මෙක්සිකෝව
මෙක්සිකෝව, (උච්චාරණය වන්නේ /En-us-Mexico.oggˈmɛksɪkoʊ/; ස්පාඤ්ඤ: México [ˈmexiko] ( සවන් දෙන්න)), නිල වශයෙන් හැඳින්වෙන්නේ එක්සත් මෙක්සිකානු ජනපද[1] (ස්පාඤ්ඤ:
Estados Unidos Mexicanos (උදවු·විස්තර)), යනු උතුරු ඇමරිකාවෙහි ෆෙඩරල් ආකෘතියෙහි වයවස්ථානුකූල ජනරජය කි. එය උතුරින් එක්සත් ජනපද වෙතින් ද; දකුණින් හා බටහිරින් ශාන්තිකර සාගරයෙන්ද; ගිණිකොනින් ගෞතමාලාවෙන්, බෙලීස් වෙතින්, සහ කැරිබියානු මුහුදෙන්ද; සහ නැගෙනහිරින් මෙක්සිකානු බොක්කෙන්ද මායිම්වී ඇත.[2][3] වර්ග කිලෝ මීටර මිලියන 2 ට කිට්ටු භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති (760,000 වර්ග සැත ට වැඩි),[4] මෙක්සිකෝව ඇමරිකානු රටවල් අතුරින් වර්ග ප්‍රමාණය අනුව පස්වන-විශාල රට වන අතර ලොව 14වන ස්ථානයට විශාලතම ස්වාධීන ජාතිය වෙයි. ඇස්තමේන්තු ගත 111 මිලියන ජනගහණයක් සහිත එය,[5] ලෝකයේ 11වන වඩාත් ජනබහුල රට සහ වඩාත් ජනබහුල ස්පාඤ්ඤ-භාෂිත රට වෙයි. මෙක්සිකෝව ජනපද තිස්-එකකින් සහ අග නගරය සහිත සන්ධියන දිස්ත්‍රික්කයක් අඩංගු සන්ධියනයක් වෙයි.

ආශ්‍රිත
සංස්කරණය- ^ විකල්ප පරිවර්තනය මෙක්සිකානු එක්සත් ජනපද යන්න 1824දී ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයක භාවිතා කර ඇත. ඒ, වසර 200 පමණ පෙර සහ, ඔවුන්ගේ නිදහස ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වී වසර තුනකට පසුවය. මෙක්සිකානු එක්සත් ජනපද යන්හී ෆෙඩරල් ව්‍යවස්ථාව.
- ^ Merriam-Webster's Geographical Dictionary, 3rd ed. Springfield, MA: Merriam-Webster, Inc.; p. 733
- ^ "Mexico". The Columbia Encyclopedia, 6th ed. 2001–6. New York: Columbia University Press.
- ^ "Mexico — Geography". CIA The World Factbook. CIA. සම්ප්‍රවේශය 2007-10-03.
- ^ "Mexico — People". CIA The World Factbook. CIA. සම්ප්‍රවේශය 2007-10-03.