රන්කොත් වෙහෙර
රන්කොත් වෙහෙර ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පිහිටි පුරාතන ස්ථූපයක් වේ. එය ක්‍රිස්තු වර්ෂ 1187 සිට 1196 දක්වා රාජ්‍ය කල නිශ්ශංක මල්ල රජු විසින් ඉදිකරන ලද්දකි.[1] අනුරාධපුර මහා විහාර ස්ථූප සම්ප්‍රදායට අනූකූලව රන්කොත් වෙහෙර ඉදිකොට තිබෙන අතර එය අනුරාධපුර රුවන්වැලිසෑයට බොහෝ සමීප ලක්ෂණ පෙන්නුම් කරයි.[2] ස්ථූපය සමීපයේ පිහිටුවා ඇති ශිලා ලේඛනයේ, මෙම ස්ථූපය "රුවන්වැලි" ලෙස හඳුන්වා දී තිබෙන මුත් පසුකාලීනව එය වර්ථමානයේ ව්‍යවහාර වන රන්කොත් වෙහෙර බවට පත්වී තිබේ.[3]
රන්කොත් වෙහෙර Rankoth Vehera | |
---|---|
විස්තර | |
Denomination | ථේරවාද බුදුධහම |
සංස්ථාපනය | c. 1190 |
පිහිටුවීම | |
නිර්මාතෘ | නිශ්ශංකමල්ල රජ |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
ද්වාරය:බුද්ධාගම |
විස්තරය
සංස්කරණයසම්පූර්ණයෙන්ම පාහේ ගඩොලින් නිමවා ඇති රන්කොත් වෙහෙරේ පාදම අඩි 550ක පමණ විශ්කම්භයකින් හා අඩි 108ක පමණ උසකින් යුක්ත වේ. කෙසේ වූවද ස්ථූපයේ මුල් හැඩය, විශේෂයෙන් ඉහල කොටස, පසුකාලීනව සිදුකරන ලද ප්‍රථිසංස්කරණ හේතුවෙන් වෙනස් වී තිබේ. ස්ථූපයේ මුල් උස අඩි 200ක් පමණ වන්නට ඇතැයි විශ්වාස කෙරේ.[3] රන්කොත් වෙහෙර පොළොන්නරුව පිහිටි විශාලතම ස්ථූපය වන අතර, දිවයිනේ සිව්වන විශාලතම ස්ථූපයද වේ.[4] ස්ථූපය වාහල්කඩ හතරකින් සමන්විතය.
මූලාශ්‍ර
සංස්කරණය- ^ සිරිවීර, W. I. (2004). හිස්ට්‍රි ඔෆ් ශ්‍රී ලංකා. දයාවංශ ජයකොඩි සහ සමාගම. p. 303. ISBN 955-551-257-4.
- ^ සරච්චන්ද්‍ර, B. S. (1977). අපේ සංස්කෘතික උරුමය. සිල්වා, V. P. p. 114.
- ^ a b අමරසිංහ, මාලිංග (1998). පොළොන්නරුවේ නටබුන්. S. ගොඩගෝ සහ සහෝදරයෝ. pp. 75–77. ISBN 955-20-3051-X.
- ^ "ද ලාර්ජස්ට් දාගැබ ඉන් පොළොන්නරුව". සන්ඩේ ඔබ්සවර්. 2005-05-08. සම්ප්‍රවේශය 2010-01-15.