ද්වාරය:උතුරු ඇමෙරිකාව
Portal maintenance status: (2024 අප්‍රේල්)
|
හැඳින්වීම
උතුරු ඇමෙරිකාව පෘථිවියේ උතුරු අර්ධගෝලයේ සහ බටහිර අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, නැගෙනහිරින් උතුරු අත්ලාන්තික් සාගරයෙන් ද, ගිනිකොණින් කැරිබියන් මුහුදින් ද, බටහිරින් උතුරු ශාන්තිකර සාගරයෙන් ද වට වී ඇත. දකුණු ඇමෙරිකාව පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය.
වර්ග ප්‍රමාණය වර්ග කිමී 24,709,000ක පමණ වන උතුරු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 4.8%ක් ද මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 16.5%ක් ද වසා පවතියි. එය විශාලත්වය අතින් තුන්වැනි මහාද්වීපය වන අතර (ආසියාවට හා අප්‍රිකාවට පසුව) ජනගහණය අතින් සිව්වැනියා වේ (ආසියාවට, අප්‍රිකාවට හා යුරෝපයට පසුව).
තෝරාගත් ලිපි
-
Image 1
කොලොම්බියාව නිල වශයෙන් කොලොම්බියා සමුහාණ්ඩුව නමින් හැඳින්වේ. ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් වන කොලොම්බියාව දකුණු ඇමරිකාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ නැගනෙහිර වෙනුසියුවේලාව සහ බ්රසීලයත් දකුණු ඉක්වදෝරය සහ පේරු රාජ්‍යයත්, උතුරින් කැරබියන් මුහුදත්, වයඹ දිගින් පැනමා ඇළ සහ බටහිරින් පැසිපික් සාගරයටද මායිම්වේ. කොලොම්බියාව තම වරාය සීමාවන් ජැමෙයිකා, හයිටි, ඩොමිනිකානු සමුහාණ්ඩුව, හොන්ඩූරස්, නිකරගුවා සහ කොස්ටා රිකා සමඟ බෙදා ගනී. ජනගහනය මිලියන 45 කට වැඩි වන අතර එය ලෝකයේ විශාලම ජනගහනය ඇති රටවල් වලින් 29 වැනි තැන ගනි. බ්‍රසීලයට පසු දකුණු අමරිකාව තුළ ඇති විශාලතම රාජ්‍යය මෙයයි. එය ලෝකයේ ස්පාඤ්ඤ භාෂාව කථාකරන ජනගහනය අතින් තුන්වන තැන ගනී. අනෙක් රටවල් වන්නේ මැක්සිකෝව හා ස්පාඤ්ඤයයි. වර්තමානයේ කොලොම්බියාව වශයෙන් හඳුන්වන ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්වුයේ ස්වදේශිකයින් වන මුයිස්නා ක්විම්බායා සහ මයිරෝනා ජාතිකයින්ය. 1499 ස්පාඤ්ඤයින් මෙහි පැමිණ අතර ඔවුන් සමස්ත භූමිය අත්පත්කර ගෙන හා ජනාවාස පිහිටවු අතර ස්වදේශ ජනයාගෙන් කොටසක් මරණයට පත් කළ අතර ස්වදේශ ජනගහනයෙන් 90% පමණ වහලුන් ලෙස රැගෙන ගියහ. ඉන්පසු නව ග්‍රැනාඩා ප්‍රතිරාජ්‍ය නිර්මාණය කළහ. එයට වර්තමාන කොලොම්බියාව, වෙනිසියුවේලාව, ඉක්වදෝරය, වයඹ දිග බ්‍රසීලය හා පැනමා ප්‍රදේශය හා බොගෝටා හි පිහිටි එහි අගනුවරද අයත් විය. ක්‍රි. ව. 1819 දී කොලොම්බියාව ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගත් අතර වෙනිසියුවේලා හා ඉක්වදෝරය ඉවත් වූපසු කොලොම්බියාව බිඳවැටුණි. නව කොලොම්බියාව හා පැනමා හටගත්තේ නව ග්රැනඩා සමුහාණ්ඩුව වශයෙනි. නව රාජ්‍ය එක්සත් රාජ්‍යයක් සදහා පරික්ෂණ කළ අතර ග්‍රෑනඩයින් ගිවිසුම (1858) සහ කොලොම්බියා එක්සත් ජනපදය (1863) 1886 වර්ෂයේ දී කොලොම්බියා සමුහාණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. 1903 පැනමා දේශය ඉන් ඉවත්වු අතර එසේ කිරීමට හේතුවුයේ පැනමා ඇල මාර්ගය සෑදීමට ඇමෙරිකානූ රජය හා ඇතිකරගෙන තිබු ආර්ථික වගකිම් වල පිඩනය නිසාය. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට උතුරු ඇමෙරිකාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
උප මාතෘකා
Sovereign states |
| ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dependencies |
|
Dependent territories are in italics | ||||
|
Sovereign states | |
---|---|
Dependencies and other territories |
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව