  145. N. V. Subramanian (23 June 2010). "Raavanan and Ravana". The Diplomat. සම්ප්‍රවේශය 15 October 2013.
  146. "'Raavanan' faces protests in Sri Lanka, theatre torched". The Economic Times. PTI. 20 June 2010. සම්ප්‍රවේශය 15 October 2013.
  147. "Lanka theatre torched ahead of Raavanan". CNN IBN. 20 June 2010. 6 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 October 2013.
  148. "Raavanan faces protests in Sri Lanka, theatre torched". India Today. 20 June 2010. සම්ප්‍රවේශය 15 October 2013.
  149. Sharadha Narayanan (18 June 2010). "Hey Ram! Raavanan escapes industry ban". The New Indian Express. 4 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 October 2013.
  150. Malathi Rangarajan (19 June 2010). "A masterstroke yet again". The Hindu.
  151. A. Srivathsan (11 July 2010). "Promises not kept". The Hindu. 1 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2013.
  152. J. M. Deepak Kumaar (29 June 2010). "Raavanan - revisiting an epic". The Hindu. සම්ප්‍රවේශය 15 October 2013.
  153. Gautaman Bhaskaran (19 June 2010). "Gautaman Bhaskaran's Review: Raavanan". Hindustan Times. 23 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 October 2013.
  154. Renju Joseph. "Vikram, Prithviraj excel in 'Raavanan'". CNN-IBN. 24 June 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 June 2010.
  155. IANS (19 June 2010). "'Raavanan'  - compelling tale of modern-day Sita's plight". Sify. සම්ප්‍රවේශය 4 August 2012.
  156. Matthew Lee (6 February 2011). "Raavanan UK BluRay review". Twitch film. සම්ප්‍රවේශය 30 October 2013.
  157. Allen Worwood Somerset (July 2010). "Raavanan: Old Wine in New Bottle". Madurai Messenger. 1 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 October 2013.
  158. 158.0 158.1 Saisuresh Sivaswamy (18 June 2010). "Vikram's Raavanan is better, as is Prithviraj's Dev". Rediff. සම්ප්‍රවේශය 4 August 2012.
  159. "Raavanan - Ten Faced Persona". IndiaGlitz. 18 June 2010. සම්ප්‍රවේශය 4 August 2012.
  160. "Raavanan - Movie Review". Behindwoods. සම්ප්‍රවේශය 4 August 2012.
  161. 161.0 161.1 Moviebuzz. "Raavanan: Not among Mani's best". Sify. සම්ප්‍රවේශය 31 June 2010. {{cite web}}: Check date values in: |accessdate= (help)
  162. Sudhish Kamath (21 June 2010). "Raavanan: Epic Vacuity". සම්ප්‍රවේශය 15 October 2013.
  163. "Raavanan 2010". Rotten Tomatoes. සම්ප්‍රවේශය 31 June 2010. {{cite web}}: Check date values in: |accessdate= (help)
  164. Pavithra Srinivasan. "Raavanan is all style, little substance". Rediff. සම්ප්‍රවේශය 18 June 2010.
  165. "Limelight - Going places". The Telegraph. 10 October 2010. සම්ප්‍රවේශය 10 October 2010.
  166. Sangeetha Devi Dundoo (25 June 2010). "It's a bear run out there". The Hindu. සම්ප්‍රවේශය 10 October 2010.
  167. Movie Buzz (22 June 2010). "Chennai Box Office – June 18 to 25". Sify. සම්ප්‍රවේශය 4 August 2012.
  168. "Reliance: Raavan collects 38 crore, Raavanan: 11 crore; Final public verdict". IBOS network. 23 June 2010. සම්ප්‍රවේශය 30 October 2013.
  169. "A big relief for Raavanan!". The Times of India. TNN. 29 June 2010. 1 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 October 2013.
  170. "Chennai Box Office Collections". Behindwoods. 24 June 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 June 2010.
  171. Movie Buzz (25 June 2010). "Mani's Raavanan rocks Kerala!". Sify. සම්ප්‍රවේශය 4 August 2012.
  172. "Raavan performs better on Mani Ratnam's home turf". Business Standard. 22 June 2010.
  173. "UK Box Office: 18 - 20 June 2010". British Film Institute. සම්ප්‍රවේශය 30 October 2012.
  174. "UK Box office: Weekend of June 25, 2010 - June 27, 2010". The New York Times. Nielsen EDI, Inc. සම්ප්‍රවේශය 30 October 2012.
  175. "New York City Box office: Weekend of June 25, 2010 - June 27, 2010". The New York Times. Nielsen EDI, Inc. සම්ප්‍රවේශය 30 October 2012.
  176. "Raavanan: Box-Office". Screenrush. සම්ප්‍රවේශය 30 October 2012.
  177. "Peepli Live is India's official entry for Oscars". The Hindu. 25 September 2010. සම්ප්‍රවේශය 9 October 2013.[permanent dead link]
  178. "Peepli Live deserved it: K-town". The Times of India. TNN. 26 September 2010. 1 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 October 2013.
  179. "India gets five nominations at Asia Pacific Screen Awards". Deccan Herald. IANS. 18 October 2010. සම්ප්‍රවේශය 15 October 2013.
  180. Sampurn Wire (2 November 2010). "Raavanan is awarded, after being a flop". The New Indian Express. 4 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 October 2013.
  181. "'Raavanan' cinematography nominated for APSA award". IndiaGlitz. 19 October 2010. සම්ප්‍රවේශය 15 October 2013.
  182. "Raavanan reaches APSA award nominations". 88db.com. සම්ප්‍රවේශය 31 October 2013.
  183. "Vikram is loaded with accolades". The Times of India. TNN. 23 September 2010. 1 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 October 2013.
  184. "Mani Ratnam's 'Raavanan' part of Austrian Film Museum". CNN IBN. IANS. 2 March 2012. 5 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 October 2013.
  185. "Aishwarya's 'Raavanan' in Austrian Film Museum". Emirates 24/7. 4 March 2012. සම්ප්‍රවේශය 30 October 2013.
  186. "Raavanan In Austrian Film Museum". Box Office India. 10 March 2012. සම්ප්‍රවේශය 30 October 2013.
  187. "Ratnam's 'Raavanan' part of Austrian Film Museum". Thaindian News. IANS. 1 March 2012. සම්ප්‍රවේශය 30 October 2013.
  188. "Peter Heins nominated for World Stunt Awards". The Times of India. 12 May 2011. 1 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 October 2013.
  189. "Stunt master Peter Hein nominated for Taurus World Stunt Award". 88db.com. සම්ප්‍රවේශය 30 October 2013.
  190. "Peter Heins nominated for Taurus World Stunt Award". Galatta. 23 May 2011. සම්ප්‍රවේශය 30 October 2013.
  191. "Stunt master brings glory to Tamil cinema". Behindwoods. 14 May 2011. සම්ප්‍රවේශය 30 October 2013.
  192. "Vedam wins big at Filmfare Awards (South) 2011". Rediff. 4 July 2011. සම්ප්‍රවේශය 30 October 2013.
  193. "Mani sir, I owe you one". The Times of India. TNN. 4 July 2011. 21 September 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 October 2013.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රාවණන්&oldid=651360" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි