හැටදාගේ යනු, ශ්‍රී ලංකාවේ, පොළොන්නරුව නගරයෙහි පිහිටා ඇති පෞරාණික ගොඩනැගිල්ලකි. මෙය අතීතයේ දළදා මාලිගාව ලෙස යොදාගෙන ඇත. එය තනවා ඇත්තේ නිශ්ශංක මල්ල රජ විසිනි.

හැටදාගේ සිද්ධස්ථානයට ඇතුළුවීම.

හැටදාගේ තනවා ඇත්තේ, ගල්, ගඩොල් සහ ලී භාවිතා කර මුත්, ගඩොල් සහ ගල් බිත්ති වල කොටස් පමණක් දැනට ශේෂ ව ඇත.දෙමහල් ව්‍යුවහයක් බවට පෙනෙන්නට ඇතත්, උඩු මහල දැනට විනාශ වී ඇත. සිද්ධස්ථාන ශාලාව තුල, කළුගලින් නෙළු බුදු පිළිම තුනක් තැන්පත් කර ඇත.

පිහිටුම සංස්කරණය

ශ්‍රී ලංකාවේ, උතුරු මැද පළාතේ, පොළොන්නරුව පුරාතන නගරයේ, හැටදාගේ පිහිටා ඇත. නගරයෙහි පැරණිතම සහ මහත් ශුද්ධවූ ස්මාරක පිහිටා ඇති චතුරස්‍රාකාර ප්‍රදේශයක් වන දළදා මළුවෙහි උතුරු දිග කොණට සමීපයෙහි මෙය පිහිටා ඇත. දකුණු දිගට මුහුණ ලා ඇති එහි ඇතුළුවීමේ ද්වාරය, එක එල්ලේ පොළොන්නරුව වටදාගේ ඇතුළුවීමේ දොරටුවට මුහුණ ලා සිටියි. ගල්පොත ශිලා ලේඛනය එය සමීපයෙන් නැගෙනහිර දිශාවට වන්නට පිහිටි අතර, අටදාගේ පිහිටන්නේ එයින් බටහිර දිශාවට වන්නටය. [1]

ඉතිහාසය සහ නාමකරණය සංස්කරණය

නිශ්ශංක මල්ල රජ (1187–1196) විසින් හැටදාගේ ගොඩනංවන ලද්දේ, දළදා මාලිගාව වශයෙනි. [2] රාජාවලිය, පූජාවලිය සහ ගල්පොත ශිලා ලේඛනය ඇතුළු ඓතිහාසික මූලාශ්‍ර කිහිපයක් සඳහන් කරන්නේ එය තැනුනේ පැය සැටක් හෙවත් දවසක් තුලදී බවයි. දාගේ යන්නෙන් අදහස් වන්නේ ධාතු ගර්භය බැවින්, දින හැටකින් නිම කිරීම සිහි කිරීමට මෙම නම යෙදුවා විය හැක. තවද සිද්ධාන්තයක් වන්නේ, මෙම නම යෙදීමට හේතුව, ධාතුන් වහන්සේලා හැට නමක් වඩම්මවා තිබීම නිසා බවයි. [3] දළදා වහන්සේ බොහෝ විට වඩම්මවා තබන්නට ඇත්තේ උඩු මහලේය.[4]

ව්‍යුහය සංස්කරණය

 
සිද්ධස්ථානය තුල පිහිටි බුද්ධ ප්‍රතිමා තුන.

දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස පැවැති මෙහි ඉහළ මහළ තුල දළදා වහන්සේ සහ පාත්‍ර ධාතුව තැම්පත් කර තිබූ බව සැළකෙයි. බිත්ති වල යොදා ඇති ගල් පුවරු අතර නිශ්ශංක මල්ල රජුගේ ලිපි තුනක් දැකගත හැකිවේ. මෙහි වහළ දැව පරාල යොදා උළු සෙවිලි කොට තිබී ඇත.

ආශ්‍රිත සංස්කරණය

  1. ප්‍රේමතිලක, පී. එල්.; කරුණාරත්න, එල්. කේ. (2004). පොළොන්නරුව - ද සිල්වර් කැපිටල් ඔෆ් ශ්‍රී ලංකා. කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය. p. 12. ISBN 955-613-111-6.
  2. සිරීවීර, ඩබ්. අයි. (2004). හිස්ට්‍රි ඔෆ් ශ්‍රී ලංකා. දයාවංශ ජයකොඩි සහ සමාගම. p. 60. ISBN 955-551-257-4.
  3. අමරසිංහ, මාලිංග (1998). පොළොන්නරුවේ නටබුන්. එස්. ගොඩගේ සහ ප්‍රකාශකයෝ. pp. 64–66. ISBN 955-20-3051-X.
  4. සොනි, සුජාතා (1991). ඉවොලියුෂන් ඔෆ් ස්තූපස් ඉන් බර්මා: පේගන් පීරියඩ්, 11ත් ටු 13ත් සෙන්චරීස් ඒ.ඩී. මොතිලාල් බැනසිඩාස් ප්‍රකාශකයෝ. p. 56. ISBN 978-81-208-0626-9.
"https://si.wikipedia.org/w/index.php?title=හැටදාගේ&oldid=399901" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි