ප්‍රියා වසුදේව් මණි අයියර් (උපත 1984 ජූනි 4) හෙවත් ප්‍රියාමණි යන වේදිකා නාමයෙන් හැඳින්වෙන්නේ කන්නඩ, මලයාලම්, දෙමළ, තෙලිඟු සහ හින්දි භාෂා චිත්‍රපයවල රංග‍නයේ යෙදෙන ඉන්දියානු චිත්‍රපට නිළියක සහ හිටපු නිරූපිකාවකි. කලාපීය ඉන්දියානු චිත්‍රපටවලින් සිය වෘත්තිය ‍ගොඩනගා ගත් ඇය වෙනස්-භාෂා චිත්‍රපටවලින් ජාතික චිත්‍රපට සම්මානයක් සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන තුනක් හිමි කරගෙන ඇත.

ප්‍රියාමණි
ප්‍රියාමණි 2013 SIIMA සම්මාන උළෙලේ දී
උපත
ප්‍රියා වසුදේව් මණි අයියර්

4 ජුනි 1984 (1984-06-04) (වයස 39)[1][2][3]
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක, නිරූපිකාවක
සක්‍රීය වසර2003–වර්තමානය
ඥාතීන්බලන්න ප්‍රියාමණි පවුල

බැංගලෝරයේ උපත ලබා හැදී වැඩුණු ප්‍රියාමණි චිත්‍රපට රංගන වෘත්තිය අවතීර්ණ වීමට පෙර නිරූපිකාවක ලෙස කටයුතු කළා ය. 2003දී ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ තෙලිඟු චිත්‍රපටයක් වූ එවරේ අටගාඩු (2003) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමෙනි. කෙසේනමුත් මෙම චිත්‍රපටය බොක්ස් ඔෆීස් අතින් සාර්ථක නොවී ය. ඇය පුළුල් අවධානයට ලක්වූයේ 2007දී දෙමළ චිත්‍රපටයක් වූ පරුතිවීරන් චිත්‍රපටයේ මුත්තලගු නම් ගම්බද යුවතියගේ චරිතය නිරූපණය කිරීම හේතුවෙනි. මේ වෙනුවෙන් ඇය හොඳම නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය සහ හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - දෙමළ යන සම්මාන හිමි කරගත්තා ය. එම වර්ෂයේම ඇය තෙලිඟු සිනමාව තුළ ආර්ථික අතින් සාර්ථකත්වයට පත්වූයේ එස්. එස්. රාජමෞලි අධ්‍යක්ෂණය කළ යමදොංගා චිත්‍රපටය තුළිනි.[4] 2008දී, ප්‍රියාමණි විචාරක පැසසුමට ලක්වූයේ මලයාලම් චිත්‍රපටයක් වූ තිරක්කතාහි මාලවිකා චරිතය නිරූපණය කිරීම නිසායි. ඒ වෙනුවෙන් ඇය හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - මලයාලම් සම්මානය ද හිමි කරගත්තා ය.[4] අනුයාත වර්ෂයේ දී, ඇය කන්නඩ චිත්‍රපට ක්ෂේත්‍රය වෙත ප්‍රවිෂ්ඨ වූයේ රාම් චිත්‍රපටය තුළිනි. මෙය ද ආර්ථික සහ විචාරක අතින් සාර්ථකත්වයට පත් විය. ප්‍රියාමණි ඇගේ බොලිවුඩ් ආගමනය සනිටුහන් කළේ මණි රත්නම්ගේ ද්වීභාෂා දෙමළ සහ හින්දි චිත්‍රපට යුගලක් වූ පිළිවෙලින් රාවන් සහ රාවණන් චිත්‍රපට තුළිනි. තායි චිත්‍රපටයක් වූ Alone පාදක කරගනිමින් 2012දී නිර්මාණය වූ චාරුලතා චිත්‍රපටය තුළ ඇය නිරූපණය කළ දෙබිඩි නිවුන් යුවතියන්ගේ චරිතය හේතුවෙන් ඇය විචාරක පැසසුම් ලද්දා ය. මේ හේතුවෙන් ඇයට ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානය තෙවන වරටත් හිමි කරගැනීමට හැකි විය.

මුල්කාලීන දිවිය සංස්කරණය

ප්‍රියාමණි උපත ලැබූයේ බැංගලෝරයේ දෙමළ භාෂා කථාකරන පවුලකට ය. ඇගේ දෙමාපියන් වූයේ වසුදේව මණි අයියර් සහ ලතා මණි අයියර් ය.[5] පාසල් වියේ දී ඇය කාංචීපුරම් සේද, එරෝඩ් සේද සහ ලක්ෂ්මී සේද සඳහා නිරූපිකාවක ලෙස කටයුතු කළා ය. 12වන පන්තියේ සිටින විට, දෙමළ අධ්‍යක්ෂක භාරතීරාජ විසින් ඇයව සිනමාවට හඳුන්වා දෙන ලදී. පාලක්කඩ්හි දෙමළ අයියර් පවුලකින් පැවතෙන ඇගේ පියාට කෙසෙල් ව්‍යාපාරයක් ඇත. තිරුවනාථපුරම්වලින් පවැත එන ඇගේ මව වන ලතාමණි හිටපු බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වන අතර යුනියන් බැංකුවේ බැංකු කළමනාකාරිණියක විය. ඇගේ වැඩිමහල් සොයුරා වන විශාඛ් සිය පියාගේ කෙසෙල් ව්‍යාපාරයට දායක වෙමින් සිටියි. පාසල් කාලයේ දී ඇය විෂය බාහිර කටයුතු සහ ක්‍රීඩා සඳහා ක්‍රියාකාරීව දායක වී තිබේ.[6] ඇය කර්ණාටක ගායිකාවක වන කමලා කෛලාස්ගේ මිණිපිරිය ද වේ.[7] චිත්‍රපට නිළි විද්‍යා බාලන්ගේ ඥාති සොයුරියක වන ප්‍රියාමණි, පිළිවැයුම් ගායිකා මල්ගුඩි ශුභාගේ ලේලියක ද වේ.[8][9]

ප්‍රියාමණි සිය පාසල් අධ්‍යාපනය හදාළේ ශ්‍රී ඕරෝබින්දෝ අනුස්මරණ පාසල වෙතිනි. ඇය ජේ. සී. මාවතේ බිෂොප් කොට්න් විමෙන්’ස් කොලීජියට ද ඇතුළත් වී ඇත.[5][10] සිය පාසල් අධ්‍යාපනය හැදෑරීමෙන් පසු, ප්‍රියාමණි මුද්‍රිත වෙළඳ දැන්වීම් සඳහා නිරූපිකාවක ලෙස පෙනීසිටියා ය. වර්තමානය වන විට, ප්‍රියාමණි මනෝවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හදාරමින් සිටින්නී ය.[11]

වෘත්තිය සංස්කරණය

මුල්කාලීන වෘත්තිය සංස්කරණය

ඇය සිය චිත්‍රපට වෘත්තිය ආරම්භ කළේ කණ්ගලාල් කෛතු සෙයි චිත්‍රපටයේ වසීගරන් සමග රංගනයේ යෙදෙමිනි. මෙය ඇගේ කොලිවුඩ් සම්ප්‍රාප්තිය ද විය. මෙම චිත්‍රපට බොක්ස් ඔෆීස් අතින් අසාර්ථක වූ අතර, අනුතරුව ඇය මලයාලම් සහ තෙලිඟු චිත්‍රපට කෙරෙහි යොමුවූයේ දෙමළ චිත්‍රපටවලින් ලැබෙන ආරාධනා මඳ වීම නිසායි. ඇය සිය තෙලිඟු සම්ප්‍රාප්තිය සනිටුහන් කළේ පෙල්ලයිනා කෝතලෝ චිත්‍රපටය තුළිනි. මෙහි ඇය සමග ජගපති බාබු චරිත නිරූපණය කළේ ය. මෙම චිත්‍රපටය හේතුවෙන් ප්‍රියාමණි ජනප්‍රියත්වයට පත් විය. ඇය දෙමළ චිත්‍රපට වෙත සිය යළි ආගමනය සනිටුහන් ක‍ළේ ජාත්‍යන්තර පැසසුමට පත් පරුතිවීරන් චිත්‍රපටය තුළිනි. අමීර් සුල්තාන් විසින් නිමවූ මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ නවක නළු කාර්තික් සිවකුමාර් ය. අනතුරුව ඇය ජීවන් නම් නළුවා සමග ප්‍රධාන චරිත නිරූපණය කිරීමට තවත් දෙමළ චිත්‍රපටයකට අත්සන් තබා ඇත. පසුව ඇය මලයාලම් චිත්‍රපට ක්ෂේත්‍රයට පා තැබූයේ සත්‍යම් චිත්‍රපටය තුළිනි. නමුත් මෙම චිත්‍රපටයට හිමිවූයේ දුර්වල බොක්ස් ඔෆීස් ප්‍රතිචාරයන් ය.[7] ඇය දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු මෙන්ම සිනෙමාරූපකයකු ද වන බාලු මහේන්ද්‍රාගේ 2005 චිත්‍රපටයක් වූ අදු ඔරු කාන කාලම් චිත්‍රපටය සමග සම්බන්ධ විය. මෙය මුදාහැරීමට පෙර බාබිත් පැවසූයේ "චිත්‍රපටය තුළ ප්‍රියාමණි විශිෂ්ට රංගනයක නියැළෙයි. ඇගේ ප්‍රතිභාව පුළුල් ඇගයුමට ලක්වනු ඇත" යනුවෙනි.[12] අදු ඔරු කාන කාලම් විචාරක පැසසුමට ලක්වුවත්, බොක්ස් ඔෆීස් අතින් අසාර්ථක විය.[13] කෙසේනමුත්, චිත්‍රපටයේ රංගන පතිභාව වෙනුවෙන් ඇය විචාරක පැසසුමට ලදුවා ය.[14][15] 2006දී, ප්‍රියාමණි තෙලිඟු චිත්‍රපටයක් වූ පෙල්ලෛනා කෝතලෝහි ප්‍රධාන චරිතයක් නිරූපණය කළා ය. මෙම චිත්‍රපටය සුපිරි සාර්ථකත්වයක් ලද අතර, අනතුරුව ඇයට තෙලිඟු චිත්‍රපට තුනකටම ආරාධනා හිමි විය.[7][16][17]

2007–වර්තමානය සංස්කරණය

 
ප්‍රියාමණි රක්ත චාරිත්‍ර රූගත කිරීම් අතරතුර

අමීර් සුල්තාන් විසින් අධ්‍යක්ෂණය කළ 2007 වර්ෂයේ පරුතිවීරන් චිත්‍රපටය තුළින් ප්‍රියාමණි සිය රංගන ප්‍රතිභාව සනාථ කර පෙන්වූයේ ආර්ථික සාර්ථකත්වයක් ද සමගිනි. මෙහි ඇය සමග නවක නළු කාර්ති සිවකුමාර් ප්‍රධාන චරිත නිරූපණය සිදුකළේ ය. මදුරෛහි කුප්‍රකට තරුණ ගැමියකු පිළිබඳ මින් කියැවෙයි. විචාරක ඇගයුම් ලත් මෙම චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා තබමින් තිරගත වූයේ විස්මිත අයුරිනි.[18][19][20] ප්‍රියාමණිගේ රංගන හැකියාව අවිවාදිතව පැසසුමට ලක් විය.[21][22] මේ හේතුවෙන් ඇය ජාතික චිත්‍රපට සම්මානය,[23] අනතුරුව දකුණු ෆිල්ම්ෆෙයාර් සම්මානය,[24] තමිල් නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානය සහ ආසියානු සහ අරාබි සිනමාව පිළිබඳ ඔෂීයන්ස් සිනේ‍ෆෑන් උළෙලේ සම්මානයක් ද හිමි කරගත්තා ය.[25]

2007දී ඇය තවත් ආර්ථික වශයෙන් සාර්ථක චිත්‍රපට දෙකකට දායකත්වය සැපයූවා ය. එනම් යමඩොංගා නම් තෙලිඟු චිත්‍රපටය[26][27][28] සහ මලෛකෝට්ටෛ නම් දෙමළ චිත්‍රපටයයි.[29][30][31] 2008දී ඇය නැවත වරක් විචාරක පැසසුමට පාත්‍ර වූයේ මලයාලම් චිත්‍රපටයක් වූ තිරක්කථාහි ඇය නිරූපණය කළ චරිතය හේතුවෙනි. මෙය පසුකාලීන චිත්‍රපට නිළියක වූ ශ්‍රීවිද්‍යාගේ අරගලකාරී දිවිය පිළිබඳ කියැවෙන සත්‍ය චරිතයකි.[32] ඇය නැවත වරක් සිය රංගන ප්‍රතිභාව වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මානයක් හිමි කරගත්තා ය.[33] 2008 වසරේ ඇගේ එකම දෙමළ චිත්‍රපටය වූයේ තෝට්ට චිත්‍රපටයයි.

2009දී ඇගේ දෙමළ චිත්‍රපට දෙකක් තිරගත විය. මේවා නම් මසාලා චිත්‍රපටයක් වූ ආරුමුගම් සහ මලයාලම් චිත්‍රපටයක් වූ Classmatesහි ප්‍රතිනිර්මාණය වූ[34][35] නිනෛතාලේ ඉනික්කුම් චිත්‍රපටයයි.[36] මින් පළමු චිත්‍රපටය ආර්ථික වශයෙන් අසාර්ථක විය.[37][38] ඇගේ කුළුඳුල් කන්නඩ චිත්‍රපටය වූ රාම් ද ආර්ථික අතින් සාර්ථක විය.[39][40][41][42] කෙසේනමුත් එම වසරේ නිකුත් වූ ඇගේ තෙලිඟු චිත්‍රපට තුනම, (ද්‍රෝනා, මිත්රුඩු, ප්‍රාවරඛ්‍යුඩු) බොක්ස් ඔෆීස් අතින් සාර්ථක වූයේ නැත.[43][44][45] 2010දී ඇය උපහාසාත්මක චිත්‍රපටයක් වූ ප්‍රාන්චියේට්ටන් ඇන්ඩ් ද සේන්ට් චිත්‍රපටයට සම්බන්ධ වූ අතර, 2005 සිට දීර්ඝතම-කාලයක් ධාවනය වූ මලයාලම් චිත්‍රපටය බවට එය පත් විය.[46] චිත්‍රපටය තුළ ඇය නිරූපණය කළ මුම්බායි පාදක කරගත් අලංකරණ ශිල්පිනියගේ චරිතයට ෆිල්ම්ෆෙයාර් නිර්දේශයක් හිමි විය.

අනතුරුව ඇය අධ්‍යක්ෂක මණි රත්නම්ගේ ද්වීභාෂා චිත්‍රපටයක් වූ පිළිවෙලින් දෙමළ සහ හින්දි බසින් රාවණන් සහ රාවන් චිත්‍රපට සමග සම්බන්ධ වූවා ය.[47] ඉන් මඳ කලකට පසු, බොලිවුඩ් අධ්‍යක්ෂක-නිෂ්පාදකවරයකු වූ රාම් ගෝපාල් වර්මා විසින් ඇයව සිය ත්‍රිභාෂා චිත්‍රපටය වූ රක්ත චාරිත්‍ර සඳහා සම්බන්ධ කරගන්නා ලදී. වර්මා විසින් ඇයව තෝරාගෙන තිබුණේ පරුතිවීරන් චිත්‍රපටයේ ජාතික සම්මාන හිමිවූ ඇගේ චරිතය දැකීමෙනි.[48] ඇගේ කන්නඩ චිත්‍රපටයක් වූ විෂ්ණුවර්ධන චිත්‍රපටය බ්ලොක්බස්ටර් වාර්තා තබමින් තිරගත විය.[49][50] පසුව ඇය අන්නා බොන්ඩ් සමග සම්බන්ධ විය.[51] මෙම චිත්‍රපටය විචාරකයන් වෙතින් දුර්වල ප්‍රතිචාර ලද අතර, Rediffහි "2012 වසරේ වඩාත් කලකිරෙනසුලු කන්නඩ චිත්‍රපට" ලැයිස්තුවට එය ඇතුළත් කොට තිබිණි.[52] එසේවුව ද, බොක්ස් ඔෆීස් අතින් එය සාර්ථක විය.[53] ඇය බොලිවුඩ් චිත්‍රපටයක් වන චෙන්නායි එක්ස්ප්‍රස් සඳහා සිය නර්තන දායකත්වය ලබා දී ඇත.[54]

ඇය මලයාලම් චිත්‍රපටයක් වන The True Storyහි රූගත කිරීම් සඳහා සහභාගී වූවා ය. එසේම ඇය රංගන දායකත්වය සැපයූ චණ්ඩී තෙලිඟු චිත්‍රපටය නිදහස් සටන්කාමියකුගේ මිණිපිරියකගේ චරිතයක් ඇය නිරූපණය කළා ය.[55] 2014දී ඇය අම්බරීෂා නම් කන්නඩ චිත්‍රපටයේ රංගනයේ යෙදුණේ දර්ශන් සමග ය.[56]

2014දී, ඇය PETA දැන්වීම් ව්‍යාපාරයකට පෙනී සිටියේ කූඩු කළ ව්‍යාඝ්‍රයන් සිටින සත්ත්වෝද්‍යාන වර්ජනය කරන මෙන් ජනයාගෙන් ඉල්ලා සිටිමිනි.[57][58][59]

පෞද්ගලික දිවිය සංස්කරණය

2016 මැයි 27 දින පෞද්ගලික උත්සවයක දී ඇය මුස්තාෆා රාජ් සමග විවාහ ගිවිස ගත්තා ය.[60]

සම්මාන සංස්කරණය

චිත්‍රපට නාමාවලිය සංස්කරණය

වර්ෂය චිත්‍රපටය චරිතය භාෂාව සටහන්
2003 උල්ලම් කවිතා දෙමළ
එවරේ ආටගාදු ප්‍රියාමණි තෙලිඟු
2004 කණ්ගලාල් කෛදු සෙයි විද්‍යා සදාගෝප්පන් දෙමළ
සත්‍යම් සොනා මලයාලම්
2005 අදු ඔරු කාන කාලම් තුලසි දෙමළ
ඕට්ට නානායම් රේෂ්මා මලයාලම්
2006 පෙල්ලෛනා කෝතලෝ ලක්ෂ්මී තෙලිඟු
මධු මර්සි දෙමළ
2007 පරුති වීරන් මුතාලගු හොඳම නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය
හොඳම නිළිය සඳහා තමිල් නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානය
හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - දෙමළ
හොඳම නිළිය සඳහා විජේ සම්මානය
Toss නෛනා තෙලිඟු
යමඩොංගා මහේෂ්වරී
නව වසන්තම් අංජලී
මාලෛකෝට්ටෛ මාලර් දෙමළ
2008 තොට්ටා නලීනා
හරේ රාම් අංජලී තෙලිඟු
තිරක්කථා මාලවිකා මලයාලම් හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - මලයාලම්
King තෙලිඟු විශේෂ නිරූපණය
2009 ද්‍රෝනා ඉන්දු
මිත්රුඩු
පුතිය මුඛම් අංජනා මලයාලම්
ආරුමුගම් යාමිනී දෙමළ
නිනෛතාලේ ඉනික්කුම් මීරා
ප්‍රාවරඛ්‍යුඩු සෛලජා තෙලිඟු
රාම් පූජා කන්නඩ
2010 ෂම්බෝ ශිව ෂම්බෝ මූනිම්මා තෙලිඟු
සද්‍යම් සුහානි
ගොලිමාර් පවිත්‍රා
රාවණන් වෙන්නීලා දෙමළ
රාවන් ජමුනි හින්දි
ප්‍රංචියේට්ටන් ඇන්ඩ් ද සේන්ට් පද්මාශ්‍රී මලයාලම්
එනෝ ඕන්තාරා මධුමතී කන්නඩ
රක්ත චාරිත්‍ර II භාවනි හින්දි
රාගදා අෂ්ටලක්ෂ්මි තෙලිඟු
2011 රාජ් මෛතිලි
විෂ්ණුවර්ධන මීරා කන්නඩ හොඳම සහාය නිළිය සඳහා සැඬල්වුඩ් තරු සම්මානය
ක්ෂේත්‍රම් නාග පෙණ්චලම්මා,
සෝහිනී අගර්වාල්
තෙලිඟු
2012 කෝ කෝ කෝවේරි කන්නඩ
Anna Bond මීරා
Grandmaster දීප්ති මලයාලම්
චාරුලතා චාරු,
ලතා
දෙමළ
කන්නඩ හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - කන්නඩ
හොඳම නිළිය සඳහා SIIMA සම්මානය
හොඳම නිළිය සඳහා සුවර්ණා චිත්‍රපට සම්මානය
2013 ලක්ෂ්මි ප්‍රියා
චෙන්නායි එක්ස්ප්‍රස් හින්දි ගීතයක විශේෂ නිරූපණය
චණ්ඩී ගංගා/චණ්ඩී තෙලිඟු
2014 Alice: A True Story ඇලිස්/උමා මලයාලම්
න්ජංගලුදේ වීට්ටිලේ අතිදිකාල් භාවනා
අම්බරීෂා ස්මිතා කන්නඩ [61]
2016 කතේ චිත්‍රකතේ නිර්දේශන පුත්තනා ගීතාංජලී
කල්පනා 2 කල්පනා
දාන කායොනු ජුම්මි
ඉදොල්ලේ රාමායණ සුශීලා
මාන ඌරි රාමායණම් තෙලිඟු
2017 චෞකා මාරියා ඩි’සූසා කන්නඩ
අංගුලිකා [62]
ව්‍යූහ ගයාත්‍රි රූගත කෙරෙමින් පවතියි[63]
කාමිනී
ද්වජා

රූපවාහිනිය සංස්කරණය

වර්ෂය වැඩසටහන දායකත්වය භාෂාව නාළිකාව සටහන්
2013 ප්‍රේමතෝ මී ලක්ෂ්මී ආරාධිත තෙලිඟු ඊටීවී තෙලිඟු
2014 Big Screen මලයාලම් කයිරාලි ටීවී
ඕනසල්ලාපම් මලයාලම් ACV
D 4 Dance විනිසුරු මලයාලම් මලවිල් මනෝරමා
2015 D2 - D 4 Dance මලයාලම් දිනාගති, ඒෂියාවිෂන් රූපවාහිනී සම්මාන 2015 - හොඳම කීර්තිමත් විනිසුරු
Dancing Star 2 කන්නඩ ඊටීවී කන්නඩ
මජා ටෝකීස් ආරාධිත කන්නඩ
2016 Kings of Dance විනිසුරු දෙමළ ස්ටාර් විජේ
D3 - D 4 Dance මලයාලම් මලවිල් ම‍නෝරමා දිනාගති, ඒෂියාවිෂන් රූපවාහිනී සම්මාන 2016 - හොඳම කීර්තිමක් විනිසුරු
Dancing Star 3 කන්නඩ කලර්ස් කන්නඩ
මජා ටෝකීස් ආරාධිත කන්නඩ
Badai Bungalow මලයාලම් ඒෂියානෙට්
JB junction මලයාලම් කෛරාලි ටීවී
Get Set Chat මලයාලම් කෞමුදි ටීවී
Laughing Villa මලයාලම් සූර්යා ටීවී
Comedy Super Night 2 මලයාලම් ෆ්ලවර්ස් ටීවී
ඔන්නුම් ඔන්නුම් මූනු මලයාලම් මලවිල් මනෝරමා
අලිතෝ සරාදගා තෙලිඟු ඊටීවී තෙලිඟු
2017 Weekend With Ramesh කන්නඩ සී කන්නඩ
2017-වර්තමානය D4 junior v/s seniors විනිසුරු මලයාලම් මලිව්ල මනෝරමා

ආශ්‍රේයයන් සංස්කරණය

  1. P.K. Ajith Kumar. "Director's actor". The Hindu. සම්ප්‍රවේශය 19 April 2016.
  2. James, Anu (4 June 2015). "Happy Birthday Priyamani: Celebs Wish 'D4 Dance' Judge on her Special Day". International Business Times. සම්ප්‍රවේශය 19 April 2016. Priyamani ... is celebrating her 31st birthday on Thursday, 4 June.
  3. "Birthday Exclusive: Priyamani". Deccan Chronicle. සම්ප්‍රවේශය 19 April 2016.
  4. 4.0 4.1 "Southern hottie Priyamani". NDTVMovies.com. සම්ප්‍රවේශය 19 April 2016.
  5. 5.0 5.1 "Priya Mani`s candid confessions". Sify. 27 May 2014. සම්ප්‍රවේශය 19 April 2016.
  6. "പ്രിയമാണ്‌ എനിക്ക്‌ പ്രണയം..." mangalamvarika.com. සම්ප්‍රවේශය 17 June 2015.
  7. 7.0 7.1 7.2 Nagarajan, Saraswathy (13 April 2012). "Ms. Confidence". Chennai, India: The Hindu. සම්ප්‍රවේශය 19 March 2013.
  8. "Not going to ask Vidya Balan for advice: Priyamani". Deccan Chronicle. සම්ප්‍රවේශය 18 May 2012.
  9. Priya Mani – Interview. Behindwoods.com. Retrieved on 5 July 2011.
  10. "Priya Mani - Interview". Behindwoods.com. සම්ප්‍රවේශය 19 April 2016.
  11. "Graceful debut". Metro Plus Coimbatore. Chennai, India: The Hindu. 22 December 2003. 19 January 2004 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 February 2009.
  12. "He can't stop talking about Priya Mani". Indiaglitz. 9 March 2005.
  13. "Style meets substance". Chennai, India: The Hindu. 28 January 2006. 2 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 November 2017.
  14. "Athu Oru Kanaa Kaalam – Dreamy desires". Indiaglitz. සම්ප්‍රවේශය 19 March 2013.
  15. "Tamil Movie Review : Athu Oru Kanakalam". Behindwoods. සම්ප්‍රවේශය 19 March 2013.
  16. "Pellaina Kothalo trio returns". Rediff. 1 December 2009.
  17. Ranganath, Vanaparthy (27 December 2006). "TOP 10 MOVIES OF 2006". idlebrain.com. {{cite web}}: line feed character in |title= at position 17 (help)
  18. "'Paruthi Veeran' 357 not out!". indiaglitz. සම්ප්‍රවේශය 19 March 2013.
  19. "Box Office Analysis". Indiaglitz. 27 February 2007.
  20. "The next pin-up boy!". Sify. 16 April 2007.
  21. Paruthi Veeran Tamil Movie Review – cinema preview stills gallery trailer video clips showtimes. Indiaglitz.com (24 February 2007). Retrieved on 2013-07-11.
  22. Movie Review : Paruthiveeran. Sify.com. Retrieved on 11 July 2013.
  23. "Priya Mani bags National Award for Best Actress". Sify. සම්ප්‍රවේශය 19 March 2013.
  24. "'Paruthi Veeran' rules the roost at filmfare awards". Indiaglitz. සම්ප්‍රවේශය 20 March 2013.
  25. "Top Tamil heroines of 2007". Rediff. සම්ප්‍රවේශය 19 March 2013.
  26. "Yamadonga 100 days celebrations in New Jersey, USA". idlebrain.com. සම්ප්‍රවේශය 19 March 2013.
  27. "TOP 10 MOVIES OF 2007 by Ranganath Vanaparthy". idlebrain.com. සම්ප්‍රවේශය 19 March 2013.
  28. "Top five Telugu films of 2007". Rediff. සම්ප්‍රවේශය 19 March 2013.
  29. "BOX OFFICE TOP 10 MOVIES OF 2007". Behindwoods. සම්ප්‍රවේශය 19 March 2013.
  30. "Malaikottai's success delights Vishal". Times of India. 2013-12-03 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 March 2013.
  31. "Malaikottai – 125 days celebrated". Sify. සම්ප්‍රවේශය 19 March 2013.
  32. "Search for inspiration". Friday Review Thiruvananthapuram. Chennai, India: The Hindu. 11 July 2008. 2 August 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 February 2009.
  33. Ramanjuam, Srinivasa (2 August 2009). "The glowing filmfare night!". The Times Of India. 2012-07-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-25.
  34. "Ninaithale Inikkum is worth a watch". Rediff. සම්ප්‍රවේශය 19 March 2013.
  35. "Variety is the spice of life". Times of India. 2013-12-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 March 2013.
  36. "Siren of the Week: Priyamani". MSN. සම්ප්‍රවේශය 19 March 2013.
  37. "Will lady luck shine on Bharath?". Sify. සම්ප්‍රවේශය 19 March 2013.
  38. "Suresh Krishna is back with Aahaa". chakpak.com. සම්ප්‍රවේශය 19 March 2013.
  39. "'Prithvi' 50 days, 'Raam' 25 weeks!". Indiaglitz. සම්ප්‍රවේශය 19 March 2013.
  40. "Puneet Rajkumar: The impeccable aura of the Powerstar continues to dazzle". Southscope. සම්ප්‍රවේශය 19 March 2013.
  41. Veeresh, K. M. (12 November 2010). "GANDHINAGAR GOSSIP". Chennai, India: The Hindu. 7 April 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 November 2017.
  42. "I don't want to disappoint my fans: Puneeth". Sify. සම්ප්‍රවේශය 19 March 2013.
  43. "Exclusive: Priya Mani's Kannada debut". Rediff. සම්ප්‍රවේශය 19 March 2013.
  44. Narasimham, M.L. (25 December 2009). "Of colossal hits and flops". Chennai, India: The Hindu. 2 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 November 2017.
  45. "Tollywood's report card of 2009". Times of India. 2013-05-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 March 2013.
  46. Nair, Unni R. (18 March 2011). "Pranchiyettan And The Saint still running strong". Indian Express. සම්ප්‍රවේශය 14 April 2011. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  47. Raghavan, Nikhil (23 January 2009). "Out in the woods". Cinema Plus. Chennai, India: The Hindu. 27 January 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 February 2009.
  48. Priyamani was uncertain in acting in Rakta Charitra[permanent dead link]. Entertainment.oneindia.in (23 March 2010). Retrieved on 2011-07-05.
  49. "South's biggest blockbusters of 2011". IBN Live. සම්ප්‍රවේශය 19 March 2013.
  50. Rajapur, V.S. (29 December 2011). "Kannada film industry looks up: Success ratio up". Hindustan Times.
  51. Kannada Review: 'Only Vishnuvardhana' is racy සංරක්ෂණය කළ පිටපත 2012-01-09 at the Wayback Machine. Ibnlive.in.com (11 December 2011). Retrieved on 2013-07-11.
  52. "The Most Disappointing Kannada Films of 2012". Rediff. 19 January 2013.
  53. "Sandalwood Half Yearly Report: Anna Bond biggest hit so far". Filmibeat.com. සම්ප්‍රවේශය 19 April 2016.
  54. Pacheco, Sunitra (22 January 2013). "Shah Rukh Khan's latkas jhatkas in Chennai Express item number". The Indian Express. සම්ප්‍රවේශය 19 April 2016.
  55. "I don't mind being an 'eye candy' - The Times of India". The Times Of India.
  56. A. Sharadhaa (12 October 2013). "Enjoying being the not so nice one". The New Indian Express. සම්ප්‍රවේශය 19 April 2016.
  57. "Priyamani Turns Tigeress for PETA," The Times of India, 17 September 2014.
  58. "Actor Amala Paul apologises to Jisha's mother on Mother's Day". thenewsminute.com. 9 May 2016. සම්ප්‍රවේශය 30 May 2016.
  59. "Actor Asks Women to Leave Country After Jisha Rape, Gets Trolled". thequint.com. සම්ප්‍රවේශය 30 May 2016.
  60. "Actor Priyamani gets engaged". The Hindu. 29 May 2016. සම්ප්‍රවේශය 30 May 2016.
  61. "Priyamani in Ambarisha — The Times of India". The Times Of India.
  62. Pasupulate, Karthik (20 February 2014). "Priyamani to play a CBI officer". The Times of India. සම්ප්‍රවේශය 19 April 2016.
  63. "Priyamani to play a CBI officer — The Times of India". The Times Of India.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රියාමණි&oldid=592555" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි