කුමාර පොකුණ
කුමාර පොකුණ යනු ශ්‍රී ලංකාවේ පුරාණ පොළොන්නරුව නගරය තුල, ඇතුල් නුවර[1] රාජ සභා මණ්ඩපයට ආසන්නව ප්‍රාකාරයෙන් පිටතට වන සේ ඉදිකොට ඇති පැරණි පොකුණකි. පැරණි වංශ කතා හී මෙම පොකුණ "ශිලා පොක්කරණී" යන නමින් හදුන්වා දී තිබේ.[2]
විශාලත්වය
සංස්කරණයකුමාර පොකුණ දිගින් අඩි 44 ක් පමණ සහ පළලින් අඩි 38 පමණ වේ.[3] පොකුණට බැසීම සදහා ශිලාමය පඩි පෙලක් නිර්මාණය කොට තිබෙන අතර පොකුණ මධ්‍යයේ කුඩා වෘත්තාකාර ගල් වේදිකාවක් දැකගත හැකි වේ. දෙපස වූ කැටයම් සහිත ගල් පිලී දෙකක් මගින් පොකුණට ජලය සැපයෙන අතර පොකුණේ වූ අපිරිසිදු ජලය ඉවත් කිරීම වෙනුවෙන් නිර්මාණය කෙරූ හතරැස් විවරයක්ද ඇත.[4]
පොකුණට ආසන්නයෙන් සළු මණ්ඩපය නමින් හඳුන්වන කුඩා ගොඩනැගිල්ලක නෂ්ඨාවශේෂ දැකගත හැකි වේ.
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "කුමාර පොකුණ". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 28 දෙසැම්බර් 2015.
- ^ "කුමාර පොකුණ". ට්‍රිප් ශ්‍රී ලංකා. සම්ප්‍රවේශය 28 දෙසැම්බර් 2015.
- ^ "කුමාර පොකුණ". ශ්‍රී ලංකා හෙරිටේජ්. සම්ප්‍රවේශය 28 දෙසැම්බර් 2015.
- ^ "කුමාර පොකුණ". vvip.lk. සම්ප්‍රවේශය 28 දෙසැම්බර් 2015.