පොළොන්නරුව පෞරාණික නගරය

ශ්‍රී ලංකාවේ අතීත රාජධානියක් වන අතර ආගමික නගරයක් ද වේ
(පොළොන්නරුව වෙතින් යළි-යොමු කරන ලදි)

අතීත රජරට රාජධානියේ අගනුවරකි. එවක මෙම නගරය විජයරාජපුර නම් විය.පොලොන්නරුව යන නාමය ලැබෙන්නේ රන්කොත්වෙහෙර ආශ්‍රිතව ඇති භික්ශූන්වහන්සේලාට පූජාකල ගෝපාලපබ්ත යන ප්‍රදේශයෙන්ය. එය බිහිවනුයේ පොලොං මැරීම පොලොන්නරුව බවට පත්වීමෙනි.

පොළොන්නරුව පෞරාණික නගරය
Ancient City of Polonnaruwa
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
පොළොන්නරුව ගල් විහාරය‍හි ශෛලමය ප්‍රතිමාවක්
නිර්ණායකයසංස්කෘතික: i, iii, vi
මූලාශ්‍ර201
අභිලේඛනය1982 (6th සැසිය)
පොළොන්නරුවේ ගල්විහාරයේ ඇති හිදී බුද්ධ ප්‍රතිමාව

ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරක් වන ඵෙතිහාසික පොළොන්නරුව චෝල ආක්‍රමණිකයන් විසින් මුලින්ම අගනුවර කරගන්නා ලදී. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු Iවන විජයබාහු රජ විසින් තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. මෙම කෙටි කාලීන චෝල යටත් විජිත සමයේදී පොළොන්නරු ප්‍රදේශය ජනනාතමංගලම් ලෙස හැදින්වූ බව සඳහන් වේ. පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්‍ය පාලකයා වශයෙන් සැලකේ. පැරකුම් රජ සමය, පොළොන්නරුව රාජධානියෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන අතර එම කාලවකවානුව තුල ආර්ථික හා කෘෂිකාර්මික සමෘද්ධියක් රට තුල ඇති කිරීමට මහා පරාක්‍රමබාහු රජු සමත් විය.

අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයෙවිය යුතුය යන අධිෂ්ඨානයෙන් කටයුතු කල මහා පරාක්‍රමබාහු රජු රටේ වාරිමාර්ග පද්ධතියේ ඉමහත් දියුණුවක් ඇතිකරමින් රජරට ප්‍රදේශයේ සශ්‍රීකත්වය සඳහා අවශ්‍ය කටයුතු සැලසීය. පැරකුම් රජු විසින් ඉදිකල සුවිසල් පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග පද්ධතියේ දියුණුව උදෙසා ඔහු කල සේවය මැනවින් නිරූපණය කරන්නකි. මෙම යුගයේදී රට සාමකාමි හා ස්වයංපෝෂිත බවින් යුක්ත වූ අතර සහල් පවා මෙරටින් පිටරට යැවූ බව පොතපතෙහි සඳහන් ව ඇත.

පැරකුම් රජුගෙන් පසුව පොළොන්නරුව රාජධානියෙහි රජකමට පත්වන නිශ්ශංක මල්ල රජ රාජ්‍ය පාලනයෙහිලා යම් සාර්ථකත්වයක් අත්කර ගන්නා නමුදු අනෙකුත් පාලකයන් හට එතරම් යහපත් රාජ්‍ය පාලනයක් දියත් කිරීමට නොහැකි වේ. මේ සදහා බලපාන ප්‍රධානතම කරුණ වන්නේ සිහසුන අත්පත් කර ගැනීමට එකිනෙකා අතර ඇතිවන ආරවුල්ය. මෙවන් තත්වයක් යටතේ 1214 දී පමණ කාලිංග මාඝ ආක්‍රමණය සිදුවන අතර පොළොන්නරුව රාජධානිය මුලුමනින්ම බිඳ වැටිමට මෙම ආක්‍රමණය හේතු වේ. ඉන් අනතුරුව ලංකාවේ රාජධානිය බවට පත්වන්නේ දඹදෙණිය රාජධානියයි.

වෙනත් නම්

සංස්කරණය
  • විජයරාජපුර
  • ජනනාථපුරම්
  • පුලස්තිපුර
 
පොලොන්නරුව පෞරාණික නරගය
  • ජනනාථ මංගලම්
  • තාමන්කඩුව

පොළොන්නරු යූගයේ විසු රජවරු

සංස්කරණය

පොළොන්නරුවේ පුරාවිද්‍යාත්මක නටඹුන්

සංස්කරණය
 
පොලොන්නරුව ශ්‍රී ලංකා සිතියමේ පිහිටා ඇති ස්ථානය

ශ්‍රි ලංකා‍‍වෙ උතුරු මැද පලාතේ පොළොන්නරැව දිස්ත්‍රික්කය තුල කොළඹින් කි.මි 216 ක් දුරින් මහවැලි මිටියාවතේ තැනිතලා භුමි භාගයක පිහිටි පොළොන්නරුව වු කලි වර්තමාන දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයයි. පොළොන්නරු නගරයේ විශාලත්වය හෙක්ටර්යර් 122 කට ආසන්නය. අනුරාධපුර රාජධානිය බිද වැටිමෙන් අනතුරුව ශ්‍රි ලංකාවෙ අගනගරය වුයේ පොළොන්නරුවයි. අනුරාධපුරය වනසා දමා සිංහල රජ පරපුරට තිබු රාජ්‍යයත්වය පවා අහිමි කිරිමට පොළොන්නරු සමයේදි විදේශ ආක්‍රමණිකමයෝ සමත් වුහ. සියවස් පහලොවකට ආසන්න කාලයක් ශ්‍රි ලංකාවෙ අගනුවර වශයෙන් පැවති අනුරාධපුරය හා සසදන විට පොළොන්නරුව අගනුවර වශයෙන් පැවතියෙ ඉතාකෙටි කාල පරිචිඡේදයකි. එය ශතවර්ෂ දෙකකට සිමාවෙයි. එනමුත් අසිරිමත් වන්නේ එය නොව, අනුරාධපුරයේ නෂ්ඨාව ශේෂ සමග පොළොන්නරු නටබුන් සසදන විට විස්මය දෙගුන තෙගුන වෙයි. පොළොන්නරුව යන ග්‍රාම නාමය සම්භාවය ලබා ඇත්තේ "පුලස්ති නගර යන සංස්කෘත නාමයෙන් බවට විස්වාසයක් පවති. පොළොන්නරුව යන්නට කදවුරු නුවර, ජනනාථ මංගලම් පුර, රාජරාජ පුරය, පුලනරි, විජයරාජපුරම්, කාලිංගරාජපුරය යන විවිධ නම් විවිධ මුලාශ්‍ර වල භාවිතා කර ඇත.

 

පොලොන්නරුව පෞරාණික නගරයේ නටඹුන්

සංස්කරණය
 

පොළොන්නරුව පෞරාණික නගරය‎ මූලික වශයෙන් ප්‍රධාන කොටස් කිහිපයකට බෙදී පවතී.

ඇතුල් නගරය

සංස්කරණය

පොළොන්නරුව පැරණි නගරයේ කේන්ද්‍රස්ථානය ලෙස ඇතුලු නුවර සැළකේ. ගඩොලින් නිර්මිත ප්‍රාකාරයකින් වටවූ, හෙක්ටයාර 8.6 ක පමණ ආයත චතුරස්‍රාකාර භූමියක් මීට අයත් වේ. රාජමාළිගාව, රාජ සභාව, හා තවත් ගොඩනැගිලි රැසක අවශේෂ මෙම කලාපය තුල පිහිටයි.

වෙෙජයන්ත ප්‍රාසාදය

සංස්කරණය

රාජ සභා මණ්ඩපය

සංස්කරණය

කුමාර පොකුණ

සංස්කරණය

පරාක්‍රමබාහු රජුගේ නන්දන උයන නම් වූ මෙම පොකුණ ඇතුළු නුවර නැගෙනහිර ප්‍රාකාරයට පිටත ගිණිකොණ දෙසින් පරාක්‍රම සමුද්‍රයෙන් ජලය ලබා ගත හැකි පහසු ස්ථානයක පිහිටා ඇත. සම හතරැස් හැඩයෙන් යුක්ත මෙම පොකුණ මධ්‍යයෙහි වෘත්තාකාර පද්මයකි.

දළදා මළුව

සංස්කරණය

උස්වූ චතුරස්‍රාකාර භූමියක් තුල දළදා වහන්සේ වැඩ සිටි මාළිගාව ඉදිකොට තිබීම නිසා මෙම කලාපය දළදා මළුව ලෙස හඳුන්වයි.

අටදාගෙය

සංස්කරණය

මෙය පළමු විජයබා රජු විසින් ඉදි කරවන ලද දළදා මැදූරයි. දෙමහල් ගොඩනැගිල්ලක් වූ මෙහි ඉහළ මාලයෙහි දන්ත ධාතූන් වහන්සේත් පාත්‍ර ධාතූන් වහන්සේත් තැන්පත් කොට ඇත. මෙම මාලිගාව දිගින් අඩ් 70ක් සහ පළලින් අඩි 45ක් වේ.

හැටදාගෙය

සංස්කරණය

මෙය නිශ්ශංකමල්ල රජු විසින් ඉදිකරවන ලද මහල් දෙකකින් යුත් දළදා මැදූරයි. පැය හැටකින් සෑදූ හෙයින් හැටදාගෙය වී යැයි කියති. ගොඩනැගිල්ල මෙන්ම වටා ඇති ප්‍රාකාරයද ගලින්ම නිම කොට ඇත. ඉහත මාලය නිම කිරීමේ දී දැව භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකැ. මෙහි පිවිසෙන පියගැට පෙළ අසළ පුන් කලස් තැබීම මෙහි ඇති විශේෂත්වයයි. මෙය දිගින් අඩි 120ක් ද පළලින් අඩි 90ක් ද වේ.

වටදාගෙය

සංස්කරණය

ගල්පොත ලිපිය

සංස්කරණය

නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද මෙම සෙල්ලිපිය හැටදා ගෙයට දකුණු දිසාවෙන් පිහිටා ඇත. මෙය පොතක් මෙන් පිටු වෙන් කර ඇති ආකාරය දක්නට පිළිවන. සෙල්ලිපියෙහි ඉදිරිපස හංස පේළියකින්ද ඇත් රූ දෙකකින් ආවරණය කරගත් ලක්ෂ්මී දෙවඟන පෙන්වා ඇත්තේ වාසනාවේ සංකේතය ලෙසිනි. නිශ්ශංකමල්ල රජු විසින් ඉදි කරවන ලද සියළු රාජ්‍යමය කාර්යයන් මෙහි සඳහන් වේ. මෙම ගල සෑගිරියෙහි සිට මෙහි ගෙනා බව සඳහන් වේ. ලංකාවේ හමුවන විශාලම සෙල්ලිපිය වන මෙය දිගින් අඩි 27 අඟල් 10 ක්ද පළලින් අඩි 4 අඟල් 6 ක්ද වේ

සත්මහල් ප්‍රාසාදය

සංස්කරණය

ගඩොලින් ඉදි කොට ඇති මෙම දූර්ලභගණයේ ස්මාරකය සත්මහල් ප්‍රාසාදය නම් වේ. මෙය ක්‍රමයෙන් ඉහලට යනවිට කුඩා වන සේ නිමවා ඇත. ඉහලට නැගීම සඳහා කළ පියගැට පෙළකි. සතර දිසාවෙහි ආරුක්කු සහිත වූ දොරටු සතරකි. මෙහි එක පැත්තක දිග අඩ් 35ක් පමණ වේ.

ථූපාරාමය පිළිමගෙය

සංස්කරණය

මෙම පිළිම ගෙය ඉදිකරවන ලද්දේ 1වන විජයබාහු රජු විසින් යැයි මතයක් පවතී. දළදා මළුවෙහි වම් කෙළවරේ මෙම විහාරය පිහිටා ඇත.මෙහි වහලය නිම කොට ඇත්තේ ගඩොලින්මය. විහාරය ඇතුලත හුණුගලින් නිමකළ බුද්ධ ප්‍රතිමා 8ක් දක්නට ඇත. මෙම විහාරයෙහි දිග අඩි 84 අඟල් 6ක්ද පළල අඩි 56 අඟල් 2ක්ද වේ.

නිශ්ශංක ලතා මණ්ඩපය

සංස්කරණය

දිගින් අඩි 34 අගල් 8ක් ද පළලින් අඩි 28 අගල් 8ක් ද වූ මෙම මන්දිරය නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද්දේ පිරිත් ශ්‍රවණය සඳහා යැයි කියැවේ. ගලින් කළ මණ්ඩපය මැද කුඩා දාගැබකි. මෙහි පිවිසෙන දොරටුව පියස්සකින් යුක්තය.

පිටත නගරය

සංස්කරණය

ආලාහණ පිරිවෙන

සංස්කරණය

ආලාහණ පිරිවෙන පොළොන්නරුවේ පිහිටි විශාලතම ආරාම සංකීර්ණය සේ සැළකේ. එය රන්කොත් වෙහෙර සිට ගල් විහාරය දක්වා වූ හෙක්ටයාර 35 ක පමණ භූමි ප්‍රමාණයක විසිර පවතී. පිරිවෙණ මහා පරාක්‍රමබාහු රජු විසින් පිහිටුවනු ලැබූවකි.

රංකොත් වෙහෙර

සංස්කරණය

ආළාහන පිරිවෙණ නම් වු කොටසෙහි හමුවන විශාලම දා ගැබයි. නිශ්ශංකමල්ල රජුගේ නිර්මාණයක් ලෙස මෙය ප්‍රසිද්ධය. නිශ්ශංකමල්ල රජු මෙයට තැබු නම රුවන්වැලි සෑයයි. හතර දිසාවෙන් වාහල්කඩ සතරක් හා ඒ අතර පිළිම ගෙවල් ඉදිකොට ඇති අයුරු මෙහි දක්නට ඇත. මෙම දාගැබ අඩි 180ක් පමණ උස් වන අතර අඩි 550ක් පමණ වටප්‍රමාණයකින් යුක්ත වේ.

බද්ධසීමා ප්‍රාසාදය

සංස්කරණය

ලංකාතිලක පිළිමගෙය

සංස්කරණය

පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද මෙම විහාරය ලක්බිමෙහි තිලකයක් බඳූ වූ හෙයින් ලංකාතිලක වූ බව සඳහන් වේ. පොළොන්නරුවෙහි ඇති විශාලම ගොඩනැගිල්ල මෙය බව කියැවේ. මෙහි බිත්ති අඩි 55ක් පමණ උසකින් යුක්තය. නොයෙක් රූපයන්ගෙන් බිත්ති අලංකාර කොට තිබි ඇත. ඇතුzවන දොරටුව කොරවක් ගලින් හා මුරගල් වලින් සමන්විතය. මෙම විහාරය දිගින් අඩි 124ක් පමණ ද පළලින් අඩි 66ක් පමණද වේ.

කිරි වෙහෙර

සංස්කරණය

ලංකාතිලක විහාරයට යාබදව ඇති කිරිවෙහෙර පරාක්‍රමබාහු රජුගේ සුබද්‍රා නම් බිසව සිහිවීම පිණිස සාදවන ලද බව සඳහන් වෙි. සතර දිසානුගතව කුඩා වාහල්කඩ හතරක් ද ඒ අතර කුඩා පිළිම ගෙවල් ද දාගැබ වටා දක්නට ලැබේ. මෙම දාගැබ උසින් අඩි 80ක් පමණ ද විශ්කම්භය අඩි 88ක් පමණ ද වේ. සුභද්‍රා බිසව විසින්ම කරවන ලද බවටද මතයක් තිබෙයි.

පබළු වෙහෙර

සංස්කරණය

දළදා මළුව පසුකර ඉදිරියට ගමන් කරන විට මෙය හමුවේ. පරාක්‍රමබාහු රජුගේ රූපවතී බිසව සිහිවීම පිනිස මෙය කරවන ලද බව සඳහන් වෙි. පබළු වලින් දාගැබ සරසා තිඛෙන්නට ඇතැයි සිතිය හැකි නිසාත් පබළු විශාල ප්‍රමාණයක් මෙම පෙදෙසින් සොයා ගැනීමට හැකි වූ නිසාත් ඉහත නාමය සෑදෙන්නට ඇත. දාගැඛෙහි කොත වෙනුවට තිබී ඇත්තේ ඡත්‍රයකි.

තිවංක පිළිමගෙය

සංස්කරණය

විහාරයෙහි ඇති බුද්ධ ප්‍රතිමා ස්ථාන තුනකින් නැමි ඇති නිසා මෙම නාමය යෙදී ඇත.මෙහි බිත්ති සහ වහලය ගඩොලින්ම සාදා තිබු බව පෙනේ. විහාරයෙහි ඇතුළත බිත්ති සම්පූර්ණයෙන් ච්ත්‍ර ඇඳ ඇත. පිටත බිත්ති දේව විමන් වලින් සරසා ඇත.

පොත්ගුල් වෙහෙර

සංස්කරණය

පොත්ගුල් වෙහෙර පරාක්‍ර්‍රමබාහු රජු විසින් ඉදි කොට ඇති අතර මහල් හතරකින් යුක්තය. මෙම වෙහෙර හමු වන්නේ පරාක්‍රම සමුද්‍රයෙහි වැව් බැම්ම ඔස්සේ කලහගල දෙසට මද දුරක් ගමන් කළ විටය. මෙම ස්ථානය දහම් පොත්පත් තැන්පත් කළ ස්ථානයක් ලෙසත් සමහරුන් මත පල කරති.

පරාක්‍රම සමුද්‍රය

සංස්කරණය

ලංකාවේ පැරණි වාරිකර්මාන්ත අතර පරාක්‍රමබාහු රජු විසින් ඉදි කරවන ලද පරාක්‍රම සමුද්‍රයට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. කුඩා වැව් පහක් එක් කොට මේ වැව නිමවා ඇත. මෙහි වර්තමාන වැව් බැමිම දිගින් සැතපුමි අට හමාරක් වන අතර වැව් කණ්ඩ්යෙහි උස අඩ් 40කි. අක්කර අඩ් 80000 ජලය රදා පවතින මෙම ජලාශයට යට වී ඇති බිම් ප්‍රමාණය අක්කර 5350කි.

අනෙකුත් ඉදිකිරීම්

සංස්කරණය

මුරගල ලෙස හඳූන්වන්නේ පූජනීය ගොඩනැගිලි දොරටුවල පඩිපෙළ දෙපස කොරවක් ගලෙහි කෙළවර සහ සඳකඩපහණ දෙපස ඇති අංගයයි. අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා වු රාජ සමයන් තුළ විවිධ තේමාවන් ඔස්සේ මුරගල් නිර්මාණය වී ඇත. පොළොන්නරුවෙහි පූජනීය ගොඩනැගිලි දොරටු අසල සහ කෞතුකාගාරයෙහි ඇතුළුව මුරගල් 54ක් පමණ දක්නට ලැඛෙන අතර දැනට ඉතා කලාත්මක නාගරාජ මුරගල පිහිටා අත්තේ වටදාගෙය නම් වූ පූජනීය ගොඩනැගිල්ලෙහි නැගෙනහිර දොරටුව දෙපසය.

සඳකඩපහණ

සංස්කරණය

සඳකඩපහණ පැරණි ගොඩනැගිලි, දොරටු පාමුල, පියගැටපෙළ පාමුල හමුවන අර්ධ වෘත්තාකාර කලාත්මක අංගයකි. සඳකඩපහණ සඳහා බහුලවම යොදාගෙන ඇති සංකේත වනුයේ ඇතා, අශ්වයා, සිංහයා, ගවයා, හංසයා සහ උද්භිද මෝස්තර අතර පද්මය, බිනරමල,හා ලියවැලයි. ළොන්නරුවෙහි පූජනීය ගොඩනැගිලි ආශි්‍රතව සඳකඩපහණ් 42ක් පමණ හමුවී ඇති අතර මේවායෙහි විවිධ වෙනස්කම් දක්නට ලැබේ. පොළොන්නරු යුගයේදී අතැම් සඳකඩ පහන් වලින් ගවයාගේ සංකේතය ඉවත් කොට ඇත්තේ හින්දූ බලපෑම් නිසාය.

කොරවක්ගල

සංස්කරණය

පූජනීය හා ඇතැම් පැරණි ගොඩනැගිලි දොරටු පියගැටපෙළ දෙපස කළ බැමි කොරවක්ගල ලෙස හඳූන්වයි. මෙම අංගය මුල් කාලීනව උපයෝගි කරගෙන ඇත්තේ පියගැටපෙළ නැගීම සඳහා වූ අත්වැල ලෙසයි. කොරවක්ගල සඳහා මකර රුවක් යොදා ගැනීම එහි කලාත්මක බව වැඩි කරයි. මෙය එකම ගලකින් නිර්මාණය කර ඇත. පොළොන්නරුවෙහි පැරණි නගරය ආශි්‍රතව විවිධ කලා නිර්මාණයන්ගෙන් යුත් කොරවක්ගල් 47ක් පමණ දැනට සොයාගෙන ඇත.

පොළොන්නරුව පිහිටිමේ වැදගත්කම

සංස්කරණය

අනුරාධපුරය අගනුවර කරගත් පාලකයන්ට උපකාරක නගරයක්,යුද්ධමය වශයෙන් ආරක්ෂිත කලාපයක් සහ සේනා සංවිධානය කොට කදවුරු පිහිටුවිමට සුදුසු පෙදෙසක් ලෙස

  • අනුරාධපුරය හා රෝහන දේශය අතර ගමනාගමනය සිදුවු සංදිස්ථානයක් ලෙස
  • ආරක්ෂිත මෙන්ම ස්වයං පෝෂිත වු බලකොටු පෙදෙසක් ලෙස විදහා දැක්විය හැකිය.

පොළොන්නරුව රාජධානිය ක්‍රැර ලෙසත් සාහසික ලෙසත් විනාශ කරනු ලැබුවේ කාලිංඝ මාඝ විසිනි. මේ පාලක පාලිකාවන් සියලු ගේම යහපත් හෝ අයහපත් පාලන තන්ත්‍රයෙහි මතකයන් පොළොන්නරු පුරය හා තදාසන්න ප්‍රදේශවල ඉතිරිව ඇතත් වඩාත් වැදගත් ‍‍‍ඓතිහාසික මෙහෙවරක් කල රජුන් දෙදෙනා වන්නේ චෝලයින්ගෙන් රට මුදවාගත් පළමුවන විජයබාහු රජ සහ භේද භින්නවු අභ්‍යන්තර දේශපාලනය ජය ගෙන රට ඵක්සේසත් කල මහා පරාක්‍රමබාහු රජතුමා ය. ඓතිහාසික ල් නුවර

  • පිට නුවර
  • පි‍ට නුවරින් පිට පෙදෙස් (උප නගර,ජනාවාස,‍ගොවිබිම්)

ගොවි පවුල් වලට සහ ගොවි බිම් අක්කර 20000 කට පමන ජලය සපයම්න් හෙක්ටාර 2500 කට ආසන්න භුමි ප්‍රමානයක් වසාගත් පරාක්‍රම සමුද්‍රය අතීතයේදිත් පොළොන්නරු නගරයේ බටහිර සිමාවේ දිගින් විශාල ප්‍රදේශයක‍ට දිග අගුලක ආරක්ෂාව,ශක්තිමත් ප්‍රකාරයක ආරක්ෂාව ලබාදි ඇත.ස්වකීය තේජසට සහ රාජ්්‍යත්වයට ගැලපෙන ලෙසින් මහල් හතකින් යුත් මාලිගයක් දිව්‍ය මාලිගයක් බදුවු වෛජසන්න ප්‍රසාදය හෙවත් සත්මහල් ප්‍රසාදය අද දක්නට ඇත්තේ මහල් තුනක නටබුන් පමනි.මුළු මාලිගා සංකීර්නය කාමර 16 කින් යුක්ත වි ඇත. පොළොන්නරුව තුල පවත්නාවු තවත් සුවිශේෂත්වය‍ක් වන්නේ එහි පවත්නා ද්විතික සංස්කෘතික ලක්ෂනයි.

බෞද්ධ ගෘහ නිර්මාණ, ශිල්පයන්, බෞද්ධ කලාවන්, හින්දු ගෟහ නිර්මාණ ශිල්පයන් හින්දු කලාවන් පොළොන්නරුවේ නටබුන් අතර විශේෂ කොට හදුනා ගත හැකිය. හින්දු සංස්කෟතිය ගැන සදහන් කරන විට මතකයට නැගෙන තවත් කරුනක් ඇත. එනම් සොලීන් පොළොන්නරුවෙන් නෙරපා යලි මෙරට නිදහස් කරගත් සිංහල රජවරු කිසිවකු මේ හින්දු ආගමික ස්ථාන විනාශ නොකල බවයි. මේ විස්මිත නගරයේ මෑතකදි කරන ලද කැණීම් මගින් සොයාගෙන ඇති පුරාවස්තු රාශියක් පරාක්‍රම සමුද්‍රයේ බැම්ම පාමුල ඉදි කරවා ඇති නව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

පොළොන්නරු දිස්ත්‍රික්කයෙහි පිහිටි අනෙකුත් පෞරාණික ස්ථාන

සංස්කරණය

වත්මන් පසුබිම

සංස්කරණය

මෙම නගරයට හා මහා මාර්‍ගයට කිලෝමීටර 6ක පමණ දූරකින් පිහිටා ඇති රාජ්‍ය ආයතන පවතින ප්‍රදේශය නවනගරය ලෙස හැදින්වෙන අතර එහි දිස්ත්‍රිකයේ විශාලතම පාසැල වනපොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය පිහිටා ඇත. උතුර මැද පලාතේ දෙවන විශාලතම නගරය වන පොළොන්නරුව දිවයිනේ පිරිසිදු හා සුන්දර නගරයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. පොලොන්නරු නගරය වර්තාමනයේ හරිත වර්ණයෙන් යුත් වටපිටාව, දුටුවන් මවිත කරවන සුලු ථෙතිහාසික ඉදිකිරීම්, සුවිසල් පැරකුම් සමුදුර, ආකර්ශනීය සංචාරක හෝටල හා මෙහි වෙසෙන ජනයාගේ ආගන්තුක සත්කාරයන් නිතැතින්ම දෙස් විදෙස් සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට සමත් වෙයි. මෑතක සිට මෙම ප්‍රදේශයේ යම් දේශගුණික විපර්යාසයන් නිරීක්ෂණය කල හැකි වෙයි. ථෙතිහාසික දත්ත වලට අනුව පොළොන්නරුව නිවර්තන කලාපීය දේශගුණයකින් යුක්ත වූ අතර දෙසැම්බර් හා ජනවාරි මාස වලදී යම් වර්ෂාපතනයක් ලබයි. එහෙත් පසුගිය අවුරුදු කිහිපය තුල ලැබෙන වර්ෂාපතනයෙහි සැලකිය යුතු වර්ධනයක් නිරීක්ෂණය කලහැකි වෙයි. මෙම තත්වය මෙහි වෙසෙන ජනයාගේ විස්මයට හේතු වුවද විදෙස් සංචාරකයන්ගේ නම් එය මහත් සතුටට හේතුවකි. නමුත් ඇතැම් අවස්ථාවලදී වී ගොවීන් මෙම දැඩි වර්ෂාපතනයෙන් පීඩා විඳනු දක්නට ලැබේ.

මේවාද බලන්න

සංස්කරණය

බාහිර සබැඳුම්

සංස්කරණය