ශ්‍රී ලංකාවේ, මාතර බළකොටුවේ කොටුපවුර මධ්‍යයෙහි පිහිටුවා තිබෙන මාතර ඔරලෝසු කණුව, ලන්දේසීන්[3] විසින් ලන්දේසි ලංකාවේ ඉදිකරනු ලැබූ පැරණි ඔරලෝසු කණුවකි.

මාතර ඔරලෝසු කණුව
පිහිටීමමාතර බළකොටුව, මාතර, ශ්‍රී ලංකාව
උසමීටර් 12[1][2]
අවසන් කළ දිනයක්‍රි.ව. 1765[1]

අතීතය සංස්කරණය

ක්‍රි.ව. 1765 දී ලන්දේසීන් විසින්, මෙම ඔරලෝසු කණුව නිමවන ලදී.[1] නමුත් සමහර මූලාශ්‍රයන්, මෙම ඔරලෝසු කණුව ක්‍රි.ව. 1883 දී බ්‍රිතාන්‍යයන් විසින් නිමවන ලද්දක් බැව් සඳහන් කරයි.[4][5]

නඩත්තුව සංස්කරණය

ඔරලෝසු කණුව හා පැරණි මාතර බළකොටුව, පත්ව සිටි බලධාරීන් විසින් කලින් කලට නඩත්තු කොට ගෙන ගිය බව තොරතුරු දැක්වෙයි. වාරයන් කිහිපයකදී ඔරලෝසු වල ඇතිවූ යම් යම් දෝෂ පිලිසකර කරවූ බවද සඳහන්ය.කෙසේ නමුත් ඔරලෝසු කණුවේ මුල් ආකෘතිය එක් අවස්ථාවකදීවත් වෙනස්කමකට භාජනය නොකල බව පැවසෙයි.[2][6]

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 1.2 "ෆෝට්‍රෙසස් ඉන් මාතර". සිලෝන්ටුවර්ඇඩ්වයිසර්. 2012. සම්ප්‍රවේශය 30 මැයි 2014.
  2. 2.0 2.1 "හිස්ට්‍රි ඔෆ් මාතර සිටි". 2005. සම්ප්‍රවේශය 30 මැයි 2014.
  3. "මාතර සදර්න් ප්‍රොවින්ස් ශ්‍රී ලංකා". ට්‍රැවල්ඊට්. 25 සැප්තැම්බර් 2012. සම්ප්‍රවේශය 30 මැයි 2014.
  4. "හිඩ්න් ජෙම්ස් ඔෆ් මාතර". බන්ඩිස් බ්ලොග්. මාතර ශ්‍රී ලංකා. 16 පෙබරවාරි 2013. සම්ප්‍රවේශය 30 මැයි 2014.
  5. "මාතර තිංග්ස් ටු ඩූ". planxty. වර්චුවල්ටුවරිස්ට්. 25 මාර්තු 2014. සම්ප්‍රවේශය 30 මැයි 2014.
  6. "පොල්හේන රීෆ් ඇන්ඩ් මාතර ඕල්ඩ් ටවුන්". ටේල්ස්ෆ්‍රොම් ශ්‍රී ලංකා. 2 සැප්තැම්බර් 2013. සම්ප්‍රවේශය 30 මැයි 2014.
"https://si.wikipedia.org/w/index.php?title=මාතර_ඔරලෝසු_කණුව&oldid=371796" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි